Monday, May 16, 2016

(අක්කා 60)...............................................නන්ගි ඔයා ටිකදවසකට අපේ රත්නපුරේ ගෙදර යමුද? ....එතකොට උදෙන් සැලුන් එකට එන්න බෑනෙ.....මම කීවෙමි.....ටිකක් දවල්වුනාට කමක්නෑ අපි දෙන්නට එකට එන්න පුලුවන්නෙ....අක්කා කීවාය.....අපේ අම්ම කැමතිවෙයිද?...මම ඇසුවෙමි.....අම්ම තමයි  මට කිව්වෙ ඔයාව ටික දවසකට එක්ක යන්න කියල......ඇයි අක්කෙ අම්ම එහෙම කිව්වෙ. අම්මත් මා එක්ක තරහ වෙලාද?.මොකක්ද මම කරපු වැරැද්ද....හිතට දුකක් පැමිනි මම ඇසුවෙමි....එවිටම ඇමතුමක් ආ අක්කාට එයට පිලිතුරු දීමට සිදුවූනිසා මගේ ගැටලුවලට උත්තර අසාගැනීමට නොහැකිවිය....මම මොකක්ද අම්මලාට කරපු වැරැද්ද මාව ගෙදරින් අයින් කරන්න.එයාලත් මාව අයින් කලොත් මම කොහේද යන්නෙ.හැමදාම අක්කලගෙ ගෙදර ඉන්න පුලුවන්ද?....එහෙම උනොත් මම බෝඩින් කාමරයක් හොයාගන්නව.ඔය ඈත පලාත්වල කෙල්ලො බෝඩිම් වල ඉදගෙන වැඩට එන්නෙ....මටත් ඒ විදියට ඉන්න පුලුවන්.....මම හිතාගත්තෙමි......     ඇමතුම නැවැත්වූ අක්කා නංගි මම ටිකක් එලියට ගිහින් එන්නම්.....ඇයි අක්කෙ හදිස්සියක්ද ...මම ඇසුවෙමි....නෑ අපේ කස්ටම කෙනෙක්ගෙ වැඩක්....කී අක්කා වාහනයට නැග්ගාය...ඇයි අම්මල මාව ගෙදරින් අයින් කරන්න හදන්නෙ....අක්ක ආවහම අහගන්නව. නැත්නම් ගෙදර ගිහින් කෙලින්ම අම්මගෙන් අහනව.....කමක් නෑ එයාල ඕනැකෙනෙක් තරහ වුනාවෙ මගෙ අක්ක මට හිටියොත් ඒ ඇති..අවසානයේ මා හිත හදාගත්තෙමි.එදා අක්කා නැවත එනවිට සවස්වී තිබුනු අතර සිසිර අයියාද ඇය සමග පැමින සිටීම නිසා මට අක්කාගෙන් අම්මා මාගැන කිව්ව කිසිදෙයක් අසාගැනීමට නොහැකිවිය.....මාව ගෙදරට ඇරලූ අක්කා ආපසු යනවිට... මම දුක්බරව ගෙට ගොඩවැදුනෙමි.....කෙලින්ම කාමරයට ගියමම ඇදුන් මාරුනොකරම අදෙහි ඇලවුනෙමි.....පොඩිදුව.. අම්මා මට කතාකරන හඩ ඇසුනු බැවින් කදුලු පිසදා ගත් මම ඇය අසලට ගියෙමි...මා දෙස බැලූ අම්මා....තාම ඇදුම් මාරුකරගත්තෙත් නැද්ද.....ඇසූ අම්මා....මම මේ බැලුවෙ ගෙට ආපු කෙල්ලෙට මොකද වුනේ කියල....අක්කා කීදේ අම්මගෙන් අහනවද? මට සිතුනි.....නෑ ඕනැනෑ....ඕව අහන්න ගිහින් තව ප්‍රශ්නයක් හදාගන්න ඕනැ නෑ අක්ක කියන දෙයක් කරනව. නැත්නම් කොහේ හරි බෝඩිමක් හොයාගන්නව.....සිතූමම ආපසු කාමරයට ගොස් ඇදගෙන සිටි ගවුම මාරුකර ගෙදරට අදින ගවුම ඇදගත් මා නැවත කුස්සියට ගොස් තේ එකක් සාදා ගැනීම සදහා වතුර රත්කිරීමට පටන් ගත්තෙමි....අම්මටත් තේ එකක් හදන්නද...මා ඇසූවිට ...මම බිව්ව කීවාය...අම්මට දැන් මම හදන තේ බොන්නත් එපාවෙලාද?.... කල්පනා කල මා ඇය දෙස නොබලාම කාමරය තුලට ගියෙමි.....එහෙත් ඇය මාදෙස අමුතු ආකාරයකට බලා සිටිනබව දුටු මම....ටික දවසක් මෙයාලගෙන් බැනුම් නොඅසා ගුටි නොකා හිටිය..... අක්ක නැතිවුනා විතරයි දැන් මට ඒ ටිකත් ලැබෙයි වගේ...එහෙම වුනොත් මාව බේරාගැනීමට අක්කත් මාලග නෑ.....එදින රාත්‍රියේ  කිසිකෙනෙක් සමගවත් කතානොකල මම කෑමගෙන කාමරයට ගියෙමි. දොරවසා ගත් මා කොට්ටය බදාගත් මම හිතේ හැටියට ඇඩුවෙමි. ටික වෙලාවකින් මට දුරකතන ඇමතුමක් දුන් අක්කා හෙට රත්නපුර යෑම සදහා ඇදුම් ටික ලෑස්තිකරගන්නා ලෙස දන්වාසිටියාය.ඇය සමග කිසිවක් කතා නොකල මම මගේ ඇදුම්.. බෑක් එක තුලට දාගත්තෙමි.උදෙම්ම නැගිට්ට මම අම්මා සමග ඉවීමට පටන්ගත්තත් මේ සම්භන්දයෙන් කිසිවක් කතානොකලෙමි....අම්මටත් තාත්තාටත් වැද අයියලා දෙදෙනාටටද වැන්ද මම ඇදුම් බැගය කරේ එල්ලාගෙන මිදුලට බැස්සෙමි....ඇයි දැන් ඇදුම් බෑක් එක උස්සගෙන යන්නෙ අක්ක හවසට මෙහාටනෙ එනව කිව්වෙ ඔයාව එක්ක යන්න.....අම්මා කී විට මට අක්ක එහෙම දෙයක් කිව්වෙ නෑනෙ....පැවසූ මම නැවත කාමරයට ගොස් බෑගය තැබුවෙමි.....මා සැලුන් එකට ගොස් බලා සිටියේ අක්කා පැමිනෙන තුරුය.අද රෑ ඉදන් මට ඉන්න වෙන්නෙ රත්නපුරේ ඒ ගේ ගොඩක් ලොකුයි අක්කලගෙ කාමරෙත් ගොඩක් ලොකුයි.....මටත් කාමරයක් දෙයිනෙ.....අයියගෙ අම්මයි තාත්තයි මම එහෙ නවතිනවට කැමතිවෙයිද?...මගේ මීලග ගැටලුව විය....මම මෙතෙන්ට ගිහිල්ල අක්කටත් ප්රස්නයක් වෙයිද දන්නෙ නෑ....එහෙම උනොත් පව් අක්ක...සිතූ මම....අක්ක ආපුවම කියන්න ඕනැ මට එහෙ යන්න ඕනෙ නෑ ලගින් බෝඩිම් කාමරයක් හොයල දෙන කියල....එතකොට කාටවත් ගැටලුවක් නෑ.....මා මෙසේ සිතමින් සිටිනවිට......අක්කා පැමිනෙනු දුටුවෙමි....දැම්ම කියන්න හොද නෑ තව ටිකකින් අක්කට කියනව....මා ඇයට කිසිවක් නොකියා සැලුන් එකේ වැඩ පටන් ගත්තෙමි.ටික වෙලාවකින් මට කතාකල අක්කා ඇදුම් බෑක් එක ලෑස්තිකලාද නන්ගි.....ඇසුවාය...ඔව් අක්කෙ පැවසූ මම.....මන් රත්නපුරේම නවතින්න ඕනැද අක්කෙ. අක්කට පුලුවන්නම් මේ ලගින් බෝඩිමක් හොයල දෙන්නකො...... කීවෙමි......  

No comments: