Tuesday, May 24, 2016


(අක්කා 78)....අවසාන කොටස .............................................එයාට කේන්ති ගියහම කොන්ඩෙන් ඇදල තමා සලකන්නෙ....ඉතින් කොන්ඩෙ දික්වෙන්නෙ නැද්ද ..හසිත සමග පැමිනි පසු මගේ ජීවිතය ඉතාමත් සුන්දර විය. මගේ කුසෙන් දරුවෙකු ලැබීමට වාසනාව නතිවූවද...දරු දෙදෙනෙකුගේ අම්මා වීමගැන මට මහත් සතුටක් ගෙන දුනි.අපි නිතර දරු දෙදෙනා සමග අක්කාලාගෙ ගෙදර යෑමට පුරුදු වුනෙමු.දරු දෙදෙනා නිසා අක්කාද සතුටු වෙනබව මම දුටුවෙමි.....මේ අතර අක්කාට දරුවෙක් ලැබීමේ ලකුනු පහල විය. මා වුනන්දුවෙන් ඇගේ දුක සැප බැලුවෙමි. ඇයට කෑමට අවසය දේවල් සපයා දුන් අතර ඇගේ කුස අතගා ආදරයෙන් සිප ගැනීම මගේ පුරුද්දක් විය. ඇගේ කුස ටිකෙන් ටික විශාල වනවිට...අනේ මටත් මෙහෙම උනනම්...මම ඇගේ කුසදෙස දුක්මුසුව බලාසිටියෙමි....ලබන ආත්මෙවත් නංගිට අම්ම කෙනෙක් වෙන්න ලැබේවා කියල පතාගෙන පින් කරන්න.....අක්කා කීපවරක් කීවාය.මේ අතර ලොකු අයියා ගෙයක් සෑදීමට පටන් ගත්බව පැවසීම නිසා එය නිමකර ගැනීමට හසිතත් සිසිර අයියත් මුදලින් සහයෝගය දැක්වීය.මේ අතර අක්කාට දුවෙක් හම්බවූවාය. මගේ දරු දෙදෙනාත් අක්කගේ දියනියත් මට මහා නිදානයක් මෙන්විය.අය්යාගේ නිවස අවසන් වූ පසු ඔහුගේ විවාහය සිදුකලෙමු.මාත් අක්කාත් ඔහු වෙනුවෙන් කලයුතු උපරිම යුතුකම් ඉටුකලෙමු......පොඩි අයියා කසාද බදින්න යනබව අම්මා පවසන තෙක් මාත් අක්කාත් දැන නොසිටියෙමු. ඇය කලෙක පටන් ආස්රේ කල පෙන්වතියක් බව අපිට ආරන්චි විය......පොඩි අයියාද උත්සවයක් ගන්නා බව අක්කාට පවසා ඇතත් මා ඒ බව දැනගෙන නොසිටියෙමි. .......පොඩි අයියගෙ මගුල මට කිව්ව නංගි...... දැන් කොයි වෙලාවෙ හරි ඔයාටත් කියයි..පැවසූ අක්කා...අපි පොඩි අයියටත් මොනවහරි සහයෝගයක් දෙමු නේද නන්ගි....කීවාය....නැතුව බෑනෙ අක්කෙ අපේ අයියනෙ ....මම කීවෙමි. දින කීපයක් ගතවිය.....නන්ගි පොඩි අයිය හම්බවුනේ නැද්ද ...අක්කා ඇසුවාය....නෑ අක්කෙ...මම පිලිතුරු දුන්නෙමි.....මගුලට තව සතියනෙ තියෙන්නෙ..... පුදුමනෙ ඔයාට කිව්වෙ නැති එක.....පැවසූ අක්කා කල්පනා කලාය......පසුදා අම්මත් තාත්තත් අක්කාගේ ගෙදර පැමිනියේය.......මොකද අම්මෙ පොඩි අයිය නංගිට මගුල කිව්වෙ නැත්තෙ....අක්කා අම්මාගෙන් ඇසුවාය.....අනේ මතක් කරන්න එපා ඕක ගැන. මම ඕකට කීපාරක් කිව්වද?...ඒත් උබේ සහෝදරියෙක් නේද කියල.....ඒ සැරේ ඌ කියනව සහෝදරියෙක් නෙවෙයි කියල කැත කතාවකුත් කියල කියන්න ලැජ්ජයි කිව්ව.....එහෙනම් අම්මෙ තරහවෙන්න එපා මම මගුලට එන්නෙ නෑ...අක්කා කීවාය....අනේ අක්කෙ මට නොකීවට කමක් නෑ අක්ක යන්න ......මම කීවෙමි......මට බෑ නංගිව අත අරිනවනම් මම යන්නෙත් නෑ...අක්කා ස්ථීර ලෙස කියා සිටියාය.....අනේ අක්කෙ එහෙම කරන්න එපා පවුන්නෙ ....මම කීවෙමි....ටික වෙලාවක් කල්පනා කල අක්කා .....නන්ගි කියන හින්ද මම යන්නම් හැබැයි මම එයාට කිසිම සහයෝගයක් දෙන්නෙ නෑ....ගියා.... දෙන දෙයක් දුන්න ගෙදර ආව....අක්කා කීවාය.......පොඩි අයියගේ මංගල්‍ය හසිතටද ආරන්චිවිය.....මොකද දන්නෙ නෑ පොඩි අයිය ඔයාට නොකිව්වෙ.....ඔහු මගෙන් ඇසුවේය.....එයාගෙ හැටි ගනන් ගන්න එපා...මම කීවෙමි....මොනව හරි උදව්වක් කරන්න හිටියෙ.....ඔහු දුකින් කීවේය.....පොඩි අයියාගේ මංගල්‍යය චාමෙට තිබුනු බවත් එයට සහභාගී වී පැමිනි බවත් අක්කා පැවසුවාය.....මට නොකිව්වට කමක් නෑ අක්කෙ එයාට හොදක් වෙනවනම් ඒ ඇති මම කීවෙමි....පොඩි අයියා කසාද බැද අම්ම තාත්තා ගාව නැව තුනි....පොඩි අයියා බැන්ද නෝනා ගැන අම්මාට එතරම් පැහැදීමක් නොතිබුනු බව ඇගේ කතාවෙන් මට පැහැදිලිවිය.....අයිය වැඩට ගියාම ඒකි හොයාගෙන එක එක්කෙනා එනව. ඇහුවාම කියන්නෙ නෑදෑයො කියල....හැබැයි කවදාවත් ගෑනු නෑදෑයොනම් එන්නෙ නෑ...අම්මා කීවාය...එයාලගෙ පැත්තෙ ගෑනු නෑදෑයො නැතුව ඇති අම්මෙ....මම කීවෙමි....මට මේක පුතාට කියන්න හිතුන ඒත් මම මොකටද පවුල් කඩන්නෙ....කවද හරි ඒකට තේරෙයිනෙ....කීවාය.....අම්මා මෙසේ පවසා මසක් පමන ගතවිය....අම්මා එක්ක එනලෙස අක්කට කතා කල බව අක්කා කීවාය....මොකද දන්නෙ නෑ ..අදම යමු...අක්කා පැවසූ බැවින් මාත් හසිතත් ඔවුන් සමග ගියෙමු.....අපිව දුටු අම්මා අඩාගෙන අපි අසලට ආවාය....මට මෙහෙ ඉන්න බෑ පුතේ මාව කොහේහරි එක්ක පලයන්....අම්මා අඩමින් කීවාය . ඇය ගේ බලකිරීම නිසා අපි අම්මවත් තාත්තාවත් අපේ ගෙදර නවතා ගත්තෙමු.....මේ වෙනවිට තාත්තා විශ්‍රාම ගොස් සිටිනිසා අපේ නිවසේ නැවතීමට හැකිවිය. මෙයට හසිතත් ඔහුගේ අම්මාත් කැමති වීම මගේ සතුටට හේතුවක් විය......අම්මා පොඩි අයියාගේ නෝනා සමග රන්ඩුවීමට හේතුව පැහැදිලි කලාය...ගෙදරට යන අය ගැන අයියාට ආරන්චි වී ඇති අතර එය අම්මා කියා ඇති බව ලේලිය සැක කර ඇති නිසා ඇයට බැනවැදී ඇති බව පැවසුවාය.......මා අම්මාත් තාත්තාත් නවතාගෙන මාස කිහිපයක් ගතවිය.දිනක් පොඩි අයියා අපේ ගෙදර පැමිනීම මට පුදුමයක් විය.....ඔහු ඉතා කනගාටුවෙන් පසුවුනු බව දුටු මම ඔහුට වාඩිවීමට පැවසුවෙමි... අක්ක ආවෙ නැද්ද අයියෙ මම ඇසුවෙමි.....මතක් කරන්න එපා ඔය පට්ට වේ.....කේන්තියෙන් පැවසූ ඔහු අවසාන වචනය නවතා මාදෙස බැලුවේය.....අයියා පැමිනි බව දුටු අම්මාද තාත්තාද ඔහු අසලට ආවේය.....මොකද උඹල ආයෙත් රන්ඩුවුනාද....තාත්තා ඇසුවේය.....රන්ඩුවුනා නෙවෙයි තාත්තෙ ඒකි මොකෙද්ද එකෙක් එක්ක පැනල ගිහින්.....අයියා කනගාටුවෙන් කීවේය...උඹට කිව්වෙ නැතිවුනාට.මම දැනගෙන හිටිය පුතේ ඕක.....අම්මා පැවසුවාය....දැන් උඹ මොනවද කරන්න හදන්නෙ .....මට ඕකිව ආයෙත් ඕනෙ නෑ තාත්තෙ....ඕකි හින්ද තමයි අම්මටයි තාත්තටයි මෙහාට එන්න උනෙත් මම ආවෙ ඔයාලව එක්ක යන්න....අයියා අම්මා දෙස බලා කීවේය....මා දෙස බැලූ අයියා....මම නංගිට ගොඩක් වෙනස්කම් කලා ..මට සමාවෙන්න පොඩි නංගියෙ ....මම හිතා හිටියෙ ගැනුවෙලා උපන්න අයටයි ගෑනුකම හොදට තියෙන්නෙ කියල නංගි පිරිමියෙක් වෙලා උපන්නට හැම ගැහැනියකටම වඩා ගැහැනුකම නංගි ගාව තියෙනව....මට සමාවෙන්න නංගි මම නංගිට ගොඩක් අපහාස කලා ඒකයි මට මේ පලදුන්නෙ.....සුලු වෙලාවකින් හසිතත් අක්කලාත් අපේ ගෙදර ආවේය.....ආ පොඩි අයියනෙ....අයියා දුටු හසිත කියමින් කාමරයට ගියේය මම ඔහු පිටුපසින් ගොස් අයියාට සිදුවි ඇති දෙය පැවසුවෙමි....අම්මයි තාත්තයි කැමති නම් යන්න කියන්න. අක මැත්තෙන් යවන්න එපා මට පුලුව ඒ දෙන්නව හැමදාම මෙහෙ තියාගෙන බලාගන්න.....හසිත කීවේය. .....මම එලියට යනවිට අක්කලාටද මේවිස්තර කියා තිබුනි.....දැන් අම්මල මොකද කියන්නෙ හැමදාම වුනත් ඔයදෙන්නව මෙහෙ තියාගන්න කියල හසිත කියනව. අක්කත් මේ ලගනෙ ඉන්නෙ නේද අක්කෙ....මම ඇසුවෙමි.....අයිය දැන් තනියෙමනෙ දුවේ ඉන්නෙ එයාගෙ ප්රස්න විසද ගන්නකන් අපි යන්නම්.....අම්මා කීවාය. මෙතෙක් වෙලා නිදා සිටි හසිතගේ අම්මා අපි අසලට ආවාය. ආ මේ පුතාලත් ඇවිල්ලනෙ...කී ඇය පොඩි අයියා දෙස අමුතු ආකාරයට බලා සිටියේය....අදුනනවද අක්කා මගේ අම්මා ඇසුවාය ...මේ මගෙ පොඩිපුතා.....කීවාය. මෙයා ඇවිත් තියෙන්නෙ අපිව එක්ක යන්න....ඒ මොකද....ඇසූ හසිතගේ අම්මා......මගේ අතින් අල්ලා....... මේවගේ දේවතාවියෙක් බිහිකෙරුව මේ දෙන්න මෙහෙන් යනවට මම කැමති නෑ....... අම්මලා නැවත ගෙදර ගිහින් බැස්සූ අපි නැවත ගෙදර පැමිනියෙමු.......................අවසානයි......................

No comments: