(සිහිනය 9).............................................මම තරින්දිගේ කාමරයට යෑම සදහා නැගිට්ටෙමි. ..එයාගෙ කාමරේ කොයි එකද දන්නෙ නෑ..... කාමර හතරක් පමන තිබුනු මෙම නිවස අපේ නිවස මෙන් තනි තට්ටුවේ නිවසක් විය . මා ඇතුලු කාමර එකිනෙක බැලුවෙමි. තරින්දිගේ පොත් මේසය තිබුනු කාමරය සොයාගත් මම එය තුලට ගියෙමි. විදුලි බල්බය දැල්වූ මම කැඩපත අසලට ගියෙමි......මම ඇදගෙන ඉන්නෙ ලස්සන ගවුමක්නෙ......කැඩපත දෙස බැලූ මට ගවුමේ ලස්සන හොදින් දුටුවෙමි. මම එම ගවුම ආශාවෙන් අතගෑවෙමි......මේක දවල් මට තරින්දි දුන්න එකට වඩා ලස්සනයිනෙ. ඒක ඇන්දෙව්වෙත් පිරිමි ශරීරයකටනෙ ඒක හින්ද මෙච්චර ලස්සනට පෙනුනෙ නැතුව ඇති.....මට සිතුනි. මම තරින්දිගේ පොත් මේසය පරීක්ෂා කලෙමි. ඇගේ පොත් අතර මා තරින්දි කියා නම ලියන ලද පොතද තිබුනි. එහි තරින්දි කියන වචනය පැහැදිලිව තිබුනි......දැන් මට හොදටම පැහැදිලියි මේක සිහිනයක් නොවන බව....මා සිතුවෙමි....එතකොට තරින්දි දැන් කොහේද ඉන්නෙ මට ගැටලුවක් විය.....දැන් ඒක විසදගන්නෙ කොහොමද....මම කල්පනා කලෙමි.මාව එයාගෙ ඇගට යනව කියල එයා තාම දන්නෙත් නෑ මගෙ හිතේ...හෙට එයාගෙන් අහන්න ඕනැ ඊයෙ රෑ මොකද කලේ කියල.එතකොට මොකක් හරි දැනගන්න පුලුවන්වෙයි.....මට සිතුනි. ...දුව පාඩම් කරනවද.....මා අසලට පැමිනි තරින්දිගේ අම්මා ඇසුවාය....ඔව් ....නැන්...අම්මෙ... ...මට පුරුද්දට නැන්දේ කියවීමට ගොස් යන්තම් අම්මෙ කීවෙමි....අද බොහොම පරිස්සමින් කතා කරන්න ඕනැ...මට සිතුනි....එහෙම තමයි හොද ළමයි ඇය මගේ හිස පිරිමදිමින් පැවසුවාය.....මම පාඩම් කරන විට කවදාවත් මගේ අම්මා මා අසලට පැමින ආදරයෙන් කතා කල බවක් මට මතක නොතිබුනි....ඒ අතින් තරින්දිගෙ අම්ම තරින්දිට කොයිතරම් ආදරේද....මම කල්පනා කලෙමි.ඇය තරින්දිගේ ඇදුම් රාක්කය අසලට ගොස් එහි අවුල් වී තිබුනු ගවුන් කීපයක් පිලිවෙලට නවා රාක්කයේ දමනු දුටුවෙමි. .....මේක ඇදගන්නෙ නැද්ද තරින්දි රාත්‍රියට අඳින ගවුම පෙන්වා ඇසුවාය....තව පොඩ්ඩකින් ඇදගන්නව අම්මෙ මම පැවසුවෙමි.ඇය කාමරයෙන් පිටවූපසු මා තව දුරටත් ගවුමේ ලස්සන නැරඹුවෙමි.කන් පෙතිවල දිලිසෙන රත්රන් කරාබු ජොඩුවත් දිගුවූ වරලසත් නිසා මාව තවතවත් ලස්සන වී තිබුනි.....අනේ මට මේ විදියට හැමදාම ඉන්න ඇත්නම් .....ඒත් තරින්දිගෙ අවුල තමා තියෙන්නෙ....මට තරින්දි සම්බන්ධව බියක් ඇතිවිය.එයා ට වෙන දේ හොයා ගත්තොත් මට බයක් නෑ....මා නැවතත් සිතුවෙමි. වට පිට බලන විට මෙම කාමරයේ තවත් දොරක් ඇතිබව දුටුවෙමි. මම එය ඇර බැලුවෙමි. ඒක ඇටෑච් බාත් රූම් එකක් බව දුටුවෙමි. මම එය තුලට ගියෙමි. තරින්දි භාවිතාකල ටූත්පේස් බුරුසු සබන් ආදියත් ගැහැනු ලමුන් මුහුන සෝදන දියර වර්ගත් එහි තිබුනි...මට මූත්‍රා බර දැනුනු නිසා කොමඩය අසලට ගොස් ගවුමේ සාය උස්සා පිරිමි ලමයෙකු ලෙස මූත්‍රා කිරීමට සූදානම් වුනෙමි. මා පුරුදු පරිදි ලිංගය අල්ලා ගැනීමට අත දැමුවෙමි.හිස් බව මිස කිසිවක් අතට හසු නොවන විට මට ඇත්තේ කෙල්ලන්ට අයිති අවයවයක් බව මතක්වුනෙමි....දැ මොකද කරන්නෙ මම කල්පනා කරනවිට මගේ නංගී මූත්‍රා කරන ආකාරය මතක් විය. මා කොමඩයේ වාඩිවුනෙමි. හොදින් මූත්‍රා පිටවුනු අතර පෙරට වඩා ඇගේ තැවරෙන බව දැනුනු මම ඒවා සෝදා හැරියෙමි.....කෙල්ලෙක් උනොත් කවදාවත් කොල්ලෙක් විදියට මේ වැඩේ කරන්න හම්බවෙන්නෙ නෑ....මට සිනා ගියේය.....මොනව වුනත් මේක අරකට වඩා හොදයි හරි සැහැල්ලුයි ....මට සිතුනි.....මුහුන සෝදාගත් මම ඇද සිටි ගවුම ගලවා නයිටිය ඇදගත්තෙමි....දැන් හෙට උදේ තමා ආපහු යන්න වෙන්නෙ ...සිතූ මම සුපුරුදු පරිදි රාත්‍රී දහය පමන වනතුරු තරින්දිගේ පොත් භාවිතා කරමින් පාඩම් කලෙමි...අනතුරුව නින්දට ගිය මට නැවත ඇහැරෙනවිට එලිය වටීතිබුනි.....මම නාන කාමරයට ගොස් මුහුන සෝදාගෙන ආපසු යෑමට සූදානම් වුනෙනි...සෑහෙන වේලාවක් බලා සිටියත් ආපසු යන බවක් නොපෙනුනි.....අද සෙනසුරාදා හින්ද ස්කෝලෙ නිවාඩු ඒ හින්ද කමක් නෑ.....සිතමින් ඇදේ වාඩිවී සිටියෙමි.....මගේ කමරය ඇතුල බැලූ තරින්දිගේ අම්මා...... දුව උදෙන් ඇහැරිලාවගේ මම හිතුවෙ තාම නිදි කියල...පැවසූ ඇය එන්න තේබොන්න.....මට අඩගැසුවාය. නොපුරුදු නිවසක සිටි මම බයෙන් මෙන් එලියට ගියෙමි . මම අම්මාගේ පිටුපසින් ඇය යන දෙසට ගියෙමි. මේකද කුස්සිය ...මම වටපිට බැලුවෙමි.....තරින්දි තේ බොන කෝප්පය මා හදුනා ගත්තේ ඇය මෙම කෝප්පයෙන් තේබොනු දැක තිබුනු බැවිනි......මා තේ බී අවසන් වූපසු මගේ කොන්ඩයෙන් ඇල්ලූ අම්මා හොදටම අවුල් වෙලා පිස්සියෙක් වගේ....එන්න පීරන්න ඇය මාව එක්කගෙන මගේ කාමරය තුලට ගියාය. ඇය මගේ කොන්ඩය පීරන අතර.......හැම දාම මට මේව කරන්න බෑ දැන් ඔයා ලොකු ලමයෙක් කොන්ඩෙ පීරගන්න ඉගෙනගන්න.....දැන් හෙට අනිද්ද ලමිස්සියෙක් වෙයි...ඒකත් කොයි වෙලාවෙ වෙයිද කියල කියන්න බෑ...ඒ හින්ද දැන් වත් ඔය දැගලිලි ගතිය අඩු කරගෙන ගෑනු ලමිස්සියෙක් විදියට ඉන්න බලන්න.....ඇය තරින්දිට දියයුතු අවවාද මට දුන්නාය......දැන් ගොඩක් දවල් වෙලා තාම මාව ආපහු යන්නෙ නැත්තෙ ඇයි.....මට ගැටලුවක් ඇති විය. අම්මා උදෑසන පිලියෙල කර තිබුනු ඉදිආප්ප පරිප්පු හොදි සමග ගත් මම තව දුරටත් ආපසු යෑමේ බලාපොරොත්තුවෙන් බලා සිටියෙමි.....යන්නෙ නෑ වගේ මට දැන් මේ විදියටම ඉන්න වෙයිද.....මම තාම ගෙදර ඇදේ නිදිඇති එයාල හිතනවද දන්නෙ නෑ අද නැගිටින්නෙ නැත්තෙ ඇයි කියල. එයා නැගිට්ටවන්න මම එයාගෙ ඇගට යන්න ඕනැනෙ.....මට බියක් දැනුනි............
No comments:
Post a Comment