(අක්කා 39)....................... .......................ඉක් මනට හෙට එලිවෙනවනම්....මට හෙට එලිවෙනකන් ඉවසිල්ලක් නොතිබුනි.....මා වරින් වර ඇහැරී වෙලාව බැලුවෙමි.....තාම දෙකයිනෙ වෙලාව. අද එලිවෙන්නෙ නැද්ද මන්ද?.....මා සිතුවෙමි. අක්කා කිසිම ගනනක් නැතුව හොදට නිදාගෙන සිටියාය. ඇත්තටම මාවත් අක්ක වගේ කෙල්ලෙක් වෙලාම උපන්නනම් මේ විදියට දුක් විදින්නෙ නෑනෙ. එහෙනම් අක්ක වගේ සැපට නිදාගන්නව.....මම කල්පනා කලෙමි.....අයි මම මේ විදියට කොල්ලෙක් වෙලා ඉපදුනෙ.....ඉස්සර ආත්මෙක මම කෙල්ලෙක් වෙලා ඉන්න ඇති මම කොල්ලන්ට කෙල්ලවගේ කියල අපහාස කරන්න ඇති ඒ හින්ද තමයි මාවත් කොල්ලෙක් වෙලා මේ විදියට විදවන්නෙ.........මට හ්තුනි......මා නැවත ඇහැරෙන විට පාන්දර පහ පමනවිය. තව පැය කීපයක දී මම ඔපරේශන් කාමරේ....සිතමින් බාත් රූම් එකට ගියෙමි. ......දැන් තමයි උඹව අවසන් වතාවට දකින්න හන්බවෙන්නෙ. අද උඹව කෑලිකෑලි වලට කපල විසිකරයි.....අදින් පස්සෙ මට මේවිදියට මුත්‍රා කරන්න බෑ මට ඒ වැඩේ කරන්න වෙන්නෙ අලුත් එක්කෙනාගෙන් එයා උඹට වඩා ගොඩක් හොදයි.....උඹේ මලගමට මගේ ප්‍රණාමය ....මම මගේ පුරුෂ ලිංගය දේස අව්සන් වතාවට බලා එයට සමුදුන්නෙමි.......එය නැතිවෙනවාට කිසිම හිතේ දුකක් ඇති නොවුනු අතර එය නැතිවීම ගැන දැඩි සතුටක් ඇතිවිය. මා එලියට යනවිට අක්කාද ඇහැරී සිටියාය.....මොකද නංගි ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද?.....අක්කා ඇසුවාය....මොන නින්දක් ද අක්කෙ සැරෙන් සැරේ ඇහැරි ඇහැරි වෙලාව බැලුව.....මම කීවෙමි......අම්මෝ මොකද අනේ කෙල්ලෙක් වෙන්න මෙච්චරටම තියෙන ආශාව......කියමින් අක්කා සිනාසුනාය.......කෙල්ලෙක් වෙනවට වඩා මටතියෙන්නෙ පුරුෂ ලිංගය අයින් කරගන්න තියෙන ආශාව.......මට මෙක අක්කට කියන්නෙ කොහොමද......අක්ක වගේ ඉන්න ආශා හින්දනෙ අක්කෙ.....මම කීවෙමි. උදෑසනම තායි සාත්තු සේවිකාවක් මා අසලට ආවාය.... ගුඩ් මොර්නින් මිස් .... පැවසූ ඇය මට ඔපරේසන් කිරීමට සුදුසු ඇදුම් ඇන්දුවාය. ඉන් පසු කාමරයට පැමිනි වෛද්‍ය වරයා.....ගුඩ් මෝනින් කියමින් මගේ පපු පෙදෙස විවුර්ත කලේය....මේ මොකක්ද කරන්න හදන්නෙ ......මා බලා සිටියෙමි.....ඔහු පෑනකින් මට ලබා දෙන පියයුරු වල හැඩය අදින බව තේරුම් ගත්තෙමි......ඉස්සෙල්ල මේකද දන්නෙ නෑ හදන්නෙ ....අද මේක හදල හෙට පුරුශ ලිංගය අයින් කරයි.....සිතූ මම ....ශික් අදත් මේක තියාගෙන ඉන්න වෙනවනෙ.....මට දුකක් ඇති විය.....වෛද්‍ය වරයා ගියපසු තායි සේවිකාව සිනාසෙමින් කුමක් හෝ අසන බව තේරුනි....මා අක්කාට කතා කලෙමි......මෙයා අහන්නෙ පිරිමි කම නැති වෙනව කියල ඔයාට දුකක් හිතෙන්නෙ නැද්ද කියල......එම ප්‍රස්නයට පිලිතුරු වශයෙන් ඊයේ අක්කාගෙන් ඇසූ පරිදි .....ඔයා පිරිමියෙක් වෙන්න කැමතිද ඇසුවෙමි......නෝ...කී ඇය අතින්ද නොකැමති බව කියා පෑවාය.....අන්න ඒ වගේ තමා මාත් පිරිමියෙක් වෙන්න කැමති නෑ.....මම ඇයට කීවෙමි.......එය අක්කා පැහැදිලි කිරීමෙන් පසු.....ග්ර්ලි ලයිෆ් ඉස් ස්වීට්......පවසා සතුටින් මගේ පිටට තට්ටු කලාය...සුලු වෙලාවකින් මාව ට්‍රොලියක තබා ගෙනයෑමට සූදානම් වූ විට අක්කා මා අසලට පැමින තිසරනය සරනින් දෙවියන්ගෙ පිහිටෙන් අනේ මගේ රත්තරන් නංගිගෙ ඔපරේශන් එක සාර්තක වේවා . මගේ අත අල්ලා ගෙන ප්‍රාර්ථනා කල අතර මගේ මුහුනද සිප ගත්තාය.....මා අවසන් වතාවට පිරිමියෙකු වශයෙන් ඔපරේසන් කාමරයට ඇතුලුවෙන බව දුටු මට.....දැන් ඉතින් මෙතනින් පිටවෙන්නෙ කෙල්ලෙක් වෙලා නෙ.....ඒත් පුරුස ලිංගය කරයිද දන්නෙ නෑ. .....මම තායි සේවිකාව අමතා දන්න ඉන්ග්‍රීසියෙන්.....ටූ ඔපරේසන් ....කියා පපුව සහ ලින්ග පෙදෙස පෙන්නුවෙමි......ඉයස් බෝත්....යනුවෙන් පැවසූ ඇය සිනාසුනාය......දැන් හරි මම එලියට යන්නෙ නියම කෙල්ලෙක් වෙලා...මට දැඩි සතුටක් ඇතිවිය. ඇතුලට ගිය මට දැඩි සීතලක් ඇතිවිය. මෙයාල ඒසී එක ගොඩක් වැඩිකරල දාල...මා සිතුවෙමි.මා අසලට පැමිනි වෛයිද්යවරියක් මගේ අත අතගාමින්..ඩොන්ට් වොරි..ස්මෝල් පෙයින්....පැවසූ ඇය අතට බෙහෙතක් විද....ස්ලීප්...යනුවෙන් පැවසුවාය......මට මතක තිබුනේ එපමනකි.........
No comments:
Post a Comment