Friday, May 13, 2016


(අක්කා 56)..................................................සිසිර අයියා පැමිනෙන දිනට අදින ඇදුම සම්න්බන්ධව අපි දෙදෙනා කතා කලෙමු....අක්කට ලස්සන කැන්ඩියන්....එයාලත් රත්නපුරේනෙ.....එක තමා මාත් කල්පනාකලේ......අක්කා කීවිට.....හැබැයි ඔනැවට වඩා ලස්සන වෙන්න එපා...ඒ ලස්සන මනමාලි වෙන දාට තියාගන්න.....මම කීවෙමි......නන්ගි එදාට මොකක්ද අදින්නෙ......මම ඔය මොකක් හරි ඇදගෙන ඉන්නම් මාවබලන්න නෙවෙයිනෙ එන්නෙ.......එහෙම කියල හරියන්නෙ නෑ නංගි ...ඔයත් එදාට ලස්සනට ඇදගෙන ඉන්න ඕනැ........ඇදගෙන ඉන්නම් හැබැයි එයලට පේන්න එන්නෙ නෑ......මම කීවෙමි....ඒ මොකද.....අක්කා ප්‍රශ්නකලාය.......සිසිර අයියගෙන්නම් ගැටලුවක් නෑ...එයාගෙ අම්මයි තාත්තයි මාව දැකල.....පුතාට කාව තෝරගනීද දන්නෙ නෑ.....ඒකනම් ඇත්ත ..කී අක්කා ඔයා ඉතින් මටත් වඩා ලස්සනයිනෙ.....නෑ අක්කත් ගොඩක් ලස්සනයි....මාවත් ලස්සන කෙල්ලෙක් කලේ අක්කනෙ ඒකට අක්කට ගොඩක් පින්.....මම පැවසුවෙමි.සති අන්තයේ පාන්දරම අක්කාගේ සැරසිලි කටයුතු මට භාරවිය අක්කාගේ උපදෙස් පරිදි මම අක්කාගේ සාරිය අන්දනවිට අම්මාදෙ කාමරයට ආවාය.....පොඩිදුව දැන් සාරි අන්දන්නත් දන්නවනෙ.......මා දෙස බලා සිනාසෙමින් කී ඇය.....ෂා ලස්සනට අන්දල තියෙන්නෙ.... අක්කාගේ සාරියේ හැඩබලමින් කීවාය.....මම ගෑනියෙක් උනත් මටවත් බෑනෙ මේවගෙ ලස්සනට සාරිය අදින්න.......ඇයි අම්මෙ මම ගෑනියෙක් නෙවෙයිද.....මම ඇසුවෙමි.....දැන් ඔයත් ගෑනියෙක් තමයි.....මම කිව්වෙ අපි ඉතින් එදා ඉදම්ම ගෑනුනෙ....නේද ලොකුදුවේ.....ඒත් මට තාම බෑ මේවගේ පිලිවෙලට සාරිය අදින්න......දැන් බලාගෙන යනකොට මගේ පොඩිදුව ගෑනියෙක් නෙවෙයි පැහිච්ච ආච්චිකෙනෙක්......ඇය මගේ පිම්බුනු කම්මුල මිරිකුවාය.....අක්කා ලස්සන කිරීමේ කටයුතු අවසන් මට ඊලගට පැවරුනේ අමුත්තන්ට සංග්‍රහ කිරීමේ කටයුතු පිලියෙල කිරීමටය.....මම අක්කා වෙනුවෙන් මේ සෑම දෙයක්ම කැපවීමෙන් ඉටුකලෙමි....මම තායි ලන්තයේදී අයියා තෑගිකල ගවුම ඇදගත්තෙමි.....එම ගවුමට මගේ ලස්සන තවත් වැඩිවෙන බව අම්මා කීවාය.....අක්කා මගේ කොන්ඩය ලස්සනට සැරසුවාය....හැබැයි මොනව කලත් මම ඉස්සරහටනම් එන්නෙ නෑ.....මම සිනාසෙමින් කීවෙමි. ලොකු දුව ලෑස්තිද දැන් එයාල එන වෙලාවත් ලගයි.....තාත්තා කියනු ඇසුනි......වාහනයක හඩ ඇසුනු බැවින් අම්මත් තාත්තත් ඉදිරියට ගිය අතර මම අක්කා සිටි කාමරයට ගියෙමි.....ඇවිත් වගේ අක්කෙ....මම අක්කාට කීවෙමි.....සුලු වෙලාවකින් ඔවුන් නිවස තුලට පැමිනි හද ඇසුනි. මම හොරෙන් ඔවුන් දෙස බැලුවෙමි.......තාත්තගෙනම් සැර පෙනුමක් තියෙන්නෙ මොනව කියයිද දන්නෙ නෑ.....මට බය හිතුනි.......ටික වෙලාවකින් අම්මා පැමින අක්කාට ඔවුන්ව පිලිගන්නා ලෙස දැන්වූවාය.......අක්කා ලැජ්ජාවෙන් පිරුනු බිය මුසුවූ මුහුනින් එලියට ගියාය.....මම හොරෙන් ඒදෙස බලා සිටියෙමි.....සියල්ල පිලිගත් අක්කා වාඩිවීමට සැරසෙනවිට.....සිසිර අයියාගේ අම්මා ඇය අසලින් වාඩිවෙන ලෙස කතාකලාය.....අපේ තාත්තා සිසිර අයියාගේ තාත්තා සමග කතා කරන අතර තුර අම්මා අක්කාගෙන් කුමක් හෝ විමසන බව දුටුවෙමි......අක්කගෙන් මොනව අහනවද දන්නෙ නෑ...සිසිර අයිය මාගැනත් මෙයාලට කියලද දන්නෙ නෑ.....මම හිතන්නෙ නෑ.....ටික වෙලාවකින් අම්මා කුස්සිය පැත්තට යනු දුටු මම ඉක්මනින් ඒ දෙසට ගියෙමි......තේ ලෑස්ති කරන්නද අම්මෙ මම ඇසුවෙමි. ඉස්සෙල්ල මේ කෑමටික එයාලට අල්ලන්න කියල අක්කට කියන්නම් ...ඊට පස්සෙ තේ හදන්න....ඇය අපි සූදානම් කරතිබුනු කෑම පරීක්ෂා කර බලා ආපසු ගියාය......අක්කා කුස්සියට පැමිනෙනු දුටු මම මොනවද නැන්දම්ම අහන්නෙ......ඇසුවෙමි.......මට තව අක්කල නංගිල ඉන්නවද කියල අහනව....අක්කා සිනාසෙමින් කීවාය.....සිසිර අයිය මුස්ලිම්ද දන්නෙ නෑ දෙතුන් දෙනෙක් කසාද බදින්න.....මම සිනාසුනිමි.....අක්කා සතුටු මුහුනින් යුතුව කෑම ට්රේ එකා රැගෙන ගියාය.....නැවත මා අසලට ආ අක්කා නංගි තේ හදන්න එකකට සීනි අඩුවෙන් දාන්න....කීවාය.මේ අතර අයියලා දෙදෙනාද සිසිර අයියා සමග කතාකරමින් සිටිනු දුටුවෙමි. තේ බී අවසන් වූ පසු මා අසලට ආ අම්මා....දුවේ නැන්දට ඔයාව බලන්න ඕනැලු....මම නෙවෙයිනෙ අම්මෙ බදින්නෙ.....මම කීවෙමි...බැන්දෙ නැතුවට කමක් නෑ ගිහින් කතා කරන්නකො....අම්මා මගේ අතින් අල්ලා ගෙන සිසිර අයියාගේ අම්මා අසලට රැගෙන ගියාය......එන්න ලැජ්ජවෙන් හිටියෙ.... මම බලෙන් එක්ක ආවෙ.....අම්මා කීවාය.....හැදිච්ච ගෑනුලමයි එහෙම තමයි නේද දුවේ......ඇවසූ ඇය මගේ අතින් අල්ලාගෙන...අක්කත් එක්ක එකටලු වැඩකරන්නෙ නේද......ඔව් නැන්දෙ....මම පැවසුවෙමි......ඒක හොදයි සහෝදරියො වුනාම එකා වගේ ඉන්න ඕනැ....ඇය කීවාය. අපේ පුතා මෙහෙම ගෑනු ලමයෙක් එක්ක සම්භන්ද වුනා කිව්වම මටත් පුදුම හිතුන. මට පෙනුන විදියට මෙයා ගැන එහෙම දෙයක් දැනගන්න ලැබිල නෑ.....සිසිර අයියාගේ තාත්තා කීවාය......අපිටනම් ඉතින් මහත්තෙල වගේ සල්ලි කාරයො නෙවෙයි....තාත්තා කීවාය.....මනුස්ස කම සල්ලිවලට ගන්න බෑ ඔයාලට සල්ලි නැතිවුනාට වැදගත් විදියට දරුවො හදල තියෙනව......අපිට මොකුත් ඕනැ නෑ ......ඔයාලගෙ කැමැත්ත විතරයි ඕනැ.....ඔහුගේ තාත්තා අවසානයේ කීවේය. ...අපෙත් අක මැත්තක් නෑ නේද මහත්තය....අම්මා තාත්තා දෙස බලා කීවාය....තාත්තා හිස වනා අම්මාගේ කීම අනුමත කලේය................

No comments: