(සිහිනය 14)...........................................පසුදින මට තරුක ගැන සොයා බැලීමට එතරම් කැමැත්තක් නොතිබුනි.........එකට ඕනැදෙයක් උනාවෙ මට තරින්දිගෙ ජීවිතේ හොදයි. යනවනම් ඕනැ වෙලාවක යයි එතකම් ඉන්නව.... මම මගේ නිවසට නොගොස් නතර වුනෙමි.....දුවේ මේටික දිල්හානි නැන්දට දීල එන්නකො.....නුවර එලියෙන් ගෙනා එලවලු ටිකක් බෑක් එකකට දැම්ම අම්මා කීවාය.....මට කම්මැලියි අම්මෙ යන්න...මම කීව්මි....මොකද අදමේ....වෙනදට එහෙමනෙ ඉන්නෙ....ඇය ..එලවලු ටික රැගෙන මිදුලට බැස්සාය...අම්මා ආපසු පැමිනි විට තාරුක ගැන ඇසීමට සිත් වුවද...මම මොකටද එයා ගැන අහන්නෙ....සද්ද නැතුව සිටියෙමි.නිවාඩු කාලය පුරාවටම මම තරින්දි ලෙස ඇගේ නිවසේ සිටි අතර ....දිල්හානි නන්දා මා දුටු විට ...මොකද දැන් ඒපැත්තෙ එන්නෙ නැත්තෙ....ඇසුවාය.....අම්ම කියල තියෙනව මට එහෙමෙහෙ යන්න එපා කියල ඒකයි....මම කීවෙමි...ඒක මිසක්...පැවසූ ඇය....මේදවස් වල ගේ අතුලට වෙලා ඉන්න එක කොයිකටත් හොදයි...සිනාසෙමින් කීවාය....නිවාඩු කාලය ගෙවීගියේය.පසුදින පාසැල් යාමට සිදුවන නිසා මාව නැවත තාරුක බවට පත්වෙන බව දැන සිටියෙමි....එහෙත් තාරුක බවට පත් නොවීම පුදුම සහගත විය....මට සුදු ගවුම ඇදගෙන පාසැල් යෑමට සිදුවන බව දැනගත් මා තරින්දිගේ සුදු පාසැල් ගවුම ඇදීමට අතට ගත් විට අම්මා කාමරයට ආවාය. ඕක නෙවෙයි අර මදපු ගවුම ඇදගන්න මා කොට යට සාය පිටින් එය ගැනීමට යනවිට දුව පොඩ්ඩක් ඉන්න පැවසූ ඇය මගේ සාය තරමක් උස්සා කලව පෙදෙස බැලුවාය...අද ස්කෝලෙ යන්න එපා. කමරේට වෙලා ඉන්න. පැවසූ ඇය මගේ කලව වල තිබුනු ලේ පාරවල් ලේන්සුවකින් පිස දමන්ට වූවාය.එලියට බහින්න එපා... කී අම්මා තාත්තාට කතා කලාය . අම්මා තාත්තාට සෙමින් මොනවද පැවසූ අතර...ඔහු කලබලයෙන් මෙන් ඉවත් විය...සුලු වෙලාවක් ගතවිය. තාරුකගේ අම්මා වන මගේ අම්මත් නංගිත් සිනාසෙමින් කමරයට ආවාය....බයවෙන්න එපා දුවේ අපි දූව බලා ගන්නම්කො.....අම්මා පැවසූ අතර නන්ගී මා අසලින් වාඩිවූවාය.....ගෙදරින් පිටත් වීමට ඇදගෙන සිටි අම්මා දිල්හානි මම ගිහින් එන්නම්...දූව බලාගන්නකො....කීවාය....කොහේද යන්නෙ අම්මෙ මම ඇසුවෙමි....දුවව නාවන්න නැකතක් හදාගෙන එන්න....පැවසූ ඇය ගෙදරින් පිටත් වූවාය......මේකට තමයි ගෑනුලමයි ලොකුලමයෙක් වෙනව කියන්නෙ....මා කල්පනා කලෙමි.....තරින්දිගේ අම්ම එනකම් මා අසල මගේ අම්මත් නංගිත් රැදී සිටියේය. ටික වෙලාවකින් පැමින් තරින්දිගේ අම්මා......නැකත තියෙන්නෙ ලබන බ්රහස්පතින්දා එදා උදේ නාවන්න වෙලාව දුන්නෙ....ඇය මගේ අම්මා සමග විස්තර කියන්ට වූවාය.....සියලු නෑදැයන්ට කියන බව අම්මා කීවාය....පසුදින බදුල්ලේ සීයලත් නුවරැලියේ සීයලාගේ ගෙදරිනුත් ආවෝය. එහි අක්කාත් නන්ගීත් පැමිනීම මට සතුටක් විය. නැකැත් දින උදේ සුදු රෙද්දකින් මගේ මුහුන වැසූ අම්මා නෑවීමට එලියට එක්ක ගියාය. පිච්චමල් සහ බෙහෙත් වර්ග දැමූ වතුරෙන් මාව නෑවූ අම්මා එම ස්තානයේ කොස් අත්තක් කපා ඒ දෙස බලන ලෙස කීවාය.කිරි බේරෙන කොස් අත්ත පෙන්නූ මාව නැවත මුහුන වසා ගේතුලට එක්ක ගියාය. කිරිබත් කැවුන් පිරුනු ස්තානයක මගේ මුහුන වසා ඇති රෙද්ද ඉවත් කලාය. අනතුරුව බුලත් අතක් දී අම්මටත් තාත්තටත් වැන්ද මට ලස්සනට මසා තිබුනු ගවුමක් ඇන්දුවාය....දැන් ඉතින් මට කාමරෙන් එලියට යන්න පුලුවන් ....සිතතුල සතුටක් ඇතිවිය.....එදා දවස පුරා මාවෙනුවෙන් සාදයක් පැවැත්වූවද මට තෙල් බැදුම් ආදිය කෑමට තහනම්විය.....පසුදින සියලු නෑදෑයන් ආපසු ගිය අතර සෙනග අතර සිටි මට පාලුවක් දැනුනි........සදුදා පාසැල් යෑමට අව්සය බැවින් නැවත මගේ පැරනි සිරුරට යෑමට ඉඩ ඇතිබව දැනුනු බැවින් එදින පාන්දර සිට ඒ සදහා සූදානමින් සිටියෙමි. දවල්වුනද මාව නැවත යන ලකුනක් නොදුටුවෙමි. මේ නිසා මට පාසැල් නිල ඇදුම ඇදගෙන පාසැල් යෑමට සිදුවිය. ජීවිතයේ පලමුවරට සුදු ගවුම ඇදගෙන තරින්දි ලෙස පාසැල් යෑමට හැකිවීම මගේ වාසනාවක් යයි සිතුවෙමි..... තරින්දිගේ ඩෙස් එක මත පොත් බෑගය තැබූ මම තාරුක ගැන ඇසීමට තාරුකගේ නන්ගී සොයා ගියෙමි......අයියට සනීප නෑ කියල අද ආවෙනෑ....ඇය පැවසුවාය. මොකද බන් අද තාරුක නැත්තෙ....තාරුකගේ යහලුවන් මගෙන් ඇසීය....සනීප නැතිලු.....මම කීවෙමි....ශික් අපරාදෙ..අද මච් එක....පැවසූ යහලුවෙක්......උඹ ආවෙ නැති ගියසුමානෙ තාරුක මාරවිදියට ක්රිකට් සෙල්ලම් කලානෙ....ඌ ගැහුව බන් මාර ගැහිල්ලක්..උඹද ඌට ක්රිකට් ප්රැක්ටිස් කලේ........එතකොට මෙයාල කියන විදියට තාරුක ගිය සුමානෙ ස්කෝලෙ ඇවිල්ල.....මේක මහ පුදුමයක්නෙ....මම සිතුවෙමි.....මම ඔවුනට කිසිවක් නොකියා සිටිනවිට ...මෙයා කොහෙද බන්...... මෙයා ජම්බු ගහෙන් වැටිල හිටියලුනෙ....සිනාසෙමින් ඔව්න් ගිය්යෝය.....පසුදින මා පාසැල් පැමිනි විට මට හොදින් හුරු පුරුදු මුහුනක් දුටුවෙමි......මේ මම නේද...මා මගේ පැරනි පිරිමි රූපය හදුනාගත්තෙමි.....මා ඔහු අසලට බයෙන් මෙන් ගියෙමි.....ඔයා කවුද ...මම ඇසුවෙමි....තාරුක....මාව එතරම් ගනන් නොගෙනම පැවසුවේය.....එතකොට මගෙ ඇඟ ඇතුලෙ ඉන්නෙ තරින්දි නෙවෙයිද...තරින්දිනම් මාව අදුනනවනෙ....මා පුදුමයෙන් ඔහුදෙස බැලුවෙමි....
No comments:
Post a Comment