Saturday, May 28, 2016


(සිහිනය 11)..........................................මා තරින්දිගේ සටහන් පොතක් අතට ගෙන කියවන්ට වුනෙමි....මේ කෙල්ලට ඔල්මාදෙද මන්ද මේ වචනෙ වැරදියට ලියාගෙනනෙ.....මම එම වචනය හරියට ලිව්වෙමි. මා ලියන ලද අකුරු තරින්දිගේ අකුරුවලට සමානවිය....ෂා... මාව තරින්දිවුනාම ලස්සනට අකුරු ලියන්නත් පුලුවන්.......මගේ අත් අකුරු ගැන අම්මාගෙන් ගුරුවරුන්ගෙන් බැනුම් අසා තිබුනු වාර ගනනාවක් විය. මා කෙතරම් උත්සාහකලත් මගේ අකුරු ලස්සන කර ගැනීමට නොහැකිවිය. තරින්දිවූ පසු මට නිරායාසයෙන්ම ලස්සනට අකුරු ලිවීමට හැකිවීඇත...කෙල්ලෙක් වුනාම හැමදේම ලස්සන වෙනව.....මම සතුටින් කල්පනා කලෙමි. මා ඇගේ සටහන් වල වැරදි නිවැරදි කරමින් ඒවා කියවන්ට වුනෙමි.සුලු වෙලාවකින් මා අසලට පැමිනි අම්මා මගේ හිස ආදරයෙන් අතගාමින් ඔන්න ඔහොමතමයි හොද ලමයි ඉන්න ඕනැ.....එහෙ මෙහෙ රස්තියාදු ගහන්නෙ නැතුව ගෙදරට වෙලා පාඩම් වැඩ කරගෙන ඉන්න....කියමින් ඇදේ වාඩිවුනු ඇය.....දුවට අපි සෙල්ලන් කරන්න එපා කියන්නෙ නෑ ලමයි වුනාම ඒවත් කරන්න ඕනැ. ඒ වුනත් ගැහැණු ලමයෙකුට සුදුසු නුසුදුසු වැඩ තියෙනව. ඔයා ඔය ගස්යන එකයි කොල්ලො වගේ දුව පැන ඇවිදින එකයි. ගැහැනු ලමයෙකුට ගැලපෙන්නෙ නෑනෙ. බලන්න අර දිල්හානි ඇන්ටිගෙ පුතා තාරුක...එයා කොල්ලෙක් වෙලත් ඔයා වගේ දගලන්නෙ උඩපනින්නෙ නෑනෙ....හැබැයි කොල්ලෙක් වුනාම කෙල්ලෙක් වගේ ගේ මුල්ලෙම ඉන්න එකත් වැඩක් නෑ. තාරුක ගෑනුලමයෙක් උනානම්..... කියල වැඩක් නෑ.....ඔයා කොල්ලෙක් වෙලා ඒ ලමය කෙල්ලෙක් උනානම් හරියටම හරි....ඇය එසේ පවසමින් සිනාසුනාය.......ඒ ලමය මේ වෙනවිටත් කෙල්ලෙක්වී අම්මා ඉදිරියේම සිටින බව නොදැනීම ගැන මා සිතෙන් සිනාසුනෙමි.....ඇය ඉන් අනතුරුව නිස්සබ්ද වූනිසා මා ඇය දෙස බැලුවෙමි . ඇයට තරින්දිගේ ඇද උඩ නින්ද ගොස් තිබුනි.....එක අතකින් බලනකොට මගෙ අම්මට වඩා මේ අම්ම හොදයි. එයා කවදාවත් මේවගෙ ලගට වෙලා ආදරෙන් කතා කරන්නෙ නෑ. මෙච්චර හොද අම්ම කෙනෙක් ඉන්දැද්දිනෙ තරින්දි කොල්ලෙක් වගේ හැසිරෙන්නෙ.....මම ඇයගේ සටහන් පොත් එකිනෙක බලමින් ඒවායේ තිබුනු වැරදි නිවැරදි කරමින් පාඩම් කෙරුවෙමි.....තරින්දි මේ පොත් කියවන කොට හිතයිද දන්නෙ නෑ කවුද මේව හැදුවෙ කියල....එයාගෙම අකුරු හින්ද එයාටම හිතෙයි අමතක වුනාට එයාම වෙනස් කලා කියෙල....මට සිතුනි.....දන්නෙම නැතුව හොඩටම නින්දගියා දුවේ....අම්මා නැගිට හිරි අරිමින් පැවසුවාය. තුනත් වෙලා දුවට තේ එකක් හදල දෙන්නද....මගෙන් ඇසුවාය....තාත්ත නැද්ද අම්මෙ...මම ඇසුවෙමි...ඇයි දුවට මතක නැද්ද තාත්ත කොහේද යනව කියල ගියේ.....උදේ තරින්දි සිටිනවිට ඔහු ගොස් ඇතිබව තේරුම් ගත් මම....මට අමතක වුනානෙ ...කීවෙමි....පොඩි කෙල්ලන්ට ඔහොම අමතක වෙනවනම් අපිට කොහොම අමතක වෙන්න ඕනැද කියමින් මගේ හිසට ආදරෙන් ටොක්කක් ඇන කාමරයෙන් පිටට ගියාය. මම හිස අත ගාමින් ඇය පසුපස ගියෙමි. ඇය කුස්සියට ගොස් වතුර රත්කරන ආකාරය බලා සිටියෙමි.හදිසියෙවත් මාව දිගටම තරින්දි වුනොත් මේ ගෙදර දේවල් බලා ගන්න ඕනැ.....මම කුස්සියේ තිබුනු බන්කුවේ වාඩිවී කල්පනා කලෙමි. මොකද අද කුස්සියට ආවෙ වෙනදට කිස්සිය පලාතටවත් එන්නෙ නෑනෙ......ඇය මා දෙස අමුතු ලෙස බලා පැවසුවාය....කිසි දෙයක් කියාගන්න බැරිවුනු මම සිනාසුනිමි.....අදනම් යන්තම් ගෑනුලමයෙක් වගේ වාඩිවෙලා ඉන්නව බූරු ඇද වගේ කකුල් පලල් කරගෙන ඉන්නෙ නැතුව.....මගේ කකුල් දෙක දෙස බැලූ ඇය කීවාය.....ඔයා යටට ඇදන් ඉන්නෙ සුදුපාට පැන්ටියද ...ඇය ඇසුවාය.....මා උදෑසන සුදුපාට පැන්ටිය ඇන්ද බව මතක් විය එහෙත් තරින්දි එය මාරු කර අත්දැයි නොදත් මම ඉක්මනින් කාමරයට යෑමට නැගිට්ටෙමි....ඇයි මතක නැද්ද ඇසූ ඇය මා අසලට පැමින මා ඇද සිටි ගවුමේ සාය උස්සා බලූ ඇය.... හ්ම්ම් යන්තම් ඇති . මේ දවස් වල මතක ඇතුව සුදු අදින්න ඕනැ.....පැවසුවාය....ඇයි අම්මෙ සුදුම අදින්නෙ....මම ඇසුවෙමි...ඇයි ඔයිට ඉස්සෙල්ල කිව්ව මතක නැද්ද ඔයා ලොකු ලමයෙක් වුනාම සුදු ඇන්දම හොදට පේනව පැන්ටිය ගලවන කොට ලේ පැල්ලම් තිබුනොත් මට ඉක්මනට කියන්න ඕනැ......ඇය අවවාදයක් ද දුන්නාය......තේ බී නැවත කාමරයට ගියමම ගෑණු ලමයි ලොකුවෙනව කියන්නෙ පැන්ටියෙ ලේ ගෑවෙන එකද....කල්පනා කල මම ගැහැනු ලමයෙක් උනාම පිරිමි ලමයි නොදන්න කොච්චර දේවල් තියෙනවද.....සිතන්ට වුනෙමි. මාව තරින්දි වුන වෙලාවට අම්ම කියන දේ කරන්න ඕනැ...මම හිතා ගත්තෙමි.ටික වෙලාවකින් ගෙදරට පැමිනි තාත්තා....දුව තරින්දී.....මට අඩගැසුවාය. පාර්සලයක් මට දුන් ඔහු අම්මත් එක්ක කන්න කීවේය....බූන්දි බව දුටු මම සතුටින් එය රැගෙන අම්මා අසලට ගොස් ඇයට දුන්නෙමි.......අම්මා මල් කඩා ලස්සන වට්ටියක් තනන බව දුටු මම.....අපේ අම්ම වගේ නෙවෙයි තරින්දිගෙ අම්ම හැමදාම බුදුන් වදිනව වගේ....මට සතුටක් ඇතිවිය. මම ඇය අසලට ගොස් එයට උදව් වුනෙමි. ...මොකද අද කවදාවත් නැතුව....මගේ මුහුන දෙස බලමින් ඇසුවාය....දැන් හවස හයටත් කිට්ටුයි මම යන්නෙ නැද්ද....තාම මම ඇදේ නිදාගෙන ඇති. දැම්ම ගියොත් ඇහෙරෙන්න පුලුවන් ඊට පස්සෙ රෑවෙලා මෙහාට එන්න පුලුවන්....එහෙත් මා සිතන දේ සිදු නොවන බව තේරුනි......රාත්රී කෑම වේලාව පසුවුවද මා තවමත් තරින්දිය.......මුහුන සෝදා නින්දට ගියේද තරින්දි විලසිනි.....හෙට වුදේනම් යන්න වෙනව නැත්නම් දහම් පාසැල් යන්නෙ කොහොමද...මම කල්පනා කලෙමි......

No comments: