Friday, May 27, 2016

(සිහිනය 7)...............................................අදත් මම කැඩපත අසලට ගොස් සුලු වෙලාවක් තරින්දිගේ සිරුරෙහි හැඩ බලමින් සතුටුවුනෙමි. අනතුරුව ඇගේ පොත් මේසය අසලට ගිය මම එම පොත් පෙරලමින් බැලුවෙමි. සියලු සටහන් අපේ පන්තියේ ඉගැන්වූ පාඩම් විය.මේක ඇත්තටම හීනයක් නම් මම කොහොමද මේව කියවන්නෙ.....මට සිතුනි. මා ඇගේ සටහන් පොතක් අතට ගෙන එහි අන්තිම පිටුවේ තරින්දි යනුවෙන් ඇගේ නම ලිව්වෙමි.මගේ අත් අකුරු එතරම් ලස්සන නොවුනත් තරින්දි යන වචනය ලස්සනට ලියවුනි.....මම කොහොමද මෙච්චර ලස්සන අත් අකුරු වලින් මේක ලිව්වෙ....සිතූ මම ඇගේ අත් අකුරු දෙස බැලුවෙමි....පුදුමයකි ඇගේ අත් අකුරු සහ මා දැන් ලිව්ව අත් අකුරු සමාන වී තිබුණි.මා එම සටහන් පොත මතක තබා ගත්තේ පසුදා එය තිබේදැයි පරීක්ෂා කිරීම සදහාය........හෙට මේ පොතේ ලිව්ව නම ඒ විදියට තිබුනොත් මේක හීනයක් නෙවෙයි...මා හිතාගත්තෙමි. මා ඇයගේ ඇදුම් රාක්කය අසලට ගොස් එහි තිබුනු ඇදුම් පරීක්ෂා කලෙමි....තරින්දිට ගොඩක් ලස්සන ගවුන් තියෙනවනෙ...අපරාදෙ මෙයා මේවගෙ ලස්සන ඇදුම් තියාගෙන මගෙ ඇදුම් ඉල්ලගෙන අඳින්නෙ .....මා ගවුන් එකිනෙක අතගාමින් කල්පනා කලෙමි.......දැන් මෙතැනට ඇවිත් ටික වෙලාවක් වෙනව මට ආපහු යන්න වෙලාවත් හරි...මම තරින්දිගේ ඇදෙහි ඇලවුනෙමි.....සෑහෙන වේලාවකට පසු මට ඇහැරුනු බව තේරුනි....අද ඇහැරෙන්න ගොඩක් වෙලා ගියානෙ මම ඇස් හැර වටපිට බැලුවෙමි. මෙය මා නිදා ගත් කාමරය නොවන බව වැටහිනි.....මොනවා තාමත් මම තරින්දිගේ ඇග ඇතුලෙ නේද.....මගේ සුර දෙස බලා සිතුවෙමි. එත කොට මට නින්ද ගියාට තාම මාව මගේ සිරුරට ගිහින් නෑ.....මා අඩ අදුර තුලින් වේලාව බැලුවෙමි. වේලාව පාන්දර තුන බව බිත්තියේ එල්ලා තිබුනු ඔරලෝසුවෙන් යන්තම් දැක ගැනීමට ලැබුනි.....තව පොඩ්ඩකින් යයි මා කොට්ටයට හිසතබාගෙන සිතුවෙමි.....නැවත මා නින්දෙන් පිබිදෙන විට කාමරයේ ජැනෙල් වීදුරු අතරින් මද ආලෝකයක් කාමරය තුලට ගලා එන බව දුටුවෙමි. කුරුල්ලන්ගේ ගී හඩ නිසා එලිවෙන්ට ආසන්න බව තේරුම් ගත්තෙමි ...එහෙත් මා තවමත් සිටින්නේ තරින්දිගේ කාමරයේ ඇගේ සිරුර තුලය...හරි වැඩේ අද මාව යන්නෙ නැද්ද....සැකයක් ඇතිවිය එවිටම දැඩි නිදිමත නැවත දැනෙන්ට විය දැන්නම් යන්න වගේ හදන්නෙ මම ඇස් පියා ගත්තෙමි. සුලු වෙලාවකින් මා නැවතත් සිටියේ මගේ සිරුර තුලය......ඊයෙ රෑ දවසෙම මම තරින්දි....මේකනම් පුදුමාකාර හීනයක්....මා ඇදෙහි වාඩිවී කල්පනා කලෙමි....මා පාසැල් ගියේ ඇගේ සටහන් පොතේ ඇගේ නම සදහන් කල ස්තානය බලීමේ අදහසිනි.....ඇය පොත් ටික මේසය උඩ තබා ඉවත් වූ පසු එය ගැනීමට හිතුනත් අනුන්ගේ පොත් බෑක් ඇදීමට තිබුනු අකමැත්ත නිසා එසේ නොකලෙමි.....මේක කොහොමද බලන්නෙ...මම කල්පනා කලෙමි. විසය කියල එයාගෙ ඒ සටහන් පොත ඉල්ල ගත්තොත් බලන්න පුලුවන්.....මෙහෙදි කොල්ලො මෙච්චර ඉන්දැද්දි මෙයාගෙන්ම ඉල්ලන්නෙ මොකද කියල බලයි. ඒ හින්ද ගෙදර ගිහින් ඉල්ලනව.....මම සිතා ගත්තෙමි. ...සවස් වී තරින්දි අපේ ගෙදර පැත්තට එනු දුටු මම...ඇය අසලට ගොස්...මට ඔයාගෙ විද්යා සටහන් පොත ටිකක් දෙන්නකො...කීවෙමි....ඇයි ඔයා ලියාගත්තෙ නැද්ද...ඇය ඇසුවාය.....තද නිදිමතක් ආව අනේ හරියට ලියාගන්න බැරිවුනා.....මොනවද හලෝ රෑට නිදා ගන්නෙ නැද්ද....ඇය මට විහිලු කරන්ට විය.......ඔයාටනම් හොදට නින්ද යන්න ඇති ...මා පැවසූ විට.....මම ඔය පාඩම් වැඩ රෑට කරන්නෙ නෑනෙ ඒ හින්ද හොදට නිදාගන්නව.....මෙයා නිදා ගන්නවනම් මම කොහොමද මෙයාගෙ ඇගට යන්නෙ...මෙයාගෙ අර පොත බලනකම් මේක හීනයක් ද ඇත්තක්ද කියල හොයා ගන්න බැරිවෙයි.....කල්පනා කල මම ඇගෙන් පොත ලැබෙන තුරු බලා සිටියෙමි. ඇය එය රැගෙන එනවිට සතුටක් දැනුනි....එය අතට ගත් මම අන්තිම පිටුව පෙරලුවෙමි.....මා ලිවූ ඇගේ නම එහි නොතිබුනි...මා පොත හොදින් බැලුවෙමි.....මේ පොතේ නෙවෙයිනෙ මම ලිව්වෙ....මෙයා මම ඉල්ලුව සටහන් ලියල තියෙන්නෙ ඒ පොතේ නෙවෙයි මේ පොතේ....දැන් මොකද කරන්නෙ....මට ඒ පොත ඉල්ලන්නත් බෑ....හෙට ඉස්කෝලෙ ගිහාම ඒ පොත තියෙනවද කියල බලන්න ඕනැ....නැත්නම් හැම පොතකම ලකුනක් දාන්න ඕනැ එතකොට හරි.....අද රෑට මට පුලුවන් එහෙම කරන්න.....මම සිතා ගත්තෙමි......මම රාත්‍රියේ නින්දට ගියේ මේ ගැන සිතමිනි.රාත්රියේ සුපුරුදු පරිදි ඇගේ සිරුරට ගියෙමි.....මා ඇගේ පොත් වල අන්තිම පිටුවල පිටුපස කුඩා සලකුනක් කලෙමි. හොදින් බැලූ විට පමනක් පෙනෙන ලෙස එම සලකුන තැබීමට වගබලා ගත්තෙමි....ඉන්පසු ටික වෙලාවක් කැඩපතින් ඇගේ සිරුරේ හටබැලූ මම ඇගේ ඇදමත නිදා ගත්තෙමි.....කෙල්ලෙක් වෙලා ඉන්නකොට කොයිතරම් සනීපද...සිතූ මම ඇගේ එක් කොට්ටයක් තුරුලු කරගෙන නින්දට ගියෙමි....ඇහැරෙන විට පාන්දර වුවද මා තවමත් ඇගේ සිරුර තුලය.....අද ආපහු යන්නෙ නැද්ද....සිතන විටම ආපසු යෑමේ සංඥාව වසයෙන් තද නිදිමත දැනුනි......මගේ සිරුර තුල නැවත පිබිදුනු මම.....අදනම් හීනෙ ගැන හරියටම බලාගන්න පුලුවන්......කල්පනා කලෙමි......

No comments: