Thursday, May 19, 2016


(අක්කා 69)..................................................මට හිතගන්න බැරුව ඉන්නෙ මගෙ නෝනට කොයි ගේද දෙන්නෙ කියල.එකක නැන්දම්ම අනිත් එකේ මාරිඅම්ම....කුමාරිනම් හිටියෙ නැන්දම්මත් එක්ක. හොද වෙලාවට එයාල ජෙට් ලීගෙ ෆිල්ම් බලල තිබුනෙ නෑ.....පැවසූ ඔහු සිනාසුනේය.....අම්මෝ නැන්දම්ම ගොඩක් වසයිද.....එයාගෙ කට වසන්න කාටවත් බෑ.....කුමාරිත් ඊට දෙවෙනි නෑ.....කීවේය..එතකොට මාරිඅම්ම...මම ඇසුවෙමි......අපෝ එයාගාව හිටියොත් ඇත්තටම දිවිය ලෝකෙ තමා ඉන්නවෙන්නෙ...එයා හැම තිස්සෙම දෙවියො ගාව .මම කිව්වෙ එයා වල්ලි අම්මගෙ නන්ගි කියල....ඔහුගේ මෙම කතාවලට මට හිනාගියේය.මොකද නංගි මගේ සිනාහඩ ඇසුනු අක්කා ඇසුවාය....මන් දන්නෙ නෑ අක්කෙ මේ හසිත්ගෙ විහිලුනෙ....මම කීවෙමි.....ඔයාගෙ නෝන කැමතිවුනොත් නැන්දම්ම ගාව ඉන්න?...මම ඇසුවෙමි.....එහෙම උනොත් ද?...කල්පනා කල හසිත....එතකොට මාරි අම්මට තමයි කියන්න වෙන්නෙ එයාගෙ අක්කටවත් කියල දෙන්නගෙ වලි විසදල දෙන්න කියල........දෙන්න වලි දාගත්තෙ නැත්නම්...මම ඇසුවෙමි....එහෙම උනොත් මම උදෙම්ම නැගිටල බස්නා හිර පැත්ත බලනව......ඒ මොකටද.... මම ඇසුවෙමි....ඉර පායනවද කියල බලන්න....ඔහු ඇගට නොදැනිම කීවේය. අපි මෙසේ කතාකරමින් සිටින විට අයියාත් අක්කාත් අපි අසලින් වාඩිවිය...... දැන් මොකක්ද දෙන්නගෙ තීරනේ....අයියා ඇසුවේය. මොන තීරනේ ද.... හසිත ඇසුවේය.....ඇයි බන් උඹල දෙන්න කසාද බදින එක....ආ ඒකද ඇසූ හසිත...... මගෙ තීරනේ නම් දීල තියෙන්නෙ. නේද ගීතානි.....මගෙන් ඇසුවේය. ....මමනම් දන්නෙ නෑ කවුද නෝන කෙනෙක් නම් බදිනව කිව්ව....මම කීවෙමි. ..ඉතින් බදින එක්කෙනා මගෙ නෝන තමයි....ඔහු කීවේය....මේ විහිලු නෙවෙයි හසිත දැන් උඹේ අදහස කියහන්කො.... මගෙ ගැටලුවක් නෑ . උඹලගෙ පැත්තෙන්නම් මම දන්නෙ නෑ....අපි කැමතිනෙ....අක්කා කීවාය....එතකොට ගීතානිගෙ අම්ම තාත්ත දන්නවද..බැරි වෙලාවත් එයාල අකමැතිවුනොත්....පැවසූ ඔහු.....මා දෙස බලා.....මම කැමති නෑ මේ අහිංසක කෙල්ලට බලා පොරොත්තු තියල අයින් වෙන්න.....කීවේය......එහෙනම් අපි හෙටම අම්මට තාත්තට කියමු. නේද සිසිර....අක්කා කීවිට...අන්න එහෙම වරෙල්ල... ඇප්පුරුවල් එක අරන් දෙනවනම් ඉතුරු වැඩ ටික මම බලාගන්නම් ...හසිත කීවේය. ඔහු අපි සමග රාත්‍රී කෑම ගෙන පිටත් විය.....අපි හෙටම මේක අම්මටයි තාත්තටයි කියමු....අක්කා කීවාය.....මම කිව්වනේද ඇප්රුවල් එක ගන්නෙ නැතුව අතවත් තියන්නෙ නෑ කියල.ඔන්න ඕක තමා මම කිව්වෙ.....අයියා සිනාසෙමින් කීවේය..... හසිත යනු අමුතුම පුද්ගලයෙක් බව මට මේ දින කීපයේ දී වටහා ගැනීමට ලැබුනි. ඔහු ජීවිතය සැහැල්ලුවෙන් විනෝදයෙන් ගතකලද බැරෑරුම් අවසතාවල ඉතා කල්පනා කාරීවූ අතර විටෙක ඉතාමත් සන්වේදී පුද්ගලයෙක් විය.ඔහු ඔහුටත් වඩා මම ගැන සැලකිලිමත් වීඇතිබව .....මේ අහින්සක කෙල්ලට බලාපොරොත්තු තියන්න එපා..කියන කතාවෙන් මා වටහා ගත්තෙමි.....අපරාදෙ මම හසිත ගැන වරදවා හිතාහිටියෙ....මට ඔහු ගැන ආදරයක් ඇතිවිය....මම කාමරයට ගොස් දුන් තෑගි පාර්සලය විවුර්ත කලෙමි. එහි තිබුනු පෙට්ටිය විවුර්ත කල මට දක්නට ලැබුනේ වටිනා රත්රන් මාලයකි. ඒසමගම එයට ගැලපෙන කරාබු ජෝඩුවක් ද තිබුනි.....මගේ සතුට වඩිවිය...මම ඉක්මනින් අක්කා ට කතාකලෙමි....මේ බලන්නකො අක්කෙ හසිත මට දීල තියෙන තෑග්ග....මම අක්කාට පෙන්නුවෙමි.....ලස්සන මාලයක් නේද....අක්ක එය අතට ගෙන හැඩ බලමින් මගේ කරේ බැන්දාය....ඔයා මොනව කිව්වත් හසිත ඔයාට ගොඩක් ආදරෙයි නංගියෙ ...අක්කා කීවාය.....මම එයා ගැන දන්නෙ නැතුව අක්කෙ එහෙම කිව්වෙ.එයා ඉතින් හැම දෙයක්ම විහිලුවටනෙ ගන්නෙ අක්කෙ. මම හිතුවෙ මටත් විහිලුවට බදිනව කියල එක්ක ගියේ කියල. ....එයත් එක්ක ඉන්නකොට හිනාවෙලා පනයනව අක්කෙ.....මම කීවෙමි.....කොච්චර විහිලු කලත් මම හිතන්නෙ හසිත කියන්නෙ හරිම හිත හොද කොල්ලෙක් කියල....අක්කා කීවාය. අම්ම තාත්ත කැමති වෙයිද...මම අක්කාගෙන් ඇසුවෙමි....මොකටද අකමැති වෙන්නෙ...අක්කා කීවාය. පසුදා සවස අම්මාට සහ තාත්තාට මාගැන පැවසීමට ගෙදර ගියෙමු. අම්මා අසලට ගිය අක්කා හසිත ගැන කියන්ට වූවාය....උඹ්ල මේ ටිකට මගුලුත් කතාකරල එහෙනම්....පැවසූ අම්මා මෙය තාත්තාට පැවසීය.....ඔය ලමය කොහේද....තාත්තා ඇසුවේය.....අක්කා හසිත ගැන සම්පූරනයෙන් කියන්ට විය.......නන්ගිගෙත් ඉතින් අඩුපාඩු තියෙනවනෙ....ඒ ලමයට හොදක් වෙනවනම් හොදයිනෙ..... පැවසූ තාත්තා .....දිනයක් යොදාගෙන එන්න කියන්න යයි පැවසුවේය.අපි තාත්තා පැවසූ දෙය සිසිර අයියාට කීවෙමු....එහෙනම් ඉතින් හසිතට කියමු.....පැවසූ අයියා...දුරකතනයෙන් හසිතට කතාකරන හඩ ඇසුනි....ටික වෙලාවක් කතා කරමින් සිටි අයියා දුරකතනය විසන්ධි කර.......ලබන සෙනසුරාද උදේ පුලුවන්ද අහනව.....කීවේය....පුලුවන් කියන්න.... අක්කා පැවසූ විට...අයියා නැවත ඔහුට දුරකතන ඇමතුමක් ගත්තේය.........ඔන්න ඔක්කොම හරි...අනතුරුව අක්කාට කීවේය. ....... නංගි එදාට අදින්නෙ මොකක්ද ...අක්කා මගෙන් ඇසුවාය....අයිය ආවදවසෙ අක්ක ඇන්දෙ. අන්න ඒවගෙ මටත් අන්දන්න..... මම කීවෙමි......අක්කා කිසිවක් නොකියා සිනා සුනාය....

No comments: