(අක්කා 22)....................... .......................... ...ශික් ඊයෙ රෑ මාව කෙල්ලෙක් වෙලා ඉන්න ලස්සන හීනයක්වත් පෙනුනෙ නැනෙ.....සිතූ මම උදේ නැගිට අක්කා අසලට ගියෙමි....අරක අහමුද මම අක්කාට කීවෙමි....අපෝ දැන් බෑ අපි හවසට අහමු....ඇය කීවාය....අපි සැලුන් එකේ වඩකර අවසන්වී ගෙදර ආ පසු මා අක්කට මා ගැන අම්මාට පවසන ලෙස මතක් කලෙමි....අක්කා හිමින් සැරේ අම්මා අසලට ගියාය...අම්මේ....මල්ලිට මම දාපුතැනත් හරි නෑලු.....ආ ඇත්තද මේකට ඉතින් මේ ලෝකෙ රස්සාවල් නෑ.....අම්මා මට බනින්ටවූවාය....නෑ අම්මෙ මල්ලි කියනව මම ගාව වැඩකරන්නම් කියල...මටත් දැන් ගොඩක් වැඩ තියනව අම්මෙ...අක්කා කීවාය......ඒක කොහොමද ඔයා කරන වැඩ කරන්නෙ මොකද ඒකා ඔයාවගෙ කෙල්ලෙක්ද කෙල්ලෙක්නම් මට කමක් නෑ....අම්මා කීවාය....අම්මෙ දැන් කාලෙ කොල්ලොත් ඔය ඕනැතරම් ඕව කරන්නෙ......කරනව තමයි ඒ අය භාගෙට පිරිමි.....අම්මා කීවාය මොකද මෙයත් බාගෙට පිරිමියෙක් වෙලාද.....අම්මා සිනාසුනාය....අනිත් එක එතැනට එන්නෙ කෙල්ලො නේද. ඉතින් කොල්ලො වඩකරන තැනකට කෙල්ලො එයිද...අම්මා තවදුරටත් කියන්ටවිය.....මොකද නන්ගි මෙයා කියන්නෙ අපේ කතා අසාසිටි ලොකු අයියා ඇසුවේය......මල්ලිටත් මගෙ සැලුන් එකේ වැඩ කරන්න ඕනැලු....මොකක්ද බන් පොන්න වැඩකරන්නෙ නැතුව වැඩක් කරහන්කෝ....අයියා මට අපහාස කරමින් කීවේය.....අයියට වැඩක් නෑනෙ අයියේ මේක අපි දෙන්නගෙ වැඩක් නෙ.....අක්කා අයියාට දොස් කීවාය.....තමුසෙ දැන් සල්ලි කාරය වෙලානෙ අපි කියන එක අහන්නෙ නෑනෙ....අයියා අක්කාට බනිමින් එතැනින් ගියේය....බලන්නකො අම්මෙ මම දියුනු වෙනකොට ඔක්කොටමනෙ හොද.....ඕව ගනන්ගන්න එපා කිව්ව අම්මා...දැන් මල්ලිට මොකද කරන්න හදන්නෙ.....මල්ලි මම සැලුන් එකේ වැඩට ගන්නව....මෙයා කොල්ලෙක් හින්ද සෙනග අඩුවුනොත් මම ඒකට වැඩක් කරනව.....ඒ මොකක්ද?...අම්මා ඇසු වාය....මම මල්ලිව කෙල්ලෙකුට අන්දනව.....අක්කා එසේ කියන විටම....මේ උඹ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව හිටහන් පිස්සු වැඩ කරන්න හදනව.....අම්මා බනින්ට වූවාය....පිස්සු වැඩක් නෙවෙයි අම්මෙ බලන්නකො කරනදේ.....ඈ පොඩිඑකෝ උබත් ඒකට කැමතිද.....අම්මා මගෙන් ඇසුවාය....අක්ක කියනවනම් මගේ අකමැත්තක් නෑ....මම කීවෙමි....උබ ඉතින් එදා ඉදන් අක්කගෙ පැත්තනෙ....මම දන්නෙ නෑ තාත්තයි අයියලයි මොනව කියයිද කියල......අම්මා අවසානයේදී කීවාය.....ඒක මම බලාගන්නම්කො කී අක්කා....මල්ලි කැමතිනම් ගැටලුවක් නෑ නෙ නේද මල්ලි...අක්කා මා දෙස බලා පැවසුවාය......අපි කාමරයට ගියපසු ඔන්න මල්ලි මගෙ වැඩේනම් කලා....අම්ම ගෙන්නම් එච්චර අක මැත්තක් නෑ වගේ තාත්ත මොකක් කියයිද දන්නෙ නෑ....අක්කා කීවාය....ටිකක් බලමු නේද අක්කෙ කී මම එතකම් මම මේවිදියට අක්ක ගාව වැඩ කරන්නම්...මම කීවෙමි....පසු දින්ද මා සුපුරුදු පරිදි වැඩ කලෙමි.....අපි ගෙදර ආ විට මොකක්ද දුවේ මේ අම්ම කියන්නෙ.....තාත්තා අක්කාගෙන් අසන්ට විය.....මල්ලිට එකතැනක වැඩකරන්න බෑනෙ තාත්තෙ එයාට ඕනැ යාලුවොත් එක්ක රවුන් ගහන්න නෙ...ඔහොම ගිහින් මෙයා මොනව පටලොව ගනීද දන්නෙ නෑනෙ මොහොකට හරි ගිහින් හිරේ විලන්ගුවෙ වැටුනොත් අපිටනෙ තාත්තෙ හොද නැත්තෙ.....එහෙම උනොත් මම ඕකව පන්නනව ගෙදරින්ම....තාත්තා බනින්ට විය....නෑ තාත්තෙ එකට මම වැඩක් කල්පනා කලා...ඒ මොකක්ද...තාත්තා ඇසුවාය.....මම මෙයාව මගේ සැලුන් එකේ වැඩට ගන්නව....මේක කොල්ලෙක් නේද ඔය වැඩ මේකට කරන්න පුලුවන්ද.....තාත්තා ප්රස්න කරන්ටවිය....ගැටලුවක් නෑ තාත්තෙ...මල්ලි කැමතියි ඒ වැඩ කරන්න.....මෙයා මම එතැන වැඩට ගන්නෙ කෙල්ලෙක් විදියට අන්දගෙන......මොනවා....තාත් තා පුදුමයෙන් අක්කා දෙස බලා සිටියේය......මේකට කෙල්ලෙක් වගේ අන්දන්නද හදන්නෙ...මෙයා කැමතිද ඒකට?....මල්ලිනම් කැමතියි තාත්තේ....අක්කා කීවිට...ඕව රට්ටු හිනස්සන වැඩ පිස්සු වැඩ කරන්න නැතුව හිටහන් දුවේ.....මෙයා හිරේ විලන්ගුවෙ වැටුනොත් පොලීසි ගානෙ රස්තියාදු වෙන්න වුනොත් රට්ටු හිනස්සන වැඩක් වෙනව නේද.....අක්කා තාත්තාට තාත්තාගේ වචනවලින්ම කීවාය. ...ටිකක් කල්පනා කල තාත්තා....හා හා උබලගෙ කැමැත්තක් හැබැයි පරිස්සමෙන් ....අන්ති මේදී තාත්තාගේ කැමැත්තද ලැබුනි....එහෙත් ටික වෙලාවකට පසු තාත්තා නැවත අක්කාට කතාකලේය......මොකද දන්නෙ නෑ තාත්ත ආයෙත් කතා කරන්නෙ ...තාත්තට කල්පනා වුනාද දන්නෙ නෑ වැඩේ හොද නෑ කියල.....තාත්ත අකමැතිවුනොත් ඔක්කොම කරල ඉවරයි..මොකද අක්ක කියනව වාගෙ මේ වැඩේ හැමදාම හන්ගගෙන කරන්න බෑනෙ.....මා මෙසේ සිතමින් තාත්තා සමීපයට ගියෙමු.....දැන් ඔය වැඩේ කරන්නම ඕනැද ඕකට වෙන විකල්පයක් නැද්ද.....තාත්තා ඇසුවේය.....කව්රුහරි තාත්තගෙ ඔලුවට විසබීජයක් දාල වගේ.....මට බියක් දැනුනි....................
No comments:
Post a Comment