Tuesday, May 24, 2016


(අක්කා 12).............................................මාව බදාගෙන උඩපනිමින් ........අපි දිනුව නංගියේ.....කියමින් සිනාසෙන්ටවූවාය......අම්මට ඔයාව අදුනගන්න බෑ කියන්නෙ කාටවත් අදුනගන්න බෑ කියන එකයි.....අක්කා ජයක්ගරාහී ලෙස පැවසුවාය.....ඒ උනාට මට තව ගැටලුවක් තියෙනව අක්කෙ.....ඒසැරේ ඔයාට ආව ගැටලුව මොකක්ද....අක්කා ඇසුවාය......අක්කෙ මගෙ කටහඬ හරිනෑනෙ....මම කීවෙමි......ආ ඒකටත් අපි මොකක් හරි පිලියමක් හොයමු....අක්කා කීවාය....මම අහල තියෙනව නංගියෙ වොඉස් ට්රේනින් කියන එකක්...අපි නෙට් එකේ හොයල බලමු පැවසූ ඇය ලැප් එක ගෙන ඔන් කලාය.මාව ලග තබාගත් ඇය එම වචනය සොයන්ට වූවාය.යූ ටියුබ් එකක එම වැඩසටහන තිබෙනු දක මට ඒ ආකාරයට පුරුදුවෙන ලෙස දැන්වූවාය...තව දුරටත් එම වැඩසටහන බාගත කිරීම සදහා මුදල් ඉල්ලූ බැවින් ඇය එම මුදල්ද ගෙව්වාය.....මුදල් ගෙවා ලබා ගත් එම වැඩසටහන මගින් කටහඬ පුරුදු වීම ආරම්බ කලෙමි......සෑහෙක වෙලාවක් ගවුම ඇදගෙන කෙල්ලෙක් ලෙස සිටි මට ටිකෙන් ටික ගැහැනු කමේ සුන්දරත්වයක් ඇතිබව දැනෙන්ට විය.මේ ගවුමනම් හරිම සැහැල්ලුයි ඇඟට හරිම සනීපයි....මා ආශාවෙන් ගවුම අතගෑවෙමි.අක්කාට කස්ටමස්ල කීප දෙනෙක් පැමිනි බැවින් මා කාමරය තුලට වී කටහඬ වෙනස්කිරීමට උත්සාහ ගත්තෙමි..... කාමරය තුල හයියෙන් සින්දුවක් දා තිබුනු බැවින් මා කියවන හඩ පිටට නොඇසුනි......නන්ගි අපි එකට ගියොත් අම්මල සැක කරයිද දන්නෙ නෑ....අක්කා සැලුන් එක වසන කිට්ටුව මගෙන් ඇසුවාය.....එහෙනම් අක්ක යන්න මම තව ටිකකින් එන්නම්......ඔය විදියටද එන්නෙ.....අක්කා මාදෙස බලා සිනාසෙමින් පැවසුවාය.....අපෝ නෑ අක්කෙ මගෙ ඇදුම් තියෙනවනෙ.....කනේ කරාබු දෙක එහෙම ගලවල එන්න....කී ඇය...... නෑ... නෑ... ඔනැ නෑ....හදිස්සියේ කී අක්කා .....දැම්ම ඇදුම් මාරුකර ගන්න....ඇයි අක්කෙ දැම්ම මම එනකොට මාරුකරගෙන එන්නම්...කීවෙමි..... මොකක් හරි අවුලක් උනොත් අපි ඉවරයි... මම ඉන්දැද්දිම ගලවන්න....කී අක්කා මගේ කරබුදෙක ගැලවීමට පටන්ගත්තාය.....මා පැලද සිටි කාන්තා ආභරන එකින් එක ගලවන විට මට සියුම් දුකක් ඇතිවිය....අපරාදෙ තව ටික වෙලාවක් මේ විදියට ඉන්න තිබුනනම්...මා දුක් බරව කල්පනා කලෙමි.අක්කාගේ උදව් ඇතිව ඇදුම් මාරුකල මා මුහුනේ තවරා තිබුනු සියලු මේකප් සෝදාහැර නැවත පිරිමි සවරූපයට මාරුවූවෙමි....දැන් මල්ලි තව ටිකකින් එන්න මම යන්නම් මතක ඇතුව හොදට දොර වහගෙන එන්න...අක්කා එලියට බසින ගමන් කීවාය......අක්කා ගෙදර ගොස් පැයකට පමන පසු මම ගෙදර ගියෙමි......මා දුටු අම්මා......කොහොමද වැඩ.... හෙටත් යනවද....ඇනුම් පදයක් මෙන් මගෙන් ඇසුවාය.......එහෙනම් වරදක් නෑ අම්මෙ.....මට අක්කා ගේ සැලුන් එකට යෑමට අවස්ය බැවින් කීවෙමි. රත්රියේ නින්දට යෑමට කිට්ටුව අක්කාගේ කාමරයට ගියේ අක්කා පැවසූ පරිදි කරබු දෙක පලදවා ගැනීමටය...ඇය එය පලදවා....දැන් හරි යැයි පැවසුවාය.......අදත් අක්කගෙ ගවුමක් ඇදන් ඉන්න ඇත්නම්....සිතුනු මම.... අක්කෙ ආයෙත් මම කෙල්ලෙක් වගේ අදින්නෙ කවද්ද....ඇසුවෙමි....හෙට අයෙත් ඇදන් ඉන්න...හවසට ගලවන්න පුලුවන්නෙ.........ඇයි මල්ලිට කරදරයිද ...ඇය ඇසුවාය.....අනේ නෑ අක්කෙ...ඒව ඇදන් ඉන්නකොට හරිම සැහැල්ලුවක් දැනෙනව. ඇගට හරිම පහසුයි.....මම පැවසුවෙමි.....එහෙනම් ඔයා ගැනුලමයෙක් විදියට ඉන්න ආසද....ඔව් අක්කෙ පුලුවන්නම් හැමදාම වුනත් ඉන්නම්.....මම සෙමින් පැවසුවෙමි...එහෙනම් ඔයා හැමදාම මගෙ සැලුන් එකේ ගැහැණු ලමයෙක් විදියට ඇදගෙන වැඩකරන්න.ඒක මටත් පහසුවක්....අක්කා සිනාසෙමින් පැවසුවාය......අක්කේ මම නිතරම ගවුන් ඇදගෙන හිටියොත් ගෑනුකම හොදට හුරුවෙයි නේද....මම කීවෙමි....එහෙම නිතර අදින්න බෑනෙ මල්ලි....නෑ මම කිව්වෙ එහෙම නෙවෙයි. දවල්ට සාප්පුවෙදි.... නින්දට යනකොට ගෙදරදි.....නින්දට යනකොට ඒ ගවුන් අදින්නෙ නෑනෙ ලමයෝ......ඉතින් අක්ක ඔය ඇදන් ඉන්නෙ........මේව නයිට් ගවුන්නෙ....ඇය සිනාසුනාය......ඉතින් ඒව තමයි මාත් කිව්වෙ..... මම කීවෙමි.......ආ...දැනුයි මට තේරුනේ....ඔයාට නිදාගන්න යනකොටත් ගවුමක් අදින්න ඕනැ වෙලා කියල....පැවසූ අක්කා ඇදෙන් නැගිට ඇගේ නයිටියක් මට දුන්නාය.....මේක ඇදගෙන නිදා ගන්න ..ඕක ආයෙත් මට එපා ඔයාම තියාගන්න...ඇය කීවාය.....මා සතුටින් එය රැගෙන මගේ කාමරය තුලට ගොස් එය ඇදගෙන මා ඇදසිටි කලිසම ගැලවුවෙමි......ජීවිතයේ පලමු වරට ගැහැනු ඇදුම් ඇදගෙන නින්දට යෑම සදහා ඇදෙහි ඇලවුනෙමි...........

No comments: