(අක්කා 4)........................ .......................... ...පසුදා උදෙන්ම මා රුවන් හමුවීමට යෑමට සූදානම්වූයේ එම තරුණයා අක්කාට මුනගස්වීම සදහාය......අක්කෙ මම අර ලමයව එක්ක එන්නම් අක්ක සැලුන් එකටනෙ යන්නෙ...මම එයාව එහෙට එක්ක එන්නම්......මා පැවසූ විට....ඇයි මල්ලි අදෙ වැඩට යන්නෙ නැද්ද?.......මගෙන් ඇසුවාය.....මට ඒ රස්සව කරන්න බෑ අක්කෙ අනිත් එක ඊට වඩා ලොකුනෙ අක්කගෙ වැඩේ......මම කීවෙමි........එයාව එක්ක එන්න එපා මල්ලි......ඇයි අක්කෙ මම ර්ස්සාවට යන්නෙ නැති හින්ද්ද එපා කිව්වෙ....කොහොමත් මට ඒ වැඩ හරියන්නෙ නෑ අක්කෙ...මම යන්නෙ නෑ.....අනේ මන්ද මෙයාගෙ තියෙන කම්මැලි කම.......අක්කා දොස් කියන්ට විය....කොහොමත් මම අද වැඩට යන්නෙ නැති එකේ එයාව එක්කගෙන එන්නද?....මම නැවත ඇසුවෙමි......එපා කිව්වනෙ....අක්කා කියන්ට වූවාය.......මා වැඩට යෑමට සූදානමක් නොමැතිබව දුටු ලොකු අයියා.....අද වැඩට යන්නෙ නැද්ද?...ඇසුවේය.....මට බෑ අයියෙ මගෙ ඇගත් රිදෙනව බර උස්සලා.....මම කීවෙමි.....උබ හැමදාම නිකන් ඉන්නද කල්පනාව.....මම අමාරුවෙන් ලොක්කන්ට කියල ඒකට දාගත්ත.....උබ ඒ ජොබෙකට පයින් ගහනව......අයියා මට සෑහෙන්න දොස් පවරන්ට විය....මම කිසිවක් නොකියා කරබාගෙන සිටියෙමි......අක්කා සාප්පුවට ගොස් ටික වෙලාවකින් මම අක්කාගේ සැලුන් එකට ගියේ අක්කා කැමති කරවා ගැනීමටය.....අක්කෙ ඉතින් මොකුත් කරගන්න බැරුව ඉන්දැද්දි ඒකවත් කරල බලමුකො....මම කීවෙමි.....මට බෑ මල්ලි....ඕව කරන්න....අක්කා නැවත විරුද්ද වූවාය.....අක්කමනෙ කිව්වෙ ඇන්දුවම ගෑණු පෙනුම තියෙනවනම් කොල්ලෙක් වුනත් ගැටලුවක් නෑ කියල....දැන් මොකද බෑ කියන්නෙ.....ඒ මම කිව්වෙ කොල්ලො ගැනනෙ....ඔයා කියන විදියට මෙයා දෙකටම නැති කෙනෙක් නෙ.........ඉතින් හොදයිනෙ අක්කෙ....හොදයි තමා.....අක්කා නෝක්කඩු සුවරූපයෙන් කීවාය.....අනේ මන් දන්නෙ නෑ අක්ක මොනව කියනවද කියල......මොකක්ද ඒකෙ ඇති වැරැද්ද....මම ඇසුවෙමි.......මාලිට තේරෙන්නෙ නෑ මල්ලියෙ ඒකෙ ඇති වැරැද්ද......ඉතින් මට තේරෙන්නෙ නැති හින්ද තමා මම අහන්නෙ.......එනවකො මම කියන්න.....ඇය මාව සැලුන් එකේ තිබුනු පුද්ගලික කාමරයට එක්ක ගොස් දොස වැසුවාය.....ඔහොම වාඩිවෙන්නකො....පැවසූ ඇය පුටුවෙන් වාඩිවූවාය....මල්ලී එයාලට කියන නම දන්නවද?.....එයා ගෙ නම දන්නෙ නෑ ඔන්නම් රුවන් ගෙන් අහගන්න පුලුවන්. නැත්නම් එයා හම්බවෙලා අහගෙන එන්නම්......මම කීවෙමි.......මෝඩයෝ.....මම කිව්වෙ ඒ නම නෙවෙයි ඕවගෙ අයට කියන පොදුනම......අක්කා කියන්ට විය....ආ ඒකද ...පැවසූ මම....පොන්නයො කියලනෙ.....කීවෙමි.....ඉතින ් මොට්ටයො ඔහොම එකෙක් අන්දල තරගෙට තිබ්බම ඕක දැනගත්ත අය මට මොනව නොකියයිද.....තිකක් හිතල බලහන්.......කීවාය. .....අපි මේක කාටවත් නොකිය ඉන්න කියල කියමු......ඔන්න ආයෙත් මෝඩකතාවක් කිව්ව....පැවසූ අක්කා ........ඒක පොන්නයෙක් ඉතින් ඔයා හිතනවද ඕක කාටවත් නොකිය ඉදී කියල. මම අහල තියෙන විදියට එයාල ඕවගෙ වැඩවලට හරි කැමත්යි.....ඉතින් මම මෙයාව මනමාලියෙකුට ඇන්දුව කියල කාටවත් නොකියා ඉදීද?....අන්තිමට මට පොන්නයො අන්දනව කියල ඔක්කොම කියන්න ගනී.....මගෙ රස්සවත් නැතිවෙන වැඩක් වෙන්නෙ......අක්කා මෙලෙස පැවසූ විට ඇය කියන දේ ඇත්තක් ඇතිබව තේරුම් ගත්තෙමි. .....ඉතින් අක්ක කිව්වෙ කොල්ලෙක් උනත් කමක් නෑ කියල කොල්ලෙක් ඇන්දුවත් ඔය වැඩේමනෙ වෙන්නෙ......කොල්ලො වෙනයිනෙ මල්ලියෙ. කොල්ලො කවදාවත් කියන්නෙ නෑනෙ එයාව කෙල්ලෙකුට ඇන්දුව කියල....ඒක රහසක් වසයෙන් තියාගන්න පුලුවන්......එහෙනම් අක්කෙ අපි කොල්ලෙක් වත් හොයාගම්මු.....ඒත් ඉතින් එයාල ගෑනුන්ට අදින්න කැමති වෙන්නත් ඕනැ....මසේ පැවසූ මම ...මගෙ යාලුවෙක් කැමති කරගත්තොත් හරි මම කල්පනා කලෙමි.....ඒවුනාට උන්ගෙ එකෙකුට වත් ගෑනු පෙනුමක් නෑනෙ. ඇන්දුවාම මොක්කුද වගේ හිටියි....උන්ට වඩා හොදයි කැත උනත් කෙල්ලෙක්වම අන්දනව මොනවවුනත් උන් නියම කෙල්ලො......මා මෙසේ කල්පනා කරමින් සිටිනවිට.......මට පොඩි අයිඩියා එකක් ආව මල්ලි.....අක්කා කීවාය.......
No comments:
Post a Comment