Tuesday, May 24, 2016



(අක්කා 48)...............................................ඔහොම පොඩ්ඩක් ඉන්න...... පැවසූ මම මේසය මත තිබුනු අක්කා ඇපල් කැපූමට භාවිතාකල කුඩා පිහිය අතට ගෙන......කමිසයේ පිට මැද්දෙම්ම කපා ඉරූ අතර කලිසමටද එයම කලෙමි....අපරාදයක්නෙ කලේ....අක්කා කනගාටුවෙන්.....දුකින් කීවාය....මොන අපරාදයක් ද පැවසූ මම ඔයටික දැන් කුනු ගොඩට දාන්න කීවෙමි.....ඔයා කල දේට ඔයාට ආයෙත් පිරිමි ආත්මයක් නම් හම්බවෙන එකක් නෑ.....අක්කා දුකෙන් කීවාය....මොකටද ඒ මලයිලව් පිරිමි ආත්මෙ මට වැඩක් නෑ ඊට වඩා මේ ගැහැණු ආත්මෙ දහස් වාරයක් හොදයි....මම කීවෙමි.....අක්කා මා කපා විනාශකල ඇදුම් ටික කුනු බක්කියට දැම්මාය.......මේ අනුව මට අන්තිම වරට හිමිවී තිබුනු පිරිමි ඇදුම් ටිකද විනාශකලෙමි.......හෙට උදේ පාන්දරින්ම නැගිටල ලැහැස්ති වෙන්නත් ඕනැනෙ දැන් නිදා ගම්මු....අක්කා කීවාය.....අක්කෙ මම හෙට යනකොට අයිය අරන්දුන්න අලුත් ගවුම ඇදගෙන යන්නද....මම ඇසුවෙමි.....අයියෝ දැන්ද කියන්නෙ මම ඒක බෑකෙක ඇතුලට දැම්මනෙ.....අක්කා කීවාය......එහෙනම් කමක් නෑ...මම කීවෙමි.........ඉන්නකො කී අක්කා එම ගවුම සෙවීමට පටන් ගත්තාය.....මේ තියෙන්නෙ කී.... අක්කා අදින්න ලෑස්ති කර තිබුනු ගවුම නැවත බෑගයට දැම්මාය..........අපි පාන්දර නැගිට ලෑස්ති වීමට පටන්ගත්තෙමු......මට දැන් අක්කාට වගේම ගැහැනු අවයව පිහිටා ඇති බැවින් අක්කා අසලම ඇදුම් මාරු කිරීමට ගැටලුවක් පැන නොනැගුනි.මගේ පියයුරු විශාලවී අතිනිසා බ්රෙසියරය අදිනවිට එහි කප් වලට පියයුරු දෙක හොදින් පිරුනි.....පැන්ටිය ඇදීමේදී කලින් තිබුනු පොට්ටනිය නොමැති නිසා හොදට ඇගට තදවෙන්ට ඇදීමට හැකිවිය...පුරුෂ ලිංගය තිබුනු ස්ථානයේ තිබුනු හිස් බව නිසා සැහැල්ලුවක් දැනුනි....අලුත් ගවුම ඇදගත් මම එහි හැඩ බලන්ට වූවෙමි.....බලන්න දෙයක් නෑ ලස්සනයි.........අක්කා සිනාසෙමින් කීවාය..........අපි ඇදගෙන අවසන් වූපසු සිසිර අයියාද ආවේය.....ලැස්තිද ඇසූ ඔහු මම නම් ලෑස්තිවෙලා ගොඩක් වෙලා....කීවේය. කොල්ලන්ටනම් ඉතින් මොකද කෙල්ලන්ටනෙ වෙලායන්නෙ......මම කීවෙමි......නන්ගිටත් දැන් ඒක තේරෙනව වගේ.....අක්කා සිනාසුනාය.....ඒකනෙ අක්කෙ කෙල්ලෙක් වෙන්නම ඕනැ ඒක තේරුම් ගන්න.....මම කීවෙමි. හෝටලයෙන් සමුගත් අපි අයියා සමග ගුවන්තොටුපලට ළඟාවූවෙමු....මගේ පාස් පෝට් එක හින්ද මොකක් හරි ගැටලුවක් වෙයිද.....මා සැකයෙන් යුතුව විදෙස් බලපත්‍රය ඉදිරිපත් කලෙමි.....ඒ සමග ඉදිරිපත් කල ලිපිය කියවූ....සේවිකාව....නව් යූ ආ ග්ර්ල්...කී ඇය මගේ අත් අල්ලා මගේ අලුත් ජීවිතයට සුබපැතුවේය......මෙහෙ අය හරි හොදයි අක්කෙ....ලියුම කියවල ඒ කෙල්ල මට සුබපැතුව....මම කීවෙමි. ....ලන්කාවෙ අය මොනව කරයිද දන්නෙ නෑ.....සිතමින් මම ගුවන් යානයට ගොඩනැග්ගෙමි........අක්කා අයියා අසලින් වාඩිවූ අතර මම ඔවුන්ගේ ආසනයට පිටුපස ආසනයෙන් වාඩිවුනෙමි......මා අස්ල ආසනයේ තරුන කාන්තාවක් වාඩිවූ අතර ඇය මා දෙස බලා සිනාසුනාය....මම හිතන්නෙ මෙයා ලන්කාවෙද කොහෙද....ඒවුනාට කතාකරන්න බයයි.වෙන රටකද දන්නෙ නෑනෙ.......මම ඉංග්‍රීසි දන්නෙ නෑනෙ.....මට ඇය සමග කතාකිරීමට බියක් දැනුනි.....ඇය නැවත මාදෙස හොදින් බලා......සිනාසී.....පොතක් අතට ගෙන කියවන්ට වූවාය.... පොත දෙස හොදි බැලූ මට එය සින්හල පොතක් බව දුටුවෙමි.....ඇය සින්හල යයි දැනගත් මම....කොහොමද යනුවෙන් ඇසුවෙමි.....ආ ඔයත් ලන්කාවෙද.....මම හිතුවෙ ඉන්දියන් කෙල්ලෙක් කියල. ඔයා හින්දි නිලියෙක් වගේ ලස්සනයි....ඇය කීවාය...මම සිනාසුනිමි..... කොහේ ද ගියේ..ඇය ඇසුවාය....අක්කයි අයියයි එක්ක බිස්නස් වැඩ වගේකට ආව....මම කීවෙමි....මගේ පුතා මෙහෙ ඉගෙන ගන්නව එයා බලල යන්න ආව......ඇය කීවාය.....නන්ගිට යාලුවෙක් හම්බවෙලාවගේ කතාකරකර යන්න.......අක්කා මා දෙස බලා සිනාසෙමින් කීවය.....අපි ගුවන්තොටපොලට ලගාවෙනවිට දවල් වී තිබුනි.බෑක් එකතුක්රගත් අපි ඇතුලට ගියෙමු. විදෙස් ගමන් බලපත සමග ලිපිය ඉදිරිපත් කල මම ඇය දෙස බලා සිටියෙමි.....කිහිප වරක් මාදෙස බැලූ ඇය....ඔයා කොල්ලෙක් වෙලා හිටිය කියල හතාගන්නවත් බෑ.....කීවාය.....මොකක්හරි ගැටලුවක්ද.....මට බය හිතුනි......ඇයි අනේ ඔයාට කෙල්ලෙක් වෙන්න හිතුනෙ....ඇය ඇසුවාය.....මම ආශාවෙන් හිටියෙ....මම කීවෙමි.... සිනාසුනු ඇය....ඔපරේසන් එක හොදට කලාද ඇසුවාය.....ගොඩක් හොදයි මම කීවෙමි....මගෙ සුබපැතුම් කීඇය....සියලු කටයුතු නිමාකර නැවත විදෙස් බලපත ලබාදුන්නාය......යන්තම් ලියුමෙ පිහිටෙන් බේරුනා....මට සිතුනි.......අපි එලියට යෑමට පෙර සිසිර අයියා .....ඔයාල මාත් එක්ක ආවොත් ගෙදර අයට ගැටලුවක් වෙයි ඔයාල ඉක්මනට යන්න මම ටිකක් ඉදල එන්නම්.....කීවාය......මා අයියාට ඔහුකල උපකාරය ගැන ස්තූති කරමින් ඔහුට සමුදුන්නෙමි......අපි එලියට එනවිට කලින් දින අපි ආ අයියාගේ යහලුවාගේ වාහනය පැමින තිබුනු බව දුටුවෙමු..............

No comments: