Wednesday, May 18, 2016
(අක්කා 66).....................................................ඒක කියන්න ඉස්සෙල්ල මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනැ.....ඔහු කීවේය......අපි නිවස අසලට යනවිට හැඩිදැඩි තරුණයෙක් හසිත අසලට පැමිණ ඔහුට හොදට ගරුසරු ඇතුව කතාකරන්ට විය....තන්ගවේලු.... කී. හසිත දෙමලෙන් මොනවද කියන්ටවිය.මම හිතන්නෙ මේ මනුස්සයගෙ නම තන්ගවේලුවෙන්න ඇති....මම ඔවුන්ගේ කේ කතාව අසාසිටියෙමි.....නිවස තුලට යනවිට..... මාරිඅම්මා....යනුවෙන් කාන්තාවකට කතාකරනු මම දුටුවෙමි..ඇය සමග දෙමලෙන් කතාකල හසිත ....ඒ ගෑනු එක්කෙනා අදුනනවද මගෙන් ඇසුවේය....මම කවදාවත් නොදුටු ඇය ගැන මගෙන් ඇසීය...මම නෑ යනුවෙන් පැවසුවෙමි....අහලත් නැද්ද....මගෙන් ඇසීය....නෑ හසිත....මම උත්තර දුන්විට....ඔයා වල්ලි අම්ම අහල තියෙනව නේද....ඔව් අර දෙවි කෙනෙක්නෙ...මම කීවෙමි....අන්න හරි මෙයාතමයි එයාගෙ නංගි ...ඔහු සිනාසෙමින් කීවේය.....එතකොට ඔයා අම්මට කිව්ව වගේ මාව එක්ක ආවෙ දිවිය ලෝකෙටද....ඔව් හැබැයි මෙහෙ ඉන්නෙ වැඩිහරියක් දෙමල දෙවියො.....කියමින් සිනාසුනේය.... පේන්නෙ නැද්ද නලල දිහා බැලුවම. .....දෙවියො වගේ නලලෙ ඉරි ඇදගෙන ඉන්නව.....ඔහු එය පවසනවිට මට හිනාගියෙයේය. මම වටපිට බැලුවෙමි ගේ අතුලතද සැපපහසු හෝටලයක් පරිදිවිය.....මේ හෝටලේ කාගෙද දන්නෙ නෑ...හසිතගෙ ලගම යාලුවෙකුගෙ වෙන්න ඇති ...මම සිතුවෙමි ....මේක ඇතුලෙ හරියන්නෙ නෑ හොදට හුලන් වදින තැනක ගහක් යටට වෙලා කතාකරමු....පැවසූ හසිත විශාල මාර ගහක් යට ඉදිකර තිබුනු විවේක ගන්නා ස්තානයකට මාව එක්ක ගියේය.....මෙතන හොදයි නේද....වට පිට හරිලස්සනයි අනේ ..මම කීවෙමි.....ඉතින් වාඩි වෙන්නකො කී හසිත...ඉස්සෙල්ල ඔයාට මම ගැන කියන්නම්....කී හසිත ඔහුගේ කතාව පටන්ගත්තේය....මේ තේවත මගේ තාත්තගෙ තාත්තට හිටිය එකම බූරුව තමා මම.....ඉතින් ඔයා බූරුවෙක් යෑ...මම කීවෙමි....ඒ වුනාට තාත්ත මට බනින කොට කතාකරන්නෙ බූරුව කියලනෙ....මම හිතන්නෙ තාත්තගෙ තාත්තත් ඒ කියන්නෙ අපේ සීයත් තාත්තට බනින්න ඇත්තෙ තාත්තට බූරුව කියල...අපේ පරම්පරාවම බූරුවොද දන්නෙ නෑනෙ එහෙම කියන්න....ඔහු සිනාසෙන්ට විය...දැන් එයා නැතිවෙලා අවුරුදු අටක් විතර වෙනව....ඊට පස්සෙ මේ ඔක්කොම පාලනය මගේ කරට වැටුන.....අම්මෝ ඔයාට රිදුනෙ නැද්ද....මම විහිලුවට ඇසුවෙමි....රිදුනදත් කියල අහනව තාම ඒ අමාරුව තියෙනව.....ඔහු කියමින් සිනාසුනේය....ඊට පස්සෙ තමා මම කුමාරිව බැන්දෙ....කුමාරි ඔයා විතර ලස්සන නැතිවුනාට හරි හොද කෙල්ල...හැබැයි මගෙ විහිලුවලටනම් තදවෙනව......එහෙම තදවෙන වෙලවට මාත් තව ටිකක් විහිලු කරනව.....ඒත් අපි හරිම සන්තෝසෙන් හිටිය .පුතා හම්බවෙලා වැඩි කාලයක් ගියෙ නෑ එයා අසනීපවුනා.....හසිත එසේ පවසනවිට මෙතෙක් වෙලාතිබුනු ඔහුගේ සතුටු මුහුන අදුරු වෙන බව මා දුටුවෙමි.....මම එයාව ගොඩගන්න ගොඩක් දේවල් කලා ...අන්තිමේදි එයා අපිව දාල ගියා....එසේ පවසනවිට ඔහුගේ දෑත් වලින් මුහුන වසාගන්නා ආකාරය මම දුටුවෙමි.....ජීවිතේ ඔහොම තමා හසිත....අපි කැමති හැම දෙයක්ම අපිට ලැබෙන්නෙ නෑ.... මම ඔහුගේ සිත සැනසුවෙමි.....මට දැන් එයා වෙනුවෙන් කරන්න ඕනැ එකම දේ තමයි අපේ දරුවො දෙන්න ආදරයෙන් හදා ගන්න එක.....මට ඕනැතරම් මංගල යොජනා ආව ..මම ඒ එකකටවත් කැමති වුනේ නෑ....මට හිතුන එයාල එන්නෙ මගෙ දේපල වලට මිසක් ආදරේට නෙවෙයි කියල....ඒ ඉන්න කොට තමයි සිසිර මට ඔයගැන යෝජනා කලේ.....මම ඔයාව දැකල තිබුනට ඔයා මේ විදියට පත්වුන කෙනෙක් කියල දැනගෙන හිටියෙනෑ....මට ඕනැ මගෙ දරුවොදෙන්නට හොද අම්ම කෙනෙක් වෙලා එයාලට කුමාරි නැති අඩුව පුරවන්න...මම එයාලට කියල තියෙන්නෙ අම්ම දිවිය ලෝකෙ ගිහින් කොයිවෙලාවක හරි ඔයාලව බලන්න එයි කියල...එසේ පවසන ඔහුගේ ඇස්වලින් කදුලු බේරෙන බව දුටු මට දුක හිතුනි...මම මගේ අතේ තිබුනු ලේන්සුව ඔහුගේ මුහුන පිසදා ගැනීමට දුන්නෙමි......හසිත සාමානය ජීවිතේදී සතුටින් සැහැල්ලුවෙන් හිටියත් කෙතරම් සන්වේදී පුද්ගලයෙක් ද යන්න මට තේරුම් ගැනීමට හැකිවිය.....ඔයා දුක් වෙන්න එපා හසිත ඔයා කැමතිනම් මම ඔයාගෙ කුමාරි වගේ වෙන්නම්....මම ඒ දරුවන්ගෙ අම්ම වෙන්නම්.....කීවෙමි.....හැබැයි කුමාරි වගේ මම කරන විහිලුවලට තදවෙන්නනම් එපා....ඔහු කදුලු අතරින්...මට විහිලුවක් කලේය......දැන් මගෙ කතාව අවසානයි ඔයා ගෙකතාව කියන්න....අමෝ මම කොහොමද මම පොඩිකාලෙ මට අම්ම තාත අයියල ගහපු බැනපුව කියන්නෙ...මට බෑ ඒවකියන්න....මම කල්පනා කලෙමි......මට ඉස්සෙල්ලම කියන්න ඇයි ඔයා කෙල්ලෙක් වුනේ කියල.....ඔහු කීවේය....මම පුන්චි කාලෙ ඉදල අයියලත් එක්ක නෙවෙයි හිටියෙ. අක්කත් එක්ක තමා සෙල්ලම් කලේ. ඒ හින්ද අක්ක මට ගොඩක් ආදරේ කලා.....අක්ක සැලොන් එක දැම්මට පස්සෙ අක්කට මනමාලි තරගයට තියන්න කෙල්ලෙක් නැතිවුනාම මාව මනමාලිට අන්දල තිබ්බ....ඉතින් අන්තිමය උනා...හසිත..සිනාසුනේය....පුදුමෙ කියන්නෙ පලවෙනිය වුනානෙ.....මම කීවෙමි.....අන්ද පාසැලේද ඔය තරගෙ තිබ්බෙ....හසිත හයියෙන් සිනාසෙන්ටවිය......බොරු නෙවෙයි මේ ඇත්ත බී එම් අයි සී එච් එකේ තිබ්බෙ......මම හිටියනම් විනිස්චය මන්ඩලේට හොදට ඇස් චෙක් කරල කන්නාඩි ගන්න කියනව.....ඉතින් ඊටපස්සෙ.....ඊට පස්සෙ මට හරි ආශාවක් හිතුන කෙල්ලෙක් වුනානම් හොදයි කියල.....එතකොට කොල්ලො රවට්ටන්න පුලුවන්නෙ.....හසිත එසේ පවසන විට මගේ සිත රිදුනි.....මට කාවවත් රවට්ටන්න ඕනෙනෑ....මම මීට ඉස්සෙල්ල කිසිම කොල්ලෙක් එක්ක මේවිදියට තනියම කතාකරල නෑ ...අක්ක කිව්ව හින්ද තමා මම මේගමනත් ආවෙ...මම හැඩුම් බරව කීවෙමි......අනේ කෙල්ලෙ සොරි සොරි....මම විහිලුවක් නෙ කලේ ලමයෝ.....මම මීට පස්සෙ ඕවගෙ විහිලු කරන්නෙ නෑ.....හරි දැන් ඒක අමතක කරමු...ඔයාගෙ කතාවෙ ඉතුරුටික කියන්නකො........ඔහු කීවේය. මට ඕනැවුනා හමදාම කෙල්ලෙක් වගේ ඉන්න. අක්ක කොහොම හරි අම්මල කමති කරව ගත්ත මාව කෙල්ලෙක් වගේ අන්දගෙන සැලුන් එකේ වඩට ගන්න.....ඊට පස්සෙ මට පිරිම ඇග සම්පූරනයෙන් වෙනස් කරගෙන නියම කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න ඕනැවුනා කොහොම හරි අක්ක ඒකත් මට කරල දුන්න......ඊට පස්සෙ තමයි..............
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment