(අක්කා 5)........................ .......................... .....ඒ මොකක්ද...... මම ඇසුවෙමි. ම එසේ අසනවාත් සමගම අක්කා සමග වැඩකරන ගැහැණු ලමයා අක්කාට අඩගසමින් දොරට තට්ටු කරන්ටවිය. පොඩ්ඩක් ඉන්න මල්ලි පැවසූ ඇය එලියට ගියාය.....නැවත පැමිනි ඇය කස්ටම් කෙනෙක් ඇවිල්ල මල්ලි අපි හවසට ගෙදර ඇවිත් මේ ගැන කතාකරමු.....යනුවෙන් පැවසුවාය.......එහෙනම් මම යන්නම් අක්කෙ ...කිවුව මම ගෙදර යෑමට පිටත්වුනෙමි....මොකක්ද දන්නෙ නෑ අක්කගෙ අයිඩියා එක.....කල්පනා කල මම....අර කොල්ලගෙන් අහන්න ඕනෙ මේක රහසක් විදියට තියාගන්න පුලුවන්ද කියල.....එලියට බසින විට කල්පනා කල මම රුවන් හමුවී මේගැන කතා කිරීමට සිතුවෙමි......මොකද අක්ක කිව්වෙ....මා දුටු ඔහු ඇසුවේය....අක්ක කැමති නෑ බන්.....අක්ක කියනව කොල්ලෙක් වුනත් අන්දන්නම්ලු මෙයාට අන්දන්න බෑලු......මොක්ක්ද බන් ඒ කතවෙ තේරුම. ඌත් කොල්ලෙක්නෙ....ඒ උනාට එයා දෙකටම නැති එක්කෙනෙක් හින්ද මේ කතාව හැමෝටම කියයිලු....මෙසේ පැවසූ මම අක්කා පැවසූ දේ ඔහුට කීවෙමි........උබේ අක්ක කියන එකත් ඇත්ත මචං.....මේකා ලොකුකමටත් එක්ක ඔය කතාව හැමෝටම කියයි.....මොකද මේ.... ඌට ගෑනු ඇදුන් පිරිමි ඇදුන් ඇන්දයි කියල ගැටලුවක් නෑනෙ.ඒකා සමහර දාට ගෑනියෙක් වගේ ඉන්නව සමහර දාට පිරිමියෙක් වගේ ඉන්නව......වෙන්න බෑ...... මම පුදුමයෙන් කීවෙමි......මොකද බන් වෙන්න බැරි උබ ඔන්නම් ගිහින් බලහන්.....ඊයෙ පිරිමියෙක් වගේ ඇදන්නෙ හිටියෙ සමහර විට අද කෙල්ලෙක් වගේ ඇදගෙන ඇති ඔන්නම් ගිහින් බලමු.....ඔහු කීය.....මට ඇදුම් බලන්න ඕනැ නෑ බන් මේ ගැන රහසක් වසයෙන් තියාගන්න පුලුවන්ද කියල අහගන්න ඕනැ....මම පැවසුවෙමි. අපි එම තරුනයා හමුවීමට ගියෙමු........සායකින් සහ බ්ලවුසයකින් සැරසී සිටි ඔහු මට හදුනා ගැනීමට නොහැකිවිය.....මොකද අයිය පුදුම වෙලාවගේ බලා ඉන්නේ.....මම අද හැඩයි නේද.....ඔහු අගර පාමින් පවසන්ට විය...හැඩයි හැඩයි.....කිව් මම....මට අදුන ගන්න බැරිවුනා ඒකයි බැලුවෙ....ඒකනේ..අයියලට වගේ නෙවෙයිනේ අපිට ඕනැ ඇදුමක් අදින්න පුලුවන්......ඔහු ඇද පැද කීවාය.......මම ඔයාට මල්ලි කියන්නද නන්ගි කියන්නද.....ඕනැ එකක් කියන්න අයියේ...අපේ රුවන් අයියනම් මට කියන්නෙ මල්ලි නන්ගි කියල......එහෙනම් මාත් එහෙම කියන්නම්......මොකද අයියෙ අක්ක කිව්වෙ....අනේ මන්ද මල්ලි නන්ගි....අක්ක බයයි මේක ලීක් වෙයි කියල......ඉතින් ලීක් වුනාම මොකද මාත් මනුස්සයෙක්නෙ.....ඔහු කීවේය....ඒක ඇත්ත නන්ගි මල්ලි ඒත් සමාජය එහෙම හිතන්නෙ නෑනෙ....එයල ඉතින් පොඩ්ඩ ඇත්නම් මිනිස්සුන්ට ගරහනවනෙ.....මම මෙසේ කීවිට....මටත් ඒ ගැටලුව තියෙනව අයියෙ. අයියල වගේ හිතන අය මේ සමාජයේ අඩුයි....එයාල හිතන්නෙ අපි ඉන්නෙ එයාලගෙ උසුලු විසුලු වලට ලක් වෙන්න කියල. මොනව කරන්නද අයියෙ අපි ඉතින් දෙකටම නැති අයනෙ......ඔහු දුක් මුසුව එසේ පවසන විට මට සෑහෙන දුකක් ඇතිවිය........එක අතකට ඔයාගෙ අක්ක කියන එකත් ඇත්ත මේක දැනගත්තොත් අක්කට විසුමක් වෙන එකක් නෑ...ඒ හින්ද මේක අල්ලල දාමු........ඔහු තව දුරටත් පැවසීය......ඔහු ගේ එම කතාවෙන් ඔහු කුමන ආභාදයකින් පෙලුනත් ඉතා ගුනයහපත් කෙනෙක් බව තේරුම් ගත්තෙමි.....මාව හම්බවෙන්න එන පිරිමි අයටත් සමහරු එක එක ඒව කියනව කියල මම දන්නව ...ඒ වුනාට රුවන් අයිය ඒව ගනන්ගන්නෙ නෑ නේද රුවන් අයියේ....ඔහු ඇද පැද රුවන්ගෙන් ඇසුවේය.....සිනාසුනු රුවන් එහෙනම් අපි ගිහින් එන්නම්.......රුවන් කීවිට....අයියලට වෙන උදව්වක් ඕනැවුනොත් කියන්න....ඔහු අවසානයේදී කීවේය.........අනේ පවුබන් කී මම මොකක්ද එයා කරන රස්සව....මම රුවන්ගෙන් විමසුවෙමි......කව්ද බන් ඕවගෙ අයට රස්සවල් දෙන්නෙ....කී ඔහු....සල්ලි වලට කෑම උයන්න යනව....නරක වැඩවලටත් යනවද....මම ඇසුවෙමි.....මම දන්න තරමින් ඒ සබ්ජෙට් එකනම් නෑ....කොල්ලොනම් ඌ වටේ කරක් ගහනව ඌ ගනන්ගන්නෙ නෑ මචන්.....රුවන් කීවේය.එහෙනම් හොදයිනෙ....මම කීවෙමි.................... ....
No comments:
Post a Comment