(සිහිනය 16)....................... .......................... .මට ඔන්නම් දැන් උනත් පුලුවන් මාරුවෙන්න......මා ඇසූදෙයට උතත්රයක් නොදුන් ඔහු එසේ පැවසීය....අපෝ එපා මට ආයෙත් පිරිමියෙක් වෙන්න ඕනැ නෑ.....මම කීවෙමි....හරි පුදුමයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ගෑනියෙක් වෙන එක කරදරයක් පවක් කියල..ඒත් ඔයා හිතන්නෙ ඒකෙ අනිත් පැත්ත.....ඔව් මාත් ඉස්සර හිතාගෙන හිටියෙ එහෙම තමයි .ඒවුනාට මාව කෙල්ලෙක් උනාට පස්සෙ තමා දැනගත්තෙ ඒවඔක්කොම ඉස්සර බමුනන්ගෙ බමුනු මත කියල.මම තාරුක වෙලා හිටිය කාලෙට වඩා කෙල්ලෙක් උනාට පස්සෙ ගොඩක් සතුටුවුනා ගැහැනු කම කොච්චර සුන්දරද කියල හිතුන.....මා පැවසුවෙමි.....මට ඒ සුනදරත්වය අත්විදින්න බැරිවුනා තරින්දි..මට ඕනැවුනේ හැඩිඩැඩි කොල්ලෙක් වෙන්න. මට කෙල්ලෙක් වෙලා ඉන්න එක එපාම වෙලා හිටියෙ. ඒක හින්දයි ඔයාගෙ ඇදුම් ඇදගෙන ටිකක් වෙලාවක් හරි කොල්ලෙක් විදියට හිටියෙ. ඒත් මම සුරුබුහුටි කෙල්ලෙක් වෙලා හිටිය හින්ද පිරිමි ඇදුම් ඇන්දත් ගැහැනු පෙනුම වගගන්න බැරිවුනා.ඒ හින්ද මම ගොඩක් දුකෙන් හිටියෙ.....ඔහු මෙලෙස පවසූ ඔහු....ඔයත් ඒ දවස්වල ඉදම්ම කෙල්ලෙක්වෙන්න ආශාවෙන්ද හිටියෙ....මගෙන් ඇසුවේය.....අපෝ නෑ..... පැවසූ මම.....කෙල්ලෙක් උනාට පස්සෙ තමා ආශාවක් ඇතිවුනේ.....අපරාදෙ ඒ දවස් වලම ඔයා කෙල්ලෙක් වෙලා ඉන්න ආසයි කියල දන්නවනම්...ඔයාට කියනවනෙ....ඔහු ඒ ගැන දුකෙන් කතා කලේය.....මම හිතුවෙ මම ඔයාගෙ ශරීරෙට ගියහම ඔයාට සිහිය නැතිවෙලා ඇති.මගෙ සිරුර ගෙදර නිදි ඇති කියල..මම පැවසුවෙමි....මට ඔයත් එක්ක කතාකරන්න බය හිතුන මේක දැනගත්තොත් ඔයා මට හොදටම බනී කියෙල....මම හිතුවෙ නෑ කොල්ලො කෙල්ලො වෙන්න මේතරම් කැමති ඇති කියල....ඔහු කීවේය......ඔව් කොල්ලො ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ කොල්ලෙක් වෙලා ඉන්න එක මහා ලොකුදෙයක් කියල දවසක් හරි කෙල්ලෙක් වෙලා බලන්න ඕනැ ගැහැණු ජිවිතේ ජීවිතේ කොච්චර සුන්දරද සැහැල්ලුද කියල...... මම සිනාසෙමින් පැවසුවෙමි.....ඔහුද මගේ කතාවට සිනාසුනු ඔහු....මට ගෑනු ජීවිතේ එපාවුනාට ඒකෙත් සුන්දරත්වයක් තියෙනව නේද?....ඇසුවේය....ඒ සුන්දරත්වය තිබුනට කමක් නෑ මාව ආයෙත් තාරුකනම් කරන්න එපා.....මම කීවෙමි....අයියෝ නෑ මට මේ තාරුකගෙ ජීවිතේ හොදයි......ඉතින් ඔයා කිව්වෙ නෑනෙ මේක කොහොමද කලේ කියෙල......මම නැවත මුල් ප්රස්නය ඇසුවෙමි.....ඒක ටිකක් අමාරු වැඩක් ඒකට ගොඩක් කැපවෙන්න ඕනැ......ඒකට මුල් අදහස දුන්නෙ අම්ම ඒ කියන්නෙ තරින්දිගෙ අම්ම.....ඔහු පැවසීය.....එතකොට අම්මත් දැනගෙන හිටියද මේක......මම පුදුමයෙන් ඇසුවෙමි......එයා මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ...ඔයා දන්නවනෙ අම්ම ගොඩක් භාවනා කරනව කියල....ඔහු පැවසූ විට...ඔව් මම තරින්දි වුනාට පස්සෙ තමා එයත් එක්ක භාවනා කරන්න පටන් ගත්තෙ.....මාත් දැන් හැමදාම මෛත්‍රී භාවනාව කරනව.....මම කීවෙමි....ඒක හොදයි පැවසූ ඔහු....අම්ම මට භාවනාවෙන් කරන්න පුලුවන් ඒවගැන කියල දුන්න. හැබැයි අම්ම කිව්වෙ ඒව විජ්ජාවල් ඒව ඇති වැඩක් නෑ බුදු හාමුදුරුවො දේසනා කල විදියට භාවනා කරන්න කියල. මට කොල්ලෙක් වෙන්න අශාව ගොඩක් තිබුන හින්ද කොල්ලෙක් වෙවා කියල හිතාගෙන භාවනා කලා....ඒ අතරෙ මට හිතුන තාරුක වගේ කොල්ලෙක් උනොත් හොදයි කියල....මාම තාරුක මම තාරුක කියල තද්දින් හිතාගෙන ඔයාගෙ ශරීරය තුල ඉන්න විදියට භාවනා කලා.ටික දවසක් යනකොට මාව අහසෙ පාවෙනව වගේ දැනුන. මට බය හිතුන හින්ද එදා ඒක නැවැත්තුව. පස්සෙ ආයෙත් කලා එදා මාව පාවෙලා තාරුක ගාවට ගියා .මගේ හිත කිව්ව එයාගෙ ඇගට ඇතුල්වෙන්න කියල. ඒත් එදා බැරිවුනා....ඔහු මෙසේ පවසන විට....මටත් ඕකමන වුනේ මාවත් පාවෙලා තරින්දි ගාවට ගියානෙ.....මම කීවෙමි..මම ඒකත් දැනගෙන හිටිය..ඒ වුනාට එදා ඇතුල්වෙන්න බැරිවුනා.පස්සෙ මේක දිගටම කලා දවසක් ඇඟට ඇතුල්වෙන්න පුලුවන් වුනා....ඒත් ඉන්න බැරිවුනා....ඔහු පැවසුවේය....මටත් ඔය ටිකමයි වුනේ....මම කීවෙමි.....මට ටිකෙන්ටික තාරුක වෙලා ඉන්න පුලුවන්වුනා...ඒ වුනාට තාරුක විදියට ස්කෝලෙ යන්න බය හිතුන.මට හිටුන එහෙදි ඔයා මට බනී කියල. ඒහින්ද ස්කෝලෙ වෙලාවෙ හැර අනිත් හැම වෙලාවෙම තාරුක වෙලා හිටිය...මෙහෙම ඉන්න කොට තමා අපි බදුල්ලෙ ගියෙ. මට හිතුන බදුල්ලෙ යනවට වඩා තාරුක විදියට ඉන්න ඇත්නම් හොදයි කියල. මම කෝච්චියෙදිම භාවනාව කලා හොදවෙලාවට මගෙ භාවනාව සාර්තකවුනා.එදා ඉදන් දිගටම තාරුක වෙලා දිගටම හිටිය. ඒත් මට ඔයාව හම්බවෙන්න බය හිතුන හින්ද නංගිට කියල තිබ්බ ඔයා ආවොත් නිදි කියන්න කියල. නංගිත් ඒ වැඩේ හොදට කලා නංගි හිතා හිටියෙ මට ඔයාගෙන් කරදර හින්ද ඔයාව මග හරිනව කියල......ඔහු මෙලෙස විස්තර කරන්ට විය.....මම ලොකු ලමයෙක් වෙන දවස දැනගෙනද හිටියෙ....ඔව් ...ඔයා ලොකුලමයෙක් උනා කියල අපේ අම්ම කිව්ව...මම ඒ වෙනකොට දැනගෙන හිටිය ගෑණු ළමයෙක් ලොකු ලමයෙක් උනාම වෙනදේ මට ඒකට පිලිකුලක් වගේ දැනුන ඒ හින්ද මම තරින්දි වුනේ නෑ. මම හිතුව මගෙ ශරීරය ඔයාටම දීල දිගටම තාරුක විදියට ඉන්න....ඔහු කීවේය.....ඔයා එහෙම හිතපු එක ලොකු දෙයක් මටත් ඒ වෙනකොට එපාවෙලා තිබුනෙ ආපහු තාරුක වෙන්න....මම කීවෙමි.....ටික වෙලාවක් මාදෙස බලා කල්පනා කල ඔහු.....ඔයා හින්ද තමයි මට අද මේවගේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුලුවන් කම ලැබුනෙ..නැත්නම් තරින්දි විදියට හිටියනම් මට මොනව වෙයිද දන්නෙ නෑ...ඔයාට ඒකට ස්තූති කරන්න ඕනැ....කීවේය......මට ස්තූති කරන්න ඕනැනෑ තාරුක මම ගොඩක් සතුටුවෙනව ඔයාට තිබුනු ඒ ගැහැණු ශරීරය මට දුන්න එකගැන.මම ගැහැනුකමට ගොඩක් කැමත්යි තාරුක මම හරිම සතුටින් මේ ජීවිතේ ගත කරන්නෙ.....මම කීවෙමි........එදින සිට ඔහු මාව නිතර හමුවූ අතර. මා වෛද්‍ය පීටයට යෑම සදහා බස් නැවතුම් පලේ සිටින විට තාරුකගේ අලුත්ම කාරය මා අසලින් නැවැත් වූයේය. නගින්න ඉදිරිපස වීදුරුව පහත් කර මට කතා කලේය....ඔයා යන්න මම බස් එකේ එන්නම්.....කොල්ලෙක් සමග වාහනයේ යෑමට ලැජ්ජාවක් ඇතිවූ බැවින් කීවෙමි.....නගින්න ලමයෝ ...ඔහු මට බල කලේය .මම පිටුපසින් නගින්න හදනවිට ....ඉස්සරහට එන්න...කීවේය. මා අකමැත්තෙන් මෙන් ඉදිරි පස ආසනයේ වාඩිවුනෙමි.....ඔයා පිටිපස්සෙන් නැගල මාව ඔයාගෙ ඩ්‍රයිවර් කරගන්න හැදුවෙ නේද....ඔහු සිනාසෙමින් කීවේය.....අනේ නෑ මම කීවෙමි.....ශාරියට ඔයා හරිම හැඩයි...ඔහු මා දෙස බලා කීවේය....තව පොඩ්ඩෙන් ඔයාටත් අදින්න වෙන්නෙ මේවිදියටනෙ.....මම කීවෙමි.....අනේ ඒව ගැන මතක් කරන්නවත් එපා.....ඔහු පැවසූවිට .....මට මෙන්ම ඔහුගේ පැරනි ජීවිතය මතක් කිරීමටවත් අකමැති බව තේරුම් ගත්තෙමි....මම දිගටම කොළඹ ප්‍රැක්ටිස් යනව ඔයාවත් දාගෙන යන්නම් මෙහෙ එන්න එපා අපේ ගේගාවට එන්න.....අනේ ඕනැ නෑ තාරුක අම්මල මොනව හරි හිතයි....මම කීවෙමි. අම්මල මොකුත් හිතන්නෙ නෑ... අපි ඉතින් එදා ඉදන් යාලුවොනෙ....ඔහු කීවේය.
No comments:
Post a Comment