(අක්කා 2).............................................එහෙනම් හොදයි කොහෙ එක්කෙනෙක්ද අක්කෙ.....මම තවදුරටත් ඇසුවෙමි........ලග එක්කෙනෙක්......අක්ක පිලිතුරු දුන්නාය.යන්තම් අක්කගෙ වැඩෙත් හරි.............මටත් අක්ක වගේ මොකක් හරි බිස්නස් එකක් කරන්න ඇත්නම්...ඒත් කෝ ඒවට සල්ලි.....මම දන්නව....මට කවුරුවත් සල්ලි දෙන්නෙ නෑ කියල.....මම මේ ගෙදර අවලන්ගු කාසියක් වගේ කව්රුවත් මාව ගනන් ගන්නෙ නෑ.....ටිකක් හරි බලන්නෙ අක්ක විතරයි ....මේ විදියට නම් මට මේ ගෙදර ඉන්නනම් බෑ.....මම කොහේ හරි ඔලුව හැරිච්ච අතක යනව.....මෙලෙස හිතුනත්....මෙතනනම් බැනුම් අහාහ හරි ඉන්නව කොහේ හරි ගිහින් මොනව කරන්නද......මට ගෙදරින් යෑම ගැනද බය හිතුනි......මල්ලිට අපෙ සොම්පැනියෙ වැඩක් නම් තියෙනව....මොකක්ද අයියෙ මම ඇසුවෙමි.......ස්ටොරුවෙ බඩු එහමෙහා ගෙනියන්න.....කමක් නෑ අයියෙ........මම කීවෙමි......එහෙනම් හෙට යමු....අයියා මා සමග ඇඩට ගියේය.....මට තිබුනේ ස්ටෝරුවේ බඩු එකලස් කිරීමටය ඒ අතර බර බඩු කීපයක් ද තිබුනි....ඒවා උස්සා ඇගට සෑහැන්න මහන්සියක් දැනුනි......බිල්ඩිම ඇතුලෙ හින්ද ගැටලුවක් නෑ ඒ වුනාට ඒව උස්සන්න ගිහාම පනයනව අප්ප.....මම ලොකු අයියට කීවෙමි.........මේ උබට ඕනැ විදියට ලේසි රස්සාවල් නෑ....උබ ගෙදර නිකා ඉන්න හින්ද එක්ක ගියේ....අයියා මට බනින්ට විය......බැනුම් ඇසීමට උපන් මට.එයත් එක්තරා බැනුම් ඇසීමක් විය....හැම තිස්සෙම මෙයාලගෙන් දොස් අහන්න බෑ.මහන්සිවුනත් මම මේකට යනව.....මම තීරනය කලෙමි.......මොනව උනත් උබට දැන්වත් ඔලුව පෑදිච්ච එක හොදයි.....අම්මා මම රැකියාවට යෑම ගෙන හොද කීවාය......ලොකු පුතේ මෙයා බිස්නස් කරන්න සල්ලි ඉල්ලල තාත්තගෙන් හොදටම බැනුම් ඇහුව.....මෙයා කරන බිස්නස්ස්....ඔන්න කෙල්ලෙක් වෙලත් මෙයාගෙ අක්ක.....කිව් අම්මා.....එයා හෙට අනිද්ද බන්ඩරනායක එකේ එයාගෙ දක්ශකම් පෙන්වන්නත් යනවලු......අම්මා අක්කාගේ හොද කියන්ට විය.......මෙයාට පිස්සු අම්මෙ මෙයා කරන බිස්නෙස්ස්....නිකන් තාත්තගෙ සල්ලි ටිකත් නහස්ති කරනව......ඊටවඩා අපේ කොම්පැනියෙ වැඩ කරන එක හොදයි......අයියාද කියන්ටවිය......දින තුනක් පමන එම රැකියාවට ගියෙමි...බඩු උස්සල ඇගට මහන්ස්යි කොන්දත් රිදෙනව....ඒත් මොනව කරන්නද....නැත්නම් මම නිකමෙක් වෙනවනෙ....කල්පනා කල මම.....නොකර බැරි නිසාම රැකියාවට ගියෙමි.....දැන් අක්කගෙ වැඩේ කොහොමද....මම අක්කාගෙන් ඇසුවෙමි.....බලන්නකො මල්ලි ඒකටත් කනකොකා හැඩුවනෙ.....ඒ කිව්වෙ අක්කෙ මම ඇසුවෙමි.......අර හොයාගත්ත ලමයගෙ අම්ම කැමති නෑලුනෙ.....ඉතින් අක්ක කියන්නකො කීයක් හරි දෙන්නම් කියල.....කිව්ව මල්ලියෙ...ඒත් බැරිලු........අක්කා කනගාටුවෙන් කීවාය.......කවුරුවත් නැතිවුනොත් ඒකට යන්න හම්බවෙන්නෙ නෑ මල්ලියෙ.....අපරාදෙ හොද ප්රසිද්දියක් ගන්න තිබුන වාසනාව නැතිවෙනව.......අක්කා කියන්ට වූවාය......දැන් මල්ලිගෙ රස්සාව කොහොමද ඒ අතර රැකියාව ගැනද ඇසුවාය..............පඩිනම් වරදක් නෑ අක්කෙ ..ඒ වුනාට එපාවෙනව....ඒ මොකද...අක්කා ඇසුවාය.......බර උස්සන්න ඕනැ අක්කෙ මගෙ කොන්දත් රිදෙනව ඒව උස්සලම.....මම කීවෙමි.....ඔයාල කොල්ලො ....කොල්ලො උනාම ඕවගෙ බර වැඩ වලට හුරු වෙන්න ඕනැ.....අක්කා කියන්ට විය.....ඔව් කොල්ලෙක් උන එක තමා අව්ල මාත් කෙල්ලෙක් උනානම්. අක්ක වගේ ගැනුන්ගෙ මූනෙ සයම් උලවුලා කියක් හරි හොයාගන්න තිබුන. තාත්තත් ඉතින් සල්ලි දෙන්නෙ කෙලන්ටනෙ.ඒ හින්ද මටත් ගන්න තිබුන.....මම අක්කට නෝක්කඩු ස්වරූපයෙන් කීවෙමි......මල්ලිට කේන්ති ගියාට මම කිව්වෙ අත්තනෙ......ඔව් මේගෙදර ඔක්කොම ඇත්ත කියන්නෙ....මම විතරයි බොරු කියන්නෙ....මම වෙතරයි නාස්ති කාරය...නිකම....මම....බනිමින් මගේ කාමරය තුලට ගියෙමි. අක්කාද මට දොස් කීනිසා මගේ හිතේ අමාරුව වැඩිවිය. මා රාත්රී ආහාරය නොගෙන කාමරයේ සිටියෙමි......මල්ලි බත් කන්නෙ නැද්ද....අක්ක මා අසලට විත් ඇසුවාය ....මට එපා....මම කීවෙමි.....එපා කියල හරියන්නෙ නෑ එන්න....ඇය මගේ අතින් අදින්ට වූවාය....බැරිම තැන කාමරයෙන් පිටවූ ඇය කෑම පිගානක් රැගෙන ආපසු එනබව දුටුවෙමි......තරහ ගන්න එපා මල්ලි මම මල්ලිට ආදරේනෙ....මේ බත් ටික කන්න....මා නොකා සිටිනවිට බත් ටිකක් අනා මට කැවීමට උත්සාහ ගත්තාය....ඔන්න මේක කෑවෙ නැත්නම් මම මල්ලි එක්ක තරහයි......මා එම බත් කට කෑවෙමි.....මා කුඩා කලද ගෙදර අය සමග රන්ඩුවී කෑම නොකා සිටින විට අක්කා මට කෑම කවනු සිහිවිය. මට තරහා ගියත් අක්කට ආදරයක් ඇතිවිය.......අක්කගෙ වැඩේ කරන්නෙ කොහොමද අක්කෙ........ පසුවදාද මම අක්කාගෙන් ඇසුවෙමි......බැරි වුනොත් ඒවැඩේ කැන්සල් කරනව මල්ලි. වෙන මොනව කරන්නද......අනේ එපා අක්කෙ .....අපි මේකට මොනව හරි කරමු......මම කීවිට....ඔන්න මල්ලි මගේ නන්ගි වුනානම් මට අද කිසි ගැටලුවක් නෑ.....අක්කා සිනාසෙමින් කීවාය...........
No comments:
Post a Comment