Monday, May 23, 2016
(අක්කා 75)................................................කාන්තවකගේ චායාරූපයක් පෙන්වා....මේ තමයි අපේ අම්ම මේ ඇන්ටි මේවගේ නෙවෙයිනේ...කීවාය.....දිවියලෝකෙ යන්න ඉසෙල්ලනෙ දුවේ ඔය පොටෝඑකේ ඉන්නෙ දිවියලෝකෙ ඉන්නෙ ගොඩක් ලස්සන දිවියාන්ගනාවොනෙ එහෙ ගියාට පස්සෙ අම්ම ගොඩක් ලස්සන වෙලා.....හසිත මෙසේ පැවසූ විට මාදෙස ටිකවෙලාවක් බලා සිටි ඇය...ඇත්තටම ඔයා අපේ අම්මද?...ඇසුවාය.....ඔව් මගෙ දුවේ මම ඔයාගෙ අම්ම....මම ඇයව මගේ තුරුල්ලට ගත්තෙමි....ඔයා මීටපස්සෙ අපිවදාල යන්නෙ නෑ නේද?...ඇය ඇසූවිට...මට එක පාරට එන්න බෑනෙ දුවේ එහෙ අයට කියල අවසර අරගෙනනෙ එන්න ඕනැ....මම අද ගිහින් අවසර අරගෙන ඇවිල්ල ඔයාලත් එක්කම ඉන්නම් ඔන්න ආයෙත් යන්නෙ නෑ....පැවසූ මම ඇගේ මුහුන සිපගත්තෙමි. හසිතගේ දියනිය මාව ඇගේ මව ලෙස පිලිගැනීම අපේ ජයක්ග්‍රහනයක් විය.මා සවස ආපසු යනවිට ඇගේ මුහුනේ තිබුනු දුක් බර මුහුන දුටු විට ඇයව මා අසලම තබාගැනීමට තරම් ආදරයක් ඇතිවිය.එහෙත් ඒ සදහා තවත් දින කිහිපයක් සිටීමට සිදුවෙන බව සිහිවුනු මටද දුකක් ඇතිවිය......මා අක්කලාගෙ වාහනයට නගිනවිට ....ඔන්න අදනම් නංගිව එක්ක ගියාවගේ නෙවෙයි එක්ක ආවෙ......හසිත සිනාසෙමින් කියන විට අක්කා මාදෙස බලා සිනාසුනය.....මම බිමබලාගෙන ලැජ්ජාවෙන් සිනාසුනිමි...කොහේද නංගි ගියේ....අක්කා ඇසුවාය....කොහේද ලොකු හෝටලේකට ගියා අක්කෙ....මම කීවිට අක්කා සිසිර අයියා දෙස බලා සිනාසෙනු දුටුවෙමි....ගෙදර ගියමම ඇදසිටි ගවුම මාරුකර වෙනත් ගවුමක් ඇදගත්තෙමි.මාව දුටු අක්කා අදනම් හසිත නංගිව හොදට නාවල වගේ සුවදින්ම තේරෙනව.....අක්කා මාදෙස බලා සිනාසුනාය.....කවද්ද අක්කෙ නැකැත් ටික හම්බවෙන්නෙ....මම ඇසුවෙමි.....මොකද දැන් කලබල වැඩිවුනාද....නෑ අක්කෙ හසිතගෙ අම්ම ඇහුවෙ....මම කීවෙමි.....හරි හරි අපි ඉක්ක්මනට නැකටක් බලල කරමුකො......අක්කා කීවාය....පසුදා මම අක්කා සමග සැලුන් එකට ගිය අතර අම්මාද මුනගැසුනෙමු. දුවේ නැකැත් ටිකනම් හැදුව මේ මාසෙ අන්තිමට තියෙන්නෙ...දැම්ම මේකට ලෑස්තිවෙන්න ඕනැ...අම්මා කීවාය.අපි එදින සවසම හසිතට මේ පනිවිඩය දුන්නෙමු......අපිව හමුවීමට පැමිනි හසිත ඔහුගේ සැලැස්ම අක්කාටත් අයියාටත් පවසන්ට විය.....මචන් මෙ උඹ මේක පොඩියට කරන්නෙ කිව්වට ලොකුවට එහෙම ගන්න එපා. ලොකුවට කරනවනම් කියහන් මොකද මගෙ නංගි වෙනුවෙන් ඕනැතරම් වියදම් කරන්න මම ලෑස්තියි.සිසිර අයියා මෙසේ පවසනවිට ඔහු මගේ ඉහත ආත්මයක මගේම සහෝදරයෙක්ද යන ගැටලුව ඇතිවිය. අත්යාවසය කිහිප දෙනෙක් පමනක් එකතුවී මංගල්‍යය පැවැත්වීමට අවසානයේ තීරනය වුවද පෝරුවේ චාරිත්‍රය එලෙසම කිරීමට අක්කාගේ කැමැත්ත විය........මේ උඹල වියදම් කරන්න එපා උඹලගෙ පැත්තෙ ඒවයි මගෙ ඒවයි ඔක්කොම වියදම් මම බලාගන්නම්....හසිත කීවේය. ......මාව ලස්සන මනමාලියෙක් කිරීමසදහා අක්කා මගේ මුහුනට නොයෙක් ආකාරයේ ප්‍රතිකාර ලබාදුන් අතර සාරි මෝස්තර හොයමින් වෙහෙසෙන්ට වූවාය.මගේ විවාහ කටයුතුවලට අපේ ගෙදර කිසිවෙකුටවත් වෙහෙසීමට සිදු මොවුනත් ලොකු අයියා.......නන්ගිට මොනවද අපෙන් කෙරෙන්න ඕනැ ඇසුවේය. ලොකු අයියා එසේ පැවසුවද පොඩි අයියා නිකමටවත් මගේ මංගල්‍ය සම්භන්දව කිසිවක් කතා නොකිරීම විසේසත්වයක් විය.....විවාහවෙන දින දක්වා හසිත මා හමුවට පැමිනියත් ඔහු සමග කිසි තැනකට යෑමට කතා නොකලේය....මමද ඔහුට ඒ සම්භන්දව කිසිවක් නොකීවෙමි. දිනෙන් දින අපේ දිනය ලන්විය. රත්නපුරය කිට්ටුවම හෝටලයක අපේ මංගල්‍ය සූදානම් කර තිබුනු බැවින් අපේ අම්මටත් තාත්තටත් රත්නපුරේ සිසිර අයියාගේ නිවසේ නැවතීමට සිදුවිය. මගුල් දින පාන්දරින්ම මාව මන මාලියට ඇන්දූ අක්කා අම්මා ලවා මගේ තැල්ල බැන්දුවාය.....අම්ම හිතගෙන හිටියෙ තැල්ල බන්දන්න නෙවෙයිනෙ නේද අම්මෙ....අක්කා සෙමින් අම්මාට කියනු ඇසුනි....ලොකු දුව හිටියෙ නැත්නම් ලේලියෙක්නෙ ගෙදෙට්ට ගේන්නෙ....අම්මා සිනාසුනාය. උදෙන්ම අපේ පොටෝ ගත් අතර හෝටලයට පිටත් වූවෙමු.සුකෝප බෝගී ශාලවක් වූ එය ලස්සන මල්වලින් සරසාතිබුනි.විවාහ රෙජිස්ටාර් වරයා අසලට ගිය අපි එම කටවුතු නිමවා. හසිත සමග පෝරුවට ගිඩවූ මට මගේ පෙර ජීවිතය සිහිවිය. මට සිහිනෙන්වත් හිතුනද කෙල්ලෙක් වෙලා මේ විදියට මනමාලියෙක් විදියට මනමාලයෙක් සමග පෝරුවට නගින්න වෙයි කියල.එදා මම බී එම් අයි සී එච් හිදී පිරිමි සරීරයක් සහිතව මනමාලියෙකුට රගපෑවත් අදදින ගැහැණු ශරීරයක් සහිතව සැබෑ මනාලියක් වීඇත.ඇත්ත මනාලියක් වීඇති මම පෝරුවේ චාරිත්‍ර ඉතා ආශාවෙන් ඉටිකෙරුවෙමි. අපේ ගෙදර සියලු දෙනාට පෝරුවේදී සමුදුන්නත් පොඩි අයියා පැමින නොසිටීම ගැටලුවක් විය. ....කෝ අම්මෙ පොඩි අයිය...මම අම්මාගේ කනට කර ඇසුවෙමි.......මම පස්සෙ කියන්නම් ඔයාගෙ මේ වැඩේ කරගන්න....ඔයගැන හිතන්නෙ නැතුව....අම්මා කේන්තියෙන් මෙන් පැවසූ බව මට තේරුනි....... සියල්ලන්ගෙන්ම සමුගත් අපි මුහුදු වෙරල සමීපයක තිබුනු හෝටලයකට ගියෙමු. අපිත් සමග පැමිනි අක්කා මගේ මන්ගල ඇදුම් ගැලවූ අතර සිසිර අයියා හසිතගේ නිලමේ ඇදුම් ගැලවීමට උදවු කලේය.ඔවුන් සියලු දෙනා පිටවී ගිය අතර අපි දෙදෙනා පමනක් කාමරයේ තනිවිය...හසිතගේ ක්‍රියාකාරකම් දන්නා මම සූදානම් කරගෙන ආ දුහුල් රාත්‍රී ඇදුම ඇදගත්තෙමි. දැන් ඔයා මගේ කෙල්ලෙ අද ඉදල ඔයා මගෙ නෝනනේද වස්තුවේ ....පැවසූ ඔහු මාව වඩාගෙන වට කිහිපයක් කැරකුනේය.....මොකක්ද හසිත කරන්නෙ වැටෙයි ...මම ඔහුගේ හිසබදාගෙන කෑගැසුවෙමි.......බය වුනාද ඇසූ ඔහු මාව ඇදෙහි තැබුවාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment