(සිහිනය 4)........................ .......................... බයට පත්වුනු මම පොරවාගෙන සිටි රෙද්ද අයින් කලෙමි. දික්වූ කෙස්කලබ මුහුනට වැටුනි.මේක ඇත්තටම හීනයක් ද මම අත කොනිත්තා ගත්තෙමි. සෑහෙන්න රිදුනු බැවින් මෙය ඇත්තට සිදුවූ දෙයක් බව අවභෝද කරගත්තෙමි.මම කොහොමද මේ ආච්චිගෙ ඇගෙන් අයින් වෙන්නෙ....සිතුනු මම වටපිට බැලුවෙමි. එලිය අඩු බල්බයකින් මද ආලෝකය පැතිරී තිබුනු කාමරයේ කන්නාඩි මේසයක් තිබුණි.කන්නාඩියෙන් ගිහින් බලන්න ඕනැ ආච්චි මොනවගේද කියල...මම ඇදෙන් බැසීමට සූදානම් වුනෙමි. නැවත නිදිමතක් මෙන් දැනුනු නිසා නැවත ඇදේ ඇලවුනෙමි. මා සිරුරෙන් ඉවත්වෙනු දැනුනි. නැවත පිබිදෙන විට මා සිටියේ මගේ ඇදේය. ....පුදුම හීනයක්නෙ මේක ඇත්තට මම ඒ ආච්චිගෙ ඇගේ හිටිය නේද?....වයස අවුරුදු දහතුනක විතර කොල්ලෙක් වෙන මම කොහොමද වයස හැටක හැත්තෑවක ආච්චි කෙනෙක් වෙන්නෙ...මම හෙටනම් මේ වෙලාවට නිදාගන්නෙ නෑ....බියට පත්වූ මම තීරනය කලෙමි....දැන් ඉතින් අද ආයෙත් ඔය හීනෙ පේන්නෙ නෑ මම බය නැතිව නින්දට ගියෙමි.... තරින්දිගෙ ගෙදර ඉන්න උයන ආච්චි කොහොම කෙනෙක්ද....මට ඇය දැක ගැනීමට උවමනා විය. බැරි වෙලාවත් මාව එයා වුනොත් මම කොහොමද උයන්නෙ...මම උයන්න දන්නවයෑ.. ආච්චි හුඟක් වයස හින්ද මාව ඉක්මනට මැරිලත් යයි ....මට මරන බයද දැනුනි. කොහොම හරි රෑට නිදා ගන්න වෙලාව වෙනස් කර ගන්නව.....මා මෙසේ සිතමින් සිටින විට තරින්දි මා අසලට පැමිනෙනු දුටුවෙමි.....මොකද බන් ඔතැනට වෙලා කල්පනා කරකර ඉන්න....ඇගේ සුපුරුදු ශෛයිලයෙන් ඇසුවාය.....මේ ඔයාලගෙ ගෙදර ආච්චි ගොඩක් වයසද....මම ඇසුවෙමි.....මොකද ඊයෙ රෑත් ආච්චිගෙ අවතාරෙ දැක්කද...ඇය සිනාසෙමින් කීවාය.....ඔව් වයස තිහක විතර ආච්චිකෙනෙක් දැක්ක....මම පැවසූවිට.....තිහක්....පුදු මයෙන් ඇසූ ඇය.....හැට පැනල...කීවාය.....එහෙනම් මම දැක්කෙ එයා වෙන්න බෑ මම බොරුවට කීවෙමි....අවතාරයක් ද කොහේද හැමදාම දකිනව....පැවසූ ඇය සිනාසෙමින් මා අසලින් ගියාය......මා රාත්‍රී කෑම ගෙන පුටුවෙන් වාඩිවී පාඩම් වැඩ කලෙමි. රාත්‍රී දහය පමන වන විට තද නිදිමතක් දැනුනි. අදනම් ඉන්නම බෑවගේ.....මම ඇහැරී සිටීමට උපරිම උත්සාහ ගත්තෙමි.එහෙත් නොහැකිවිය ඇද උඩ වාඩිවුනු මම වාඩිවී සිටියෙමි. එකවරම මාව ගුවනේ පාවෙනු දැනුනි....අදත් ආච්චිගෙ ඇගට යනව වගේ....කිසිදෙයක් කරකියා ගැනීමට නොහැකිවූ මාව පෙරේරා මාමාගේ නිවස තුලට ඇදී යන්ටවිය. පෙරදින සිදුවූ පරිදිම මාව සුදු රෙද්ද පොරවාගෙන සිටි ආච්චිගේ සිරුර තුලට ඇදීයන්ට විය....අයියෝ දැන් මම මොකද කරන්නෙ අදත් ආපහු ගියොත් හොදයි....ඇයගේ සිරුර තුලට ගිය මා රෙද්ද ඉවත් කර ඇදෙන් නැගිට්ටෙමි....මෙහෙ ආච්චි මෙච්චර පොඩිද කුඩා අත් දෙස බැලූ මම සිතුවෙමි.....මා කන්නඩිය අසලට ගියෙමි ....ඉන් පිළිබිඹු වූ රූපය අදුර නිසා අපහැහැදිලි වූ බැවින් . කාමරයේ විදුලි බල්බයේ ස්විචය සොයන්ට වුනෙමි. එය සොයා ගත් මම බල්බය පත්තු කලෙමි. කාමරය ආලෝකමත්විය....මා විගසින් කැඩපත අසලට ගියෙමි....කැඩපතින් පිළිබිඹුවුනු රූපය දැක මා පුදුමයට පත් වූවෙමි....මොනවා...සිතූ මම පිටුපස බැලුවෙමි......තරින්දි කොහොමද මේක ඇතුලෙ ....මම තරින්දිව සෙව්වෙමි.....අසල මේසය උඩ තරින්දිගේ පොත්පත් තිබෙනු දුටුවෙමි...ඊට ටිකක් එහාට වෙන්න තරින්දිගේ ඇදුම් දමා තිබුනු ඇඳුම් රාක්කය දුටුවෙමි. මේ ආච්චිගෙ කාමරේ නෙවෙයි මේක තරින්දිගෙ කාමරේ එතකොට කෝ තරින්දි....මම නැවත කැඩපත දෙස බැලුවෙමි. නැවත ඇගේ රුව දිස්වූ මම මගේ මුහුන අතගෑවෙමි....මෙගෙ මූනට වඩා මේ මූන හරි සිනිදුයි...මා කරන සියලුදේම කන්නාඩියේ පිළිබිඹුවද කරන බව දුටුවෙමි.....තරින්දි මමද....මේක හීනයක්ද.....මම මගේ අලුත් සිරුර අත ගෑවෙමි. ඇය හැද සිටි දුහුල් රාත්‍රී ඇදුම නිසා සිරුරට සැහැල්ලුවක් දැනුනි.....මෙසේ ඇගේ සිරුර නරබමින් සිටිනවිට .නැවත තද නිදිමත දැනුනු නිසා ඇගේ ඇදෙහි ඇලවුනෙමි....මා සිරුරෙන් ඉවත්වනු දැනුනි....නැවත ඇහෙරෙන විට මා සිටියේ මගේ ඇද මතය......මේකනම් පුදුම හීනයක්....මේ හීනෙ ඇත්තටන වෙන එකක්නෙ.....සිතූ මම...ආයෙත් ඔය හීනෙ අද දකින්න හම්බවෙන්නෙ නෑ....මම නින්දට ගියෙමි.................... ......
No comments:
Post a Comment