Tuesday, May 24, 2016

 
(අක්කා 50)..................................................අක්කා තෑගි පාර්සල් සූදානම් කර මටද කතාකලාය....මුලින් අම්මට තාත්තාට දෙපා වැන්ද අපි. අයියලාටද ගෙන ආ දේවල් දුන්නෙමු........ටික වෙලාවක් මා දෙස බලා සිටි තාත්තා....ඈ දුවේ මේ අම්ම කියන කතාව ඇත්තද ඇසුවේය.....මොකක්ද තාත්තෙ...අක්කා ඇසුවාය.....අර ඔපරේසන් කල කතාව.....අම්මා මතක් කලාය.....ඔව් තාත්තෙ ....අක්කා බියමුසුව බිමබලාගෙන කීවාය....ඔව් මාත් අහල තියෙනව එහෙම කරන්න පුලුවන් කියල.....ඕකට ඉතින් සෑහෙන ගානක් යන්න ඇතිනෙ......තාත්තා ඇසුවේය.....පොඩිගානක් ගියා තාත්තෙ......අක්කා කීවාය......දැන් මල්ලි මොනවද ඉස්සරහට කරන්න බලාපොරත්තුව......තාත්තා අක්කගෙන් ඇසුවේය.....මගේ සැලුන් එකේ වැඩකරගෙන ඉන්නවලු......ඔව් ඉතින් කෙල්ලෙක් වෙලා හරි මොනවහරි කරගෙන ඉන්නවනම් ඒකත් ලොකු දෙයක්....මම බයේ හිටියෙ මෙයාගෙ හිතුවක්කාරි වැඩ හින්ද මෙයාට හිරේ ලගින්න වෙයිද කියල....... ගැහැනු ලම්යෙක් උනත් කමක් නෑ දුවේ පොඩි දුව හොදින් ඉන්නවනම් ඒක අපිට ලොකු දෙයක්......අම්මා මා අසලට පැමින මගේ ඔලුව අතගාමින් පැවසුවාය......මම හිතන්නෙ මම දන්න කාලෙකින් අම්ම මගෙ ඔලුව අතගාල ආදරෙන් කතාකලේ අද තමයි.....මම හිතන්නෙ මීට පස්සෙ මේ ගෙදර කවුරුවත් ඉස්සර වගේ මට නරක වචන කියල කතාකරන එකක් නෑ....ලොකු අයිය මා එක්ක තරහක් තිබුනනම් කවදාවත් අයියගෙ යාලුවගෙ වෑන් එක කතාකරල මාව ගිහින් ඇරලන්න එක්ක එන්න යන්නෙ නෑ.....ඒ අතින් ලොකු අයිය පොඩි අයියට වඩා මට පොඩිහරි ආදරයක් තියෙනව...... අම්මෙ අපි ගියාට පස්සෙ තාත්තලාට උදේට බත් ගෙනියත් බැරිවෙන්න ඇති නේද අම්මා කුස්සියට ගොස් තේ සාදන අතරතුර මම ඇසුවෙමි.....මට තනියෙන් ඕවකරන්න බෑනෙ දුවේ.....අම්මා කීවාය.....අපි හෙට ඉදන් පටන්ගම්මුද.....මම ඇසුවෙමි.....නන්ගිට දැම්ම ඕවකරන්න පුලුවන්ද....මගෙන් ඇසූ අක්කා ....මෙයාට ලොකු ඔපරේසන් එකක්නෙ අම්මෙ කලේ......අක්කා අම්මාට කීවාය. ....මම දන්නෙ නෑනෙ ඔයතරම් බරපතල දෙයක් කරනව කියල. දන්නවනම් කීයටවත් යන්න දෙන්නෙ නෑ.....අම්මා කීවාය. ....ඒකනෙ නංගි අපි වැඩිවිස්තර කියන්නෙ නැතුව ගියෙ නේද ...මම සිනාසුනිමි.....මම හිතුවෙ මේ පොඩිවැඩක් කියල......ඒක නෙවෙයි අම්මෙ අපි හෙට උදේ ඉදන් උයමු.....අනේ එපා දුවේ ඔයාට හොදවෙනකම් ඉම්මු.....ඇය මා දෙස අනුකම්පාවෙන් බලා කීවාය....කමක් නෑ අම්මෙ මම එක තැනකට වෙලා මොනව හරි කරල දෙන්නම්කෝ......මම කීවෙමි..... පසුදා උදෙන් නැගිට්ට මා කුස්සිය දෙසට ගියෙමි.අම්මා නැගිට එනුදුටු මම ...ඔන්න මම නම් ලෑස්තියි කීවෙමි....අනේ කෙල්ලෙ ඔයාට අමාරුයිනේ....අම්මා කීවාය....නැ නෑ යමු....මම අම්මාද කැටිව කුස්සියට ගියෙමි.....මම අම්මාට හැකි පමනින් වුදවු වුනෙමි...බලන්නකො ලොකු දුවේ නංගි බැරි බැරි ගාතෙ උදෙම්ම නැගිටල මට උදව් වුනානෙ. මට පවුකියල හිතෙනව......අක්කා කුස්සියට එනු දුටු අම්මා කීවාය.....එහෙම තමයි හොද දූල නේද නංගියේ .....අක්කා කීවාය.....ඉස්සට මට ගොන් බූරුව මූසලය පින්ගුත්තරය යන වචන භාවිතා කර බනින අම්මා මා කෙල්ලෙක් උනාට පසු මගේ හොදදුව වැනි ආදරනීය වචනවලින් මා ඇමතීම මට සතුටක් ගෙනදුනි......අක්කෙ අද සැලුන් එකට යනව නේද ....මම ඇසුවෙමි.....ආපෝ යන්නෙ නැතුව පුලුවන්ද..දැන් එහෙ මොනව වෙලාද දන්නෙත් නෑ....කීවාය.....මාත් එන්නම් මම කිවෙමි....නන්ගි තව ටිකදවසක් ගෙදරට වෙලා රෙස්ට් එකේ ඉන්න.....අක්කා පැවසූ විට...ඔව් දුවේ ඔයා හොදවෙනකම් පරිස්සම් වෙන්න.....අම්මාද අක්කා කීදේ අනුමත කලාය.......අක්කා වැඩට ගියත් ඔවුන්ගේ බලකිරීම මත මම ගෙදර නැවතුනිමි.......අම්මා වරින්වර තාඉලන්තය ගැන විස්තර අසන්ට වූවාය.....මගේ සැත්කම ගැන වැඩි විස්තරයක් නොකල මම එම රෝහල් වල අපේ රෝහල්වලට වඩා පිලිවෙලට වැඩකරන ආකාරයත් එහි පුද්ගලයන් අපිව සුහදව පිලිගත් ආකාරයත් පැහැදිලි කර දුන්නෙමි......මටත් ආසයි ඒවගේ රටකට ගිහින් එන්න....මගේ විස්තර ඇසූ අම්මා කීවාය.....දුවට චුට්ටක් වත් දුක හිතෙන්නෙ නැද්ද ඔයාගෙ තිබුන පිරිමි කම නැතිවුනා කියල...අම්මා වරක් මගෙන් ඇසුවාය.....අයියෝ... නෑ අම්මෙ මට ඒකට වඩා මේ ජීවිතේ ගොඩක් හොදයි. කී මම ....මතක් කරන්නවත් එපා ඒ ජරා පිරිමි ජීවිතේ....මම සෙමින් මිමිනුවෙමි....මගේ වචනවලට සිනාසුනු ඇය...එක එක්කෙනාගෙ කැමැත්තනෙ ඉතින්..කීවාය......පොඩ්ඩක් කරදර වුනත් ගැහැනු ජීවිතේ හොදයි දුවේ.....අවසානයේදී ඇය කීවාය....මම ඇය දෙස බලා සිනාසුනිමි.....උදෑසෙන නෑමට බෑත් රූම් එකට ගිය මම සියලු ඇදුන් ගලවා නෑමට පටන්ගත්තෙමි.....හිසෙහි සබන් ගා අත්දෙකෙන්ම හිස සෝදනවිට දොර අසලින් අමුතු සබ්දයක් ඇසුනු බැවින් හිසේ සබන් ගාන ගමන් ම දොර දෙසට හැරුනෙමි....එවිටම.......

No comments: