(අක්කා 65)....................... .......................... .ජැන්ඩියට ඇ දසිටි හසිත වාහනයට නගින ලෙස මට දොර ඇර දුන්නේය.....එයාගෙ අදුමෙ හැටියට මම ඇද්ගෙන ඉන්න ගවුම හරිනැද්ද මන්ද....ශික් දන්නවනම් මම හොඳ සාරියක් ඇදන් එනවනෙ....මට මගේ ගවුම ගැන ලැජ්ජාවක් ඇතිවුනි.....ඉදිරි අසුනේ වාඩිවුනු මම වාහනයේ තුල බැලුවෙමි....මේක සිසිර අයියගෙ එකටත් වඩා සැප පහසුයි වගේ....මට සිතුනි....මොකද බයවෙලා වගේ.....මාදෙස බලමින් වාහනයට ගොඩවූ හසිත ඇසුවේය....අපි කොහාටද යන්නෙ....මම ඇසුවෙමි.....ඔය එක්ක යන තැන මම අම්මට කිව්වෙ.....ඇහුන නේද....සිනාසෙමින් උත්තර දුන්නේය....විහිලු නෙවෙයි අනේ....මම කීවෙමි...ඔහොම යමුකො..ගියහම බලාගන්න පුලුවන්.....ඔහු කීවේය....මම හිතන්නෙ මෙයා මාව එක්ක යන්නෙ කොහේහරි හොද හෝටලේක පාටියකට....නැත්නම් මෙයා මෙච්චර ලස්සනට ඇදෙන් එන්නෙනෑ....මට කිව්වනම් මාත් අක්කට කියල ලස්සනට අන්දගෙන එනවනෙ......මම සිතුවෙමි......අපි ටවුම මැදින් යනවිට විශාල සාප්පුවක් පෙන්නුව හසිත ...අර ලොකු ශොප් එක මගෙ හොදම යාලුවෙකුගෙ....ඔයත් එයාව දන්නව....සිසිර අයියගෙද....මම ඇසුවෙමි....එයාට ඔය කඩ ඕනැනෑ මැනික් වලින් හම්බවෙන සල්ලි කන්දරාවම ඇති......එහෙනම් කවුද....මම කුතුහලයෙන් ඇසුවෙමි.....හසිත කියල එක්කෙනෙක්...සිනාසෙමින් කීවේය.....ඔයාගෙ නම තියෙන තව යාලුවෙක් ඉන්නවද...මම ඇසුවෙමි....ඉන්නව එයත් මම වගේමයි.....ඔයාගෙ නම තියෙන ඔයාවගේම කෙනෙක්...මම පුදුමයෙන් ඇසූ මම....සිසිර අයියගෙත් යාලුවෙක් ද ඇසුවෙමි....නැතුව එයාගෙත් හොදම යාලුවා....අක්ක ගෙ වෙඩින් එකට ආවද....ඔව්..අයි ඔයා දැක්කෙ නැද්ද?...මගෙන් ඇසුවේය....එහෙම කෙනෙක් මම දැක්කෙ නෑ....මම කීවෙමි....එයා මමත් ඇත්තට දැකල නෑ.....කී හසිත....මම කන්නඩිය ඉස්සරහට ගියාම තමයි උගෙ මූන බලා ගන්න පුලුවන් වෙන්නෙ.......ඔහු එසේ කීවිට මම සිනාසෙන්ට විය.....එතකොට ඒ ශොප් එක ඔයාගෙද....මම ඇසුවෙමි....නෑ අපේ....ඔහු උතර දුන්නේය.....අපේ කිව්වෙ..මම ඇසුවෙමි...මම ඔයාව කසාද බැන්දොත් අපේ.....මම කිසිත් නොකියා සිනාසුනෙමි.....හසිත හරිම පුදුම චරිතයක් බවත්...ඔහු සෑම දෙයක් ම ප්රකාසකරන්නේ මොකක් හෝ විහිලුවකින් බවත් ඇසුරු කල සුලු කාලයේදී මම තේරුම් ගත්තෙමි.....අපි අන්න අර කන්ද උඩටම යන්න ඕනැ....උස කන්දක් පෙන්වා මට කීවේය.....අම්මෝ මේ කන්ද....මම බයෙන් කීවෙමි....මේක නගින්න ගියිත් අද ගෙදර යන්න හම්බවෙන්නෙ නෑ සිරීපාද කන්ද වගේනෙ.....මම කීවෙමි....අපි පයින් නෙවෙයි යන්නෙ...මේකෙන්....අහු කීය...මේකෙන්....මම පුදුමයෙන් ඇසුවෙමි.....මේක බිමින් ගියාට චොපර් එකක් වගේ...කී ඔහු කන්ද නැගීමට පටන්ගත්තේය....අයිනේ ඇති බෑවුම නිසා මට බියක් දැනුනි....පරිස්සමින් හසිත....මම කීවෙමි......ඇයි බයද .....ඔහු සිනාසෙමින් වාහනය පැදවීය......අපි සෑහෙන දුරක් කන්ද නැග්ගෙමු වටපිට තිබුනු කදුපන්තිය සුන්දර දසුනක් විය....මම කවදාවත් මෙච්චර ලස්සන තැනකට ඇවිත් නෑ....මට සිතුනි....මම ආශාවෙන් වටපිට බැලුවෙමි....මොකද වටපිට බලන්නෙ.....අනේ හසිත හරිම ලස්සනයි....තව ලස්සන ඒව තියෙනව යමුකො.....ඔහු විශාල තේවත්තකට ඇතුලුවිය....ලොකු තේවත්තක් නේද...මම ඇසුවෙමි.....මේකත් අර කිව්ව යාලුවගෙ.....හසිත කිවිට...මෙකත් ඔයාගෙද.....මම පුදුමයෙන් ඇසුවෙමි...නෑ අපේ...ඔහු සිනාසෙමින් උත්තර දුන්නේය.....වත්ත මැදක් පමන ගිය ඔහු මල් වවාතිබුනු අලන්කාර උද්‍යානයකට ඇතුලුවිය.....ලස්සන මල්වත්තක්නෙ.....මම කීවෙමි.....මල්වත්තෙ මැද්දෙ තියෙන අන්න අර ගේතමා යාලුවගෙ ගේ.....ඔහු නිවස ඉදිරිපිට වාහනය නවතා මා සිටි පැත්තට පැමින මට බැසීමට දොර ඇර දුන්නනේය.......සිසිල් සුලග නිසා මා ඇද සිටි ගවුමේ සාය ඉස්සෙන බව දැනුනු මම අම්මාරුවෙන් පහලට වෙන්න අල්ලා ගත්තෙමි......සුදු පැහැති කොට කලිසමකින් සහ ක්මිසකින් සැරසුනු මැදිවියේ පුද්ගලයෙක්.. එන්න සර්.....හසිතව පිලිගත් ඔහු අපිව නිවස තුලට රැගෙන ගියේය....මෙයා මේ ගෙදර වැඩකරන එක්කෙනෙක් වෙන්න ඇති....මට සිතුනි....සැටියේ වාඩිවුනු මම හසිතගේ යහලුවා කොහේදැයි බැලුවෙමි....සුලු වෙලාවක් ගියද ඔහු පැමිනෙන බව නොදුටු මම.....කෝ ඔයාගෙ යාලුව......මොන යාලුවද..ඔහු ඇසුවේය....ඇයි අනේ මේගෙදර ඉන්නව කිව්ව යලුව...මම මතක් කලෙමි.....මම මුලදි කිව්වනෙ එයාගෙ මූන මට බලන්න වෙන්නෙ කන්නඩියෙන්......එතකොට මේකත්.....මගේ වචනය කියනවිටම....අපේ..... යනුවෙන් ඔහු පැවසුවේය.....මේ ඉන්නෙ වත්තෙ සුපෙරිටෙඩන්ට් එයාගෙ නිල නිවස තමයි මේක .....ඔහුගේ තේපැන් සන්ග්‍රහය බුක්තිවිදි අපි .නැවත එතැනින් පිටත් වුනිමු.....දැන් කොහේද යන්නෙ...තව ලස්සන තැන් තියෙනව....කී ඔහු තවත් ඉහලට වාහනය පදවන්ට විය........ඔහු රතය නැවැත්වූ නිවස කන්ද උඩක තිබුනු හෝටලයක් මෙන් දිස්විය.....මේකත් අපේද...මම සිනාසෙමින් ඇසුවෙමි.....නෑ....මේකනම් මගේ නෙවෙයි....එහෙනම්..අර කන්නඩියෙන් නිතර දකින යාලුවගෙද....මම විහිලුවට ඇසුවෙමු....මගෙ වෙලාවට එයාගෙත් නෙවෙයිනෙ.....එහෙනම් කාගෙද....මම ඇසුවෙමි.
No comments:
Post a Comment