Tuesday, May 24, 2016

 
(අක්කා 26)..................................................ආ මේ පොන්නයත් ඇවිත් ඉන්නෙ....අපි අසලට ආ පොඩි අයියා සෙමින් කීවේය......මෙය ඇසුනු අක්කා....මොනවද මේ අයිය කියන්නෙ....ඇසූ අක්කා...අම්මේ මේ බලන්නකො නංගිට අයිය කියන කැත කතා.....පොඩි පුතේ උබල පැත්තකට වෙලා හිටහල්ල අනම් මනම් කියවන්නෙ නැතුව....අම්මා බනින විට ඔහු අපිට ඔච්චම් කරමින් ගියාය......ඕව ගනන් ගන්න එපා නංගි එයාල ඕනැ එකක් කියා ගත්තාවෙ.....අක්කා මගේ පිට අතගාමින් කීවාය. මා වැඩට යෑමට ඇදන් යෑමසදහා අක්කා මට ගවුමක් තෝරාදුන්නාය. මම එය තනියම ඇදගෙන අක්කා අසලට ගියෙමි.ඔය ඇදල තියෙන්නෙ ලස්සනට ...කී අක්කා මගේ කොන්ඩය සැරසීමට පටන්ගත්තාය...මේ වැඩෙත් තනියම කරගන්න පුරුදුවෙන්න.....ඔයා දැම්ම තියා කොන්ඩෙ වවන්න පටන්ගන්න....එතකොට විග් ඕනැනෑ.....මූනට මේකප් ටිකත් දාගන්න පුරුදු වෙන්න.....අක්කා මට තනියම කෙල්ලෙක් ලෙස හැඩවෙන පුරුදුවීමට උපදෙස් දුන්නාය....මා අද වැඩට ගියේ අක්කා සමගය......නන්ගි සාපුවට යනවවගේ..... අතරමගදී එකතුවුන කාන්තාවක් අක්කාගෙන් අසා මාදෙස හොදින් බැලුවාය....මේ මගෙ යාලුවෙක් මාත් එක්ක සැලුන් එකේ වැඩ කරන්නෙ....ඇය මාගැන ඇසීමට පෙර අක්කා උත්තර දුන්නාය.....දැන් ඉතින් මට කිසි බයක් නැතුව වැඩ කලහැකි....යන සිතුවිල්ලෙන් යුතුව සතුටින් වැඩ කලෙමි........මින් පසු කිසිම වෙලාවක මට පිරිමි ඇදුම් ඇද පිරිමියෙකු ලෙස සිටීමට කිසිම අව්සයතාවයක් නොතිබුනි.මා නිතරම උනන්දුවුනේ නියම කාන්තා සුවරූපයෙන් සිටීමටය.සැලුන් එකට එන කිසිම කෙනෙකුට මා පිරිමියෙකු යන හැගීමක් හට නොගන්නා බව මට වැටහුනි....පසුදා උදැසන මා අම්මාට පොරොන්දු වූ පරිදි කුස්සියට ගියේ උදෑසන ම දහවල් ආහාරය පිලියෙල කිරීම සදහාය.අම්මා නැගිට කුස්සිය පැත්තට එනු දුටුවෙමි......ආ ඔයා ආවද...මම හිතුවෙ නෑ එයි කියල.....අම්මා කීවාය....උයමුද අම්මෙ.... මම කීවෙමි.....ඔයාට පුලුවන්ද...ඇය ඇසුවාය....කරන්න ඕනැ ඒව කියන්නකො මම කරන්නම්....මා...දිගටම ගැහැනු කටහඩින්ම කීවෙමි. තේ වලට වතුර ලෑස්තිකල අම්මා උයන්න බඩු ලැහැස්ති කිරීමට පටන්ගත්තාය.....පොල් ටික ගාලඩෙන්න පොල්ගෙඩියක් බින්ද අම්මා මට දුන්නාය......මා අම්මා පොල්ගෑමට වාඩිවෙන ආකාරයට වාඩිවී පොල්ටික ගෑවෙමි...අම්මා කියා දුන් පරිදි එලවලුද සූදානම් කෙරුවෙමි.....අපි උයමින් සිටින විට අක්කා කුස්සියට පැමිනියාය....අම්මයි දුවයි වැඩ වාගෙ......උඹ ඉතින් පිරිමි පුතෙක්නෙ ඒකනෙ මට උදව්වට කුස්සියට එන්නෙ නැත්තෙ.......අම්මා කීවාය......ඒකනෙ මම අම්මට උදවුවෙන්න බාල පුතාව දුවෙක් කලේ......අක්කා කීවාය.....අම්මා මාදෙස බලා සිනසුනාය....තාත්තාගෙත් අයියලා දෙදෙනා ගේත් කෑම පාර්සල් සූදානම් කල අපි....මගේත් අක්කා ගේත් කෑම පාරසල් දෙක පිලියෙල කර ගත්තෙමු......ඔන්න ඔයාගෙ අලුත් දුව හින්ද වෙනසක් කලා....අම්මා තාත්තාට එසේ කියනවිට.....ඒ මොකක්ද.....තාත්තා ඇසුවේය......පොඩිදුව පාන්දරින්ම නැගිටල කෑම ඉවුවනෙ.....පුදුමයි කවදාවත් නැතුව.....තාත්තා අක්කා දෙස බලා සිටියේය.......ලොකු දුව නෙවෙයි අනේ පොඩි දුව......මාව පෙන්වමින් අම්මා කීවාය.....තවමත් නයිටිය පිටින් සිටි මා දෙස බලා තාත්තා සිනාසුනාය......අම්මා අයියලාට කෑම පාර්සල දෙක දෙන ගමන්....උඹල ඔය නිතර සවුත්තුව දාන පොඩි නන්ගි තමයි අද ඉවුවෙ.....කීවාය.....ඔවුන් කිසිවක් නොකියා කෑම පාර්සල දෙක ගත් බව මම දුටුවෙමි.......අම්මට අද හරි සන්තෝසයි නේද නන්ගියෙ.... අපි යනගමන් අක්කා කීවාය.....මොකද මන්ද අක්කෙ මට දැන් හරි ආසයි කුස්සියෙ වැඩකරන්න......ඒ විතරක් නෙවෙයිනෙ සැලුන් එකේ වැඩටත් ආසනෙ....කී අක්කා සිනාසුනාය........දිනපතා මාත් අම්මාත් කෑම උයා දීමගැන තාත්තා මා ගැන සතුටට පත්වී සිටින බව මට තේරුනි .අයියලාගේ විහිලු තහලු ක්රමයෙන් අඩුවෙන බවද දක්නට ලැබුනි......දිනෙන් දින සැලුන් එකට පැමිනෙන සන්කයාවද වැඩිවිය......නන්ගි අපිට තව කෙල්ලො කීප දෙනෙක් ගන්න වෙනව...මේකත් ඉඩමදි ටිකක් ලොකු තැනක් බලන්න ඕනැ....දුරින්නම් ගන්න එපා අක්කෙ අපිට යන්න අමාරුනෙ....ඒකට ගැටලුවක් නෑ නන්ගි මම ලගදිම වාහනයක් ගන්න හිතාගෙන ඉන්නව....අක්කේ....මට එකවරම කියවුනි......

No comments: