Tuesday, May 24, 2016


(අක්කා 31)..................................................ඇයි නංගි එහෙම කියන්නෙ ඔයා කොයිතරම් ආශාවෙන්ද හිටියෙ කෙල්ලෙක් වෙන්න .දැන් ඔයා ඇයි මේක නවත්තන්නෙ.......මට බෑ කියල හිතෙනව අක්කෙ... මට වෙලාවකට හිතෙනව මම කෙල්ලෙක් වෙන්න ගත්තෙ වැරදි තීරනයක් ද කියල....මම ආයෙත් කොල්ලෙක් විදියට ඉන්නව .....මම එසේ පැවසූ විට.....ඔව් එතකොට අර ඉස්සර වගේ ඔක්කොගෙන්ම බැනුම් අහ අහ ඉන්න පුලුවන්නෙ.කොල්ලොත් එක්ක රස්තියාදු ගගහ මොනව හරි මගඩි වැඩ කරල පොලීසි ගානෙ හිර ගෙවල් ගානෙ ලගින්න පුලුවන්නෙ......අක්කා මට ටිකක් සැරෙන් කතකර කාමරයෙන් පිට වූවාය....ටික වෙලාවකින් මම කුස්සියට ගිය විට අක්ක අම්මා ට මා ගැන කතාකරනු ඇසුනි.....බලන්න අම්මෙ නන්ගි මේ දවස් ටිකේ කොයි තරම් හොදට හිටියද කියල ආයෙත් එයාට පරන ජීවිතේට යන්න ඕනැලු......ඌ ගැනනම් ආයෙ මතක් කරන්න එපා.. මම දැන් ඌ මැරුන කියල හිතාගෙන ඉන්නෙ.....මගෙ පොඩිදුව කොච්චර හොද්ද.....ආයෙත් ඒ එපා කරපු එකාට පන දෙන්න එපා දුවේ......අම්මා මා අසලට පැමිණ මගේ හිස අත ගාමින් කීවාය...අනේ නන්ගියෙ මට ඔයා නැතිකර ගන්න බෑ ඔයා මම ලගම ඉන්න ඕනැ......අක්කා දුක් බරව කීවාය....ඔව්න් ගේ දුකෙන් පිරුනු මුහුනු දුටු මට අනුකම්පාවක් ඇතිවිය.....ඇත්තටම මෙයාල මේ තරම් කැමතිද මම කෙල්ලෙක් වෙනවට.....මට සිතුනි....එදා සිට මා අක්කා ගේ වද කිරීම මතම බෙහෙත් බීවෙමි.....අපිට වයිද්ය වරයා මුන ගැසීමේ දිනය ලන් විය එහෙත් මම ඒ ගැන අක්කාට මතක් නොකලෙමි......මේ ඩොක්ට හම්බවෙන්න තියෙන්නෙ හෙට නේද....මා කිසිවක් නොකියා බිම බලා ගත්තෙමි.....වෙනදට ඔයා මතක් කරනව අද හොරාවගේ ඉන්නව....ඕහොම හරියන්නෙ නෑ හෙට උදේම යමු......ලේ චෙක් කරන්න....එහෙත් මා කිසිවක් නොකීවෙමි.....පසු දා උදෑසන මාව බලෙන්ම මෙන් ලේ බැලීමට එක්ක ගියාය....සවස වෛද්ය වරයා හමුවූ විට මා කෙල්ලෙක් වීමේ තීරනය වෙනස් කර ගත් බව කීවෙමි......මා සමග සිනා සුනු ඔහු මේ බේත් බොන මුලදි වැඩි දෙනෙක් ඔහොම තමා කියන්නෙ. ඕව ගනන් ගන්නෙ නැතුව මේ බේත් වරද්දන්නෙ නැතුව බොන්න එත කොට ඔයාට තියෙන ඔය ප්‍රශ්න මග හැරිල යයි......නන්ගිව හොදට බලා ගන්න....ඔහු අක්කාටද අවවාද කලේය....ඔහු තව දුරටත් බෙහෙත් විද ගනීමට නියම කලේය........නන්ගි දැන් ඩොක්ටත් කිව්වනෙ ඔය ඔලුවට එන දේවල් ගනන් ගන්නෙ නැතුව බේත් ටික බොන්න කියල....අක්කා කීවාය......සතියක් පමන ගත විය මගේ සිත තුල තිබුනු එපාවෙන ගතිය ක්රමයෙන් අඩුවෙන බව තේරුනි...මේ නිසා මට මුලදී මෙන් සතුටින් වැඩ කිරීමට හැකිවිය....අක්කා නිතරම උත්සාහ කලේ මාව සතුටින් තබා ගැනීමටය......ඇය මාසමග විහිලුවක් කර මාව හිනැස්සීමට නිතර උත්සාහ කලාය......මට අක්කාගේත් අම්මාගේත් ආදරය නොඅඩුව ලැබෙන බව දුටුවෙමි....මම කෙල්ලෙක් වගේ ඉන්න පටන් ගත්තට පස්සෙ කොච්චර සතුටින්ද ඉන්නෙ . එහෙම එකේ අයි මට එක පාරටම ආයෙත් කොල්ලෙක් වෙන්න ඕනැ කියල හිතුනෙ....මම හිතන්නෙ බොන බේත් වලට වෙන්න ඇති.ඒක තමා ඩොක්ට කිව්වෙ බේහ් බොන මුල් දවස් වලට මෙහෙම වෙනව කියල.......නන්ගි ඉස්සරට වඩා පාට වැටිල...ලස්සන වෙලා..අක්කාගේ සැලුන් එකේ වැඩකරන අක්කා කෙනෙක් මට කීවාය.....ඇය එසේ පවසන විට මම මගේ අත් දෙක අතගාමින් ඒ දෙස බැලුවෙමි....මටත් තේරෙනව ඇගේ හම ඉස්සරට වඩා සිනිදුයි කියල.....මා කල්පනා කලෙමි......බෙහෙත් වල ප්රතිපලදෙන්න දැන්ද දන්නෙ නෑ පටන්ගන්නෙ.....එහෙම උනොත් මගෙ පපුව කෙල්ලෙක් වගේ ලොකුවෙයි....මට සතුටක් දැනුනි........අක්කේ ..ඉස්සරට වඩා මාව වෙනස් වෙලාද....මම අක්කගෙන් ඇසුවෙමි.....ඔව් නංගි දැන් ඔයා ඉස්සට වඩා ලස්සනයි...මූන එලිය වැටිල....අක්කා සිනාසෙමින් කීවාය.....කෙල්ලෙක් වගේ ඇන්දම මාව ගොඩක් ලස්සනයි කියල හැමෝම කියනව..ඇත්තටම මේ බේත් බීල කෙල්ලෙක් උනාම මාව කොච්චර ලස්සන වෙයිද....අනේ මට ඉක්මනටම එහෙම වෙන්න ඇත් නම්.....මා ප්රාර්තනා කලෙමි...... නන්ගි මම ඔයාගෙ ගැටලුව ගැන මම නෙට් එකෙන් ගොඩක් දේවල් බැලුව.....පොඩි ගැටලුවක් තියෙනව නන්ගි.....කී අක්කා සුසුමක් හෙලුවාය.....මකක්ද අක්කෙ ඒ.. මම ඇසුවෙමි........

No comments: