(අක්කා 35)....................... .......................... ...අයියල ලොකු සල්ලි කාරයො කියල ආරන්චියි......මම කීවෙමි....අපිට ඉතින් ටිකක් සල්ලි තියෙනව තමා....ඉතින්.....අයියා කීවේය........අපි එච්චර සල්ලි කාරයො නෙවෙයි අයියෙ. ඔයාල එක්ක තිබ්බම අපි ගොඩක් දුප්පත් අපේ අක්කගෙ මහන්සියෙන් තමා මේටික කරන්නෙ.....මම කීවෙමි.....කවුද කියන්නෙ ඔයාල දුප්පත් කියල ඔයාල ගොඩක් පොහොසත් නංගි ......අයිය අපිට විහිලු කරනව......මම කීවෙමි.....විහිලු නෙවෙයි නංගි .....එසේ පවසන විටම අක්කා අපි අසලට ආවාය......බලන්නකො අක්කෙ මේ සිසිර අයිය අපිට විහිලු කරනව......මම කීවෙමි....විහිලු නෙවෙයි නංගි මම කිව්වෙ....නැවත පැවසූ ඔහු.....මම ඔයාලගෙ ගතිගුන සෑහෙන කාලෙක ඉදන් බැලුව.....ඔයාල හැසිරෙන විදියට ඔයාල වගෙ පෝසත් අය ලේසියෙන් හොයාගන්න බෑ.....මම දන්නව මේ කේස්ට්රයට එන ගෑනුන්ගෙ හැටි.....ආ...ඒකෙන් කමක් නෑ ඔන්න අක්කගෙ ගැටලුව මම අයියට කිව්ව දෙන් ඔයාල දෙන්න ඒක විසදගන්න එකයි ඇත්තෙ.....පැවසූ මම එතැනින් ඉවත් වූවෙමි....අක්කා ලැජ්ජාවෙන් වගේ සිසිර අයියා සමග කතා කරමින් සිටින බව මා දුටුවෙමි......ඔයාට ගොඩක් ස්තූතියි නංගි ...මා ගෙදර පැමිනි පසු අක්කා මට ස්තූතිකලාය.... කිහිප දිනක් ගතවිය.....නන්ගි මට නංගි ගැන සිසිර අයියට ඇත්ත කියන්න වෙනව.නැත්නම් හොද නෑනෙ....අයිය මොනව හිතයිද දන්නෙ නෑ....මම ගැටලු සහගතව කීවෙමි......එයා මොනව හිතුවත් මම මේගැන කියනව.....ඒ උනාට අයිය මාගැන දැනගෙන ඔක්කොටම කියල මාව සවුත්තු කරයිද දන්නෙ නෑ.....මම කීවෙමි.....එයා එහෙම කෙනෙක් නෙවේ නන්ගි.....කී අක්කා ඔයා බය වෙන්න එපා...මොකුත් උනොත් මම බලාගන්නම්කො...කීවාය. වෙඩින් එකකදී මා අසලට පැමිනි සිසිර අයියා...නන්ගි මට ඔයා ගැන ඔක්කොම විස්තර අක්ක කිව්ව. මට පුදුම හිතුන ඒ කතාව අහල මට නිකමටවත් හිතා ගන්න බැහැ ඔයා එයාගෙ මල්ලි කියල.....මම ලැජ්ජවෙන් බිම බලාගත්තෙමි....බය වෙන්න එපා නන්ගි...මම මේක කාටවත් කියන්නෙ නෑ....ඔයාල එන මාසෙ තායි යනවලු නේද......ඔව් අයියෙ ...මම හිමින් පැවසුවෙමි.....ඔයාල බය වෙන්න එපා ඒකට යන වියදම් මගේ ගානෙ.....ඔහු එසේ පවසන විට මගේ කන් අදහා ගැනීමට බැරිවිය......මෙයා ඇත්තක් ද මේ කියන්නෙ....සිතූ මම.....ඒකට ගොඩක් සල්ලි යනවලු......ලක්ශ දහයක් පහලොවක් වගේනෙ ඕකත් ගානක් ද.. නංගි . ඔහු එය රුපියල් දහයක් පහලොවක් විදිහට කතාකලේය......මේ මුදල අපිට විශාල මුදලක් වූවද ඔහුට එය සුලු මුදලක් වී ඇති බව මට තේරුනි....මම අක්කටත් මේ ගැන කිව්ව.....අක්කනම් කිව්ව ඒකට සල්ලි හොයාගෙන තියෙන්නෙ කියල......ඔව් අයියෙ අයියගෙන් ඕනැවෙන එකක් නෑ...අක්ක ගාව තියෙනවනෙ....මම කීවෙමි....ඒ උනාට කමක් නෑ අක්කට ඒව තියාගන්න කියන්න. ඔයාල යන්න ලෑස්ති වෙන්න වියදම මගෙන් හරිද.....ඔහු ස්තීරවසයෙන්ම කීය. මම අක්කාට සිසිර අයියා පැවසූ දේ කීවෙමි.....ඔව් නන්ගි මම එපා කිව්වට අහන්නෙ නෑ....එයාට ඕනැමලු ඔයාට වියදම් කරන්න......අක්කා කීවාය.....අපිට ඒ ගාන ලොකු වුනාට එයලට පොඩි ගනනක් වෙන්න ඇති....මම කීවෙමි......මොනව කරන්නද එයා වියදම් කරපුවාවෙ.....කොයිකටත් මගෙ සල්ලි ටික ලෑස්තිකරල තියෙන්නෙ....අක්කා කීවාය. අපි වයිද්යවරයා හමුවීමට ගියවිට ඔහු මගේ මුලු සිරුරම පරීක්ශා කලේය. මම දුන්න බෙහෙත් හොදට වැඩකරල තියෙනව......ඔයාගෙ බ්‍රෙස්ට් පොඩි වැඩි හින්ද තායි ගියහම ලොකුකරගන්න පුලුවන් ඒකට අමතර මුදලක් ගනී.පුලුවන්නම් කරගන්න.....කීවේය......ඇයි ඩොක්ට මේ බේත් වලට ලොකුවෙන්නෙ නැද්ද අක්කා ඇසුවාය.....හොර්මොන් වලට ලොකු වෙන්නෙ සීමිත ගානයි.බෙහෙත් ගන්නවෙලා..දැන් අව්රුදු දෙකහ මාරකටත් කිට්ටුනෙ. තව ඔන්නම් චුට්ටක් ලොකුවෙයි......ඔහු කීවේය......මුහුනෙ තාම කෙස් තියෙන හින්ද එහෙ ගිහින් ඒවත් අයින් කරගන්න.....ඔහු තවදුරටත් කීවේය..... අපි ගෙදර පැමිනි පසු ඩොක්ට පැවසූ දේ ගැන කතා වුනෙමු.......නන්ගි මේගමන්ම ඒ අවසය ඔපෙරේසන් ටිකත් කරගත්තොත් හොදයි නේද....දැන් අපිට සල්ලි ගැටලුවකුත් නෑනෙ......අක්කා කීවාය. අක්කෙ අක්කගෙ සම්බන්දෙ අම්මට කියමුද?..... මම ඇසුවෙමි. අපෝ නංගි දැම්ම ඕව කියන්න යන්න එපා මොකක් හරි ගැටලුවක් උනොත් නන්ගිගෙ වැඩේටත් ප්‍රස්නයක් වෙයි.ඔක්කොටම ඉස්සෙල්ල ඒවැඩේ කරගෙන ඉම්මු......අක්කා කීවාය.....අපිට කීදවසක් එහෙ ඉන්න වෙයිද යන බව ඩොක්ටගෙන් ඇසුවෙමු......මගෙ හිතේ සති දෙකක් විතර ඉන්න වෙයි......වෛද්‍යවරයා කීවිට අක්කාට පුදුම සිතුනු බව මා දුටුවෙමි. අක්කෙ එච්චර කාලයක් අක්කට මා එක්ක ඉන්න පුලුවන්ද?....මම ඇසුවෙමි.....සැලුන් එකේ වැඩේ ඉන්ද්‍රානිට බලාගන්න දෙනව එයා අවන්ක කෙනෙක්.....ඒ හින්ද ගැටලුවක් වෙන එකක් නෑ....කොයිකටත් අපි එන හැටියකට මුහුන දෙමුකො.....අක්කා කීවාය. අපිට යෑමට සතියකා වඩා නොමති බැවින් අපිට අව්සය උපකරන සකස් කර ගැනීමට අව්සය විය.ඒ අතර එම රටෙන් එවූ පනිවිඩයට අනුව ඩොක්ට දුන් උපකරනද ලෑස්තිකර ගත්තෙමු............අපිට දැන් තිබුනේ තායි බලා පිටත් වීමට පමනි......
No comments:
Post a Comment