(අක්කා 7)........................ .........................ඉ න්පසු අක්කා මට සාරිය අන්දන්න පටන්ගත්තාය.සාරි රෙද්දේ තිබුනු සිනුදුබව නිසා මට අමුතු සුවයක් දැනෙන්ටවිය....ඇය මාව හැඩකරමින් අන්දන අයුරු ආශාවෙන් බලාසිටියෙමි....ඔන්න දැන් හරි ලස්සනද බලන්න....මට කීවාය.....හොදයි වගේ නේද අක්කෙ කොන්ඩෙ නැති හින්ද තමා අව්ල නේද......මම කීවෙමි......ආ ඒක ගැන බයවෙන්න එපා අපි විග් එකක් දාමු......ඔයාව ලස්සන කරන්න තව ගොඩක් ඒව කරන්න තියෙනව.මම හිතන්නෙ ඒව කලාම ඔයාව පිරිමි ලමයෙක් කියල හොයාගන්න බැරිවෙයි.....අක්කට හොදනම් මට ගැටලුවක් නෑ...... මම කීවෙමි......අද මම නිකන් අන්දල බැලුවෙ ලස්සට එනවදකියල බලන්න.....මගෙ හිතේ තියන රූපෙ ඔයාගෙන් ගන්න පුලුවන් වගේ.....පැවසූ අක්කා..... ඔය හෙට වැඩට යනවද මල්ලි.......නෑ අක්කෙ මට බෑ.....අයිය බනීනෙ......ඔහේ බැන්නාවෙ..මට ඉටවඩා හොදයි අක්කට උදව්වක් කරන එක......මම කීවෙමි. එහෙනම් හෙට සැලුන් එකට එන්න.ඔයාව ෆේශල් ටිකක් කරන්න ඕනැ. විග් එකක් ගන්න ඕනැ. ගොඩක් වැඩ තියෙනව.....අක්කා එසේ පවසමින් මට අන්දවන ලද සාරිය ගැලවීමට පටන්ගත්තාය.......මා නැවත මගේ ඇදුම් ඇදගෙන මගේ කාමරයට ගියෙමි.ජීවිතේ පලමු වරට ගෑනු ඇදුම් ඇන්ද මට එහි යම්කිසි සුන්දර බවක් ඇතිබව වැටහුනි....හෙට සැලුන් එකට ගියහම මොනව අන්දයිද දන්නෙ නෑ....මම කල්පනා කලෙමි......පසුදා අක්කා ගියාට පසු මම සැලුන් එකට ගිය පසු මමද එහි යෑමට සැරසුනෙමි....කොහේ යන්නද ඔය ලෑස්තිවෙන්නෙ......අම්මා සැරෙන් අසන්ට විය.....ලොකු එකා රස්සවක් හොයල දුන්නත් උබට ඒක කරන්න බෑ....උබට පුලුවන් ඉතින් රස්තියාදු ගහන්න තමා......අම්මා දිගටම බනින්ට වූවාය.එහෙත් මා ඒ කිසිවක් ගනනකට නොගෙන ගෙදරින් පිටවූවෙමි.........මා සැලුන් එකට ගියපසු ඇගේ කාමරයේ සිටින ලෙස දැන්වුවාය.දොර වැසූ ඇය මා අසලට පැමින ඔයාගෙ මුහුනෙ රැවුල අඩු හින්ද ෆේශල් කලාම ඒව වහගන්න පුලුවන් වෙයි. අත් වල තියෙන ඒව ගලවමු එතකොට ටික දවසකට වැවෙන්නෙ නෑ. ඇය මගේ අත්වල කෙස් තිබෙන ස්තාන වලට මොනවදෝ තවරා රැදි කැබැල්ලක් ඇලවුවාය.තික වෙලාවකට පසු රෙදි කබැල්ල එකවර අදිනවිට වේදනාවක් දැනුනත් අතේ තිබුනු කෙස් එයට ගැලවී ගිය බව පෙනුනි.....අක්කා ක්රමයෙන් මගේ සිරුර පුරාම තිබෙන කෙස් ඉවත් කලාය.....අක්ක මේව කලාට ගෙදර අය අහයිද දන්නෙ නෑ මොකද අත පය වලට වෙලා තියෙන්නෙ කියල......මල්ලි කොහොම හරි මේ දවස් ටික පැන ගන්නකන් ඇඟ පෙන්වන්නෙ නැතුව ඉන්නකො.....අක්කා උපදෙස් දුන්නාය.මේ අතර අක්කා මට පැලදී මට විග් එකක් සොයන්ට වූවාය....මේක හොදයි පැවසූ ඇය එය මගේ හිසට පැලදුවාය.එහි දිග කොන්ඩය මගේ පිට මැදටත් වඩා දික්වී ඇති බව තේරුනි......ඇය මට සාරි ජැකට් එකක් මැසීම සදහා මිමි ගැනීමට පටන් ගත්තාය.ඒ සමගම යට සාය සදහා ද මිමි ගත්තාය....අක්කෙ ඇයි මේව අලුතින් මහන්නෙ...මට හරියන ඒව අක්ක ගාව තියෙනවනෙ....මම ඇසුවෙමි....ඒව හරියන්නෙ නෑ ලමයෝ.....අලුත් නිර්මාන කරන්න ඕනැනෙ.........අක්කා එසේ පවසන ගමන් මිමි ගන්ට විය.ඔයාට අලුත් සාරියක් අන්දන්නත් ඕනැ ඒ සාරිය ලෑස්තිකරල තියෙන්නෙ.......ඇය කීවාය.තව වැඩ ගොඩක් තියෙනව මල්ලියෙ කෙල්ලෙක් අන්දනව වගේ නෙවෙයි ඔයාව අන්දන එක ඔයාගෙ තියෙන පිරිමි ලක්ෂණ පුලුවන්තරම් හන්ගන්න ඕනැ. .....ලේසි නෑ නේද අක්කෙ....මම කීවෙමි.......කොච්චර අමාරුවුනත් මේ වැඩේ කරන්න ඕනැනෙ මල්ලියෙ.....අක්කා නොසැලෙන හඩින් පවසන්ට විය. මගේ ෆේශල් කටයුතු පටන්ගත් අක්කා එයට සෑහෙන කාලයක් ගතවිය....මේ සෑම කටයුත්තක් ම අක්කාගේ කාමර තුල කර ගැනීමට සිදුවූයේ මා පිරිමියෙක් වූනිසාය.........තව ලොකු වැඩක් තියෙනවනෙ මල්ලියෙ මම කල්පනා කලේ ඒ වැඩේ කරන්නෙ කොහොමද කියල.....ඒ මොකක්ද අක්කෙ.....මම ඇසුවෙමි.....අනේ මන්ද මල්ලියේ ඒක නොකරත් බෑ කරලත් බෑ......
No comments:
Post a Comment