(අක්කා 55)...............................................අපි නිවසට පැමිනෙනතුරු අම්මා මේ ගැන කිසිවක් නොකීවාය....කේන්දරේ හොදයි කිවුවත් අම්ම කිසිදෙයක් නොකිය ඉන්නෙ ඇයි....මම කල්පනා කලෙමි....මේව මම එක්ක කතකරල වැඩක් නෑනෙ ඒක හින්ද වෙන්න ඇති....අක්කා ගෙදර පැමිනි පසු කේන්දර දෙක ගැලපෙන බව මම කීවෙමි.....එහෙත් එය එකවරම අම්මාගෙන් ඇසීමට නොගියාය.....දුව ඒ ලමයව මට හම්බවෙන්න ඕනැ.....අක්කා ගේ කමරයට ආ අම්මා කීවාය.....එයත් එක්ක කතාකරන්නෙ නැතුව මට මේ ගැන තාත්තට කියන්න බෑ....අම්මා තවදුරටත් කීවාය.....මෙහාට ගෙන්නන්න එපා මම ඔයාගෙ සැලුන් එකට එන්නම් එතැනට එන්න කියන්න.....එයාට කියන්නම් අම්මෙ ..අක්කා කීවාය......අම්ම ඒතරම් කැමැත්තක් නෑ වගේ....අම්මා ගියපසු මම අක්කාට කීවෙමි.....එයාව මුනගස්සල බලමුකො....අක්කා කීවාය.....අම්මා මුනගැනීම සදහා සිසිර අයියාට පනිවිඩයක් යැවූ අක්කා ඒ සදහා දිනයක් ද වෙන්කර ගත්තාය.....නන්ගි හෙට උදේ අම්මත් එක්ක එන්න....මම අම්මට කියන්නම්....සිසිර අයියා මුනගැසීමට හෙට පැමිනෙන ලෙස අක්කා අම්මාට කීවාය. .....පසුදා අම්මත් මමත් අකාගේ සැලුන් එකට ගියෙමු....තාම ආවෙ නැද්ද දුවේ ...අම්මා ඇසුවාය.....තව පොඩ්ඩකින් එනවකියල පනිවිඩයක් දුන්න....අක්කා කීවාය.....අම්මා සැලුන් එකේ තනින් තැන ඇවිදුනු දුටු මම....අම්මටත් අක්කට කියල මූන ටිකක් පේශල් කරගන්නකො....අම්මාට විහිලුවක් කලෙමි.....ඕව උලනවට වඩා මගෙ මූන තාම හොදයි....අම්මා කීවාය......අම්ම බයද දන්නෙ නෑනෙ අක්කෙ බෑනට අම්මයි දුවයි අදුනගන්න බැරිවෙයි කියල......අපේ කතාව අසාසිටි අක්කා කීවාය....එවිටම සිසිර අයියා එනුදුටු අම්මා කන්තෝරු කාමරයට ගියාය.....අක්කා සිසිර අයියා සමග කාමරයට ඇතුල් වූවාය....ඔවුන්ගේ කතාවලට සම්භන්ද නොවුනු මම කන්තෝරු කාමරයෙන් පිටතට වී සිටියෙමි......අම්මගෙ මූනෙන්නම් පේන්නෙ එච්චර අව්ලක් නෑ වගේ.....විදුරුව තුලින් අම්මාගේ මුහුන දුටු මට සිතුනි......ටික වෙලාවක් කතා කරමින් සිටි අක්කා ...මා අසලට ආවාය.....අපි උදේ ලෑස්තිකල කේක් ටික අරන් එන්නකො.....බීම ටිකත් ලෑස්තිකරන්න....අක්කා කීවිට....මොකද අම්ම කියන්නෙ......පොලිසියට ගියාවගේ දිගට හරහට ප්‍රස්න කරනව.....අක්කා කීවාය.....අනේ මන්ද මොනව වෙයිද කියල....මට බය හිතුනි......සෑහෙන වෙලාවකට පසු අයියා ගියපසු......ඒ දරුවගෙනම් වැරැද්දක් නෑ දැන් මේක තාත්තටත් කියන්න ඕනැනෙ.....අපි මේක තාත්තට කියල එයාලට අපේ ගෙදර එන්න දිනයක් දාගම්මු.....අම්මා එසේ කියනවිට ප්‍රස්නවලින් බාගයක් ඉවර උනාවගේ....සිතූ මගේ සිතට සැහැල්ලුවක් ඇතිවිය.......අපි ආපසු නිවසට පැමිනෙන විට කව්ද දන්නෙ දුවේ මේව කෙරෙන වැඩද කියල....ඒ ලමයගෙ දෙමවුපියොත් කැමතිවෙන්න ඕනැනෙ....අම්මා කියන්ට විය.......ඒ මොකද අකමැති වෙන්නෙ අම්මෙ....මම කිසිවක් නොදන්නාක් මෙන් ඇසුවෙමි......ඒයාලත් එක්ක බැලුවම අපිට මොනවද දුවේ තියෙන්නෙ.....ඔයා දැක්කද එයා ආව වාහ්නයේ ලොකු.....අම්මා කීවාය.....ඒ වුනාට අම්මට ඊටවඩා තියෙන්නෙ......මම කීවෙමි....ඒ මොනවද..එයාලට කිට්ටු කරන්න අපිට බෑ....කීවාය......ඉතින් අම්මට ලස්සන හොදට හැදිච්ච දුවෙක් ඉන්නෙ ඒකම ඇතිනේ.....මම කීවෙමි.....මාදෙස බලා සිනාසුනු ඇය ....මට දැන් එක දුවෙක් නෙවෙයි දූල දෙන්නෙක්ම ඉන්නව...මගෙ පැහිච්ච ආච්චිත් එක්ක .....මගේ කරමතට අත දැම්ම ඇය මාව ඇගේ සිරුරට හේත්තුකර ගත්තාය....ඔන්න අම්මගෙ සියයට පනහ හරි ඉතිරිටික තමා වැඩේ......එදින සවස වැඩ ඇරී ගෙදරට ආ අක්කාට කීවෙමි.....අම්මා හරි කියන්නෙ තාත්තත් හරි කියන එකනෙ....ඒ කියන්නෙ අපේ පැත්ත හරි. බලමුකු එයාලගෙ පැත්තෙන් කොහොමද කියල.....අක්කා කීවාය........ එදින අම්මා තාත්තාට සිසිර අයියා ගැන පවසා ඇතිබව.....තාත්තා අක්කාට අඩගැසීමෙන් තේරුම් ගත්තෙමි.....තාත්ත මොකද කිව්වෙ අක්කෙ අක්කා නැවත පැමිනි ඇසුවෙමි....අම්ම කැමතිනම් ඉතින් තාත්තගෙන් අව්ලක් නෑනෙ....ඒත් තාත්ත කිව්ව තව ටිකක් එයා ගැන හොයල බලමු කියල......තාත ඔයාගෙ වැඩේ ගැනත් බලල එයා කියල තියෙනව මෙහෙ ඩොක්ටගෙනුත් වාර්ත්වක් ගන්න වෙනව කියල...අපි ආවට පස්සෙ ඩොක්ට හම්බවෙන්න ගියෙත් නෑනෙ....ඉක්මනට එයාව හම්බවෙලා මේ ගැනත් කියමු.....අක්කා යෝජනා කලාය. සතියක් පමන ගෙදර සිටිමම.....අක්කේ මම සතියක් විතර ගෙදර හිටියනෙ ලබන සතියෙ ඉදන් වැඩට එන්නද.....ඇසුවෙමි......නන්ගිට අපහසුවක් නැත්නම් එන්න......අක්කා කීවාය. මේ සතියේ අග සිසිර අයියා අපේ ගෙදර පැමිනෙන බව දන්වා තිබුනු අතර. ඊට පෙර අපි වෛද්‍ය වරයා ද මුනගැසුනෙමු.....මාව පරීක්ෂා කල ඔහු සුලු ගටලු කීපයක් තිබුනද ටික දිනකින් ඒවා අඩුවෙන බව දැන්වීය.....මගේ උපැන්නය වෙනස් කිරීම සදහා වෛද්‍ය වාර්තාවක් සක්ස්කර දීමටද පොරොන්දුවිය....දිගටම පාවිච්චි කිරීම සදහා ගැහැනු හෝමෝන් පෙති නියම කලේය.....මේ අතර සති අන්තයේ සිසිර අයියා පිලිගැනීමේ කටයුතු සංවිධානය කිරීමටද සිදුවිය......
No comments:
Post a Comment