Tuesday, May 24, 2016


(අක්කා 49)......................................මා වාහනයට ගොඩවෙනවිට............මට අදුනගන්නත් බැරි උනානෙ... ඔයාගෙ නංගි දැන් ගොඩක් ලස්සන වෙලානෙ.......අම්මා අක්කා දෙස බලා ඇසුවාය.....අක්කා කිසිවක් නොකියා.....සිනාසෙමින් වාහනයට නැග්ගාය.....අපි ගෙදරට පැමිනෙනතුරු අක්කා මා ගැන කිසිවක් කතාකිරීමෙන් වැලකී සිටියාය......වාහනය පදවාගෙන ආ අයියාගේ යහලුවාට ස්තූතිකල අක්කා මා සමග ගෙට ගොඩවිය.....පිරිමි සිරුරක් ඇතිව ගෙදරින් දොට්ට බැස්ස මම නැවත ගෙදරට ගොඩවැදුනේ ගැහැනුසිරුරකට උරුමය කියාගෙනය.....මා අක්කා සමග ඇගේ කාමරයටගොස් ගෙන ආ සියලු බෑක් ඇගේ කාමරයෙන් තැබුවෙමි.....එවිට කාමරය තුලට පැමිනි අම්මා....පොඩිදුව දැන් මෙහෙන් ගියාටත් වැඩිය ලස්සන වෙලානෙ...අම්මා මාදෙස බලා සිනාසෙමින් පැවසුවාය......ලස්සන වෙන්නෙ නැද්ද අම්මෙ දැන් මෙයත් මම වගේම ගැනුලමයෙක්.....දැන් නන්ගිගෙයි මගෙයි අතර වෙනසක් නෑ.....අක්කා කීවාය.....ඒ කිව්වෙ.....අම්මා ප්‍රශ්නාර්තව ඇසුවාය.....අම්මේ දැන් මෙයාට පිරිමියෙකුට තියෙන කිසිදෙයක් නෑ......අක්කා එසේ කීවිට...අපොයි දෙයියනේ මේ මොන අපරාදයක්ද කලේ......අම්මා මෙසේ පවසන විට...මම ලැජ්ජාවෙන් මගේ කාමරයට ගියෙමි........ටික වෙලාවකින් මගේ කාමරයට ආ අම්මා.......අක්ක මට ඔක්කොම කිව්ව.ඔයා ඕක කරගත්ත වගේ නෙවෙයි දැන් ඉස්සරට වඩා ගොඩක් පරිස්සමින් ජීවත් වෙන්න ඕනැ. ඔයා වගේ ඇහැට කනට පේන ලස්සන ගෑනුලමයෙක් උනාම තවත් පරිස්සම් වෙන්න ඕනැ...තනියෙම එහෙම එහෙමහෙ යන්න එපා....ඔයා දැන් කෙල්ලෙක් කියල හිතේ තියාගෙන ජීවත් වෙන්න.....අමා මට දුවෙකුට දෙන්න අවශ්‍ය අවවාද දෙන්ට විය....මම ඇගේ අවවාද අසමින් ඇදුම් මාරු කිරීමට පටන්ගත්තෙමි.ලස්සම ගවුමක් නෙ....කියමින්.. මා ඇදගෙන ආ ගවුම අතටගත් අම්මා.... කොහෙන්ද දුවේ මේක ගත්තෙ...රෙද්දත් හොදයි ඇගට සනීප ඇති...ගවුමේ හැඩ බලමින් ඇසුවාය.....එහෙ තියනව අම්මෙ ලස්සන ඇදුම් ......කියමින් මම ඇද සිටි බ්රෙසියරය ගලවා වෙනත් බ්රෙසියරයක් අදින ගමන් ඇය දෙස බලා කීවෙමි......මා අදින බෙසියරයෙන් යන්තම් වැසුනු පපුව දෙස අම්මා පුදුමයෙන් මෙන් බලා සිටිනු දුටුවෙමි. මොකක් ද මේ අම්ම පුදුම වෙලා වගේ.බලන්නෙ....මම මගේ පපුව දෙස බැලුවෙමි......එක පියයුරක් බෙසියරයෙන් නොවැසී එලියේ තිබෙනබව දුටු ...මට ලැජ්ජවක් අතිවුනු අතර එය ඉක්මනින් වසාගත්තෙමි......අහක බලාගෙන සිහින් සිනාවක් පෑ අම්මා මගේ ගවුම ඇද උඩින් තබා කාමරයෙන් පිටවූවාය....මා ඇදුම් මාරු කරගෙන අක්කා ගේ කාමරයට ගියෙමි. ඇය ඇදුම් මාරුකරගෙන ගෙන ආ බෑක් අදින බව දුටුවෙමි. ......ගෙදර අයට ගෙනාපු තෑගිටික දෙන්න ඕනැනෙ නංගි නැත්නම් රට ගිහින් එයාලට මොකුත් ගෙනාවෙ නෑ කියල හිතයි.....අක්කා කීවාය......ඒක හොදයි අක්කෙ ඉක්මනට ඒ ටික දීල ඉම්මු....පැවසූ මම...ඒක නෙවෙයි අක්කෙ...මම ඇදන් ආව ගවුම අම්මට ගොඩක් හිතට අල්ලල.....අම්ම ඉතින් ගවුම් අදින්නෙ නෑනෙ ඒකනෙ එයාට සාරිටිකක් ගත්තෙ....අක්කා කීවාය.....වෙන..මොනවද අම්ම කිව්වෙ....අක්කා කීවාය.....මට හරි වැඩක් උනානෙ අක්කෙ මම බ්රා එක අදිනකොට අම්ම මගෙ පපුව දැක්කනෙ....මට ලැජ්ජාවෙ බෑ අනේ......මම කීවෙමි.....ඕකට ඔයතරම් ලැජ්ජවෙන්න දෙයක් යෑ....අම්මටත් තියෙන්නෙ ඕකමනෙ.....අක්කා සිනාසෙමින් කීවාය...ඒක නෙවෙයි අම්ම පුදුම දෙයක් දැක්ක වගේ බලා හිටිය.....පුදුමයි නේන්නම් කොල්ලෙකුට තනදෙකක් ආවහම.....අක්කා කීවාය....මම කොල්ලෙක් යෑ....අක්කා මට කොල්ලෙක් කීවාට අමනාපයෙන් කීවෙමි......මෙහෙ අය හිතාගෙන ඉන්නෙ තාම ඔයා කොල්ලෙක් කියල්නෙ....ඉතින් අම්මත් පුදුම වෙන එක කියන්න දෙයක් ද.....කී අක්කා.... නංගි ඔයා දොස්තරල කියපු දේවල් කරනව නේද.....ඇය එසේ ඇසූ විට මගේ ඩයලුට් එක මතක් විය.....මම එම උපකරන රැගෙන මගේ කාමරයට ගොස් දොරවසා ගත්තෙමි.......හොද වෙලාවට මේක අක්ක මතක් කලේ මේක නොකඩවා කලේ නැත් නම් යෝනිමාර්ගය හාවෙනවලු......මම කල්පනා කරමින් එම කටයුත්තට සූදානම් වුනෙමි.

No comments: