(අක්කා 33)................................................මිලග දින වෛද්‍ය වරයා මුනගැසුනු අපිට මගේ ගැටලුව ඉදිරිපත් කිරීමට හැකිවිය......ඕක ලොකු වැඩක් මෙහෙ ඕවගෙ වැඩ කරන්න බෑ.වෙන රටකට යන්න වෙනව සෑහෙන මුදලකුත් වියදම් වෙනව......යූ එස් ඒ වගේනම් විශාල මුදලක් යනව.තායිලන්තෙ තමයි විශ්වාස වන්තව අඩු මුදලකට කරගන්න පුලුවන් රටක් තියෙන්නෙ.......තයි වලදි..කීයක් විතර යයිද ...අක්කා ඇසුවාය.මම හිතන්නෙ රුපියල් ලක්ශ දහයක් විතර යයි.......එය අසූ විට අක්කා කල්පනා කල බව මට තේරුනි...මුදල හොයාගන්න පුලුවන්නම් මම ඔක්කොම පිලියෙල කරල දෙන්නම්....ඩොක්ට කීවේය.....අපි පස්සෙ කියන්නම් ඩොක්ට....අක්කා කීවාය......ලොකු ගානක් නේද නංගියේ ...අපි ගෙදර පැමිනි පසු අක්කා කීවාය....ඒක තමා මම කල්පනා කලේ...මම කීවෙමි...මේ දවස් ටිකේ මට සල්ලි වැඩියෙන් වියදම් උනා....ඒත් කොහොම හරි කරමුකො......අක්කට අමාරුනම් අපි මේ වැඩේ අත ඇරල දාමු...මම කීවෙමි.අපෝ අත ඇරල දාන්න බෑ අපි කොහොම හරි කරන්න ඕනැ.....අක්කා ස්තිර වසයෙන් ම පොරොන්දුවූවාය.............මාස කීපයක් ගතවිය අක්ක මගේ වැඩේ ගැන එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනුනි......අක්කට කියන්නත් බෑ එයා කොහොමද මෙච්චර ගානක් එක සැරේ වියදම් කරන්නෙ.....කල්පනා කල මම නිශ්සබ්දව සිටියෙමි. මට දිනෙන් දින මගේ පුරුෂ ලින්ගය එපා විය එය දකීමත් පිලිකුල් විය....අනේ අක්කට සල්ලි තිබුනනම් මට මේකත් කරල දෙනවනෙ...මම කල්පනා කලෙමි. කාගෙන්වත් සල්ලි ඉල්ලන්නත් බෑ මම හිතන්නෙ නෑ තාත්තටවත් මේවගේ ගනනක් දරන්න පුලුවන් වෙයි කියල....මට දැන් මේක තියාගෙන් ජීවත් වෙන්නත් බෑ....මා වැඩ කලත් හිතේ සතුටක් නොමැති බව දුටු අක්කා.......නන්ගි අපි කොහොම හරි සල්ලි ටිකක් හොයා ගෙන මේකට බහිමු.....එතකම් ඉවසගෙන ඉන්න......ඔයාට ඉක්මනට ඕනැනම් අපි වාහනේ විකුනමු......අක්කා කීවාය.....අනේ එපා අක්කේ වාහනේ තියාගන්න....මම කීවෙමි.......මට වාහනේට වැඩිය වටිනව නන්ගි........එහෙම විකුනන්න එපා අක්කෙ මම හිටිය වගේ තව ටිකක් ඉන්නම්....මම කීවෙමි.....මගුල් කාල සීමාව ලන්වුනු බැවින් අක්කට විශාල වැඩ කීපයක් ලැබුනි.ඒ ගැන අක්කා මාසමග කතාකලාය.....නන්ගි මේ ටික කරගත්තොත් නන්ගිගෙ වැඩේ හරියයි.....අක්කා සතුටින් කීවය.....අක්කා ඉතා වෙහෙස මහන්සිවී එම වැඩ කරනු මා දුටුවෙමි මමද ඇය සමග ඒවාට උදවු වුනෙමි සමහර දිනවල රාත්රියේ ගෙදර පැමිනි අපි නැවත පාන්දරින් ගෙදරින් ගියෙමු.....අනේ මන්ද මේ ලමයි ඔයත්රම් නිදි මරා ගෙන වැඩ කරල ලෙඩත් හදා ගන්නව....අම්ම අපිට කියන්ට වූවාය.....මොනව කරන්නද අම්මෙ මේවෑ හැටි ඔහොම තමයි.....අක්කා කීවාය..... අක්ක මෙච්චර මහන්සි වෙන්නෙ මම හින්ද නේද මට අක්කා ගැන දුකක් ඇතිවිය...........අපිට ලබන මාසෙ විතර මේ වැඩේ කරගන්න පුලුවන් වෙයි....ඒත් නන්ගියෙ අපිට තව ප්රස්නයක් තියෙනව......ගෙදර කවුරුවත් අපි කරන මේ වැඩේ දන්නෙ නෑ.....එයාලට කියන්න වෙනව.....අපෝ එහෙම වුනොත් මේක කරන්න හම්බ වෙන එකක් නෑ.....අපි වෙන වැඩකට රට යනව කියල යමු.....මම කීවෙමි.....එහෙම හරියන්නෙ නෑනෙ අපි ඇත්තම කියමු.....අක්කා කිවාය. අම්මා අසලට ගිය අක්කා....අම්මෙ අපේ මල්ලි නන්ගි කෙනෙක් වුනානෙ......ඔව් ඉතින් ....අම්මා ඇසුවාය.....මම එයාව ඩොක්ට කෙනෙකුට පෙන්නුව.......එයා කිව්ව පොඩි ඔපරේසන් එකක් කන්න තියෙනව ඊට පස්සෙ එයා නියම කෙල්ලෙක් වෙයි කියල.......හැබැයි අම්මෙ මෙහෙනෙවෙයි ඒක කරන්න තියෙන්නෙ තායිලන්තෙ.......උඹල ඔය මොක්ක්ද කරන්න හදන්නෙ කියල මට තේරෙන්නෙ නෑ තාත්ත ආවහම කතා කර ගනිල්ල.....අම්මා එම ගැටලුවෙන් මග හැරියාය......මේක තාත්තා එක්ක කියන්න ගියොත් තාත්තා අපිට බනීද දන්නෙ නෑ........අපි දෙදෙනා කතා වුනෙමු.....අපි බලමුකො මේක තාත්තට කියල......අක්කා කීවාය. ..........................
No comments:
Post a Comment