Friday, May 13, 2016


(අක්කා 54).............................................අක්කා ඇදුම් මාරු කරගෙන නාගත් පසු. මම අක්කාගේ කාමරය තුල ඇය සමග කතාකරමින් සිටි අතර අම්මාද කාමරයට ආවාය....අක්කා ගේ ඇදෙන් වාඩිවූ ඇය.....ඈ ලොකු දුවේ මේ නංගි කියන කතාව ඇත්තද.....ඇසුවාය....ඒ මොකක්ද අම්මෙ....කිසිවක් නොදන්නක් මෙන් අක්කා ඇසුවාය.....මොකක්ද මේ පිරිමි ලමයෙක් ගැන කතාවක්....අම්මා කීවාය....එයා අපියන වෙඩින් වලට පොටෝ ගන්න එනව අම්මෙ.....එයා දවසක් මගෙන් ඇහුව.....ඉතින් මොකද කිව්වෙ....මම මොකුත් කිව්වෙ නෑ අම්මෙ...ඊට ප්ස්සෙත් කතාකලාද....අම්මා ප්රස්නකලාය.....නිතර හම්බවෙනව....වෙඩින් වලට එනවනෙ......අක්කා බයෙන් කීවාය......මේ මට බොරු කරන්න එපා උඹේ මොකක් හරි සම්න්බන්ධයක් තියෙනවනම් කියහන්...නන්ගි කිව්ව හැටියටනම් සල්ලි කාරයෙක්ලුනේද?...ඔව් අම්මෙ එයල කෝටිපතියෙලු....මම කීවෙමි....මේ පොඩිදුවේ ඔයා කටවහගෙන ඉන්න මම ඔයාගෙන් නෙවෙයිනෙ ඇහුවෙ අක්ක ගෙන් ...පැහිච්ච අම්ම.....මට සැරකල අම්මා අක්කා දෙස බැලුවාය.....ඔව් අම්මෙ එයාල මැනික් බිස්නස් කාරයොලු......එයා විතරලු ඉන්නෙ....අක්කා කීවාය.....විස්තරත් අහල තියෙනව එහෙනම්....කී අම්මා.....ඔය ලොකු සල්ලි කාරයො අපිවගේ දුප්පත් අයට කැමතිවෙයිද දුවේ....කීවාය.....ඇරත් ඔය ලොකු මිනිස්සු කිසි විස්වාසයක් තියෙනවද. ඔවුන් වැඩිදෙනෙකුට හැමතැනම ගැනු.ඔයවගේ එවුන්ට අහුවුනොත් ඔයාවයි අමාරුවෙ වැටෙන්නෙ......අම්මා තව දුරටත් කීවාය.....එයා නම් හොද කෙනෙක් වගේ පේන්නෙ අම්මෙ....අක්කා කීවාය.....හරි ඔක්කොටම ඉස්සෙල්ල උඹල දෙන්නගෙ හදහන් ගැලපෙනවද බලන්න ඕනැ...ඒ හින්ද හදහන ඉල්ලගෙන වරෙන්.....අම්මා කීවාය. ......කී අම්මා කාමරයෙන් ගියාය......දැන් මේක තාත්තගෙත් කනේ තියයි.....අක්කා මා සමග කීවාය......තාත්තා කොයි වෙලේ අක්කාට කතාකරයිද යන බයෙන් අක්කා සිටිබව මට දැනුනි..... එහෙත් එදින කිසිවක් සිදු නොවුනි......පසුදා අක්කා සිසිර අයියාගේ වෙලාව අක්කාට දීතිබුනු අතර එය අම්මාට දුන්නාය......මම හෙට උදෙම්ම යනව මේක බලවන්න....අම්මා කීවාය......පසුදින උදේ සැම දෙනාම වැඩට ගියපසු ......දුවේ අක්කගෙ හදහන බලන්න යමුද....මගෙන් ඇසුවාය.....කොහාටද අම්මෙ යන්නෙ....මම ඇසුවෙමි....ඒකෙන් වැඩක් නෑනෙ එනවකො යන්න....අම්මා මට කීවාය....මට තාම පයින් ඇවිදින්න ටිකක් අමාරුයි අම්මෙ මම කීවෙමි......කවුද බන් පයින් යන්න කතාකලේ මම ත්‍රීවීල් එකකට පනිවිඩේ ඇරිය......ඇය කීවාය....ගමන පිටත්වීමට ඇදුමක් ඇදගත් මම අම්මා අසලට ගියෙමි.....යකෝ මගුල් ගෙදරක් මෙවෙයි යන්නෙ මෙයා මනමාලි වගේ හැඩවෙලානෙ.....අම්මා මා ඇදගත් ලස්සන ගවුම සහ එයට ඔබින ආබරන පලදාගෙන සිටිනුදුටු අම්මා කීවාය......එහෙනම් වෙන එකක් ඇදගන්නද...මම කීවෙමි.....හා..හා...කමක් නෑ දැන් යමු.....කොහොමත් තරුන කෙල්ලො ලස්සනට අදින්න පලදින්න ආසයිනෙ....ඔහොමම යමු.....කීවාය.....ගේ දොරකඩට පැමිනි ත්රීවීලයේ නැග්ග අපි කිලෝමීටර පහක් පමන ගොස් අතුරු පාරකින්ද ගියෙමු.....අපි යනවිට කේන්දර බැලවීම සදහා කීප දෙනෙකු පැමින සිටියේය. මේ නිසා අපිට පැය දෙකක් පමන එතැන සිටීමට සිදුවිය. මා වාඩිවි සිටින විට එතැන සිටි කාන්තාවන් කිහිප දෙනෙක් මා දෙස බලා මාසමග සිනාසුනු අතර සමහරු මා අසලට ඇවිත් කතාකරන්ට විය.....මෙයාල මාව අදුනනවද අම්මෙ...මම අම්මාගෙන් ඇසුවෙමි.....ඇයි එහෙම අහන්නෙ .....අම්මා ඇසුවාය...මෙයාල වැඩිදෙනෙක් මා එක්ක හිනාවෙනව කතාකරනව ඒකයි......එයට සිනාසුනු අම්මා....දිවියාන්ගනාවො දැක්කම කවුද නොබල ඉන්නෙ...ඔයා අදගෙන ඉන්නෙත් ඒවගෙනෙ...උත්තර දුන්නාය.....මෙයාල හිතාගෙන ඉන්නවද මමත් දිවියාන්ගනාවක් කියල......මම කීවෙමි ..... ඒක සැක හැරගන්නද දන්නෙ නෑන ඇවිත් විස්තර අහන්නෙ. .... අම්මා සිනාසෙමින් කීවාය........ අපේ වාරය ආපසු අපි ඇතුලට ගියෙමු.....කේන්දර දෙක දෙස බැලූ ඔහු කොයිකද ඔයාග එක්කෙනා ඇසුවේය....මගෙ දුවගෙ...අම්මා කීවාය....අක්කාගේ ජන්ම පත්රය දෙස බලාසිටි ඔහු....මේක බලගතු කේන්දරයක් නෙ...මෙයා ලංකාවෙ ප්‍රසිද්ධ වෙනව.දැන් මෙයාට හොද කාලයක් යන්නෙ....මෙයාට හොදට සහෝදර පල තියෙනව මෙයගෙ බාලය ගැහැනුලමයෙක් වෙන්න ඕනැ..ඒ ලමයත් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනැ..හැබැයි පිරිමිලමයෙක් නම් එයා නරක වැඩකරන එපාකරපු එක්කෙනෙක් වෙනව....මේදෙක ගැලපෙනවද මහත්තය....අම්මා ඇසුවාය.....සුවල්පවේලාවක් හදහන් දෙක පරීක්ශා කල ඔහු.....මේ දෙන්න හුගක් හොදට ගැලපෙනව බය නැතුව කරන්න නෝන....මේ පිරිමි ලමයත් හුගක් වාසනාවන්ත කෙනෙක්. ගතිගුන අතිනුත් ගොඩක් හොදයි ...කීවේය......අම්මේ යන්තන් ඇති බැරි වෙලාවත් නරකයි කිව්වනම් හරි වැඩේ.....මම පපුව අතගාමින් සුසුමක් පිට කලෙමි...............................

No comments: