Tuesday, May 24, 2016


(අක්කා 14)....................................................එදා රත්රියේද මා අක්කගේ ගවුම ඇදගෙන නින්දට ගියෙමි......කවදාවත් අත් නොදැක තිබුනු මෙම සුන්දර අත් දැකීම් ගැන කල්පනා කරමින් මා නිදාගත්තෙමි. සනීපයට නින්දගියත් පෙරදින වැනි සුන්දර සිහිනයක් නොදුටුවෙමි.පසුදා සැලුන් එකට ගියගමන් මට ගවුම අන්දවන්න වූවාය...අද වෙන ගවුමක් නේද අක්කෙ...මම ඇසුවෙමි...කෙල්ලො හැමදාම එකම ගවුම අදින්නෙ නෑ ළමයො..... පැවසූ ඇය..... ඇයි මේක හොදනැද්ද ඇසුවාය......අක්කගෙ ඇදුම් කොයිකත් හොදයි අක්කෙ...කියනවිට අක්කා සිනාසුනාය.....මේ ගවුම ඊයෙ එකටත් වඩා ලස්සනයි වගේ මා කැඩපතෙන් හැඩ බලනගමන් සිතුවෙමි.....ඔයාගෙ හැට්ට ටික ගේන්න ඕනැ ඇදල බලල ගේමු....ඇය කීවාය....දැන් මම එහෙදි අදින්න ඕනැද?....ඔව් ඇයි...ඇය ඇසුවාය....මාව කොල්ලෙක් කියල අහුවෙයිනෙ.....එයාලට පේන්න ඕව ගලවන්නෙ නෑනෙ...ඒක කරන්නෙ මමනෙ..යමුකො....අක්කා කීවාය....සැලුන් එකේ වැඩකරන තරුනිය පැමිනි පසු අපි ඒ මහන අක්කා හමුවීමට ගියෙමු.....මහල ඉවරයි නන්ගි.....ඇය කීවාය..මේක ඇදල අඩුපාඩු කියන්නකො....එම හැට්ට අක්කාට දෙනගමන් කීවාය. ..මෙයාට අන්දන්න ඕනැ......මේ නන්ගිද... ඇසූ මහන අක්කා මා දෙස හොදින් බැලුවාය.....මෙයානම් මනමාලිට ඇන්දාම ලස්සනට හිටියි.... පෙවසුවාය...එන්න නන්ගි කී අක්කා මාව කුඩා කාමරයකට එක්ක ගියාය. ...ඔයාට අද අදින්න තිබුනෙ සාය බ්ලවුස්. එහෙනම් බලුස් එක විතරයි ගලවන්න ඕනැ..මට ඒක අමතක උනානෙ......මගේ ගවුම ගලවන අතර පැවසුවාය.....ඇය හැට්ටය මට අන්දුවා හැඩ බලන ගමම්...ඇගට වැඩිය තද නෑ නේද ඇසුවාය.....නෑ අක්කෙ මම කිවිට අනිත් හැට්ටයද අන්දන්ට විය.....එයද හොදින් මසා ඇතිබව දුටු අක්කා ඒවා ගලවා නැවත ගවුම ඇන්දුවාය......හොදයි අක්කෙ.....මහන අක්කාට පැවසූ අක්කා මා සමග ආපසු සැලුන් එකට ගියාය......කාමරය තුලදී හැට්ටය ඇන්දවූ අක්කා සාරිය ඇන්දවීමට පටන්ගත්තාය.....වැඩ දමා ඇති එම සාරිය වටිනා කමින් වැඩි එකක් බව මට වැටහුනි.....ඇය අලුත් විලාසිතාවකට සාරිය අන්දන බව මට වැටහුනි.සාරිය අන්දා අවසන්වූඇය මට මාල වලලු දැමීමටත් කොන්ඩය මනමාලියෙකුට මෙන් සැරසීමට පටන්ගත්තාය.සියල්ල අව්සන් කල ඇය බලන්න ලස්සනද කියල.....ඇත්තටම මා ඉතා රූමත් මනමාලියෙකුගේ වෙස් ගෙන තිබුනි....මා කැඩපතේ දිස්වෙන රුව දෙස ආශාවෙන් බලාසිටියෙමි......නන්ගි බලන්න කොහොමද කියල....අක්කාගේ වැඩකරන තරුනියට මාව පෙන්නුවාය.....මේ අක්කද බී එම් අයි සී එච් යන්නෙ.....අක්කාගෙන් අසන ගමන් මගේ හැඩ බලන්ට වූවාය......මේ අක්ක ඇන්දම ගොඩක් ලස්සනයි අක්කෙ.....අක්කගෙ නිර්මානයත් අමුතු එකක්නෙ....ඇය පැවසුවාය....මී ලගට හෝම් කමින් සාරිය තියෙනවනෙ ඒක හෙට ඇදල බලමු.....දැන් රෑ වෙනව ඒක අන්දන්න ගියොත්....ඇය එය ඇන්දීම පසුවදාට කල් දැමුවාය........සාරිය ගැලවූ ඇය මට නැවත ඇදසිටි ගවුම ඇන්දුවාය.......ඇත්ටම මට දැන් මේ ඇදුමෙන්ම ඉන්න ඇත්නම් මාත් අක්කවගේ කෙල්ලෙක් උනානම් හැමදාම ගවුන්නෙ අදින්නෙ.කොච්චර ශෝක්ද.....මට ගැහැනුකම ගැන ආශාවක් ඇතිවිය...අදත් ඉතින් ගෙදර යනකොට මේ ගවුම ගලවන්න ඕනැනෙ...මට දුකක් ඇතිවිය.....මම හොරෙන් ගැහැනු ඇදුන් ඇන්දට පිරිමියෙක් වෙලා උපන්න හින්ද මේව අදින්න තහනම්නෙ....ගෑනු ලමයින්ටනම් කලිසම් කමිස අදින්න පුලුවන් පිරිමි අපිට තමා සමාජය නීති දාල තියෙන්නෙ.....මා දුක් බරව කල්පනා කල අතර සමාජය ගැන කලකිරීමක් ඇතිවිය...වොඉස් ප්‍රැක්ටිස් කලාද....ඔයාට දැන් ගැහැනු ලමයෙක් වගේ කතා කරන්න පුලුවන්ද?.... එදින රාත්රියේ අක්කා ඇසුවාය.....ඔන්න බලන්න අක්කේ... පැවසූ මම කටහඩ මාරු කරගෙන කතාකරන්ට වූවෙමි......කටහඩ හීනි වැඩියි නන්ගියෙ.....ඔහොම කතා කරන කොට එන්නෙ නපුංසක කටහඩක්.....අක්කා හිනාවෙමින් පැවසුවාය....තව පොඩ්ඩක් අඩුකරන්න....සාමාන්ය ගැහැනු කට හඩ එන තෙක් මගේ හඩ සෑදීමට පටන්ගත්තාය....දැන් හරි ඔය ගාන පුරුදුවෙන්න......කීවාය.....මා කිහිපවරක් එම පිච් එක තබාගෙන කතාකිරීමට උත්සාහ ගත්තෙමි.....දැන් මල්ලි නිදාගන්න කොට ගවුම ඇදන්ද නිදාගන්නෙ...අක්කා ඇසුවාය....ඔව් ඇයි අක්කෙ...මම ඇසුවෙමි.... ඇගට අපහසුවක් නැද්ද ...ඇය ඇසුවාය.....මොන අපහසුවක්ද...ඇගට හරි සනීපයි අක්කෙ....මට සැපට නින්දත් යනව....මම සතුටින් කීවෙමි.....අනේ මන්ද ඔහොම ගිහින් ඔයා පිරිමි ඇදුම් අදින එකත් නවත්තල දායිද දන්නෙ නෑ....අක්කා කියමින් සිනාසුනාය.....පුලුවන්නම් කරනව ඒත් බෑනෙ මම කොල්ලෙක්නෙ....මම දුක්බරව කීවෙමි........

No comments: