Wednesday, May 25, 2016


( සිහිනය 1)..............................................මේක හීනයක්ද ඇත්තටම වුන දෙයක්ද?......ඇස් හැර වටපිට බැලූ මට සිතුනි. ඊයෙත් මේ වැඩේම වුනා....මට මතක් විය.....පාසැල් වැඩ අවසන් කර මා නින්දට යනවිට රාත්‍රී දහය පමන විය.ඇදේ දිගාවී සුලු වෙලාවකින් මට අහසේ පාවෙනවාක් මෙන් දැනුනි.මේ පාවී ගියේ අපේ නිවස අසල තිබුනු පෙරේරා මාමාගේ නිවස දෙසටය.එම නිවස තුලට ගියා පමනි නැවත ආපසු පැමිනියෙමි....මේ දින දෙක තුලම මෙම සිද්ධිය ඇත්තටම වෙනවාක් මෙන් දැනුනි....මොකක්ද අමුතු හීනයක්...මම එය ගනනකට නොගෙන නිදා ගත්තෙමි.පෙරේරා මාමා යනු මගේ තාත්තාගේ ළඟම යහලුවෙකි.ඔවුන් දෙදෙනා එකම සොම්පැනියේ සේවය කරන බැවින් අපේ ගෙදරත් ඔවුන්ගේ ගෙදරත් ලගින් ඇසුරු කරන්ටවිය.....පෙරේරා මාමාගේ නෝනා ගීතිකා නැන්දා තරමක මහත තැනැත්තියක් වූ අතර පැහැපත් පෙනුමක් ඇති කරුනාවන්ත තැනැත්තියක් විය.ඇගේ දියනිය ලස්සන හුරතල් පෙනුමක් ඇති තැනැත්තියක් විය.නමින් තරින්දී වූ ඇය මගේ පාසැලට යන මගේම පන්තියේ ඉගෙන ගන්නා යෙහෙලියක් විය.....ඇයට ලස්සන සුරතල් පෙනුමක් තිබුනද ඇගේ හැසිරීම පිරිමි ලමයෙකුගේ මෙන් විය. ඇය පාසැලේදී ගැහැනු ලමයින් සමග සැල්ලම් කරනවට වඩා පිරිමි ලමයින් සමග සෙල්ලම් කිරීමට වැඩි නැබුරුවක් දැක්වූවාය.....අපි ක්‍රිකට් සෙල්ලම් කරන විට ඇයද අපි සමග ක්‍රිකට් සෙල්ලම් කිරීමට පැමිනියාය.....මට එතරම් ක්‍රිකට් සෙල්ලම් කිරීමට අපහසු වුවද ඇය දිගට හරහට බෝලයට බැට දෙන නිසා ඇයව සෙල්ලමට ගැනීමට පිරිමි ලමයින් ද කැමතිවිය. මා බෝලයෙන් දෙකකින් අවුට් වූවිට ...මොනවද බන් උඹ කෙල්ලෙක් වගේනෙ බලහන්කො කෙල්ලෙක් වෙලත් තරින්දිගෙ වැඩ....කොල්ලන් මට විහිලු කරන්ට විය.ගෙදරදීද තරින්දි කොල්ලෙකු සේ හැසිරෙනු බොහෝවිට දක්නට ලැබුනි.මම එතරම් සෙල්ලමට කැමති නැතිනිසා කාමරයට වී පාඩම් කිරීම හෝ පොතක් කියවීම මගේ සාමාන්‍ය දිනචරියාව විය.....මගේ නන්ගී හමුවීමට තරින්දි නිතර අපේ ගෙදර පැමිනි අතර ඇගේ දගකාර වැඩවලට මගේ නන්ගීද සම්බන්ධ කර ගත්තාය......ඇය මට මචන් කියා කතාකිරීම ඇගේ කොලුකම ප්‍රදර්ශණය කිරීමක් විය.....මචන් තාරුක මට උඹේ කලිසමකුයි සර්ට් එකකුයි දියන්කො...දිනක් මගේ කාමරයට පැමිනි ඇය කීවාය.....මොකටද.... මම ඇසුවෙමි....ඒක වැඩක් නෑනෙ දීපන්කො....කීවාය. ....මම කමිසයක් සහ කලිසමක් ඇයට දුන්නෙමි.....එය රැගෙන සතුටින් ගිය ඇය ටික වෙලාවකින් මගේ කාමරයට ආවාය. මගේ ඇදුම් ඇදගෙන කොන්ඩය වැහෙන සේ තොප්පියක් දමාගෙන ආ ඇය...කොහොමද මම දැන් කොල්ලෙක් වගේ නේද ඇසුවාය.....ලස්සන කෙල්ලෙක් වූ ඇගේ ගැනු රුව පිරිමි ඇදුන් වලින් වැසීමට බැරිවූවද...ඇගේ කන්වල දිලිසුනු කරාබු ජෝඩුව දුටු මම.....දැන් කාලෙ කොල්ලො කරාබු දාන හින්ද කමක් නෑ....ඇගේ කන් දෙක පෙන්නා මම සිනාසුනෙමි....ඇත්ත නේන්නම් ...පැවසූ ඇය ආපසු ගියාය...ටික වෙලාවකින් ආපසු පැමිනි ඇගේ කන් පෙතිවල කරාබු නොතිබුනි....දැන් කොහොමද....ඇසූ ඇය කොල්ලෙකු සේ සිටීමට උත්සාහ කලාය....හොදයි....මම කීවෙමි....හොදයි කියල හරියන්නෙ නෑ...මම කොල්ලෙක් වගේද කියන්නකො....ඇය කීවාය.....වෙන කොල්ලො නැත්නම් හොදයි....මම පැවසූවිට...නිකන් බොරුනොකිය හිටහන් ....ඇය උඩපනිමින් ආපසු ගියාය.....ටික වෙලාවකින් ගවුමක් ඇදගෙන මගේ ඇදුම් අතේ තබාගෙන පැමිනි ඇය....බලහන්කො බන් මම කොල්ලෙක් වගේ ඇදන් ඉන්නවට මගෙ අම්ම කැමතිනෑනෙ.....මේ කොන්ඩෙත් කොටට කපල උඹ වගේ ඉන්න ඇත්නම් මරුනෙ බන්.....ඇය දුකෙන් කීවාය....කොන්ඩෙ කපන්න ඕනැ කිව්වට අම්ම කපන්න දෙන්නෙ නෑනෙ බන්....ඇය තව දුරටත් කීවාය. ....එදා සිට ඇය මගෙන් ඇදුම් ඉල්ලාගෙන ටික වෙලාවක් කොල්ලෙකු සේ සිටීමට පුරුදු වූවාය.....අපේ අම්මා ඇය එසේ සිටින විට ඇයට කිසිවක් නොකීවත් ....ඇගේ අම්මා එයට අකමැතිවූවාය....කෙල්ලො හැදෙන්න ඕනැ කෙල්ලො විදියට...ඇය නිතරම තරින්දිට බනිනු ඇසුනි....එහෙත් ඇගේ හැසිරීම වෙනස් කිරීමට ඇයට නොහැකිවිය. මගේ අමුතු සිහිනය දුටුවේ මේ අතරේදීය. එවිට අපි අට වසරේ ඉගෙන ගත් අතර ඇය තවමත් ලොකු ලමයෙක් වී නොසිටියාය....ඇය තාමත් පොඩි දැරියක් බැවින් ඇගේ දගකාර ගති ගීතිකා නැන්දා ඉවසන බව මට තේරුනි. දින පතාම රාත්‍රී මා නින්දට ගිය සැම දිනම ගුවනේ පාවී පෙරේරා මාමගේ ගෙදරට යන බව තේරුනි.....හැම දාම එකම හිනෙ එකම වෙලාවට පේන්නෙ කොහොමද.....මම කල්පනා කලෙමි.මේ ගැන කිසිකෙනෙකුට නොකී අතර මෙය සිහිනයක් පමනක් නිසා කීමෙන් වැඩක් නොමැති බවද සිතුවෙමි. එහෙත් මෙය සිහිනයක් මද...මට ගැටලුවක් විය...... අහසෙ පාවෙනව වගේ හීන පේන්නෙ ඇයි අම්මෙ...... කීප දිනකින් පසු මම අම්මාගෙන් ඇසුවෙමි....ඒක හොද හීනයක් මගෙ පුතේ....ඇගේ උත්තරය විය.....දිනක් නින්දට ගිය මට වෙනදාමෙන් අහසේ පාවෙනු දැනුනි. අද මාව කොහාටද මේ පාවුනේ වෙනදට මෙහාට එන්නෙ නෑ.....මා අමුතු තැනකට පාවී ආ බව තේරුනු....මම එම ස්තානය තේරුම් ගැනීමට උත්සාහ ගත්තෙමි.....

No comments: