Wednesday, May 18, 2016


(අක්කා 68)................................................සිසිර අයියා සිටින බැවින් හසිත ගැන මගේ සිත තුල ඇතිවී තිබුනු ගැගීම් අක්කාට පැවසීමට නොහැකි විය....ගෙදර ගොඩවූ මම කාමරයට ගොස් ඇදුම් මාරු කරගෙන නා ගත්තෙමි. රාත්‍රී ඇදුම ඇදගත් මම කාමරට වී සිටියෙමි.වෙනදා නින්දට යෑමට ආසන්නව නයිටිය ඇඳ ගත්තද අද කාමරේම සිටීමට සිතුනු බැවින් නයිටිය ඇදගත්තෙමි.....ටික වෙලාවක් ගතවිය....නන්ගී ..පවසමින් අක්කා කාමරයට ආවාය. ඇයි නංගි අද වෙලසෙනින්ම නිදාගන්නද හදන්නෙ.කමක් නෑ අද ඇගටත් අමාරු ඇතිනෙ.....අක්කා පැවසූ අදහස තේරුම් ගත් මා මොන ඇගට අමාරුවක් ද අක්කෙ.එයා මගේ අතින්වත් ඇල්ලුවෙනෑ.....කී මම.....හසිත මට කැමති නෑ වගේ අක්කෙ....මම දුකින් කීවෙමි...ඇයි ඒ....අක්කා පුදුමයෙන් ඇසුවාය.මම පිරිමියෙක් වෙලා උපන්න හින්ද වෙන්න ඇති අක්කෙ.....ඉතින් ඔයාට දැන් ඒ පිරිමිකම ගෑවිලාවත් නෑනෙ....අක්කා පැවසුවාය....මට මීටපස්සෙ ඕව කතාකරන්න එපා අක්කෙ මට කවුරුත් ඕනෙනෑ අක්ක ඉන්නවනෙ....මම අක්කාගේ උකුලෙහි මුහුන හොවාගෙන ඇඩුවෙමි.....අඩන්න එපා නංගි ...ඇය මගේ හිස අතගාමින් පැවසුවාය.......ඔයාට කවුරු නැතත් මම ඉන්නව නංගි ...ඇය මගේ හිත සනසමින් කතා කරන්ට විය.....ඉන්නකො මම මේගැන සිසිර අයියට කියන්න.....ඇය කාමරයෙන් පිට වූවාය......ටික වෙලා වකින් කාමරයට පැමිනි....අක්කා අන්න ඔයාට අයිය කතා කරනව ඕක ගලවල ගවුමක් දාගෙන එන්න.....කීවාය.ගවුමක් ඇදගත් මම.....අකලාගේ කාමරයට ගියෙමි...මොකක්ද මේ අක්ක කියන්නෙ.....එයා මට කැමති නෑ වගේ අයියෙ....මම කීවෙමි.......වෙන්න බෑ මම හසිත එක්ක දැනුත් කතා කලානෙ...ඉතින් මට මොකුත් කිව්වෙ නෑනෙ.....ඇයි නංගි එයා කැමති නෑ කියල කියන්නෙ......දවසෙම මෙයා එක්ක ඉදලත් මෙයාගෙ අතින්වත් අල්ලල නෑනෙ සිසිර....අක්කා සිනාසෙමින් කීවාය......ඒ යකාගෙ හැටි එහෙම තමයි ඌට නිලවසයෙන් භාන්ඩයක් දුන්නෙ නැත්නම් ඒක අල්ලන්නෙවත් නෑ.....සිසිර අයියා සිනාසෙමින් කීවේය.....එහෙනම් තවටිකක් කල්පනා කරල කියන්නම් කිව්වෙ....මම කීවෙමි.....එහෙමත් කිව්වද.....අයියා ඇසුවේය.....ඉන්නවකො අහල බලන්න.....අයියා දුරකතනය අතට ගත්විට....ඕව දැන් අහන්න එපා හම්බවෙලා අහල බලන්න....අක්කා කීවාය......ඔයා බයවෙන්න එපා නංගි මම හසිත එක්ක කතා කරල බලන්නම්...අයියා කීවේය....ඕනෙ නෑ අයියෙ එයා අක මැතිනම් බලෙන් කතා කරන්න යන්න එපා. එයා හිතල මොකක් හරි කියයිනෙ....මම කීවෙමි...හෙට අපි තීරනයක් ගම්මුකො.....අයියා කීවේය......රාත්රී කෑමගත් මම ඇදේ ඇලවී හසිත ගැන කල්පනා කලෙමි.....මට ඒ මනුස්සයගෙ දේපොල වැඩක් නෑ .අනේ මට හසිත ගාවට යන්න ඇත්නම් අම්ම නැති ඒ දරු පැටවු දෙන්නට අම්ම කෙනෙක් වෙන්න ඇත්නම්....මම සිතුවෙමි....මට ඒකට පින් නැත්නම් මොනව කරන්නන්ටද ?...මම හිත හදා ගත්තෙමි.....පසුදින සිසිර අයියා අපි සමග සලුන් එකට නොගිය නිසා මටත් අක්කටත් යෑමට සිදුවූයේ ඩරයිවර් සමගය.....අපි නැවත ගෙදර පැමින සුලු වෙලාවකින් හසිතගේ වාහනය පැමිනුනු දුටු මා කාමරය තුලට ගියෙමි....කල්පනා කරල ඉවර වෙලාද දන්නෙ නෑ ආවෙ....මට සිතුනි....සුලු වෙලාවක් ගතවිය....නන්ගී...කාමරයේ දොර ඇරිය අක්කා මට කතා කලාය.....හසිත ඔයාට කතාකරනව ලස්සන ගවුමක් ඇදගෙන එන්න.....කී ඇය ආපසු ගියාය.....ගවුමක් තෝරාගත් මම එය ඇදගෙන කොන්ඩයද හදා ගත් මම ඔහු සමීපයට ගියෙමි......ශා කෙල්ලෙගෙ ලස්සන....පැවසූ ඔහු අතේ තිබුනු පාර්සලයක් මට දුන්නේය...එය අතට ගත් මම.....ඔහු අසලින් වාඩිවුනෙමි.....ඇසිපිහ නොහෙලා මා දෙස බලා සිටිනු දුටු මම....ඊයෙ කල්පනා කලාද?..... මම ඇසුවෙමි.....ඔව් අනේ ඊයෙ දව්සෙම කල්පනා කලේ ඔයාව ඊලග දවසෙ එක්ක යන්නෙ කොහාටද කියල..ඒත් මට හිතාගන්න බැරි වුනා.....මේ මම අද ආවෙ..ඔයාගෙන් අහගන්න යන්න කැමති කොහාටද කියල....මා සිතා සිටි දෙයට හාස්පසින්ම වෙනස් උත්තරක් ඔහුගෙන් ලැබීම ගැන මට පුදුම හිතුනි.....ඒක ගැන නෙවෙයි අනේ මම ඇහුවෙ. ඔයාට ලැබෙන්න ඉන්න නෝන ගැන තීරනයක් ගන්න කල්පනා කරල බලන්න ඕනැ කිව්වෙ.....ආ ඒක ගැනත් කල්පනා කලා.. මට ඒක ගැනත් තාම හිතාගන්න බෑ.....මට ඒ ගැනත් ඔයාගෙන් අහන්න ඕනැ....ඔහු පැවසූ විට....මෙයා කැමති කෙල්ලො ගැන මම දන්නෙ කොහොමද. මට කියන්න වෙන්නෙ මම වගේ කෙනෙක් නැතුව උපත්තියෙන්න කෙල්ලො වෙලා උපන්න කෙල්ලො ඕනැත්රම් ඉන්නෙ ඒ එක්කෙනෙක් හොයාගෙන බැදගන්න කියල......මම ඔහු දෙස බලාගෙන කල්පනා කලෙමි......හසිත පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ.....අයියාගේ කටහඩ නිසා ඔහු මා අසලින් නැගිට්ටේය.....මොකද හසිත කියන්නෙ...මා අසලට ආ අක්කා ඇසුවාය....අනේ මන්දන්නෙ නෑ අක්කෙ එයා තාම මන් ගැන තීරනයක් අරන් නෑලු.....මම දුකෙන් කීවෙමි....ඉන්නකෝ...අපි මේගැන එයාගෙන් කෙලින්ම අහමු.....එපා අක්කෙ එයාට බල කරන්න එපා....මම කීවෙමි....නන්ගිට තෑගකුත් ගෙනැල්ල හින්ද එයා ඔයාට කැමති ඇති....අක්කා මගේ අතේ තිබුනු පාර්සලය දෙස බලා කීවාය. ...අනේ මන්ද අක්කෙ එයා හරි අමුතු මනුස්සයෙක්....මම කීවෙමි.....මේ මගුල හරි ගියොත් මේකත් අමුතු මගුලක් තමා ....අක්කා සිනාසෙමින් කීවාය.....මොකක්ද දන්නෙ නෑ ගෙනත් තියෙන්නෙ එයා එන්න ඉස්සෙල්ල කඩල බලන්නකො...අක්කා කිවිට....මම එය ලෙහීමට සූදානම් වූවිට මෙතැන එපා කාමරේට යමු....ඇය මා සමග කාමරයට ගියේය....මම එම පාර්සලය විවුර්ත කිරීමට සූදානම් වූවා පමනි....හසිත මට අඩගසන හඬ ඇසුනි....ඕක පස්සෙ බලමු යන්න....අක්කා කීවාය....මම නැවත ඔහු සමීපයෙන් වාඩිවුනෙමි.....අපි මොනව ගැනද? කතා කරකර හිටියෙ..ඇසූ ඔහු....ආ මගේ වෙන්න ඉන්න නෝන ගැන නේද.....ඒක ගැන ඔයාගෙම්ම තමා අහන්න වෙන්නෙ....පැවසූ ඔහු මා දෙස බලා සිනාසුනේය....මගෙන් මොනව අහන්නද ඔයානෙ දන්නෙ...මම කීවෙමි.......

No comments: