Tuesday, May 24, 2016


(අක්කා 19)...................................................මම කෑගසමින් ඇස් ඇරියෙමි.....කෝ මේ අම්ම...මම වටපිට බැලුවෙමි...අම්මත් නෑ ඇදන් හිටිය ගවුමත් නෑ.....අදත් දැකල තියෙන්නෙ හීනයක්...අම්ම ගෙන් කොසුපාරවල් කෑවත් කමක් නෑ ඒවගෙ ගවුමක් ඇදගෙන ඉන්න ඇත්නම්....මම කල්පනා කලෙමි.....ඇත්තටම අක්ක මට ගවුන් ටිකක් දීල මගෙ පිරිමි ඇදුම් ටික විසිකරයිද....කොහොමද එහෙම වෙන්නෙ ඔය හීනෙන් වෙන දේවල් ඇත්තට වෙන්නෙ නෑනෙ....ඒකහීනයක් විතරයි....මා නැවත නින්දට වැටුනි......උදෙන් නැගිට්ට මා අක්කාගේ කාමරයට ගියෙමි.....මොකද ඊයෙ තරහවෙලා නේද හිටියෙ.....මට කා එක්ක තරහ උනත් අක්කත් එක්ක තරහවෙන්න බෑ අක්කෙ මම කීවෙමි.....මොකද මෙතැනට වෙලා හොරගල් අහුලන්නේ..... සිනාසෙමින් ඇසූ අක්කා.....ඊයෙ දෙන්න හදුව සල්ලි ටික ගන්න නේද....මහලොකුවට ඊයෙ ඒව එපා කිව්වෙ.....මට සල්ලි ඕනැ නෑ අක්කෙ.....මම ඔලුව කසමින් කීවෙමි....එහෙනම් මොකක්ද උවමනාව....අද අක්කත් එක්ක සැලුන් එකට එන්නද....මම තවදුරටත් ඔලුව කසමින් ඇසුවෙමි.....ඔයා ඇවිත් මොනවද කරන්නෙ ලමයෝ.....අක්කා කීවාය.....ඔයා නන්ගි කෙනෙක් වුනානම් මට ඒව කියාදෙන්නවත් තිබුන.ඒව ඉතින් කොල්ලන්ගෙ වැඩ නෙවෙයිනෙ එන්නෙත් ඔක්කොම ගෑනු උදවියනෙ.....අක්කා කියන්ට වූවාය....මම ආශයි අක්කෙ ඒ වැඩවලට.....අනේ මන්ද මල්ලි මම මොනවද මේකට කරන්නෙ.....අක්කා කල්පනා කිරීමට පටන්ගත්තාය.....අක්කෙ මම මේදවස් ටිකේ හිටියවගේ ඇදගෙන අක්කට වුදව් කරන්නම්....මම කීවෙමි.....ඔයාව හැමදාම කෙල්ලෙක් වගේ තියාගන්නද මට කියන්නෙ....පැවසූ අක්කා ....ඒක හරි නෑනෙ මල්ලියෙ....එහෙනම් මාව ඒ විදියට තියාගත්තෙ.....ඒ මල්ලි ඒ වැඩේට විතරනෙ හැමදාම කෙල්ලෙක් කරන්න නෙවෙයිනෙ....ඇය පැවසුවාය.....ඉතින් මම හැමදාම වුනත් එහෙම ඉන්න කැමතිනෙ....ඒක ඔයාට හොද නෑනෙ මල්ලි ....ඔයා කියනවනම් අද යමු....ඊට පස්සෙ අපි මේක ගැන හිතල බලමු.....ඇය අවසානයේ අදට පමනක් මගේ ඉල්ලීමට ඉඩ දුන්නාය.....මා ඇය සමග සැලුන් එකට යෑමට ලෑස්තිවුනෙමි.....අද යන්තම් වැඩට යන්න වාගෙ...මම හිතුව මේවැඩෙත් ඉවරයි කියල....මා දුටු අම්මා කීවාය.....අක්කා මාවෙනුවෙන් ඇදුම් කීපයක් බෑගය තුලට දමාගත් මට සතුටක් ඇතිවිය.සැලුන් එකට ගිය ගමන්ම අක්කා මට ඇගේ සායක් සහ බ්ලවුසයක් ඇන්දුවාය....කරාබු ජෝඩුව සහ ආභරන පැලැන්දූ ඇය මගේ විග් එකේ කොන්ඩය සකස් කලාය. මට සම්පූරන ගැහැනු පෙනුමක් ලබා දුන් පසු මට සුලු වැඩ කිහිපයක් පැවරුවාය....මම එම වැඩ ඉතා ආශාවෙන් කලෙමි....ගීතානි අක්කටත් මේවැඩ ඉගෙනගන්න ආශයි කිව්ව හින්ද එන්න කිව්ව .....අක්කා ඇගේ වැඩකරන තරුනියටද මා ගැන පැවසුවාය....ඒක හොදයි....ඇය මා දෙස බලා සිනාසුනාය......ටික වෙලාවකින් අක්කා පත්තරයක් අතින් ගෙන සතුටින් එන බව මා දුටුවෙමි.....නන්ගියේ මේ බලන්න අපේ උත්සවේ පත්තරේ දාල ඔයාගෙ පොටෝ එකත් දාල.....ඔයා ලස්සනට ඉන්නව අනේ....අක්කා එය පෙන්වමින් සතුටින් කෑගසන්ට වූවාය.......නන්ගියේ දැන් ඉතින් අපේ මදූ බියුටි සැලුන් එක ලන්කාව පුරා ප්‍රසිද්ධ වෙයි වගේ.....තව දුරටත් කීවාය. වෙන දිනවලට වඩා වැඩි පිරිසක් පැමිනෙන බවද අක්කා කීවාය.....දැන් හරි වැඩේ අපිට වෙන්නෙ එනවැඩ කරගන්නත් බැරිවෙයි වගේ ...අක්කා කියන්ට විය......ඒකනෙ අක්කෙ මමත් අක්කට උදව් වෙන්නම්.....මම කීවෙමි...අක්කා සිනාසුනා මිස කිසිවක් නොකීවාය.....අයි අක්ක මම මෙහෙ වැඩ කරනවට අක මැතිද.....මා සිතුවෙමි....අපි ගෙදර ගිය පසු රාත්රියේ අක්කා අසලට ගොස්......අක්කෙ දැන් මම ගැන අක්ක මොකද කියන්නෙ.....මට බෑ මල්ලි ඔයාව ඒවිදියට හැමදාම කෙල්ලෙක් විදියට තියාගන්න.....අක්කා පැවසුවාය...අයි අක්කෙ ඒ....ඒක මහ පව් වැඩක් මල්ලි...ඇය සුසුමක් හෙලුවාය....ඒ මොකද පව් වැඩක් කියන්නෙ....මම ඇසුවෙමි....පිරිමියෙක් වෙලා උපදිනව කියන්නෙ ලොකු පිනක් මල්ලියෙ....ඒපිනට උපන්න ඔයාව කෙල්ලෙක් කරන එක කොච්චර පවක්ද..... අක්කා කීවාය.....නාට්ටියක රගපානව වගේ තාව කාලිකව ගැහැනියෙක් විදියට ඉන්න එක වෙනම දෙයක් ඒත් හැමදාම ඒ වැඩේ කරන එක මහ පවු වැඩක් කියල මට හිතෙනව......අක්කා දිගටම කියවන්ට වූවාය....එතකොට අක්ක කෙල්ලෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ පව්කරලද....මම ඇසුවෙමි.....පව්කරලද පින් කරලද කියල මම දන්නෙ නෑ මල්ලියෙ හැබැයි පිරිමියෙක් වෙන්න පින්කරන්න ඕනැ කියල අම්ම කියනව ඇහිල තියෙනව....අක්කා කීවාය......මගේ වැඩේ හරියන එකක් නෑ වගේ අක්ක බයවෙලා මාව ගැහැනු ලමයෙක් කරන්න......මම දුකින් කල්පනා කලෙමි......

No comments: