Monday, May 30, 2016


(සිහිනය 15)..........................................ඔහුගෙන් වෙනත් කිසිවක් ඇසීමට නොහැකිවූ මම මගේ පුටුවෙන් වාඩිවුනෙමි....උඹ අපිටත් හොරෙන් කිරිබත් කෑව නේද?....මා අසලට පැමිනි තරින්දිගේ යෙහෙලියන් පැවසුවේය...කව්ද කිව්වෙ..මම ඇසුවෙමි......ඇයි බන් තාරුක ඉන්න උඹ්ලෑ ගෙවල් ගාවනෙ අපිට එයා තමා කිව්වෙ.....ඔවුන් පැවසීය...එතකොට තාරුක මාව අදුනනව.....මම සිතුවෙමි. එහෙත් ඔහු මාව නොහදුනන ස්වභාවයෙන් සිටීම මට ගැටලුවක් විය. දිනෙන් දින ඔහු මාව මගහැර යෑම මට ගැටලුවක් විය. ඉස්සර මා තාරුක හැටියට කුලෑටි ගතියෙන් හිටියත් දැන් ඔහු ක්‍රියාසීලී කොල්ලෙක් ඌ අතර ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි කෙනෙක් වී ඇතිබව මා දුටුවෙමි.....ඔහුගේ විෂය දැනුම පිරිහෙමින් පවතින බව පන්තියේ වැඩවලදී මා දුටුවෙමි....මොකද තාරුක ඔයාට වෙලා තියෙන්නෙ ඔයා ඉස්සර කොච්චර හොදට වැඩකරපු කෙනෙක්ද....ඔහු නිතර ගුරුවරුන්ගෙන් බැනුම් අසනබව දක්නට ලැබුනි.....තරින්දි ඉස්සර වගේ නෙවෙයිනෙ ගොඩක් හොදයිනෙ....මගේ දැනුම ගැන ගුරුවරු ප්‍රසංසා කරන්ටවිය.....මෙයා තරින්දිද වෙන කෙනෙක්ද යන්න තවමත් මට අභිරහසක් විය......අවුරුදු දෙකක් පමන ගතවිය.......මට කිසිම දිනක නැවත තාරුක වීමට නොහැකිවීම නිසා පිරිමි ජීවිතය ගැන මතකය පහවෙන්ට විය. මගේ පියයුරු හොදින් වර්දනය වීම නිසා අම්මා මට බ්රෙසියර ඇදීමට පුරුදුකර සෑහෙන කාලයක් විය...තාරුක දාසයෙන් පහල ක්‍රිකට් කන්ඩායමේ නයකයා වූ අතර මම නිතරම පන්තියේ පලවෙනියා විය. ඉස්සර තරින්දිගෙන් පෙන්නුම් කල කොලු ගතිය නියම කෙල්ලෙකුගේ ගතිගුන වලට මාරුවීම ගැන සැමදෙනාම සතුටුවෙන බව තේරුනි. නියම කෙල්ලෙක් වීම ගැන මාද දැඩිසේ සතුටට පත්වුනෙමි.මා සාමාන්‍ය පෙල විභාගයෙන් උසස් ලෙස සමත්වීම නිසා අම්මත් තාත්තත් සතුටට පත්විය.....ඔයා ඉස්සර හිටපු හැටියට මමනම් හිතුවෙනෑ පාස් වෙයි කියල....ඒත් ඔයා ලොකු ලමයෙක් උනාට පස්සෙ ගොඩක් හොදවුනා.....අම්මා සතුටින් කීවාය.....මගේ විභාග ප්‍රතිඵල නිසා කොළඹ උසස් බාලිකා විදුහලකට ඇතුලු වීමට හැකිවිය. ගැහැණු ලමුන් පමනක් ඉගෙනගන්නා එම විදුහලට යෑම මා බෙහෙවින් අලුම්කලෙමි.මේ අතර තාරුකද කොළඹ උසස් විදුහලකට ඇතුල් කල බව ඔහුගේ අම්මා කීවාය.ටික දවසකින් තාරුක එම විදුහලේ ක්‍රිකට් කන්ඩායමට තේරුනු බව ආරන්චිවිය.....මා උසස් පෙල ඉහලින් සමත් වීම නිසා කොලඹ වෛද්‍ය පීටයට ඇතුලත් වීමට වරම් ලැබුනු අතර තාරුක ජාතික ක්‍රිකට් කන්ඩායමට තෝරා ගන්නාලදි.....කවුද මේ තාරුක කියන්නෙ මට තවදුරටත් ගැටලුවක් විය.....දිනක් මට හමුවූ තාරුක.....මට ඔයා එක්ක පොඩ්ඩක් කතාකරන්න ඕනැ......මම දැන් ප්‍රසිද්ධ කෙනෙක් හින්ද කොහේදිවත් හම්බවෙන්න බෑ...එහෙම වුනොත් පහුවදාට අපිදෙන්නගෙ පොටෝ එක පත්තරේ තියෙයි . ඒ හින්ද අපේ ගෙදරදි හම්බවෙමු.....ඔහු කීවේය.....මම තාරුකගේ නංගී හමුවෙන විලසින් තාරුකගේ ගෙදරට ගියෙමි......මා අසලින් වාඩිවූ තාරුක.....මට සමාවෙන්න තරින්දි.....කීවාය....ඇයි තාරුක... මම ඇසුවෙමි....මම ඔයාට ලොකු වැරැද්දක් කලා....ඔහු කීය....ඒ මොකක්ද....මම ඇසුවෙමි....මම තමයි තරින්දි.....ඔහු එසේ පවසන විට මම ඔහුදෙස පුදුමයෙන් බලා සිටියෙමි......ඔයා දන්නවනෙ මම ගොඩක් ආශාවෙන් හිටියෙ කොල්ලෙක් වෙන්න....මට ඕනැවුනා ඔයාවගේ කොල්ලෙක් වෙන්න....මම ඔයාට මගෙ සිරුර බාරදීල ඔයාගෙ ශරීරයට ආව. ඒත් ඔයාව කෙල්ලෙක් කලාට මට ගොඩක් දුක හිතුන. මට හිතුන ඔයා ගොඩක් දුකෙන් ඇතිකියල....මට ඔයා එක්ක කතාකරන්නත් දුක හිතුන . මම ඒකයි ඔයාව මග හැරියෙ.....ඔහු දුකින් පවසන්ට විය. මට දැන් ආයෙත් තරුන්දි වෙන්න බෑ මට සමාවෙන්න....කීවේය.....එතකොට ඔයා හිතුවෙ මම දුකෙන් ඇතිකියලද....ඔව්....ඔහු කීවේය...මම ඒකට කවදාවත් දුක් උනේ නෑ පහුවෙනකොට මාව ආයෙත් තාරුක වෙනකොට තමා දුක හිතුනෙ....මම පැවසුවෙමි....එතකොට ඔයත් තරින්දි වෙලා සතුටින්ද හිටියෙ.....ඔහු පුදුමයෙන් ඇසුවේය.....මම සිනාසුනිමි.....අපරාදෙ මම වැරදියටනෙ තේරුම් අරන් හිටියෙ.....ඔයා කැමතිබව දන්නවනම් ඔයාට කියලමනෙ මේක කරන්නෙ.....ඔහු සිනාසුනේය....ඒක නෙවේ ඔයා මේ වැඩේ කලේ කොහොමද කියන්නකො......මම ඇසුවෙමි.

No comments: