Tuesday, May 24, 2016


මෙහි පලවෙන කතා කියවන යාලුවනේ.මම පලකල අක්කා කතාව කියවා ඔබලා යම්කිසි සතුටක් ලැබුනානම් එයයි මගේ සතුට. මෙම කතාවට මූලික අදහස ලබාදුන් මගේ මිතුරියක් වෙන නදී සානී ට පලමුවෙන් ස්තූතිවන්ත වන අතර මේ කතාවේ 50 වෙනි කොටසින් පසු ඇතිවූ මගේ පරන පිටුවට ඇතිවූ ගැටලුව නිසා මා වෙනත් ගිනුමක් සෑදීමට උත්සාහ කලත් ඒවා අසාර්තක විය(මට එතරම් ඉන්ටෙර්නෙට් ගැන දැනුමක් නැත)එම අවස්තාවේදී දිල්සි නන්ගි මට ගිනුම සාදා දීම ගැන ඇයට ස්තූති කරමි.මෙයට අමතරව තවත් කිහිප දෙනෙක් මට උදවු කිරීමට ඉදිරිපත් විය.අලුත් බ්ලොග් එක සාදා ගනීමට උදව්කල යෙහෙලියටත් මා ස්තූතිවන්ත වෙමි.මේ අයුරින් මට කොම්මෙන්ට් කර මාව දිරිමත් කල ඔබ සැමට මම ස්තූතිවන්ත වෙමි.ලයික් කල සැමටද ස්තූතිවන්ත වෙමි.ඉතා ටික දෙනෙක් මෙම කතා විවේචනය කරතිබුනි. මෙයට පොන්න කතා කියා අපහාස කර තිබුනි.මා මෙහි ලියන්නේ එවැනි පොන්න කතා නොවන බව එම සුලු පිරිසට මතක් කරමි.ඔවුන් පොන්න කියන වචනයේවත් තේරුම නොදන්නා එක ගැන කනගාටුවෙමි.කොල්ලෙකුට කෙල්ලෙක් වීමට ඇතිවෙන ආශාව එම ආශාව නිශා කෙල්ලෙක් මෙන් හැසිරීමට උත්සාහ කිරීම. සැත්කම් වලින් කෙල්ලෙක් බවට පත්වීම.මේ සියල්ල ඇතිවීමට හේතුව. කෙල්ලෙකුට අයිති මොලයක් සහිතව පිරිමි සිරුරක ඉපදීම බව වෛද්‍යවරු සොයාගෙන ඇත.මෙවැනි අය තමන්ගේ පිරිමි සිරුර ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍ය දෙයකි. අපි එවැනි අයට අනුකම්පා කලයුතු අතර හැකිනම් කෙල්ලෙක් බවට පත්වීමට උදවුකල යුතුය.මා මින් අදහස් කරන්නේ ගැහැනු බවට පත්වීමට කිසිම කැමැත්තක් නොමැතිව ගැහැනු ඇදුම් ඇදගෙන සතුටුවෙන පිරිමි ගැන නොවන බව සලකන්න. අවසාන වසයෙන් මෙම කතා කියවා මාව දිරිමත් කරන ඔබ සැමට ස්තූතිකරමි...

No comments: