Friday, May 13, 2016


(අක්කා 51)....................................................අම්මා බාත් රූම් එකේ දොර ඇර මා දෙස බලා සිටිනු දුටු මම කලබලයෙන් එකවරම එක අතක් පපු පෙදෙසටද අනෙත් අත කකුල් දෙක අතරටද ගෙන ගොස් විලිවසා ගැනීමට උත්සාහ ගත්තෙමි. එහෙත් එසේ කිරීමට ප්‍රතම කලබල වූ අම්මා දොර වැසුවාය....චිකේ ලැජ්ජාවෙ බෑ....මට සිතුනි....මා නාගෙන එලියට යනවිට අම්මා බත් බෙදනු දුටුවෙමි....දුව නාල ඉවරනම් කෑම ටික කන්න.....ඇය මට කීවාය.....ඇයි අම්ම නාන්නෙ නැද්ද?...මම ඇසුවෙමි.....මාත් නාන්න කියල ගියෙ. දුව නානවනෙ. දැන් ඉතින් ටිකක් හවස් වෙලා නානව....කී අම්මා....දුව දැන් ඉස්සර වගේ ඉලන්දාරියෙක් නෙවෙයි....දැන් දුව ලමිස්සියෙක් . ගෑණු ලමයෙක් වුනාම ටිකක් කල්පනාවෙන් වැඩකරන්න ඕනැ......අම්මා මොකක් ගැනද මේ කියන්නෙ...මම කල්පනා කලෙමි.....දුව මීට පස්සෙ බාත් රූම් එකට ගියාම මතක ඇතුව ඇතුලෙන් දොර ලොක් කරගන්න. මම හින්ද කමක් නෑ මාත් ගෑනියෙක් ඒත් මේ ගෙදර පිරිමි තුන්දෙනෙක් ඉන්නව.......ඇය කැම කන ගමන් මට තරුන ගැහැණු ලමයෙක් හැසිරෙන ආකාරය ගැන අවවාද දුන්නාය.....මා කෑම ගෙන ටික වෙලාවක් ඇදට ගොස් නිදාගත්තෙමි....ආරෝග්ය ශාලාවේදී කල සැත්කම් සහ බෙහෙත් විදීමෙන් තිබුනු අමාරුව නිසා ඉක්මනින් නිදා ගත්තෙමි........සවස තේ එකක් සාදාගෙන අම්මා මට ඇහැරවන විට සවස හතර පසුවීතිබුනු බව දුටුවෙමි. ....දැන් තව පොඩ්ඩකින් අක්කත් එයි ....සැලුන් එකේ තත්වෙ කොහොමද දන්නෙ නෑ....මට සැලුන් එකද මතක් උනෙමි.......ටික වෙලාවකින් අක්කා එනු ඇසුනු මම ඇගේ කාමරයට ගියෙමි.....සැලුන් එකේ තත්වෙ කොහොමද අක්කෙ මම ඇසුවෙමි....අවුලක් නෑ නන්ගි...ඒ අක්කා හොදට වැඩටික බලාගෙන තියෙනව. ...මම නැතුව ඕඩර් කීපයක් ගිහිල්ල...මම හිතන්නෙ මම ආවකියල දෙනගත්තම ආපහු එයි.....අක්කා කීවාය.....දැන් නන්ගිගෙ තත්වෙ කොහොමද.....අක්කා ඇසුවාය.....ටිකක් ඇගට අමාරුයි පැවසූ මම....අද හරි වැඩේනෙ අක්කෙ උනේ.....මම කීවෙමි.....ඒ මොකක්ද....අක්කා පුදුමයෙන් මා දෙස බැලුවාය......මට නාන කාමරයේදී සිදුවූ දෙය අක්කාට කීවෙමි.....හයියෙන් සිනාසුනු ඇය.....එක අතකින් ඒකත් හොදයි නංගි ......අක්කා කීවිට.....ඒ මොකක්ද හොදේ මට ලැජ්ජාවෙ බැරුවගියා......මම කීවෙමි....හොදේද..... හොදේ තමයි ඔයා දැන් නියම කෙල්ලෙක් කියල අම්ම ඇස් දෙකටම දැක්ක එක......අක්කා සිනාසෙමින් කීවාය........අක්ක කියන එකෙත් ඇත්තක් තියෙනව....අක්ක දැක්කට එයාල දන්නෙ නෑනෙ මට කරල තියෙන වෙනස්කම්.....දැන් අම්ම ඇස්දෙකටම දැක්කනෙ.....මට සිදුවීම ගැන ලැජ්ජා සිතුනද...එසේ වීම හොද යයි සිතුනි........නා ගැනීමට අක්කා නාන කාමයට යනුදුටු මම.....දොර ලොක් කරගන්න.....මම අක්කාට විහුලුවට කීවෙමි.....අක්කා සිනසෙමින් ඇතුලට ගොස් දොර වසා ගත්තාය........එදින රාත්රියේ අපි කෑමගෙන අව්සන් වී අක්කාගේ කමරයේ සමග කතාකරමින් සිටිනවිට......ලොකු දුව ...තාත්ත අඩගහනව නංගිත් එක්ක එන්නලු......අපි අම්ම ලාගේ කාමරයට ගියෙමු. අක්කා අම්ම අසලින් වාඩිවූ අතර තාත්තා අසල ඉඩ තිබුනත් මම කුඩාකල සිටම තාත්තාට තිබුනු බය නිසා ඔහු ළඟින් සිටීමපවා බියක් ගෙනදුනි.....පොඩිදුව මෙතනින් වාඩිවෙන්න....තාත්තා ඔහු අසලින් වාඩිවෙන ලෙස මට කතාකලේය.....කවදාවත් නැතුව අයිමේ මට තාත්ත එයා ලගින් වාඩිවෙන්න කියන්නෙ.....මම බිය මුසුව මෙහෙම ඉන්නම් කීවෙමි....වාඩිවෙන්න ලමයො ඉස්පිරිතාලෙ ඉදල ආපු ලමයෙක් නේද ගිහින් වාඩිවෙන්න...අම්මා කීවාය....මම බයෙන් මෙන් තාත්තා අසලින් වාඩිවුනෙමි......මම දන්න කාලෙකින් තාත්ත ගාවින් වාඩිවුනේ අද තමයි.....මට සිතුනි......ලොකු දුවේ....අක්කා ඇමතූ තාත්තා......දැන් නංගිගෙ නමයි උප්පැන්න සහතිකෙයි වෙනස් කරන්න වෙනව නේද.....තාත්තා ඇසුවාය.....ඒකත් කරන්නත් ඕනැ තාත්තෙ....අක්කා කීවේය.....ඒක කරගන්න විදිය හොයල බලන්න ඕනැනේද....මගෙ හිතවත් ලෝය කෙනෙක් ඉන්නව කතාකරල බලන්නම්......තාත්තා කීවේය.නන්ගි ගැන සම්පූරන වෛද්‍ය වාරතාවක් තියෙනව ඒ හින්ද ගැටලුවක් වෙන එකක් නෑ......අක්කා කීවාය...අනතුරුව.. තාත්තා සෑහෙන වෙලාවක් අක්කාගේ වැඩ ගැනද සාකච්චා කලේය.......අපි කාමරයෙන් පිටවෙනවිට මම අම්මගෙත් තාත්තාගෙත් දෙපා අසල දනගසා වැන්දෙමි.......තාත්තා මගේ ඔලුව අතගා ආසීර්වාද කිරීම......ඉස්සරට වඩා තාත්තා මට ආදරය කරන බවට සලකුනක් විය.......නන්ගි දැන් අපිට ........

(අක්කා 52).................................................තවත් වැඩක් තියෙනව. තාත්ත කිව්වවගේ ඒකත් ඉක්මන් කරමු එතකොට තමයි ඔයා ගැනියෙක් කියල නීතියෙන් පිලිගන්නෙ......අක්කා කීවාය. තාත්ත කිව්වනෙ ඒ ගැන හොයල බලල කියන්නම් කියල. .....මම උත්තර දුන්නෙමි.....තාත්ත දැන් ඔයාට ගොඩක් ආදරේ වගෙයි නේද.....අක්කා ඇසුවාය......අනේ මන්ද අක්කෙ ඇයි ඒ කියල......ඉස්සර ඔයා නරක කොල්ලෙක්නෙ කව්රුවත් කියන එක අහන්නෙත් නෑ. හරියකට ඉගෙනගත්තෙත් නෑ.....ඒකනෙ.අක්කා මගෙ පිට වරද පටවා කියන්ටවිය.....මතක් කරන්න එපා අක්කෙ ඒ ජරා කොල්ලව......මම මගේ එම ජිවිතයට බැනගත්තෙමි.....හයියෙන් සිනාසුනු අක්කා......අපෝ දැන් මෙයා එයා නෙවෙයි වගේනෙ කතාකරන්නෙ......කීවාය.....දැන් මම එයා නෙවෙයි ඒ මූසලය මැරිල අවුරුදු දෙකටත් වැඩියි.....මම ඔහු ගැන නොකමැත්තෙන් කීවෙමි.......ඔව්නේ දැන් ඒ වෙනුවට ඉන්නෙ ලස්සනම ලස්සන මගේ චූටි නන්ගියනේ....අක්කා මාව තිරුලුකරගෙන කීවාය... සිසිර අයිය හම්බවුනාද?....මම ඇසුවෙමි....කතා කලා ඒත් හම්බවුනේ නෑ හෙටවිතර එන්නම් කිව්ව....මෙහාටද.....මම ඇසුවෙමි.....අපෝ නෑ සැලුන් එකට ..........ඇය කීවාය....මෙහාට ආවොත් මාරවැඩේ වෙන්නෙ නේද අක්කෙ....මම කීවෙමි......එකනේ පැවසූ අක්කා .....කගෙනුත් බේරුනෑකි අම්ම හරස්ප්රස්න අහන එකෙන්නෙ බේරෙන්න බැරි....අනික තාත්ත ආවගමන් තාතගෙත් කනේ තියයි.....අක්කා කීවාය.....ඉතින් අපි මෙහෙම එකක් තියෙනව කියල අම්මට කියමු....මම යෝජනා කලෙමි.....අපෝ බෑ නංගි මට මොකක්ද වගේ කියන්න....අක්කා ලැජ්ජාවෙන් ඇබරුනාය.....අක්කට බැරිනම් මම අම්මට කියන්නද....මම ඇසුවෙමි. ....මොන විජ්ජුම්බරයක් වෙයිද දන්නෙ නෑ....නන්ගි....අක්කා බයෙන් කීවාය....කොහොමත් ඉතින් ඔයගැන කියන්න වෙනවනෙ....මම කීවෙමි....කමක් නෑ නන්ගි එයාලට පස්සෙ ආරන්චිවෙයිනෙ....අක්කා කීවාය...කාගෙන්වත් ආරන්චිවෙනවට වඩා හොදනැද්ද අපිම කියනැක....මම කිවෙමි....අනේ මන්ද නංගිගෙ කැමැත්තක්..අවසානයේ අක්කා කීවාය.....හෙටත් මම ගෙදරද අක්කෙ....මම ඇසුවෙමි.....සතියක් දෙකක් ඔයා රෙස්ට් කරන්න.....අක්කා කීවාය. පසුදා අක්කා වැඩට ගිය අතර මම ගෙදර නැවතුනෙමි......අම්මත් මාත් පාන්දරින් උයන නිසා එතරම් කුස්සියේ වැඩ නොතිබුනි....මම ගේ අස්කරමින් අතුගෑමට පටන්ගත්තෙමි.....දුවට අමාරුයි නේද දෙන්න මම අතුගාන්නම්.....අම්මා මගෙන් කොස්ස ගැනීමට සූදානම් වූවාය....නෑ අම්මෙ එක තැන ඉන්නත් හොද නෑනෙ.....මම කියමින් ගේ අතුගෑවෙමි.....රෙදිටිකක් තියෙනව හෝදන මම යනව. ඔයා පරිස්සමින් අතුගාන්න.....පැවසූ ඇය රෙදිවගයක් ගෙන එලියට බැස්සාය......මම ගෙදර බඩුමුට්ටු පිසදමමින් ගේ අතුගා අව්සන් වනතුරු ඇයද රෙදි සේදුවාය.....නා ගන්න ඕනැ දුවේ කී අම්මා නන විට අදින දිය රෙද්ද ඇදගත්තාය.....මම මේවිදියට රෙද්ද ඇදල නෑනෙ. මමත් නානකොට මේ විදියට අදින්න ඕනැ.....මම ඇය දෙස බලා සිතුවෙමි.....දුව දැම්ම නාමවද....මගෙන් ඇසුවාය......මෑ අම්මෙ..පැවසූ මට පෙරදින සිදුවූ සිද්දිය මතක් වී සිනාගියෙමි......තික වෙලාවකින් නාන කාමරයේ දොර ඇරිය අම්මා....පොඩි දුවේ යනුවෙන් මට අඩගසනු ඇසුනෙමි.....මා ඉක්මනින් ඇය අසලට ගියෙමි.....අනේ දුවේ මගෙ පිට ටිකක් අතුල්ලහන්කො.....කීවාය...දිය රෙද්ද බුරුල් කල ඇය මාට පිටුපස හරවා පහත්වූවාය.....හොදින් පිට ඇතුල්ලූ මම පිටේ සබන්ද ගෑවෙමි.ඉස්සර කවදාවත් අම්මා මෙවැනි වැඩක් නොගත්තත් ඇයි අද ඇගේ පිට අතුල්ලවා ගත්තෙ.....මා දැනුවත්ව අම්මා මගෙන් වත් අයියලා දෙදෙනා ගෙන්වත් ඇගේ පිට අතුල්ලවාගෙන නොතිබුනි....එහෙත් අද මොකක්ද මේ විශේෂත්වය.....මම කල්පනා කලෙමි.....කෙසේ වෙතත් අක්කා ලවා මෙවැනි දේවල් කරගත් බව මට මතක් විය.....අයියල දෙන්නයි මායි එයාගෙ පුතාල උනාට පිරිමිනෙ.මම හිතන්නෙ ඒක හින්ද වෙන්න ඇති මට ඒ දවස්වල නොකීවෙ....දැන් මමත් අම්ම වගේ ගෑනියෙක් කියල දන්න හින්ද අම්ම මේ වැඩේ මා ලවා කරවගන්න ඇති......මම සිතුවෙමි.....ටිකවෙලාවකින් පසු නාගෙන එලියට ආ අම්මා.....දුවත් නාගන්න....කීවාය.....මටත් දිය රෙද්දක් තිබුනොත් හොදයි අම්මෙ....මම කීවෙමි....මොන දිය රෙදිද කෙල්ලෙ ඊයෙවාගෙ නැතුව ඇතුලෙන් දොර ලොක් කර්ගෙන නාගන්න.....අම්මා සිනාසෙමින් කීවාය.....මම දිය රෙද්ද ඇදල නාල නෑ අම්මෙ ඒකයි....මම කීවෙමි....ආ... ඒකමිසක්.....කී අම්මා ...දුවට ඇදගන්න තේරෙනවද ඇසුවාය.....පුලුවන් හටියට උත්සාහ කරනව මම කීවෙමි......පුලුවන් හැටියට නෙවෙයි එන්න මම කියාදෙන්නම්.....ඇය චීත්ත රෙද්දක් රැගෙන මා අසලට පැමිනියාය.....මේ ගේ ඇතුලෙ වගේ නෙවෙයි ඇලක දොලක වැවක නාන්න ගියාම කාටවත් නොපෙනෙන්න ඇදුම් මාරුකරන්න ඉගෙනගන්න.....කී අම්මා චීත්තය මට දී ඇදුම් මාරුකරගෙන එය ඇදගන්නා ලෙස පැවසුවාය....ඇය මා දෙස බලා සිටින බැවින් මම කොහොමද මේව මාරුකරන්නෙ.බාත්රූම් එකට ගිහින් ඇදගන්නව......මම චීත්තයද රැගෙන නාන කාමරය දෙසට ගියෙමි.....ඔය කොහෙද යන්නෙ ඇසූ අම්මා මම කිව්වෙ මම ඉස්සරහ මට පේනෙ නැතිවෙන්න මාරුකරන්න....අම්මෝ අම්මත් මාරවැඩක් නෙ මට කරන්න හදන්නෙ.....මම ලජ්ජාවෙන් බිම බලාගත්තෙමි...................

No comments: