Monday, May 23, 2016



(අක්කා 74)..............................................ඇයි හසිත මගෙ හිතේ තියෙන අදරේ පිලිගන්න බැරි.....මම දුකෙන් ඇසුවෙමි.....ඔයාගෙ ආදරේ ගැන නෙවෙයි මම කිව්වෙ....ඔහු පැවසූවිට...එහෙනම්...මම පුදුමයෙන් ඇසුවෙමි.....ඔයා කොල්ලෙක් වෙලා හිටිය කියල කීයටවත් පිලිගන්න බෑ.... ඔයාට තියෙන සමහර ගෑනුගති මැනිකෙ ගාව තිබුනෙ නෑ....මට අද ඒක හොදට තේරුනා.....එහෙම කියන්න එපා හසිත මැනිකෙ කියන්නෙ උපත්තියෙන්ම ගැහැනු කෙනෙක් මට පුලුවන්ද එයාට කිට්ටු කරන්නවත්....මම දුකෙන් කීවෙමි....ඔයත් උප්පත්තියෙන් ගැහැණු කෙනෙක් කියල මම අද හොදටම දැක්ක.....මම ඔපරේසන් කරගෙනනෙ ගැහැනියෙක් උනේ ඉතින් එහෙම කියන්න බෑනෙ....මොකද කියන්න බැරි....කී ඔහු....ඔයා උපදිනකොටම කෙල්ලෙක්.....එහෙම උනානම් මට ඔපරේසන් කරකර දුක් විදින්න ඕනැනෑනෙ. කාගෙන්වත් සල්ලි වියදම් වෙන්නෙත් නෑ....මම කීවෙමි.....ඔයාට එහෙම වුනේ මොකද දන්නවද.....ඔහු ඇසුවේය....මම කල පූරුවෙ පවකට කොල්ලෙක් වෙලා උපදින්න ඇති......මම කීවෙමි....මම කිව්වනෙ ඔයා උපත්තියෙන් කෙල්ලෙක් හැබැයි ඔයාට වැරදි අඟපසග පිහිටල තිබිල තියෙන්නෙ.ඔයා කරගෙන තියෙන්නෙ ඒ වැරදි ඒව අයින් කරල හරි ඒව හදාගෙන......ඔහු සිනාසෙමින් කීවේය.....ඉතින් ඒව හරයටම හරිද....මම ඇසුවෙමි.....මම ඇත්තම කියන්නද..මැනිකෙට වැඩිය හොදට ඔයාට තියෙනව.....ඔහු එසේ පවසන විට මගේ ගැහැනු කම ගැන සතුටක් ඇතිවිය....මන් එච්චරටම සවභාවිකයිද....මට සිතුනෙමි.
දැන් දවල් වෙලා අපි බුෆේ එකට ගිහින් කමු නේද?...හසිත ඇසුවේය......අපි රෙස්ටූරන්ට් එකෙට ගියෙමු......අම්මෝ හසිත මෙතැන නැති කෑමක් නෑනෙ.....මම කීවෙමි.....දැන් අපිට තියෙන්නෙ කැමති කෑමක් කන්න...වැඩිය තියෙන්නෙ සුද්දන්ගෙ කෑම.....කී ඔහු බත් තිබෙන පැත්තට ගියේය......කෑම බෙදාගත් අපි....වාඩිවී කෑම ගැනීමට සූදානම් වූවිට.......හොදින් කෑම කටක් අනාගත් මම ..කට අරුන්නකො....හසිතට මගේ මුල් බත් කට කැවුවෙමි.....ඔහුද මට බත් කටක් කැවුවේය.....අපි කෑමගෙන අවසන් වූපසු. පිහිනුම් තටාකය අසල තිබුනු බන්කුවක වාඩිවුනෙමු.....අනිද්දවසෙ එනකොට ස්විමින් සූට් එකක් අරන් එන්න ...අහසිත කීවේය....මට පීනන්න බෑනෙ....අනික මට එහෙම ඇදුනුත් නෑ....මම පීනන්න පුරුදුකරන්නම් කී ඔහු....මගෙ ශොප් එකේ ඇති එකක් දෙන්නම්...කීවේය....අපෝ එපා මට ඒව ඇදන් නාන්න ලැජ්ජයි...මම ඇබරෙමින් කීවෙමි. ..ලැජ්ජවෙන්න දෙයක් නෑ කෙල්ලො ඕනැතරම් නාන්නෙ එහෙම තමා...ඔහු කීවේය....ඔයගෙ කුමාරිත් ඒ දවස්වල ඒව ඇදන් නෑවද?....එයා ඒවට දක්සය....එයාට නිතරම ඕනැ පාටි මේවගෙ තැන්වල ඇවිදින්න.....ඉතින් නිතරම නැන්දම්මගෙන් බැනුම් අහනව.....ඔයාගෙ අම්ම ඒවට කැමති නැද්ද...මම ඇසුවෙමි.....අම්ම වැඩිය විස්චූරන වැඩවලට කැමතිනෑ.....ඔයා කැමතිද ඒවට මම ඇසුවෙමි...මොනවටද ඔහු ඇසුවේය.....නිතරම පාටිදානවටකොටට අදිනවට....ඔයාට ඇත්තම කියනවනම් මමත් ඒවට කැමතිනෑ....ඉතින් කුමාරිට කිව්වනම් හරිනෙ.....මම කීවෙමි....එයාට කන් ඇහෙන්නෙ නෑනෙ ඉතින් මම කියන්න ගියෙනෑ....අනේ පව් එයා බීරිද ...මම ඇසුවෙමි....බිරිනම් නෑ එයාගෙ කනේ ෆිල්ටර් එකක් හයිකරගෙන ඉන්නෙ.....ඒ මොකටද...මම පුදුමයෙන් ඇසුවෙමි.....එයාට වාසිදේවල් විතර්නෙ ඇහෙන්නෙ අනිත් ඒව ඇහුනෙ නෑ....හැබයි අම්ම එයාට බනින ඒවනම් හොදට ඇහෙනව....සිනාසෙමින් කීවේය...ඉතින් දෙන්න එක්ක පයිට් වෙනව...මම ඇසුවෙමි.....දන්නෙ නෑ මම ඒවෙලාවට ගෙදර ඉන්නෙ නෑ.. අවිත් බලනව කාගෙද ඇටකටු ටික තියෙන්නෙ කියල.....පවසා ඔහු සිනාසුනාය.....ඔයා මටත් එහෙම කරනවද මම ඇසුවෙමි....අවසය නෑ ඔයාල සාම ගිවිසුම් ගහනවනෙ.....කීවේය....මට ඔයාගෙ අම්ම එක්ක ටිකක් කතාකරන්න ආසයි හසිත...මම කීවෙමි.....ඒක ඔයා ආවට පස්සෙ පුලුවන් ..පැවසූ හසිත....එදාට ඔයා කියයි අම්මත් එක්ක පොඩ්ඩක් කතානොකර දවසක් ඉන්න ආසයි කියල.....එහෙනම් ඔයාගෙ චුට්ටො දෙන්නත් එක්ක ඉන්න පුලුවන්ද....ඒකනම් කරල දෙන්නම් ඔන්නම් දැන්වුනත් යමු.....කීවේය.....අක්ක එනකොට හවස් වෙනවනෙ එතකන් මම ඔයාගෙ පුතයි දුවයි එක්ක ඉන්නම්.....මම කීවෙමි....එහෙනම් යමු......අපි හෝටලයෙන් පිටවූවෙමු.හසිතගේ නිවසට ලගාවෙනවිට සවස තුන පමන විය......දුවගෙන පැමිනි දුව හසිතගේ අතේ එල්ලුනාය...ඇය අසලට ගිය මම ඇය වඩාගෙන ඇගේ මුහුන සිපගත්තෙමි....කෝ දුවේ මල්ලි ....ඉන්නකො පැවසූ ඇය මල්ලිව වඩාගෙන පැමිනෙනු දුටුවෙමි...පුතාව ඇගේ අතින් ලබාගත් මම මගේ උකුල මත තබාගෙන වාඩිවුනෙමි.....සුලු වෙලාවකින් මා අසලට පැමිනි හසිතගේ අම්මා මේ ලමයත් ඇවිත්නෙ. කොහේද පුතාල ගියේ ඇසුවාය....හසිතත් එක්ක පොඩි ගමනක් ගියා අම්මෙ...මම කීවෙමි.....දැන් ඔයලමයි පිලිවෙලක් වෙන්නෙ කවද්ද....ඇසුවාය.....අපේ අම්ම නැකැත් බලන්න දීල තියෙනව අම්මෙ...ඊටපස්සෙ පුලුවන්.....මම පුතාට කියන්නෙ මේ කයුත්ත ඉක්මන් කරගන්න කියල...මටත් වයසයිනෙ දුවේ මේ දරු පැටව් දෙන්න ගැන බලන්නත් මට බෑනෙ. කොච්චර වැඩකාරයො හිටියත් වැඩක් නෑනෙ දුවේ......ඇය මෙසේ පවසනවිට.....හසිත කියනව වගේ අම්ම සැර නෑනෙ.... සිතුනෙමි....ඇන්ටි මේ බලන්න මම චිත්රයක් ඇන්ද....දුව මට පාට පැන්සල් වලින් ඇද තිබුනු චිත්රයක් පෙන්නුවාය....අපි අසලට පැමිනි හසිත මේ දුවගෙ ඇන්ටි නෙවෙයි ...අම්මා..අම්ම දිවිය ලෝකෙ ගියානෙ එහෙඉදන් එක්ක ආවෙ කීවේය....ඔය තාත්තගෙ බොරුනේ පැවසූ අය ගෙට දුවගියාය.....සුලු වෙලාවකින් ආපසු ආ ඇය.

No comments: