Tuesday, May 24, 2016


(අක්කා 40)..................................................මගේ කම්මුලට කව්ද තට්ටු කරනව වගේ දැනුනි. නිල් පැහැති හිස් ආවරනයක් දාගත් කෙනෙක් මගේ මුහුන දෙස බලා....හායී ස්විටී....කියනු ඇසුණි....මම හිමින් සැරේ ...හායි ...යනුවෙන් කෙදුරුවෙමි.ඔහු මගේ සැත්කම කල වෛද්‍යවරයා වනබව තේරුම් ගියේ පසුවය.....එක්සලන්ට්...යූ ..ආ ...ලකී..කී ඔහු මාදෙස බලා සිනාසුනේය. අනතුරුව සාත්තු සේවිකාව මා නිදාසිටි ට්රොලිය තල්ලු කරගෙන යනබව තේරුනි.ඉන් පසු මා කිසි දෙයක් නොදන්නා අතර මට නින්ද ගොස් තිබුනි.....මා නැවත ඇස් හැර බලනවිට අක්කා මා අසල පුටුවක වාඩිවී සිටිනු දක් නට ලැබුනි.....මා.... අක්කේ ....යනුවෙන් කෙදුරුවෙමි.....ඉක්මනින් නැගිට්ට අක්කා මගේ නන්ගියේ කියමින් සීතල දියරයකින් මගේ තොල් පෙගෙව්වාය.එහි ඇති සීතලත් පැනිරසත් නිසා මට අමුතු සුවයක් ඇති විය.....නිදි මතයි අක්කෙ....මම කීවිට ඇය මගේ හිස අතගාමින් මා අසල සිටියාය.....මට නැවත ඇහෙරෙන විට රෑවී ඇතිබව තේරුනි.....අක්කා ඇදේ ඇලවී පොතක් කියවමින් සිටින බව මා දුටුවෙමි....මා ඔලුව හොල්ලනු දුටු අක්කා ඉක්මනින් මා අසලට පැමිනියාය.....කොහොමද නන්ගි ඇසූ ඇය මගේ මුහුන ඉම්ම්බාය.....ගැටලුවක් නෑ පල්ලෙහා ටිකක් රිදෙනව අක්කෙ....මම කීවෙමි.....ඒක අඩුවෙයි...නන්ගි ඇය කීවාය......අක්කෙ මගෙ ඔපරේශන් සන් දෙකම කරලද.....ඔව් නංගි බැන්ඩේජ් දාල හින්ද කිසි දෙයක් පේන්නෙ නෑ.....ඇය කීවාය....ටික දවසක් යනකන් නන්ගිට ඔය විදියට තමා ඉන්න වෙන්නෙ කකුල් දෙක ලන්කරන්න එපා කිව්ව.....ඇය කීවාය....අම්මෝ මට එපා වෙයි....මම කීවෙමි....කරන්න දෙයක් නෑ ටිකක් කට්ට කන්න වෙනව......අක්කා කීවාය.....මුල් දවසේ අපිට හමුවූ සාත්තු සේවිකාව මා අසලට ආවය ....කොහොමද දැන්....මාදෙස බලා සිනාසෙනු ඇය.....මගේ අසලට පැමින බෙහෙතක් විද්දාය......දැන් ඔයාත් අපිවගේ නේද .....ඇසූ ඇය.සිනාසෙමින් මගේ පපුව අතගෑවාය....අක්කා ඉන්ග්රීසියෙන් කුමක්ද කීවිට ඇය හයියෙන් සිනා සී....අක්කාට කුමක් ද කීවාය.....මෙයාල මොනව කියෝනවද මන් ද මට එන්ග්රීසි ටික ඉගෙනගන්න බැරිවුනානෙ.....එහෙම උනානම් මට මෙයාල කියන ඒව තේරෙනවනෙ.....කොහේ ද මට ඉස්සර කොලු කම ඉහට ගැහුවනෙ.ඉගෙන ගත්තෙත් නෑ.ඔහේ රස්තියාදු ගගහ හිටිය. මම හිතා හිටියෙ කොල්ලොක් උනාම සේරම හරියනව කියල. මම හිතාහිටිය සෙරම වැරදියි කියල තේරුනේ මම කෙල්ලෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තට පස්සෙ.ඊට පස්සෙ තමා මට පිරිමි කම එපාම උනේ....මෙසේ සිතමින්...මම...ඇයි අක්කෙ ඔයාල හිනාවෙන්නෙ....මම ඇසුවෙමි....මම කිව්ව නන්ගිට ඕනැවෙලා තිබුනෙ ඔයාවගේ ලස්සන කෙල්ලෙක් වෙන්න කියල......එයා අහනව එයා ඒ තරම් ලස්සනද කියල....මම කිව්ව මෙහෙ ඉන්න අනිත් අයට වඩා ලස්සනයි කියල.....එයා හිනාවෙලා කියනව.....දැන් නන්ගිටත් එයා වගේ ලස්සන කෙල්ලෙක් වෙන්න පුලුවන් කියල. ඔයා ගොඩක් පින් කරල තියෙනවලු කෙල්ලෙක් වෙන්න......ඒ සැරේ මම නිකමට වගේ ඇහුව ..ඇයි කොල්ලෙක් වෙන්න පින් ඕනෙ නැද්ද කියල.....ඒසැරේ එයා කියනව.....මතක් කරන්න එපා උන් ගැන... ගොඩක් ඉන්නෙ පව්කාරයෝ.....ඒ අතින් කෙල්ලො කොච්චර හොද්ද කියල මගෙන් අහනව.....මමත් කිව්ව ඒකනම් ඇත්ත තමා කියල......මෙලෙස අක්කා ඇය සමග කතාවුන දේවල් මාසමග කීවාය....ඔයාල කියන එකත් ඇත්ත අක්කෙ බැරි වෙලාවත් මම කොල්ලෙක් වෙලාම හිටියනම් පවුකාර කොල්ලෙක් වෙනවනෙ.....මම කීවෙමි.....ඒකනම් ඇත්ත....අක්කා කීවාය. අද ඔයාට කැම දෙන්න කිව්ව... තව ටිකකින් කෑම එයි.....දවස් දෙකකින් පමන කෑමක් නොකා සිටි මට සෑහෙන සතුටක් ඇතිවිය......මට කෑම ගනීම සදා සුදුසු ලෙස ඇද සකස් කල සාත්තු සේවිකාව.....කෑම දීසිය ලගට දුන්නාය. පාන් පෙත්තක් කෑ මම බීම වීදුරුවක් බිව්වෙමි.....දවස් දෙකකින් පමන පසු ලැබුනු කෑම වේල නිසා මගේ ඇඟට නව පනක් ලැබුනි.......

No comments: