(සිහිනය 10)....................... ................අම්මා මගෙ කොන්ඩය පීරා සකසා තිබුනු ආකාරය කැඩපතින් බැලුවෙමි. .....අම්මට ලස්සනට කොන්ඩෙ හදන්න පුලුවන් ........මගේ කොන්ඩය ලස්සනට සකසා කටුගසා තිබුනු ආකාරය දුටුවිට සතුටක් දැනුනි.......මේක අවුල් කරගන්නෙ නැතුව මේ විදියට තියාගන්න ඕනැ.....මා සෙමින් කොන්ඩය අතගාමින් සිතාගත්තෙමි.තරින්දිගේ පොත් මේසය අසලට ගිය මම ඉන් පොතක් තෝරාගෙන ඇදෙහි වාඩිවී කියවන්ට වුනිමි.සැහෙනවෙලාවක් ගතවුනද තවමත් ආපසු යන ලකුනක් නැත.....මට මෙහෙමම ඉන්න පුලුවන්නම් කොයිතරම් ශෝක්ද....ඒත් මාව ඇහැරවන්නෙ කොහොමද...නැවත පරන සිතුවිල්ල ඇතිවන්ට විය....දැන් දහයත් වෙලා ..මම ඔරලෝසුව දෙස බලා සිතුවෙමි.....එයිටම තද නිදිමත ගතිය දැනුනි...ආපහු යන්න වගේ.... හිතට දුකක් ඇතිවුවද යෑමට යෑමට අවසයම නිසා නැවත ගියෙමි. මා ඇස් හැර බලූවිට මගේ ඇදේ ඇලවී සිටියෙමි....මෙයා මෙච්චර වෙලා නිදාගෙන හිටිය එකට අම්ම බැන්නෙ නැති එක පුදුමයි...මම ඉක්මනින් නැගිට මුහුන සෝදා මොනව හෝ කෑමට කුස්සියට ගියෙමි.....ආ ඔය පාන්ටික කන එක හොදයි නැත්නම් අපරාදෙ......අම්මා කුස්සියේ උයන්න ලෑස්ති වෙන අතර තුර මා දෙස බලාකීවාය. එහෙත් ඇය මා දහවල් වෙනතුරු නිදා සිටීම සම්බන්ධව කිසවක් කීවේ නැත.....මම හිතන්නෙ එයා හිතන්න ඇති ඇතුලට වෙලා පාඩම් කරනව ඇති කියල..වාර විභාගෙත් ලබන සතියෙ පටන්ගන්නවනෙ. උදේට ආහාර ගත් මම කාමරයට ගොස් කන්නාඩියෙන් මගේ සිරුර බැලුවෙමි. ශික් වැඩක් නෑ මේ සිරුර තරින්දිගෙ සිරුර කොයිතරම් ලස්සනද සුරන්ගනාවියෙක් වගේනෙ. මේකගෙ හැටිවිතරක් කිසිම ලස්සනක් නෑ හැඩයක් නෑ මට උඹට වඩා තරින්දිගෙ ශරීරය හොදයි මම මගේ පිරිමි පිළිබිඹුවට ඔච්චම් කලෙමි.. බැන්නෙමි...මගෙ අම්මටයි තාත්තටයි උඹට මොකද උනේ කියල බය හිතෙන හින්ද ආව මිසක් මමනම් ආසනෑ උඹේ ඇගට එන්න....අනිත් එක අර අහිංසක තරින්දි... එයාට ඒ සිරුර දුන්නෙ නැත්නම් ඒ කෙල්ල අතරමන් වෙනව.....ඒකයි මම ආවෙ.... නැත්නම් උඹට තියෙන කැමැත්තට ආව නෙවෙයි...... මම මගේ පිරිමි රුවට දොස් කියමින් සිට පොත් මේසය අසලින් වාඩිවුනෙමි. මා ඇද සිටි තුන්කාලෙ කලිසම දෙස බැලූ මම මේවගෙ ගොරෝසු හැඩක් නැති ඇදුන් නෙවෙයි කෙල්ලන්ට තියෙන්නෙ. ඒව ඇන්දම ඇගට හරි සනීපයි......මම සිතුවෙමි.....මා දවල් කෑම ගෙන කාමරයට ගොස් පොතක් අතට ගෙන එය කියවීමට ඇදෙහි දිගාවුනෙමි. සුලු වෙලාවක් පොත කියවනවිට නැවත තද නිදිමත දැනුනි. ඇස් අරින විට මා සිටියේ නැවතත් තරින්දිගේ සිරුර තුලය. අද දැම්ම ඇවිල්ල....මට සතුටක් ඇතිවිය.ලස්සන ගවුමක් ඇදගෙන සාලයේ සැටියේ වාඩිවී සිටි මම කකුල් දෙක උඩ තබාගෙන සිටිනු දුටුවෙමි. මා ඉක්මනින් කකුල් දෙක බිමට ගෙන කෙල්ලෙක් මෙන් සන්වරව වාඩිවූවෙමි....තරින්දි වාඩිවෙන්නෙම කකුල්දෙක උඩ තියාගෙනනෙ ඒක කෙල්ලන්ට හරිනෑ....මට සිතුනි.මම වටපිට බැලුවෙමි බිත්තියේ තිබුනු ඔරලෝසුවෙන් එක පසුවී සුලුවෙලාවක් බව දුටුවෙමි. ඉක්මනින් තරින්දි වුනු නිසා සතුටක් ඇතිවූඅතර නැවත ආපසු යනවෙලාව සිතා ගැනීමට නොහැකිවිය.....මම කුස්සිය දෙසට යනවිට අම්මා කුස්සිය අස්කරමින් සිටියාය.....අද රෝන්දෙ ගියෙ නැද්ද ...මා දුටු තරින්දිගේ අම්මා ඇසුවාය....මේ වෙලාවට තරින්දි අපේ ගෙදර එනබව දන්නා මට ගෙදරට ගොස් මා නිදා සිටිනු අයුරු දැක ගැනීමට ආශාවක් ඇතිවිය. මම තරින්දි විදියට තාරුක හම්බ වෙන්න කියල ගියොත් හරි...එයාල හිතයි මම තාරුක ගෙන් ඇදුන් ඉල්ලන්න ආව කියල.....දැම්ම නෙවෙයි තුනට විතර යනව මේ ජීවිතේට ටිකක් හුරුවෙන්නත් ඕනැනෙ....සිතුවෙමි ....මම කෙල්ලෙක් මෙන් හැසිරීමට උත්සාහ කලෙමි....ගේ තුල ඇවිද්දෙමි .මිදුලට බැස ඇවිද්දෙමි. ගවුම සකසා වාඩිවීමට ඉගෙන ගත්තෙමි. වෙලාව තුන පමනවිය....අම්මෙ මම යනව දිල්හානි ඇන්ටිගෙ ගෙදර....පැවසූ මම ඇගේ සෙරෙප්පු දෙක දමාගෙන එලියට බැස්සෙමි. මා යනවිට නංගී මිදුලේ සිටිනු දුටුවෙමි. මම මේ බැලුවෙ අද අක්ක නැත්තෙ ඇයි කියල....ඇය සිනාසෙමින් පැවසුවාය....අයිය ඉන්නවද?....මම ඇසුවෙමි. එයා කාමරේ නිදි....අක්කට ඇදුම් ඕනැද...සිනාසෙමින් පැවසූ ඇය හිමින් සැරේ මෙගේ කාමරයෙ දොර ඇරියාය. මම කාමරය තුල බැලුවෙමි. මා හොදින් මගේ ඇදෙහි නිදා සිටින බව දුටුවෙමි.නන්ගී මගේ පිරිමි ඇදුම් දෙක ගෙන එලියට ආවාය. ඇද ගන්න එවා මා දෙසට දික්කරමින් පැවසුවාය. අද එපා නංගි ආපහු ගිහින් තියන්න මට අම්ම කිව්ව ඉක්මනට එන්න කියල. පිරිමි ඇදුම් ඇදීමට අකමැත්තෙන් කීවෙමි. මා වැඩිවෙලාවක් මෙහි රැදී සිටියේ නැත. ආපසු තරින්දිගේ ගෙදරට ගියෙමි. මොකද අද ඉක්මනට ආවෙ එහෙ කව්රුවත් නැද්ද....අම්මා ඇසුවාය. ඉන්නව... පාඩම් කරන්නත් තියෙනව අම්මෙ.....මම කාමරයට ගියෙමි.......
No comments:
Post a Comment