(අක්කා 21)....................... .......................... .මෙ අල්ලපු කඩ කාමරේ ගන්න පුලුවන් වෙයි අපේ සාපුවට.....පසුදා අක්කා මා සමග කීවාය....ඔයා මහන්සි වෙන්න එපා මම මේ විදියට ඉන්නම්......මම කීවෙමි.....මම කිව්වනෙ ඔයාට හැමදාම මේ විදියට ඉන්න බෑ කියල....අක්ක නෙවෙයිනෙ මමනෙ ඉන්නෙ......මම නැවත කීවෙමි....ඔන්නම් අක්ක සාප්ප්පුව දාන්න මමනම් ඒකට යන්නෙ නෑ.....අනේ මන්ද මල්ලිට මේව තේරෙන්නෙ නෑනෙ.....අක්කා කීවාය....මෙට නෙවෙයි මගේ ආශාව අක්කට තමා තේරෙන්නෙ නැත්තෙ....මා සිතුවෙමි....අද රෑට මම මගේ හිතේ තියන ඔක්කොම අක්කට කියනව අක්ක ඕනැ තිරනයක් ගත්තාවෙ....මම සිතාගත්තෙමි.....එදා ගෙදර යන විට රෑවී තිබුනු බැවින් ආහාර ගත් ගමන් නින්දට ගියෙමු.ඒත් මගේ සිතේ තිබෙන දේවල් නොකියා නින්දට යෑමට නොහැකිවිය....මම අක්කාගේ කාමරයට ගියෙමි.....අක්ක නිදිද....මම ඇසුවෙමි....ඔව් මල්ලි රෑවෙනකම් වැඩකරල හරි මහන්සියි.....අක්කා කීවාය....ඇයි ආවෙ....අක්කට මහන්සිනම් නිදාගන්න මම හෙට කියන්නම්.....පැවසූ මම කාමරයෙන් පිටවුනෙමි.....අදත් කියන්න බැරිවුනා හෙටවත් කියනව....උදේට මේව සැලුන් එකේදි කියල හරියන්නෙ නෑ ගෙදරිදිම තමා කියන්න ඕනැ.....මම සිතාගත්තෙමි.....පසුදා හොද වෙලාවට අපිට වේලාසන ගෙදර යෑමට හැකිවිය......මා අක්කා අසලට ගොස් කොතනින් මගේ කතාව පටන් ගනිමිදැයි කල්පනා කරමින් සිටියෙමි.....ඊයෙ රෑ මොකක්ද මල්ලි මට කියන්න ඕනැ කිව්වෙ....අක්කා ප්රස්නකලාය......අක්කේ....ම ම අක්කා අසලින් බයාදුලෙස වාඩිවුනෙමි.....කියන්නකො... .අක්කා කීවාය......මාව නන්ගියෙක් වෙලා උපන්නනම් අක්ක ආශ නැද්ද.......අයියෝ කොච්චර දෙයක්ද මට නන්ගියෙක් හිටියනම්......අක්කා සතුටින් කීවාය.......ඉතින් මාව නන්ගි කරගන්නකෝ.....මම කීවෙමි...ඒක කොහොමද කරන්නෙ ඔයා කොල්ලෙක්නෙ.....මම අහල තියෙනව කොල්ලො කෙල්ලො බවට පත්කරන්න පුලුවන් කියල...එහෙම කරන්න බේත් තියනවලු.....මල්ලි කොහොමද දන්නෙ...මම පත්තරෙක දැක්ක...එහෙම කරල ලස්සන කෙල්ලෙක් බවට පත්වුන එක්කෙනෙකුගෙ පොටෝ එකකුත් තිබුන.....මොනව එහෙම කරන්න පුලුවන්ද....පුදුමයෙන් මෙන් ඇසූ අක්කා.....ඉතින් ඔයා කැමතිද එහෙම වෙනවට.....මගෙන් ඇසුවාය....මටත් එහෙම කරගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද....මම කීවෙමි.....අයියෝ අයි මල්ලි ඒ පිරිමියෙක් වෙනව කියන්නෙ කොයිතරම් දෙයක් ද.......මාව..පිරිමියෙක් උනා කියල මට ඇතිවෙලා තියෙන හොදේ මොකක්ද.....බලන්නකො අක්ක කෙල්ලෙක් වෙලා අක්කගෙ නම දැන් හැම තැනම පැතිරිලා.අක්කට හොදට සල්ලිත් හම්බවෙනව.....අයියලා කොල්ලො වුනාට එයාලට අක්කට තරම් ප්‍රසිද්දිය සල්ලි නෑනෙ.....දැන් බලන්න අක්ක කෙල්ලෙක්වෙලා ඉපදුන එක කොයිතරම් වාසනාවක්ද කියල......මා මෙසේ කීවිට අක්කා කල්පනා කිරීමට පටන්ගත්තාය.....මාවත් කෙල්ලෙක් උනොත් අක්කගෙ වාසනාව ටිකක් හරි මටත් ලැබෙනවනෙ...මම තවදුරටත් පැවසුවෙමි.....එක අතකින් මල්ලි කියන එකත් ඇත්ත තමා....අක්කා හිමින් කීවාය......හරි ඔයාව කෙල්ලෙක් කරන්න පුලුවන් කියමුකො. ඉතින් ගෙදරට ඕව කියන්නෙ කොහොමද?....ඇය ප්රස්නකලාය.....අක්ක අම්මට කියන්න මම අක්කගෙ සැලුන් එකේ වැඩට එන්න අහනව කියල එතකොට මොකක්හරි පොටක් පෑදෙයි......පොටක් පෑදෙයිද....පොට පැටලෙයිද දන්නෙ නෑ....අක්කා කීවාය.....කොයිකටත් අක්ක කියන්නකො බලන්න....මම කීවෙමි.....හරි හෙට කියමු දැන් නිදාගම්මු....මම නැගිට අක්කාගේ ඇදුම් රාක්කය අසලට ගොස් එහි දමා තිබුනු නියිටියක් අතට ගෙන.....මම මේක අද ඇදගෙන නිදාගන්නද...මම ඇසුවෙමි....ආ..නේ..මල්ලි දැම්ම තියා කෙල්ලෙක් වෙලා වගේනෙ..හා හා ගෙනියන්න....අක්කා සිනාසෙමින් කීවාය.....පොඩ්ඩක් ඉන්න පැවසූ අක්කා ඇදෙන් නැගිට්ටාය....ඕක දෙන්නකො මෙහාට ...මගේ අත තිබුනු ගවුම රැගෙන එය නැවත රාක්කයට දමා ඇගේ ඇදුම් කබඩය ඇරියාය.ඇදුම් එකින් එක තේරූ ඇය ......මේක ගොඩක් ඇගට සනීපයි...වැඩදමා මසා තිබුනු ලස්සන නයිටියක් මට දුන්නාය.කරාබු ඩෙකත් දාගන්නවද...මගේ කන්පෙත්ත ඇල්ලූ ඇය ඇසුවාය...මම හා යනුවෙන් ඔලුව වැනුවෙමි....ඇයට කියා කරාබුදෙක පලදවා ගත් මම ගවුමද රැගෙන මගේ කාමරය තුලට ගියෙමි....කලිසම ඉවත්කර ගවුම ඇන්ද මම කැඩපතින් බැලුවෙමි..එදා එකට වඩා අද එක ලස්සනයි සැහැල්ලුයි....මට සිතුනි විග් එකත් තිබුනනම් තමා කෙල්ලෙක් කියල හොදට දැනෙන්නෙ මා කොටට කපා ඇති කොන්ඩය අත ගෑවෙමි......අදත් මට මාව කෙල්ලෙක් වෙලා ඉන්න සිහිනයක් පෙනෙයිද දන්නෙ නෑ එහෙම එකක් පේනවනම් ආශාවෙ බෑ.....මා එසේ සුබ සිහිනයක් පෙනේවායි ප්‍රාර්තනා ඇතිව ඇදෙහි ඇල වුනෙමි.................... ......
No comments:
Post a Comment