(අක්කා 77)....................... .......................... ..දින තුනක් පමන කාලයක් මෙම හෝටලයේ රැදී සිටියෙමු.මෙම කාලයතුල හසිත මට ගැහැනියක් විදියයුතු උපරිම සතුට ලබාදුන්නේය.ගැහැනියක් වීම මේතරම් සුන්දරද යනුවෙන් සිතුනු වාර අනන්තවිය.ඔහුගේ විහිලු තහලු නිසා සිනාසී බඩද කොරවිය.හසිත යනු ජීවිතය ඉතාමත් සැහැල්ලුවෙන් ගතකිරීමට කැමති විනෝද කාරී පුද්ගලයෙක් බව තේරුම් ගත්තෙමි. ඔහු කෙතරම් සැහැල්ලු චරිතයක් ලෙස පෙනුනත් සමහර අවස්ථාවල ඉතා සන්වේදී වූ අතර දුරදිග බලා කටයුතු කරන ඥානවන්ත පුද්ගලයෙක් විය.සමහර වෙලාවට ඔහුගේ අවස්සයතා පසෙක තබා මා ගැන මගේ දුක සැප බලන බව තේරුම් ගත්තෙමි.ගැහනිය කව්ද යනුවෙන් තේරුම් ගත් ගැහැනියට ගරුකිරීමට දන්නා දුර්ලබ ගනයේ පුද්ගලයෙක් විය... දින තුන්ට පසු අපි කෙලින්ම හසිතගේ නිවස බලා පිටත්වූ අතර එදින පාන්දරම අක්කා මාව ලස්සන කර සැරසෙවුවාය. අපි ඔහුගේ නිවසට ළඟාවෙනවිට එම නිවස උත්සව සිරිගෙන ඇතිබව දුටුවෙමි...අපිව පිලිගැනීමට වෙස්නැටුම් කන්ඩායමක් සිටිනු දුටු මම පුදුම වූවෙමි. මගේ අම්ම තාත්තා පැමින සිටි අතර ලොකු අයියාද ඔවන් අතර සිනු බව දුටුවෙමි.පොඩි අයියා අදත් නොමැති බව තේරුම් ගත් මගේ සිතට දුකක් දැනුනි.හසිතගේ සහ මගේ නෑදෑ හිතවතුන් කිහිපදෙනෙක් පැමිනසිටි බව දුටුවෙමි....මමනම් හිතුවෙ නෑ හසිත මේවගෙ වැඩක් සංවිධානය කරයි කියල....මා පුදුමයෙන් කල්පනා කලෙමි....හසිතගේ දියනිය සුරන්ගනාවියෙක් ලෙස සරසා සිටි අතර ඇය ඉතා සතුටින් හසිතගේ අතේ එල්ලුනාය.....ඔන්න දුවේ ඔයාගෙ අම්ම දිවිය ලෝකෙ ඉදන් එක්කගෙනම ආව.....අය්යෙත් අම්ම අපිව දාල යන්නෙ නෑ නේද ඇය මට තුරුලුව පැවසුවාය....අනේ නෑ දුවේ මම ආයෙත් කවදාවත් ඔයාලව දාල යන්නෙ නෑ ...මම ඇයව වඩාගෙන මුහුන සිපගත්තෙමි.....චූටි පුතාවද වඩාගත් මම ඔහුව උකුලට ගෙන වාඩිවූවෙමි. අපේ ප්‍රියසම්බාසනය අව්සන් වනවිට රෑබෝවුනි. සියලු දෙනා නිවසින් පිටත් වූපසු මා හසිතගේ කාමරයට ගියෙමි.....එය විශාල කාමරයක් වූ අතර සිසිර අයියාගේ ගෙදර කාමර වලට නොදෙවෙනි විය.සම් පූරනයෙන් වායු සමීකරනය කර තිබුනු එය අපි නැවති සිටි හෝටලවලට වඩා සැප දායක බව සිතුනි. එහි ඇදන් ඩෙකක් තිබුනු බව දුටු මම එක් ඇදක් දරුවන් දෙදෙනාට වෙන්කර ඇතිබව තේරුම් ගත්තෙමි.....එහෙත් ඔවුන් අද එහි නොසිටි අතර ඔවුන් අම්මාගේ ඇදේ නිදා ගත් බව අම්මා පැවසුවේය......පසුදා උදෑසන කුස්සියට ගියත් ...එම සියලු වැඩවලට සේවක සේවිකවන් සිටි බැවින් කිරීමට කිසිවක් නොමැති බව තේරුම් ගත්තෙමි....මා දුටු ඔවුන් පොඩි මැඩම් යනුවෙන් ඉතා යටහත් පහත්ව කතාකරනු දුටුවෙමි........මා දුටු හසිතගේ අම්මා ...දුව උදෙම්ම ඇහැරිලා වගේ....මට කීවාය.....ඔව් අම්මෙ මම කොහොමත් උදෙම්ම ඇහැරිලා අම්මත් එක්ක කුස්සියෙ වැඩ කරනවනෙ......මම කීවෙමි.....මෙහෙනම් ඉතින් කරන්න කියල වැඩක් නෑ ඒ වුනාට ගැහැනු කෙනෙක් විදියට උදෙම්ම නැගිට්ටාම තමා ඒ ගෙදරට සිරියාව....ඇය එසේ පැවසූ විට ඇය දෙස බලා සිනාසුනු මම......පොඩි දෙන්න තාම නිදිද අම්මෙ....ඇසුවෙමි....එයාල නැගිටින කොට ටිකක් දවල් වෙනව.ඒවුනාට දුවටනම් උදෙන් ඇහැරෙන්න හුරුකරන්න ඕනැ......දුවට විතරක් නෙවෙයි ටිකක් ලොකු වුනාම පුතාටත් හුරුකරන්න ඕනැ.....මම කීවෙමි. සේවිකාවන් විසින් පිලියෙල කරන ලද තේ මා අසලට රැගෙන ආ විට....මහත්තයට හැදුවෙ නැද්ද මම ඇසුවෙමි.....හැදුව මැඩම් මම ගිහින් දෙන්නම්....ඇය කීවාය....කෝ දෙන්න මම ඇගෙන් සාදනලද තේ කෝප්පය ගත්තෙමි....මැඩම් ඕක බොන්න මම ගෙනියන්නම්...ඉන්නකො...කී මම එය රැගෙන හසිත අසලට ගියෙමි.....මම යනවිට ඔහු නැගිට ඇදෙහි වාඩිවී සිටියේය....මේ මොකද ඔයා ගෙනාවෙ ඕවට කට්ටිය ඉන්නව ...කීවේය.....එහෙම හරියන්නෙ නෑනෙ හසිත මම ඔයාගෙ නෝනනෙ ඉතින් මෙහෙම දෙයක් කලේ නැත්නම් මගෙන් වැඩක් නෑනෙ.....මම කීවෙමි.සිනාසුනු ඔහු තේ කෝප්පය අතට ගත්තේය.....ඔයා බිව්වද මගෙන් ඇසුවේය.....මම බොන්නම් ඔයා බොන්නකො .....ඔයත් බොන්න ඕනැ නැත්නම් මම බොන්නෙ නෑ.. ඔහු එය අතතබාගෙන බලා සිටිනිසා මගේ තේ කෝප්පය ඔහු අසල සිට බීවෙමි......අනතුරුව කුස්සියට ගිය මම. හෙට ඉදන් අපේ තේ හදන්නෙ මම ඔයාල තේ හදන ඒව ලෑස්තිකරල තියන්න....කුස්සියේ වැඩකරන අයට කීවෙමි.....ටික වෙලාවකින් සේවිකාවක් දුව සමග නාන කාමරය දෙසට යනු දුටු මම ....කොහේද එක්ක යන්නෙ....මම ඇසුවෙමි.....මූන හෝදන්නනෙ අම්මෙ..මෙයානෙ හැමදාම මගෙ මූන හෝදන්නෙ....අයි අම්මට මතක නැද්ද?....මතකයි දුවේ....අද ඉදන් මම තමයි දුවගෙ මූන හෝදන්නෙ. යමු මම ඇය සමග නාන කාමරයට ගියෙමි. දුවගෙ..අම්ම දිවියලෝකෙ හිටිය හින්ද...මට දැන් සමහර ඒව මතක නෑ දුවේ ඔයා මතක් කරන්න හොදේ...ඒ දවස් වල මගෙ හැමදෙයක් ම කලේ සරෝජනෙ....ඇය කීවාය..ඒ උනාට කමක් නෑ අද ඉදන් මම කරන්නෙ....අනතුරුව ඇයව ඇන්දීමට කාමරයට ගියවිට....ඇයි සරෝජ නැද්ද...හසිත ඇසුවේය.....මොකටද හසිත ..මම ඇසුවෙමි....දුවගෙයි පුතාගෙයි වැඩ සරෝජට පවරල තියෙන්නෙ. ඔයා කරන්න ඕනැ නෑ....ඒ ඉතින් කුමාරි නැතිවුනාට පස්සෙනෙ...මම කීවෙමි....කුමාරි තමා එයාට මේ වැඩේ පැවරුවෙ....ඔහු කීවේය....කාටවත් පවරන්න ඕනැ නෑ හසිත මම තමයි මේ දෙන්නගෙ අම්ම මට පුලුවන් අම්ම කෙනෙක් විදියට මෙයාලගෙ වැඩ කරන්න.....මම පැවසූවිට හසිත පුදුමයෙන් මා දෙස බලා සිටිනු දුටුවෙමි.....එදා සිට මම දරුවන් දෙදෙනාගේ අවශ්‍යතවයන් ඉටුකල අතර දිනෙන් දින දුවටත් පුතාටත් මා නැතිව බැරිවිය....ඔවුන්ට නින්ද යනකම් මට ඔවුන් තුරුලු කරගෙන සිටීමට පුරුද්දක් විය. දිනක් මා අසලින් වාඩිවූ හසිතගේ අම්මා ....දුවේ ඔයාගෙ අම්ම හරි හොදයි.හොද අම්මලගෙ දූලත් හොදයි...ඔයත් හොද අම්ම කෙනෙක්ගෙ දුවෙක්....නැතිවුන කුමාරි මට වැඩිය හොද ඇතිනෙ අම්මෙ...කුමාරි ගැන වැඩිදුර දැනගැනීම සදහා එසේ ඇසුවෙමි.....දුවේ මම මැරුනු අයට දොස් කියන්න කැමති නෑ.....මම මේ දවස් ටිකට දැක්ක හැටියට දුව මනුස්සයෙක් නෙවෙයි දේවතාවියක්....ඇය මගේ ගුන එක වචනයකින් කීවාය....කුමාරි කවදාවත් දරුවන්ගෙ වැඩ කරනව මම දැක්කෙ නෑ එයාට ඕනෙ ශෝක් කරකර පාටි තියන්න. ඒවට යන්න. මට එපාවෙලා හිටියෙ. අපිට හරියන්නෙ නෑ දුවේ ඕව....මම දැක්කෙනෑ දුව දනිස්සෙන් ඉහලට ඇදුමක් ඇදන් ඉන්නව. ඒකතමා ගැහැනු ලමයෙකුගෙ හැදිච්ච කම දුවේ......ඔයා එහෙම වුනාට......මම දැකල නෑ කිමාරි දනින් පහලට ඇදන් ඉන්නව. දකින කොටත් ලැජ්ජ හිතෙනව....ඇය මෙසේ පවසන විට හසිතගේ අම්මා සහ කුමාරි අතර තිබුනු විරසකය හොදින් වටහා ගත්තෙමි.....මොකද අම්ම කියන්නෙ ඔයාට නීති දානවද.....මා හසිත අසලට ගිය විට ඔහු ඇසුවේය.....ඔව් අනේ පැවසූ මම....සිනාසෙමින්...මට කියනව දිගට අදින්න එපාලු කොටට අදින්නලු ..හමදාම පාටි දාන්නලු.....කීවෙමි.....ඕව කරන්න ගිහින් තමයි කුමාරිගෙ කොන්ඩෙ දික් වුනේ ...ඔයාටත් අම්මට කියල කොන්ඩෙ දික්කර ගන්න ඕනැනම් ඕව කරන්න....ඒ කොහොමද අම්ම අපේ කොන්ඩෙ දික් කරන්නෙ......මම ඇසුවෙමි........
No comments:
Post a Comment