Tuesday, May 24, 2016



(අක්කා 11)....................................................අක්කා සලෝන් එකෙහි දොර විවුර්තකර ඇතුලට ගියාය.....එන්න මල්ලි ..අද මගෙ ගෝලය එන්නෙ නෑ කිව්ව ඒ හින්ද අපිට මේ වැඩේ කරදරයක් නැතුව කරගන්න පුලුවන්....පැවසූ අක්කා සැලූන් එක විවුර්ත නොකර මාව සැරසීමට පටන්ගත්තාය.පෙරදින රාත්රියේ මෙන් සියලුම ඇදුන් ඇන්දූ පසු මුහුනට මේකප් දැමීමට පටන් ගත්තාය.මගේ ඇස්බැම හැඩකල අතර තොල් පෙති පාට කරන්ටවූවාය.විග් එක පලදා එය ලස්සනට සරසන්ටවිය.මගේ ගෙලට කාන්තා මාලයක් පැලැන්දූ ඇය අත් වලට වලලු කීපයක් දමා කරබු ජෝඩුවද පැලැන්දුවාය......දැන් ඔයා නියම කෙල්ලෙක් වගේ...පැවසූ ඇය...ඔන්න මම දැන් ඉදන් ඔයාට කතාකරන්නෙ නංගි කියල. නංගි ගෙ අලුත් නම මොකක්ද කිව්වෙ ගීතානි නේද?.....ඔන්න ඔයාට මම කියන්නෙ ගීතානී නන්ගි කියලා.....ලස්සනයි නේද....මම ඔලුව වැනුවෙමි.හොදට මතක තියාගන්න ඔයාගෙ නම ගීතානී..හොදද...අමතක වෙනවනම් ලියාගන්න.....උපදෙස් දුන් ඇය. නන්ගිට සෙරෙප්පු දෙකක් ගන්නත් ඕනැ හවසට ගිහින් ගම්මු...පවසා සැලුන් එක විවුර්ත කිරීමට පටන්ගත්තාය.....කවුරුවත් මාව දකියිද දන්නෙ නෑ ලැජ්ජාවක් ඇතිවුනු මා කාමරයට ගියෙමි.....නන්ගී ඔයා කාමරේට ගියෙ මොකද...එන්න එලියට....අක්කා කිවාය....ලැජ්ජයි වගේ අක්කෙ...මේ.. මේ.... ඔහොම ලැජ්ජ වෙන්න එපා එන්න එලියට ඔයාව දැන් කොල්ලෙක් විදියට පේන්නෙ නෑ අනේ.....ඇය මගේ අතින් ඇදගෙන එලියට ගියාය. එවිටම තරුණ ගැහැනු දෙදෙනෙක් අක්කා හමුවීමට ආ බව දුටු මම පුටුවෙහි වාඩිවී පත්තරයෙකින් මුහුන වැසෙන සේ තබා ගෙන කියවන්ට වුනිමි.ගැහැනු සමග කතාකරමින් සිටි අක්කා මා අසලට පැමින මා මුහුන වසාගෙන සිටි පත්තරය ඉවත්කලාය.ලැජ්ජාවට පත්වූ මම ඇගේ මුහුන දෙස බලන විට අක්කා සමග කතා කරමින් සිටි එක්කෙනෙක් මා දෙස බල සිනාසුනාය...මා ලැජ්ජා සහගතව සිනාසී අහක බලා ගත්තෙමි.ඉන් පසු ඔවුන් දෙදෙනා අක්කා සමග දිගට කතා කරනු දුටුවෙමි.එහෙත් ඔවුන් මාගෙන වෙනසක් නැති බව දුටු මට සතුටක් ඇතිවිය....ඇත්තටම මෙයාලට මාව පේනව ඇත්තෙ නියම කෙල්ලෙක් වගේ වෙන්න ඇති...අක්ක කියන එකත් ඇත්ත මාව කාටවත් අදුන ගන්න බැරිවෙයි. ....මා ඒ ගැන සතුටුවුනෙමි....නන්ගි මම මේ අක්කල දෙන්නගෙ වැඩේ ඉවරවුනාට පස්සෙ අපේ ගමන යමු....අක්කා මා දෙස බලා කීවාය . නැවත පත්තරය අතට ගත් මම එය කියවන්ට පටන්ගත්තෙමි......කව්ද නන්ගි ඒ..ලස්සන ලමයෙක්......එක් අක්කා කෙනෙක් මෙගෙ අක්කාගෙන් අසනු ඇසුනි....ඒ මගෙ නන්ගිකෙනෙක්.....එයත් මේව ඉගෙන ගන්නවද?....ඇය නැවත ප්රස්නකලාය.....මම කිව්ව ඉගෙන ගන්න කියල එයා කැමති නෑ අනේ....අයි ඒ...ඇය නැවත ප්රස්නකලාය.....එයා හරි ලැජ්ජ කාරි කා එක්කවත් කතාකරන්නෙවත් නෑ......අක්කා කියනු ඇසුනි.....ඔහොම ලැජ්ජ වෙලා පුලුවන්ද.....එම අක්කා පැවසුවාය....යන්තම් ඇති මම හිතුවෙ එයාල මා එක්ක කතා කරයි කියල එහෙම වුනානම් මම කොහොමද කතාකරන්නෙ මට තියෙන්නෙ පිරිමි කටහඩක්නෙ.....මම සිතන්ට වූවෙමි.අක්කා ඔවුනේ වැඩ ඉවර කරනවිට සෑහෙන කාලයක් ගතවිය....යමු නේද නන්ගි.....අක්කට සෑහෙන වෙලාවක් ගියානෙ....මම කීවෙමි.....ඔහොම තමා නංගි ගෑනු ලස්සන කරන්න ගියාම.සමහර අය එනව ..ඔයා පිරිමියෙක් උනත් මට ඔයාව ලස්සන කරන්න ලේසියි ගැහැනු උනාට එයාල ලස්සන කරනවට වඩා....සිනා සෙමින් කීවාය.....දැන් අපි ගෙදර ගියාම නන්ගි මගේ යාලුවෙක් විදියට ඉන්න ඕනැ එහෙ කිසිකෙනෙක් අදුනන්නෙ නෑ හොදද අම්මට ටිකක් පේන්න ඉන්න අදුන ගන්න පුලුවන්ද කියල බලන්න......මම බයයි අක්කෙ....මම ලැජ්ජාව සහ බය මුසුව පැවසුවෙමි.....බය වෙන්න එපා නන්ගි.....කී ඇය අපි ත්රී වීල් එකක යමු නේද....ඕනෙ නෑ අක්කෙ පයින් යමු ලගයිනෙ.....ඔයාට තාම ගෑනු ලමයෙක් වගේ ඇවිදින්න හුරුනෑනෙ.....පැවසූ ඇය සැලුන් එක බාගෙට වසා ත්රීවීල් එකකට කතාකලාය.ඔහු පැමිනි පසු අපි එයට ගොඩවී ගෙදරට ගියෙමු...ඇයි දුවේ මේ හදිස්සියෙ....අක්කාගෙන් ඇසූ අම්මා මා දෙස බලා සිනාසුනාය.....අම්ම අදුන ගත්තද දන්නෙ නෑ....මට මහත් බියක් ඇතිවිය.....පොඩි බඩුවක් අමතක වුනා අම්මෙ.....පැවසූ අක්කා මා සමග කාමරයට ගියය.....දුවේ දෙන්න එක්ක තේටිකක් බීල යන්න.අම්මා අපි සිටින කාමරයේ දොර රෙද්ද මෑත් කර පැවසුවාය.....එපා අම්මෙ පරක්කු වෙනව.....එහෙම කියල හරියන්නෙ නෑනෙ යාලුවෙක් ගෙදරට ආවම තේ එකක් වත් දෙන්න ඕනැනෙ....ඉන්න පොඩ්ඩක්.....එපා අම්ම දැන් අපි යනව....අනේ මන්ද සුසුමක් හෙලූ අම්මා....මල්ලි වැඩද ඇසුවාය.....ඔව් අම්මෙ අද හොදට වැඩකරගෙන ඉන්නෙ.....අක්කා අම්මාට බොරුවක් කීවාය.....එහෙනම් හොදයි...කිවූ ඇය. පව් අහිංසකයා ....යනුවෙන් කොදුරනු ඇසුනි. ...අපි යන්නම් අම්මෙ....වැඩි වෙලා නොසිටි අක්කා ආපසු යෑමට පිටත් වූවාය....මටනම් හිතට හරිනෑ මේ ලමයට තේ එකක් වත් දෙන්න බැරිවුනාට.....අම්මා දුක් මුසුව කියනු ඇසුනි....තේ නෙවෙයි ගීතානී දවසක අම්මගෙන් හොද කෑමක් ඉල්ලගම්මු.....අක්කා මාදෙස බලා සිනාසෙමින් කීවාය....මමද සිනාසුනෙමි.....නැවත සැලුන් එකට ගියපසු අක්කා.........

No comments: