(අක්කා 67)......................................................මට හසිත කියන ජෝකර්ව හම්බවුනේ....මම සිනාසුනෙමි.....මේ ඔයාට ඔය කරගත දේට කනගාටුවක් හිතෙන්නෙ නැද්ද.මොකද මම මෙහෙම ඇහුවෙ පිරිමියෙක් උනාම ඕනැතැනක යන්න එන්න නිදහස තියෙනවනෙ කෙල්ලොවගේ නෙවෙයිනෙ.....අපෝ මට ඒ නිදහස ඕනැනෑ.පිරිමි කමෙන් නිදහස් උන එක මට ඔක්කොටම වඩා ලොකුයි.....මම කීවෙමි....ඒ කියන්නෙ නිකමටවත් පිරිමිකම හොදයි කියල හිතෙන්නෙ නෑ....නෑ අනේ මට මතක් කරන්නවත් එපා ඒ ගැන..... මම කීවෙමි....එහෙනම් ඔයා නියම කෙල්ලෙක්....ඔහු කීවිට....ඔයාට පේනවනෙ....මම කීවෙමි.......අපේ දහවල් කෑම ලෑස්ති කර ඇති බව තන්ගවේලු පැවසූ විට මම හසිත සමග කෑම කාමරයට ගියෙමි.....මම කෑම මේසය දෙස බැලුවෙමි....මොනවද තියෙන්නෙ කියන එක නෙවේ මොනවද නැත්තෙ කියා සොයන එක අමාරුවිය....මෙච්චර මොකටද හැදුවෙ......මම ඇසුවෙමි....මගෙ මනමාලි මෙහාට ආව පලවෙනි දවස හින්ද හොදට කන්න බොන්න දෙන්න ඕනැනෙ.....මම කෑමගෙන ටික වෙලාවක් සාලයේ වාඩිවී සිටි අතර හසිත තන්ගවේලු සමග ගමනක් පිටත් විය....මැඩම් පොඩ්ඩක් නිදා ගන්නවද....කැඩුනු සින්හලෙන් කතාකල මාරි අම්මා මගෙන් ඇසුවාය.....මාරි අම්ම කොහේද ඉන්නෙ මම ඇසුවෙමි....අපේ මාතියා දෙවියෙක් අපි මෙහෙ තමා ඉන්නේ කීවාය....මාතියගෙ නෝනා ..දෙයියො අරන් ගියා....මාරි අම්මා කනගාටුවෙන් කීවාය.නෝන හොදද.... මම ඇසුවෙමි . ටිකක් සැර තමා ඒ වුනත් හොදයි......හසිතගේ කුමාරි සැර තැනැත්තියක් බව ඇය පැවසුවාය.....ටිකක් වෙලා යන්විට මට නින්ද යනු දුටු මාරි අම්මා...එන්න මැඩම් ....කාමරේට ඇය මාව කාමරයකට එක්ක ගියාය....එහි ඇදේ ඇලවුනු මට හොදටම නින්ද ගිය බව දැනුනේ මාරි අම්මා මට කතා කරන විටය.....මැඩම් මාතියා ආවා....ඇය කීවය. මම ඇස් පිස දමමින් එලියට ගියෙමි.....හොදට නිදාගෙන වගේ ..මා දුටු හසිත කීවේය....ඔයත් නෑනෙ කම්මැලි කමට නිදාගත්ත...මම කීවෙමි....හවස් වුනා යමු නේද?....මගෙන් ඇසුවේය....ඉන්න මාත්තියා තේ ටිකක් බීල යන්න....ඇය කුස්සිය දෙසට යනු දුටුවෙමි....සවස තේ බිව් අපි නැවත ගෙදර බලා පිටත් වුනෙමු.....දැන් කියන්නකො ඒ හෝටලේ කාගෙද කියල....මම ඇසුවෙමි...ඒක හෝටලයක් නෙවෙයි බන්ගලාවක්....හසිත කීවේය.ඉතින් හරී...ඒක කාගෙද නැවත ඇසුවෙමි...ඒක අයිති මගෙ නෝනට.....හසිත කීවේය....ඔයාගෙ කුමාරිත් එහෙනම් ලොකු සල්ලි කාරියෙක්......එයා දැන් මේලෝකෙ නෑනෙ...හසිත කීවේය....ඉතින් එයාගෙ ඒව ඔයාලටනෙ අයිතිවෙන්නෙ.......එහෙම දෙයක් නෙවෙයි මම කිව්වෙ ...තේරුනේ නැද්ද ඒක අයිති මගෙ නෝනට.....මොකක්ද මේ හසිත කියන්නෙ...මම කල්පනා කලෙමි.....තේරුනේ නෑ නේද....පැවසූ හසිත. මම කවද හරි බදිනවනෙ ඒ බැන්දම ඒක අයිති මගෙ නෝනට....දැන් ඉන්න ගෙදරත් අයිති එයාට ඒත් තාම අම්ම ඉන්න හින්ද ඒ ගෙදර අයිතියනම් එයාට දෙන්න බෑ .....ඔහු කීවේය....තාම බදින කෙනාව තෝර ගන්න බැරිවුනාද.....මම ඇසුවෙමි.....තාම හිතාගන්න බෑ....ඔහු එසේ කීවිට මගේ හිත සසල විය....මම හිතන්නෙ හසිත මට කැමති නෑ වගේ....මම පිරිමියෙක් වෙලා හිටිය එකට මෙයත් කැමති නෑ වගේ.....මොනව කරන්නද මේක මගේ ලබා උපන්හැටි ...මම සුසුමක් හෙලුවෙමි....එයා මට කැමතිනම් මගේ අතින්වත් අල්ලන්න ඕනැනෙ ඒත් අද එහෙම කලාද?....මාව මෙහාට එක්කගෙන ඇවිත් තියෙන්නෙ මට තියෙන ආදරේට නෙවෙයි මාව පරීක්ෂා කරන්න....මම හිතා හිටියෙ අද හුගක් ඒව සිද්ද වෙයි කියල...එයාට මන්ගැන වුවමනාවක් තිබුනනම් එයා අද ගොඩක් මගෙන් සතුටුවෙනව.....මම මෙසේ සිතමින් යනවිට....මොනවද කල්පනා කරන්නෙ ...ඇසුවේය.....අක්කල එනකොට කීය වෙයිද දන්නෙ නෑ..මම කීවෙමි....එයාල එනකන් අපේ ගෙදර ඉන්න.....ඔහු කීවේය....අපි එනගමන් හසිතගේ සාප්පුවටද ගොඩවැදුනෙමු.එය විශාල සාප්පුවක් වූ
අතර අදුම් පැලදුම් සෙල්ලන් බඩු වැනි දේවල් තිබුනි ...මේව කොච්චර තිබුනත් මට මොකටද හසිත මට කැමති නැත්නම් මම මේව ගැන බලන්නෙ මොකටද....මට දැන් අවසය වූයේ ඉක්මනින් ගෙදර යෑමටය....මම අක්කට කියනව මට මීටපස්සෙ මගුල් හොයන්න එපා කියල....මම සිතාගත්තෙමි.....යමු...හසිත මට කතාකලේය.....අපි ගෙදරට යනවිතම හසිතගේ දුව ඉක්මනින් ඇවිත් හසිතගේ අතේ එල්ලෙනු දුටුවෙමි. ...කෝ දුවේ මල්ලි....මල්ලි හිටිය...මා දෙස බැලූ ඇය ගෙටදුවගෙන ගියාය....ගෙට ගොඩවූ මම පුටුවෙන් වාඩිවුනෙමි.....පුතාල කොහේද ගියේ...හසිතගේ අම්මා ඇසුවාය...හසිතගෙ වත්තට ගියා අම්මෙ...මම කීවෙමි.....පුතාට මම දැන් ටික දවසක ඉදන් කියකියා හිටියෙ කුමාරි ගැන හිත හිතා ඉන්නෙ නැතුව හොද කෙනෙක් හොයා ගන්න කියෙල.....යන්තම් ඇති මේසැරේවත් හරිගියොත්.....ඇය කීවාය.....මේ සැරෙත් හරියන්නෙ නෑ අම්මෙ ....මා කිසිත් නොකියා ඇය දෙස බැලුවෙමි......දුව වගේ කෙනෙක් හිටියොත් මේ දරුවන්ටත් අම්ම නැති පාඩුව දැනෙන එකක් නෑ.....ඒක හරියන දෙයක් නොවන බව මට අම්මාට කියා ගැනීමට නොහැකිව ඇය දෙස බලා සිටියෙමි.....රෑ බෝවීගෙන එනවිට සිසිර අයියාගේ වාහනය මිදුලේ නැවැත්තුවේය. මම ඉක්මනින් මිදුලට බැස්සෙමි.....ඔන්න නන්ගිව එක්ක ගියාවාගෙ එක්ක ආව...හසිත අක්කාට කීවේය.....ඒකනම් ඇත්ත සිතූ මම හසිතටත් අම්මාටත් යන්නම් කියා වාහනයට ගොඩවුනෙමි.....කොහේද නන්ගි ගියේ...අක්කා ඇසුවාය....හසිතගෙ තේ වත්තට ගියා.....මම කීවෙමි...........
No comments:
Post a Comment