(අක්කා 47)....................... .......................මම පාසැල් ගියේ ගෙදර උවමනාවට මිසක් මගෙ උවමනාවට නෙවෙයි. මට ඕනැවුනේ යාලුවොත් එක්ක සෙලම් කරල විනෝදවෙන්න. මම මෙහෙම වැඩ කරන කොට ගෙදරින් තවතවත් මට බනින්න ගත්ත. අන්තිමට මට සාමාන්‍ය පෙලවත් හරියකට පාස්වෙන්න බැරිවුනා....මේකෙන් පස්සෙ තමයි ගෙදරින් මට කිව්වෙ එක්කො ඉගෙනගනින් නැත්නම් රස්සාවක් කරපන් කියල.මම ඉස්සර ඉදම්ම බර වැඩවලට ආශාවක් තිබුනෙ නෑ.මට රස්සවල් කියල හම්බවුනේ බර වැඩ .එහෙම නැත්නම් අව්වෙ ඉදන් කරන කුලී වැඩ.....මම ඒවට කැමති වුනේ නෑ. ගෙදරින් කරදර කරන විට ඒවගෙ වැඩවලට ගියත් දවසින් දෙකෙන් ඒ රස්සාව දාල ආව.....මට ගෙදර හැමෝම පින්ගුත්තරය කියන්න ගත්ත. අයියල මට ගහන බනින හින්ද පොඩිකාලෙ ඉදම්ම මම අයියලගෙන් වෙන් වෙලා හිටියෙ. ලොකු අයියයි පොඩි අයියයි යාලුවො වගේ එකතුයි...ඒ දෙන්න නිදාගත්තෙත් එකම කාමරේ. කොහේ හරි ගියෙත් දෙන්න එක්ක එකට....එයාල යන එක ගමනකටවත් මාව එක්ක ගියෙ නෑ.අයියල මට බැන්නත් ගැහුවත් අක්කට එහෙම කරන්න ගියෙනෑ.මට වගේ නෙවෙයි එයාල අක්කට ආදරෙයි කියල මම දැක්ක.ඒ විතරක් නෙවෙයි අම්ම තාත්තත් අක්කට ගොඩක් ආදරේ කලා. ඒකට හේතුව ගෙදර ඉන්න එකම කෙල්ල හින්ද වෙන්න ඇති.අක්ක මොනවද ඉල්ලන්නෙ හැමෝම ඒ දේවල් කරල දෙනව.අක්ක විතරයි මාගැන හොයල බන්න හිටියෙ.අක්කගෙ ආදරේ නැතිවුනානම් මම ගෙදරින් යනව.එහෙම වුනානම් සමහරවිට මගේ ජීවිතේ නැතිවෙන්නත් ඉඩතිබුන.අක්ක මට කෙල්ලෙක් විදියට සලකන්න ගත්තට පස්සෙ තමයි ගෙදරින් මට ගැටලුවක් නැතිවුනේ.මම හිතන්නෙ මම ආයෙත් ජීවත් වෙනව කියල වටහෙන්න පටන්ගත්තෙ මේ ගැහැණු ජීවිතේට හුරුවුනාට පස්සෙ.මම හිතන්නෙ මට මේ ඔක්කොම කරදර විදින්න වුනේ මාව පිරිමියෙක් වෙලා උපන්න හින්ද.මම දන්නව මාව කෙල්ලෙක් වෙලා උප්න්නනම් අක්කත් එක්ක එකතුවෙලා පාඩම් කරනව .අක්ක වගේ ඉගෙනගන්නව.එහෙනම් අක්කට අදවගේ කරදර විදින්න වෙන්නෙ නෑ...මගෙ අහිංසක අක්කත් මම හින්ද කරදර විදිනව....මා මෙසේ කල්පනාකරමින් සිටිනවිට....මා නොදැනවත්වම මගේ ඇස්වලින් කදුලු බේරෙන්ටවිය...මා ඇදසිටි ගවුමේ සායෙන් කදුලු පිසදමනු දුටු අක්කා.....ඇයි නංගි .....ඇසූ ඇය මා අසලට ඇවිත් අනේ නංගි අඩනව නේද?... ඇයි අඩන්නෙ.....ඇසුවාය.....මම අඩන්නෙ නෑ අක්කෙ ......මට අක්කට කොහොම සලකන්නද කියල හිතගන්න බෑ....මම කීවෙමි....අනේ නංගි මට නංගිගෙන් කිසි දෙයක් එපා....නන්ගි සතුටෙන් ඉන්නවනම් ඒකතමා මගේ සතුට.....අක්කා කීවාය.......මච්චර කල් තරගවලට ඔයාට මනමාලිට ඇන්දෙව්වෙ පිරිමියෙක් කියල අහුවෙයි කියල බයෙන්නෙ දැන් මට පුලුවන් බය නැතුව ඔයාට අන්දන්න......ඒ හින්ද මට ඔයාගෙ ඒඋදව්ව කරල දෙන්න මට ඒ ඇති.....අක්කා කීවාය....මම පිරිමියෙක් වෙලා බය නැතුව ඒ කැපවීම කලානම් මට දැන් නියම කෙල්ලෙක් විදියට අක්කට ඕනැ උදව්වක් කරන්න පුලුවන්.....මම කීවෙමි. ....මේ බඩුවල බරත් වැඩිවෙයිද මන්ද අක්කා අපේ බඩු බෑක්වලට අසුරන ගමන් කීවාය....මා ඇදගෙන ආ පිරිමි ඇදුම් ඇසිරීමට අතට ගත් බව දුටු මම.....ඕව දැන් වැඩක් නෑ අක්කෙ...නිකන් බර වැඩිවෙනව විතරයි....මම කීවෙමි....පිරිමියෙක් විදියට ඔයා අන්තිම වතාවට ඇන්ද පිරිමි ඇදුම් නේද. ඒ ටික අරගෙන යමු....ඇය කීවාය......මට පිරිමි කාලෙ සිහිවටන ඕනෙ නෑ අක්කෙ.ඕව දකින කොටත් මට විකාරයක් වගේ.....මම මගේ පිරිමි ඇදුම් වලට තිබුනු අකමැත්ත ප්‍රකාශ කලෙමි......ඉතින් මේවට මොකද කරන්නෙ......ගෙනිච්චනම් කාට හරි දෙන්න තිබුන......අක්කා කීවාය.......මම එනකොට ගෙනාව පිරිමි අවයව මෙහෙ වලලල දාල යන්න පුලුවන්නම් මම ඇදගෙන ආව පිරිමි ඇදුම් ටික මෙහෙ විසිකරල යන්න බැරිද....සිතූ මම....ඔය ටික කොහාට හරි විසිකරන්න අක්කෙ...කීවෙමි.....අලුත් ඇදුම් හින්ද විසිකරන්නත් ලෝබයි අනේ......අක්කා කීවාය.....ඔයතරම් ලෝබවෙන්න එපා අක්කෙ....මම කීවෙමි....අනේ මන්දා....කී අක්කා ඒවා පැත්තකින් තබා අනිත් ඇදුම් අසුරන්ට වූවාය. සියලු බෑක් අසුරා අව්සන් වූපසු.....මේටික තමා වැඩේ ඇය නැවත මා ඇදගෙන ආ ඇදුම් ටික අතට ගෙන කල්පනා කරන්ට වූවාය....අපි මේ හෝටලේ වඩකරන කෙනෙකුට මේටික දෙමු....පැවසූ අක්කා එලියට ගොස් තායි ජාතික පිරිමි ලමයෙක් කාමරයට එක්ක ආවාය....එම පිරිමි ඇදුන් ටික ඔහුට පෙන්වා අරන් යන ලෙස පැවසුවද ඔහු ඒවා ප්‍රතික්සේප කර ආපසු ගියේය......ඕකනෙ කියන්නෙ අක්කේ.....මෙහෙ අපේ රටේ වගේ හිගන්නො නෑකියල....මම සිනාසෙමින් කීවෙමි....හොදින් නවා තිබුනු කමිසය අතට ගත් මා එය දිගහැරියෙමි. කලිසමද දිග හැරියෙමි.....ඔය මොකද කරන්නෙ.....අක්කා ඇසුවාය....
No comments:
Post a Comment