(අක්කා 15).................................................පසුදින අක්කා මට වෙනත් ආකාරයක සාරියක් ඇන්දුවාය....එය හෝම් කමින් සදහා සුදුසු සාරියක් ලෙස මට වටහා දුන්නාය මගේ කරාබු ආබරන ඒ අනුව වෙනස්කරන්ට විය......මොන ඇදුම ඇන්දත් නන්ගිට ගැලපෙනව ඔයා නියම කෙල්ලන්ට වඩා ලස්සනයි නංගියේ .....අක්කා සතුටින් කීවාය....දැන් හෙට නෙවෙයි අනිද්ද අපිට යන්න තියෙන්නෙ......අක්කා මට දිනය මතක් කලාය....මට බයත් හිතෙනව අක්කෙ...මමකීවෙමි....අයි මොකටද බයවෙන්නෙ......මම කෙල්ලෙක් නෙවෙයිනෙ අක්කෙ ගොඩක් පිරිස ඉස්සරහ මාව අහුවුනොත්.....මම ඇසුවෙමි......ඔයාව අහුවෙන්නෙ නෑ.....ඔයා මම කියන විදියට වැඩ කරන්නකො.....මම අම්මට කියන්නම් මගේ තනියට ඔයාවත් එක්ක යනව කියල ...එතකොට අවුලකුත් නෑ.....අක්කා තවදුරටත් කීවාය.....එදින ගෙදර ගිය පසු අක්කා මේගැන අම්මාට කීවාය.....මල්ලි රස්සවට ගියගමන් නේද ආයෙත් එක්ක යන්නෙ.....අම්මා ප්රස්නකලාය.....මම කඩේ මුදලාලිට කිව්ව එයාගෙන් ප්රස්නයක් නෑ....එහෙනම් මට කමක් නෑ....මල්ලි යන එක දුවටත් ආරක්ශාවනෙ.....අම්මා මාව එක්ක යෑමට අවසර දුන්නාය.......පසුදා අක්කා මගේ මේකප් කටයුතුවලට වැඩිවෙලාවක් ගත කලාය...ඔයාගෙ නියපුතු පෛන්ට් කරන්නත් ඕනැ හෙට උදෙම්ම කරමු. අයමට කෘතිම නියපොතු පදවමින් කීවාය.....මම මේ බැලුවෙ හරියනවද කියල...ඒකත් හරි...පැවසූ ඇය හෙට අලුත් රේසරයකින් රැවුල කපන්න හොදට සිනිදුවට කැපෙන්න ඕනෙ...හැබැයි මූන තුවාල කරගන්නෙ එහෙම නෑ....හිමින් කපාගන්න....අක්කා මට අවවාද දුන්නාය....හෙට උදෙම්ම ඔයාගෙ ඇස්බැමි එහෙම හදන්න වෙනව ...අද ඉදන් හදන්න ටිබුන ඇත්තටම ඔයා මගේ නන්ගිවුනානම්.....ඇය සිනාසුනාය....අද වැඩිය ගෙදර අයට මුහුන පෙන්නන්න එපා ඔයාගෙ මුහුන වෙනදට වඩා සුදුකරල තියෙන්නෙ.....එහෙනම් නාන්නත් බෑනෙ ....ඒකට කමක් නෑ එකපරට හේදෙන්නෙ නෑ........ඇය කීවාය....කොලබ යන දිනයේ උදෙන්ම සැලුන් එකට ගිය අක්කා මාව තවතවත් ලස්සන කිරීමට පටන්ගත්තාය කෘතිම ඇස්බැමි...කෘතීම නියපුතු අලවන්ටවිය...සියලු වැඩ අවසන් කල පසු කැඩපතින් බැලූ මට මා ගැන පුදුම හිතුනි....ඇත්තටම මාව දැන් කෙල්ලෙක් වෙලාද.....මට පිරිමි ලිංගයක් තිබුනෙ නැත්නම් දැන් කෙල්ලෙක්ම තමයි....මට මාවම අදුනා ගැනීමට නොහැකි ලෙස අක්කා මාව කෙල්ලෙක් බවට පත්කර තිබුනි...උත්සවය පටන් ගැනීම තිබුනේ සවස තුනට බව අක්කාකීවාය මාව සරසා අවසන්වූ පසු අක්කා සියලුම අව්සය දේවල් සූදානම් කරගෙන....පෙරදින කතාකරගත් වාහනය මාව නැග්ගවා ඇයද වාඩිවූවාය. වඩකරන තරුනියද නංවා ගත් අපි කොලඹ බලා පිටත් වූවෙමු......අපි එතැනට ලගා වනවිට සවස එක පමනවිය....මනාලියන් සෑහෙන ගනනක් එම තරගයට පැමින සිටි බව දුටු මට බියක් දැනුනි....මම වාගෙ නෙවෙයිනෙ මෙයාල ඇත්තම කෙල්ලො....අනේ මන්ද මට මොකක් ව්යිද කියල.....නන්ගි අපි වගේ නෙවෙයි හුගක් ප්රසිද්ද අයත් ඇවිත් තියෙනව....අක්කා කීවාය....අනේ මන්ද අක්කෙ මෙයාල බලනකොට අපි මොක්කුද.....මම ඇසුවෙමි....බයවෙන්න එපා නන්ගි අපි පුලුවන් තරම් උත්සාහකරමු......අක්කාගේ දෛරිය ගැන මම සතුටුවුනෙමි......පව් අක්ක මම කොහොමහරි හොදට ඉදල අක්කට තැනක් හදල දෙන්න ඕනැ.....මම සිතාගත්තෙමි........ශාලාව තුලදී මාව තවදුරටත් හැඩකල අක්කා අන්තිම වතාවත්ටත් තරගයට මුහුන දෙන ආකාරය ගැන උපදෙස් ලබා දුන්නාය......මනාලියන් විස්සක් පමන සිටි අතර මමද ඒ අතර තවත් මනාලියක් විය....සන්විදායක මන්ඩලය අපේ අත් වල නොම්මර පැලැන්දන්ටවිය.මට ලැබී තිබුනේ අන්ක එකොලහය...මා එය හොදින් මතක තබාගත්තෙමි.....මනාලියන් සමග මමද පෝලිමට වේදිකාවට ගොඩවූවෙමි.....මගේ හදවත් වේගයෙන් ගැහෙන්ටවිය......එහෙත් මා හිතට දෛරිය ගෙන වේදිකාව මත සිටියෙමි....උඩරට මනාලියක ලෙස වෙස්ගන්වා සිටිමට වේදිකාව මත කීපවරක් ඇවිදීමට සිදුවිය.අක්කා කියාදුන් පරිදි උකුල නලවමින් මා වේදිකාවේ ඇවිද්දෙමි......මුල් වටය අවසන් වූ පසු අපිට තිබුනේ දෙවෙනි වටය සදහා සූදානම් වීමටය.......ඒසදහා මා දැනට ඇද සිටින ඇදුම් ගැලවීමට අව්ස්ය විය...............
No comments:
Post a Comment