(සිහිනය 3)........................ ........................මට ඇහැරුනි......මා අද සිහිනෙන් දුටු පුද්ගලයා කවුද .ඔහු මුලු සිරුරම සුදු පැහැති රෙද්දෛන් වසාගෙන සිටිනිසා හදුනා ගැනීමට බැරි වූබව ...මට මතක් විය. පෙරේරා මාමගේ ගෙදර සිටින මෙම අමුත්තා කවුද.....මගේ ගැටලුව විය.සුපුරුදු පරිදි තරින්දි අපේ ගෙදර පැමිනියත් මේගැන කතා කිරීමට මැලිවිය...මොකක් හරි වුවමනාවක් හදාගෙන තරින්දිගෙ ගෙදර යන්න ඕනැ....සිතූ මම ඇගෙන් පොතක් ඉල්ලන මුවාවෙන් ඇගේ ගෙදරට ගියෙමි....ඉස්සරහ නම් මම රෑ දැක්ක විදියමයි....කොයි කාමරේටද මම ගියේ...මෙසේ සිතුනත් ගැහැනු ලමයෙක් පමනක් සිටින ගෙදර කාමර වලට මම යන්නෙ කොහොමද...කල්පනා කලෙමි.....සාලයට එක් කාමරයක් පමනක් පෙනුනි....මම හීනෙන් දැක්කෙ මේ කාමරේනම් නෙවෙයි....මට සිතුනි. ඇය ඇතුලු කාමරයකින් පොත රැගෙන ඇවිත් මට දුන්නාය......හීනෙන් පේන මනස් ගාත ඒව ගැන හිතල වැඩක් නෑ ....මම හීනය ගැන සෙවීම අත හැරියෙමි.....එසේ හිතින් අත හැරියද එදා රාත්රියේද එම සිහිනයම නැවත පෙනෙන්ට පටන්ගත් තේය.අහසේ පාවුනු මා කලින් දින ඇතුලුවූ කාමරයටම ඇතුලු වුනු බව දැනුනි.එදිනද පෙරදින දුටු පුද්ගලයා සුදු රෙද්දක් පොරවාගෙන ඇදේ වාඩිවී සිටිනු දක්නට ලැබුනි.එදිනද එම සිරුරට ඇතුලු වීමට බලකරනු දැනුනි....මා එයට තදින් විරුද්ද වුනෙමි.කෙතරම් විරුද්ධ වූවද. එදින මට එම සිරුර තුලට යෑමට සිදුවිය. එහෙත් සුලු වෙලාවකින් නැවත එම සිරුරින් ඉවත්වුනු මාව නැවත මා නිදා සිටි කාමරයට ගියෙමි....අද මොකක්ද මට වුනේ නින්දෙන් පිබිදුනු මා කල්පනා කලෙමි....ඒ මනුස්සයගෙ ඇඟ ඇතුලටත් ගිහිල්ල එයාව අදුන ගන්න බැරිවුනානෙ....මට කනගාටුවක් ඇතිවුනි.....කවුද මේ මනුස්සය මම හිතන්නෙ ඇත්ත කෙනෙක් නෙවෙයි මගේ හීනෙ ඉන්න කෙනෙක්....කොයි එකටත් හෙට තරින්දිගෙන් අහනව මම හිතාගත්තෙමි.....පසුදින තරින්දි අසලට ගිය මම....ඔයාලගෙ ගෙදර කවුරුහරි ඉන්නවද....ඇසුවෙමි. ...ඔව් ඉන්නවා...කී ඇය.....මායි තාත්තයි අම්මයි....කීවාය.....ඔයල නෙවෙයි වෙන පිට කෙනෙක්....මම ඇසුවෙමි....ඇයි කුස්සියෙ වැඩකරන ආච්චි ඉන්නෙ.....ඇය කීවාය...එයා රෑට නිදාගන්නකොට පොරවන්නෙ මොනපාට රෙද්දක්ද....සුදුපාට රෙද්දක්......සමහර දාට නිල් පාට එකකුත් පුරවනව....අයි බන් උබ බට මොකක්ද වුනේ ආච්චි ගැන අහන්න.....මම දැක්ක සුදුපාට රෙද්දක් පොරවගත්ත කෙනෙක් ඔයාලගෙ ගේගාව ඉන්නව.....මම බොරුවක් කීවෙමි.....උඹ අවතාරයක් ද කොහේද දැකල....ඇය සිනාසුනාය. ...එහෙනම් ඒ ආච්චිගෙ කාමරේටද මම හීනෙන් ගිහින් තියෙන්නෙ. එයාගෙ ඇගටද මාව එකපාරටම ඇතුලු වුනේ...අම්මෝ ඒකෙන් පිටවුන එක ලොකු දෙයක්....මම සිත සැහැල්ලු කර ගත්තෙමි.....අදත් මාව අර ආචිගෙ කාමරේට යයිද දන්නෙ නෑ මට පිලිකුලක් සමග බයක් ඇතිවිය....අද නිදාගන්න හොදනෑ . ඇහැරිලා ඉන්නව...මම හිතාගත්තෙමි.....මගේ නිදාගන්නා වෙලාව පසුවිය එහෙත් නින්දට යෑමට බියවුනෙමි....බැරි වෙලාවත් තරින්දි කිව්ව ආච්චිගෙ ඇග ඇතුලට ගියාට පස්සෙ මට ඇහැරුනේ නැත්නම් හරි වැඩේ වෙන්නෙ...මට ඒ ගෙදර ආච්චිවෙන්නයි වෙන්නෙ...අපෝ මටනම් බෑ....මම නොනිදාම සිටියෙමි....එක පමන වනවිට මා ඉදගෙන සිටි පුටුව මතම නොදැනීම නින්ද ගොස් තිබුනි....එහෙත් වෙනදා දුටු සිහිනය එදා නොදුටු බැවින් සතුටක් ඇතිවිය...මම හිතන්නෙ ඒ හීනෙ පේන්නෙ රෑ දහයට විතර ඒ වෙලාව පහුකරගත්තම හරි ...සිහිනය නොපෙනී නිදාගන්නා ආකාරය මා වටහා ගත්තෙමි.......පෙර දින නිදි මැරීම නිසා පාසැලේදී නිදිකිරා වැටුනු මා අසලට පැමිනි තරින්දි.....මොකද බන් ඊයෙ රෑත් අර අවතාරෙ දැකල බයවෙලා නිදාගත්තෙ නැද්ද ඇසුවාය....මොකද මන්ද ඊයෙ රෑ නින්ද ගියෙ නෑ.....මා බයට නිදා නොගත් බව නොකියා එසේ පැවසුවෙමි......ඔයතරම් නිදිමරාගෙන පාඩම් කරන්න එපා මචන් අපි වගේ ජොලියෙ හිටහන්කො....ඇය පිරිමි යාලුවෙකු මෙන් මට කීවාය....මොකද බන් අද ඈලිමෑලිවෙලා....තරින්දි මා අසලින් ගිය පසු මගේ යහලුවන්ද ඇසුවේය....ඊයෙ රෑ නින්ද ගියෙ නෑ බන් මම කීවෙමි....මොකද තරින්දි ගැනවත් හිත හිතා හිටියද....ඔවුන් ඇසුවේය......අපෝ ඒකි ගැන හිතනවට වඩා හොදයි කොල්ලෙක් ගැන හිතනව....මා පැවසූ විට...ඒකනම් ඇත්ත...කී ඔවුන් සිනාසුනේය.....තරින්දි රූමත් කෙල්ලෙක් වුවද කොලු හැසිරීම නිසා ඇගේ ඇති රූමත් බවත් කොල්ලන්ට ඇය කෙරෙහි තිබෙන ආකර්ශනයත් අඩුවී ඇති බව ඔවුන්ගේ එම කතාවෙන් පැහැදිලි විය.....ඇත්තටම තරින්දිට කෙල්ලෙක් විදියට හැසිරෙන්න කියා දෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක් මම කල්පනා කලෙමි......එදිනද රාත්රියේ මට සිහිනය දකින වෙලාව මගහැර ගැනීමට අවසය විය....එහෙත් පෙර දින නොනිදා සිටීමෙන් ඇගට ඇතිවූ තෙහෙට්ටුව නිසා නොදැනීම නින්ද ගියේය......සුලු මොහොතකින් පෙර සිහිනයම දකින්ට පටන්ගත්තේය.....පෙරේරා මාමාගේ ගෙදර කාමරයට ගිය මට සුදු රෙද්ද පොරවාගෙන සිටි පුද්ගලයා දුටුවෙමි. අනේ මටනම් මේ ආච්චිගෙ ඇගටනම් යන්න බෑ.....මට සිතුනි....එහෙත් මාව බලෙන් මෙන් ඇගේ සිරුර තුලට ඇදගත් බව තේරුනි.....මට බෑ මේ ආච්චිගේ ඇගේ ඉන්න මට එලියට යන්න ඕනැ....සිතූ මම කෑගැසීමට උත්සාහ කලෙමි. එහෙත් හඩ පිට නොවුනි......
No comments:
Post a Comment