Wednesday, May 25, 2016



(සිහිනය 2)..................................................එය කාමරයක් ලෙස දිස්වූ අතර එහි තිබුනු ඇදමත කිසියම් පුද්ගලයෙක් වාඩිවී නිසොල්මන්ව සිටින බව දුටුවෙමි....මාව එම පුද්ගලයා දෙසට ඇදුන බව තේරුනද සුලු වෙලාවකින් එම ඇදීම අඩුවිය . මා නැවත මගේ කාමරයට ගිය අතර ඇස් හැර බැලූවිට. නැවත මා ඇදමත නිදාගෙන සිටින බව තේරුනි....මොකක්ද මේ හැමදාම මට පේන හීනෙ.....මට සිතුනි.මේ සිහිනයම දින කිහිපයක් දුටුවත් එම ඇදමත සිටිනපුද්ගලයා හදුනා ගැනීමට නොහැකිවිය.....මේ අතර තරින්දි සුපුරුදුපරිදි මගෙන් ඇදුම් ඉල්ලන නිසා මගේ ඇදුම් කට්ටලයක් ඇයටම තබාගැනීමට ලබා දුන්නෙමි....අපෝ එපා මම ඕව තියාගෙන ඉන්නව දැක්කොත් අපේ අම්මට තදවෙයි....ඇය කීවාය....එහෙනම් මම මේව වෙනම තියාගන්නම් ඔයාට ඕනැ වෙලාවක ඉල්ලගන්න කීවෙමි...ඇයි බන් මට කියල වෙන්කලේ මම ඇන්ද ඒව උඹට අදින්න හිරිකිතද.....ඇසූ ඇය ...මගේ ඇගේ හොරිනෑ...කීවාය.....මම කිසිවක් නොකියා ...හාහා ඕනැ එකක් කීවෙමි. ඇයත් මාත් මගේ ඇදුන් හවුලේ ඇන්දේ මේ ආකාරයටය.....මෙයා මෙච්චරටම කොල්ලෙක් වගේ ඉන්න කැමති ඇයි ...මම කල්පනා කලෙමි.....ඇය මගේ ඇඳුන් ඇදගෙන කොල්ලෙක් ලෙස සිටිනවිට ....තරින්දි කියන්නෙ කොයිතරම් ලස්සන කෙල්ලෙක් ද අපරාදෙ....කොල්ලෙක් වෙන්න ගිහින් මෙයාගෙ සුන්දර කම නැතිකරගන්නව.....මට ඇය කෙරෙහි කනගාටුවක් ඇතිවිය.......ඇගේ මෙම කොලු ගතිය නිසා සමහර ගැහැනු ලමුන් ඇයව කොන්කරන බව දුටුවෙමි......මේ උඹ ඉතින් කොල්ලොත් එක්කනෙ ඉන්නෙ.....ගැහැනු ලමුන් ඇයට කියනු මට ඇසුනි.....අපේ පන්තියේ නිහඩ කොල්ලෙක් වුනු මාවද පිරිමි ලමුන්ගෙන් වෙන්වෙන බව මටද තේරුනි. සමහර සෙල්ලම් වලට යාලුවන් තෝරනවිට ඔවුන් මට කිව්වේ ඔය පෙන්ද වැඩක් නෑ බන් කෙල්ලෙක් උනත් තරින්දි ඔයිටවඩා හොදයි....යනුවෙනි...මා ඉගැනීමට දස්කම් දැක්වූවද ක්‍රීඩා කටයුතු වලට මැලිකමක් දැක්වීම මගේ පුරුද්ද විය. තරමක ලැජ්ජාසීලී ගතියෙන් පෙලුනු මට....සමහර අව්ස්තාවලදී යහලුවන්......මොකක්ද බන් කෙල්ලෙක් වගේ ඇබරෙන්නෙ වරෙන්කො....ඔවුන් මට විහිලු කරන්ටවිය. ගෙදරට කවුරු ආවත් මම කාමරේ සිටින බැවින්.....පුතා ඉතින් කෙල්ලෙක් වගේ කාමරේට වෙලානෙ ඉන්නෙ....අම්මා ඔවුන්ට කියනු කිහිප දවසක් ඇසුනි......ඇත්තටම මගෙ ගතිගුන තරින්දිට තිබුනනම්.....සමහර වෙලාවට මට සිතුනි.....තරින්දි සන්වරව හැදෙනවනම් කොයිතරම් හොද ගැහැනු ලමයෙක්ද?....අපේ අම්මාද කියනු ඇසුනි.....ඒ ලමයට තාම බරක් පතලක් තේරෙන්නෙ නෑනෙ ලගදි ලොකු ලමයෙක් වුනාම එයට ඔහොම උඩ පැන පැන ඉන්න දෙන්න හොද නෑ.....තරින්දිගේ අම්මා මගේ අම්ම සමග කීවාය......ගීතිකා නැන්දගෙ වැරැද්දනෙ තරින්දිට නිදහස දීල වැඩියි ඒකයි ඔය.....මම සිතුවෙමි......තරින්දි ඔයා ඔයවැඩේ හමදාම කරන එක හරි නෑ නේද ....තරින්දි මගෙන් ඇදුම් ලබාගැනීමට ආ දිනක ඇසුවෙමි.....උඹට ඒකෙන් වැඩක් නෑනෙ බන්......ඇය මටද දොස් කියා ඇදුම් ටික ගත්තාය. අනේ මන්ද කොච්චර කාලයක් මෙයා මේව අදියිද....මට සිතුනි. මේ අතර මගේ සිහිනය දිනපතා දුටුවෙමි.....දවස් තුන හතරක් සිහිනෙන් එකම කාමරයකට ගියත් ඇද උඩ නිසොල්මනව සිටින පුද්ගලයා කවුරුදැයි තවමත් හදුනා ගැනීමට නොහැකිවිය.....මට තේරෙන්නේ මාව මෙම කාමරය තුලට ඇදල ගන්නේ එම පුද්ගලයා ගේ වුවමනාවට බවය. එහෙත් මෙතැන වැඩි කාලයක් මාව රදවා ගැනීමට නොහැකිවන බැවින් ආපසු මගේ කාමරයට ඇදී යන බව තේරුනි.....මේකනම් අරුම පුදුම හීනයක්....මේක පේන්නෙත් ඇදට ගිහින් විනාඩි පහකට විතර පස්සෙ.....ඊට පස්සෙ එහෙම විසේසයක් නැතුව හොදට නින්ද යනව.....මට හැමදාම හීනෙන් පෙනෙන කාමරේ කාගෙද ....මම කල්පනා කලෙමි....එම කාමරය තුලට ගියේ පෙරේරා මාමගේ ගෙය තුලින් බව මට සිතුනි. එහෙත් එය එතරම් විස්වාස නැති නිසා ....අද රෑට බලන්න ඕනැ....මම හිතා ගත්තෙමි....මා එදා රෑ නින්දට ගියේ කොහාටද පාවෙන්නේ කියා බැලීමේ අදහස ඇතුවය.....එදා මගේ ඇස් අඩවන් වෙන බව දැනුනි.....මාව මගේ සිරුරින් ඉහලට ගිය බව දැනුනි.. ඉන්පසු පාවෙනු දැනුනි. ඉදිරියේ පෙරේරා මාමාගේ නිවස දිස්විය මාව ඒ දෙසට ඇදී යනබව තේරුනි. එහි දොර වසා තිබුනත් මට එම නිවස ඇතුලට යෑමට හැකිවිය....මා වෙනදා ගිය කාමරය තුලට ගියෙමි. ඇද වුඩ සිටින පුද්ගලයා කවුරුද යන්න මට හදුනා ගැනීමට අවසය විය.වෙනදා මෙන් මාව බුරුල් වෙන බවක් නොදැනුනි. මා තව තවත් එම පුද්ගලයා දෙසට ඇදී යනු දැනුනි......මේ කවුද.....මම එම පුද්ගලයා හදුනා ගැනීමට උත්සාහකලත් එම සිරුරට ඇතුලුවනලෙස බලකරනු දැනුනි.....අයියෝ මට බෑ මට යන්න ඕනැ.....මට සිතුනි.. .......


No comments: