Saturday, May 14, 2016

(අක්කා 57)..................................................එයලගෙනම් වැරැද්දක් පේන්නෙ නෑ කොහොමත් අපිත් ඒ පැත්තෙ ගිහින් බලන්න ඕනැනෙ......ඔවුන් පිටත්වූ පසු අම්මා කීවාය......අනේ මන්ද මේක කරනවනම් එයාල එක්ක අපිට හැප්පෙන්න පුලුවන්ද කියල.....මොකද මම දන්නව එයාල වෙඩින් එක ගන්නෙ ගොඩක් ලොකුවට. ඉතින් අපිත් ඒවගේ මොනවහරි කරන්න ඕනැනෙ....ඉතින් ඔයතරම් වියදම් කරන්න සල්ලි කොහෙන්ද......පැවසූ තාත්තා කල්පනා කරන්ටවිය......තාත්ත බය වෙන්න එපා මාගාවත් සල්ලි ටිකක් තියෙනව අපි පුලුවන් විදියට මොනව හරි කරමු.....අක්කා කීවාය......දැන් අක්කට අන්දන්න සල්ලියන්නෙත් නෑ. පොටෝ වලට සල්ලියන්නෙත් නෑනෙ......මම අක්කාට කීවෙමි......ඒකනෙ ...පැවසූ අක්කා මගේ පිට අතගෑවාය.....හා.. හා.... මොනවහරි කරමුකො....පැවසූ තාත්තා....කොයිකටත් අපිත් එහෙ ගිහින් එන්න ඕනැනෙ.....පැවසුවේය......සතුටින් ඉහවහා ගිය අක්කා කාමරය තුලට ගියගමන් මාව තදින් තුරුලුකරගෙන සිනාසෙන්ට වූවාය.........මේ...අක්කේ මම සිසිර අයිය නෙවෙයි......මම කීවෙමි..... මේ ඔක්කොම වුනේ මගෙ නංගිගෙ වාසනාවට නන්ගි.....මාව අතහැරිය අක්කා කීවාය.....මොන පිස්සුද අක්කෙ ....මගේ වාසනාවට නෙවෙයි අක්කගෙ වාසනාවට...අක්කගෙ කේන්දරෙත් ඒක තියෙනවනෙ.....මම කීවෙමි......සිනාසුනු අක්කා..... මේ වාසනාව වැඩිවෙන්න පටන්ගත්තෙ ඔයා නංගි කෙනෙක් උනාට පස්සෙනෙ....අක්කා කීවාය......කවද්ද අක්කෙ රත්නපුරේ යන්නෙ...මම ඇසුවෙමි......අපි යන්නෙ නෑ මෝඩියෙ අම්මයි තාත්තයි යයි. ඔන්නම් ලොකු අයිය යයි....අක්කා කීවාය....එහෙනම් මටත් යන්න පුලුවන්.....මම සතුටින් කීවෙමි....ඕවට ගෑනු ලමයි යන්නෙ නෑ...යන්නෙ බැදපු ගෑනුඅයයි පිරිමි අයයි......ඒකත් එහෙමද මම සුසුමක් හෙලුවෙමි.....මා දෙස බැලූ අක්කා....මොකද... කෙල්ලෙක් වෙන එකේ විපාක දැන් තේරෙනව නේද?.....අපෝ ඕවෑ නොගියට කමක් නෑ මාව කෙල්ලෙක්වුන එක ඊට වඩා හොදයි.අක්ක බැන්දම යන්න පුලුවන්නෙ....මම කීවෙමි.                                සිසිර අයියා අපේ ගෙදරට පැමිනි පසු ඔහු නිතර අක්කා හමුවීමට සැලුන් එකට පැමිනියේය...ඒ එන හැම විටම මට චොකලට් එකක් හෝ ගෙන ඒම ඔහුගේ පුරුද්දක් විය. ඔහු මට ආදරය කලේ ඔහුගේම සහෝදරියකට වගේ බව මට තේරුනි.සමහර දිනවල ඔහු අක්කා සමග කොහේ හෝ ගියේය...එවිට සැලුන් එකේ කටයුතු මට බාරවිය......අක්ක තාම බැදල නැතිහින්ද ටිකක් පරිස්සන් වෙන්න.....මම අක්කාට කීවෙමි.....සිසිර අයිය එහෙම ජරා මනුස්සයෙක් නෙවෙයි නංගි .....අක්කා කීවාය.....දින කීපයකින් රත්නපුරේ යෑමට දිනයක් දාගත් බව තාත්තා කීවේය.එදින ගමනට පිටත්වුනේ අක්කාගේ කාර් එකෙන් නිසා...අපිට සැලුන් එකට යෑමට සිදුවූවේ ත්‍රීවීල් එකකිනි. එම ගමනට තාත්තාත් අම්මාත් ලොකු අයියාත් පිටත් විය ....ඔවුන් ගෙදර එනවිට සවස් වූ බව ...අපි ගෙදර ආ විට අම්මා කීවාය....කොහොමද අම්මෙ එහෙ...මම ඇසුවෙමි....ඒ ගෙවල් මාලිගාවල් වගේ දුවේ.අපිට හිතාගන්නවත් බෑ....එයාල කෝකියො ගෙනල්ල උයල අපිට දවල්ට කෑමත් දුන්න....එයාල අපිට කැමති වුන එකත් පුදුමයි....අම්මා කීවාය. නැකැත් හදන්න කේන්දරෙත් ඉල්ලගෙන ආවෙ....අම්මා කීවාය...එතකොට හෙට නැකැත් හදන්න යනවද?...මම ඇසුවෙමි...ඔව් නැතුව බෑනෙ හෙට තාත්තත් එක්ක යනව.....කීවාය.                                                       මේ අතර මගේ උප්පැන්න සහතිකය වෙනස් කිරීම සදහා වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට වෛද්යවරයා හමුවූවෙමු. ඔහො සියලු කටවුතු නිමවා තිබුනු බවින් අපි එම වාර්තාව ලබාගත්තෙමු......මෙ සම්බන්ධව අක්කා තාත්තා සමග කතා කල විට අපිට තාත්තාගේ නීතීඥ මහතා හමුවීමට දිනයක් දා ගත්තෙමු.....අක්කා ගේ විවාහ නැකත්ද ලැබී තිබුනු අතර ඒ සදහා තවත් මාස හතරක පමන කාලයක් තිබුනි. සිසිර අයියා අක්කා හමුවීමට නිතර අපේ ගෙදරටද ආ නිසා අයියලා දෙදෙනාද ඔහු සමග හිතවත් විය. උපැන්න වෙනස්කිරීමෙ නීතිකටයුතු කිරීමට නීතීඥ මහතාට සියලු ලියකියවිලෙ බාර දුන්නෙමු.....මීලග කරුන වූයේ අක්කාගේ විවාහ කටවුතු කිරීමට සුදුසු ස්තානයක් සොයා ගැනීමය. තාත්තා සහ අයියලා කිහිප තැනක් බලා තිබුනු බැවින් අක්කාට මෙය කියා තිබුනි. ....හරි වැඩේනෙ නංගි ...මම සිසිර අයියට කිව්ව අපි වෙඩින් එක කරන විදිය.....එයා මට හිනා වුනානෙ.....ඒ මොකද අක්කෙ එයාලට අපි බැලුව තැන් හරි නැද්ද දන්නෙ නෑ....මම කීවෙමි....එහෙම එකක් නෙවෙයි එයා කියනව ඒව හොයන්න යන්න එපා කියල......ඉතින් වෙඩින් එක ගන්නෙ නැද්ද.....මම පුදුමයෙන් ඇසුවෙමි....ගන්නව ඒ වුනාට ඒකට මහන්සි වෙන්න ඕනැ නෑලු......ඒක හරි කතාවක්නෙ අක්කෙ.මහන්සි වෙන්නෙ නැතුව වෙඩින් එක කරන්නෙ කොහොමද?....මම ඇසුවෙමි......දන්නෙ නෑ නංගි පැවසූ අක්කා....ලගදි තාත්ත හම්බවෙලා මේගැන කතා කරන්න එන්නම් කිව්ව......වෙඩින් එක නවත්තන්නද දන්නෙ නෑ අක්කෙ එයා හදන්නෙ.....ඇසූ මම.....එහෙම උනොත් අනේ පව් මගෙ අක්ක....මම දුකෙන් ඇය දෙස බලා සිටියෙමි........ 

No comments: