(අක්කා 46)....................... ..................... .............එහෙනම් කවුද......අක්කා ඇසුවාය.........මම දැන් ඇත්තම කෙල්ලෙක්....මම කීවෙමි.....ඒකමම් ඇත්ත කීඇය මෙයට ඔයත් එක්ක පොටෝ එකක් ගන්න ඕනැලු.....කීවාය.....ඇය මා අසලට ඇවිත් හිටගත්තාට පසුව අයියා ඇගේ කැමරාවෙන් පොටෝ එකක් ගත්තේය.ඉන්පසු අක්කා සමග අපි තුන්දෙනාගෙම පොටෝ රැගෙන එතැමින් ගියාය.අපි නැවත හෝටලයට පැමිනෙන විට රෑවෙමින් තිබුනි......හෝටල් කාමරයෙන් එලිය බලූ මට. විදුලි ලාම්පු එකිනෙක දැල්වීමට පටන්ගෙන ඇතිබව දුටුවෙමි....මෙහෙ ඉන්න අන්තිම දවස අද....මගේ සිතට දුකක් ඇතිවිය....ඒ සමගම කෙල්ලෙක් විදියට ලංකාවට යන්න ලැබීම ගැන සතුටක්ද ඇතිවිය.පිරිසිරුරක් හිමිකරගෙන මෙහාට පැමිනි මම ඒ සිරුරේ පිරිමි කොටස් සියල්ල මේ භූමියේ වලදමා ඒ වෙනුවට ස්ත්‍රී සිරුරකට උරුමකම් කියමින්.නැවත ගෙදරයෑමට හැකිවීම මගේ පෙර පිනක් ලෙස සිතුවෙමි....ඒ පින නට පාදලා දුන් මගේ අක්කාටත් සිසිර අයියාටත් මම පින්දුන්නෙමි...දැන් මේලෝකෙ කාටවත් කියන්න බෑ මම පිරිමියෙක් කියල....මට ආත්මාභිමානයක් ඇතිවිය.ටිකක් රෑවී සිසිර අයියා අපේ කමරයට ආවේය.....ඉතින් නංගී අපි හෙට ගෙදර යනව...කී අයියා....ආවට වඩා නන්ගි සතුටින්ද ගෙදර යන්නෙ.....මගෙන් ඇසුවේය.....මට ඒ සතුට උරුම කරල දුන්න මගේ අක්කටයි අයියටයි ගොඩක් පින්සිද්ද වෙනව.....මම කීවෙමි... මෙන්න නංගිට මම අද තැගි වගයක් ගත්ත.....ඔහු පාර්සල කීපයක් මට දුන්නේය.....අනේ අයියෙ අයිය මට නෙවෙයි තෑගි දෙන්න ඕනැ...මමයි ඔයාට තෑගිදෙන්න ඕනැ....මම කීවෙමි.....නන්ගි මට ලොකු තෑග්ගක් දුන්නෙ දැන්......ඔහු කීවේය...ඒ මොකක්ද.....මම පුදුමයෙන් ඇසුවෙමි......ඇයි පින් දුන්නෙ......අයියා මතක් කලේය.....ඉතින් මේ තෑගි මට විතරනෙ දුන්නෙ අක්කට දුන්නෙ නෑනෙ.....මම කීවෙමි....අක්කට මම ඊයෙ තෑගි ටිකක් දුන්නනෙ.....ඔහු කීවිට....අයිය හොරාවගේ මගේ අක්කට තැගිත් දීල එහෙනම්....අක්ක කිව්වෙවත් නෑනෙ....මම කීවෙමි.....අයි මම කිව්වෙ මේගත්ත බඩු ඔක්කොම අයිය අරන්දුන්නෙ කියල......ආනේ මට අමතක වුනා...මම කීවෙමි.......අයියා ටිකවෙලාවක් අපිසමග කතාකරමින් සිට කාමරයට ගියේය.....මා ඔහු දුන් තෑගි පාර්සල ලෙහා බැලුවෙමි.....අක්කේ මේ බලන්නකො.....මම අක්කාට කතාකලෙමි.....මේ බලන්නකො ....අර බෝනික්කයි මම තෝරපු ගවුමයි.....මට ගෙනහල්ල....... ගවුම උකුල උඩින් තබාගත් .මම..බෝනික්කා තුරුලුකරගෙන....අක්කාට කීවෙමි...මේ පෙට්ටියෙ මොනවද දන්නෙ නෑ තියෙන්නෙ ......මම පෙට්ටිය විවුර්ත කලෙමි......මගෙ ඇස් අදහාගැනීමට නොහැකිවිය.....සාප්පුවේදී මා බලමින් සිටි ආභරන ....එහි තිබුනි......අයියනම් පුදුම මනුස්සයෙක් එයා කෙල්ලො ආසකරන්නෙ මොනවද කියල දන්නව......අක්කට මේවගෙ හොද කෙනෙක් ලැබෙනව කියන්නෙ අක්කගෙ පෙර පිනක්....ඒවගෙම මමත් ලොකු පිනක් කර තියෙනව මේවගෙ අයිය කෙනෙක් ලැබෙන්න......මම කල්පනා කලෙමි.......ඔයා කැමති ඔක්කොම අරන්දීල වගේ.....අක්කා කීවාය.....අයිය හරි හොදයි නේද අක්කෙ....මම කීවෙමි.......අනේ මගෙයි කියල අයියල දෙන්නෙක් හිටිය මට කවදාවත් එයාලගෙ දේවල් දීල නෑ ...ඉස්සර එයාලගෙ බඩු ඇල්ලුවත් මට ගහනව.....එතකොට අක්ක තමයි මාලගට ඇවිත් එයාගෙ සෙල්ලම් බඩු දීල මාව සනසන්නෙ....ඒත් එයාට තිබුනෙ කොල්ලන්ගෙ සෙල්ලම්බඩු නෙවෙයිනෙ.....ඒත් මොනව කරන්නද මම අක්කත් එක්ක සෙල්ලම්කලා......මට මගේ අතීතය මතක් වුනා.....මට මතකයි අක්කා හැරෙන්න ගෙදර කිසිකෙනෙක් මට ආදරේ දැක්වූවේ නෑකියල. අයියල දෙන්න මට සැරින් සැරේ බැන්න සමහර වෙලාවට ගහනව....බොරු වරදි කියල අම්මට තාත්තට කියනව....ඒ වෙලාවට මට එයාලත් බනිනව ගහනව.....මට මතක් වෙනව මම ගුටිකාල අඩ අඩා ඉන්න කොට අක්ක මාගාවට ඇවිත් ගහපු තැන් වලට පොල්තෙල් ගාල අතගානව....මට කවුරුහරි ගහන වෙලාවට මන් දැක්ක අක්කගෙ ඇස්වල කදුලු පිරෙනව.....සමහර වෙලාවට මම කරන වැරදි වලට අක්ක මට බැන්නත් කවදාවත් ගහල නෑ..... මේ හින්ද මගෙ අම්මට වැඩිය අක්කට මගේ ආදරය වැඩි උනා.....මට කෙල්ලෙක් වෙන්න අදහස ආවෙත් අක්කට උදව්කරන්න ගිහින් ..එදා අක්ක වෙනුවෙන් මම මනමාලි තරගයට ඉදිරි පත් නොවුනනම් අද මම ඉන්න මේ සුන්දර ජීවිතය මට කවදාවත් උරුමවෙන්නෙ නෑ.....එහෙනම් මම අදත් රස්තියාදු කාර එපාකරපු කොල්ලෙක්.......ඇයි මම ඒවගේ ජීවිතයකට හුරුවුනේ.....මා කල්පනා කලෙමි.....මට ගෙදර ආදරය අහිමි වෙනවිට...මට ඉගෙනීමත් එපාවුනා...ඊට පස්සෙ.....
No comments:
Post a Comment