Tuesday, May 24, 2016


(අක්කා 36).............................................ලමයිනෙ ඔයාල රට යන හින්ද බෝධි පූජාවක් කරල බාරයක් වෙලා ගියොත් හොදයි නේද ....අම්මා අපිට කීවාය....අම්ම කියන එකත් ඇත්ත නන්ගි අපි හෙට ඉදන් පන්සලට ගිහින් බෝධි පූජාකරමු....පසුදා සවස අපි සමග පන්සල් යෑම සදහා අම්මාද පැමිනියාය.....පන්සලේදී අම්මා දුටු නැන්දා කෙනෙක් ....අක්ක කාලෙකින්නෙ දැක්කෙ....ඇසුවාය.....අපේ දුව රට යනවනෙ ඒකට බෝධි පූජාවක් තියන්න ආව......අයි දැන් මනමාලියන්ට අන්දන්නෙ නැද්ද...ඇය ඇසුවාය. සැලුන් එකට බඩුවගයක් ගේන්න නැන්දෙ යන්නෙ.....අක්කා කීවාය.....ඇත්තද ඇසූ නැන්දා......මේ කව්ද ඇය මාදෙස බලා ඇසුවාය....මේ දුවගෙ යාලුවෙක්. එයත් එක්කනෙ රට යන්නෙ.....අම්මා කීවාය.....ඒක නෙවේ අක්කෙ දැන් පොඩි පුතා ගෙදර නැද්ද කාලෙකින් දැක්කෙ නෑ.....ඇය ඇසුවාය.....එයා රට ගියානෙ නන්ගි....ඒක හොදයි නැත්නම් හැම තැනම රස්තියාදු ගගහනෙ හිටියෙ.....ඇය මගේ පරන ජීවෙතය ගැන වර්නා කරන්ට විය. අහ ගත්තද පුතාගෙ වර්නාව.....ඇය අපි අසලින් ගිය විට අම්මා මා දෙස බලා කීවාය......දැන් ඒ පුතා මැරිලනෙ අම්මෙ දැන් ඉන්නෙ අම්මගෙ හොද දුවෙක්නෙ....අක්කා සිනාසෙමින් කීවාය.....අම්මා අක්කාගේ කතාවට සිනාසුනාය.දින කීපයේම අම්මාව දකින අය අම්මා ගෙන් ඇසුවේ පොඩි පුතා ගැනය....මා රට ගිය බව ඇය පවසන විට එය හොද දෙයක් බවත් ගෙදර හිටියානම් මොනව වෙනවාදැයි නොදන්නා බවත් පැවසීය....ඇත්තටම ඒ දවස් වල හිටිය මා ගැ න නේද මෙයාල මේ සවුත්තු විදියට කතාකරන්නෙ. ඇත්තටම මම කොල්ලෙක් වගේ හිටියනම් මට මොනව වෙනවද කියල මමවත් දන්නෙ නෑ....මගෙ පෙර පිනක් තිබිලද කොහේද අක්ක මාව කෙල්ලෙක් කලේ....මා සිතුවෙමි. අපිට කටුනායකට යෑමට තිබුනේ රෑවෙලාය...මගේ ගමන් බලපත්‍රය අනුව මගේ අනන්යතාවය තිබුනේ පිරිමියෙකු වසයෙන් නිසා මට රටින් පිටවීමට සිදුවූවේ පිරිමියෙකු ලෙසිනි....එබැවින් මට නැවත වරක් කලිසන් කමිස ඇදීමට සිදුවිය මා ඒවා ඇදීමට කෙතරම් පිලිකුල් හිතුනත් පිලිකුලෙන් හෝ ඒවා ඇදගෙන යෑමට සිදුවිය. අම්මාටත් තාත්තටත් අයියලා දෙදෙනාගෙත් දෙපා අල්ලා වැන්ද අපි කටුනායක බලා පිටත්වූවෙමු. ලොකු අයියාගේ යහලුවෙකුගේ වාහනයක් නිසා ගෙදර සියලු දෙනාම අපිව කටුනායකට ඇරලවීමට පැමිනියේය...මේ අතර සිසිර අයියාද අපිව හමුවීමට ඇවිත් තිබුණි . අපි ඔහු හමුවීමට ගොස් ඔහුට කතා කරනවිට අම්මා අපිදෙස හොදින් බලා සිටි බව මා දුටුවෙමි ....අපි ඔහුට කතාකර ආපසු පැමිනිවිට අම්මා....කවුද ඒ ලමයා ...අක්කගෙන් ඇසුවාය...යාලුවෙක් අම්මෙ ....පැවසූ අම්මා වෙනත් කිසිවක් නොකීවාය....... සියලු දෙනාට වැද අව්සර ගත් අපි ගුවන්තොටුපල ඇතුලට ගියෙමු......අපි ගුවන් යානයට නගින විට පාන්දර විය. .....අපේ පලමු ගුවන්ගමන නිසා තරමක බය ගතියක් තිබුනද එහි ආස්වාදයක්ද ඇතිවිය....අද මම කොල්ලෙක් විදියට මේ රටෙන් ගියාට ආපහු එන්නෙ නියම කෙල්ලෙක් වෙලානෙ...මෙසේ සිතෙනවිට මට සෑහෙන සතුටක් ඇතිවිය.....අපි බැන්කොක් වලින් බසිනවිට දවල් වී තිබුනි.....ගුවන් තොටුපලෙන් පිටවූ අපි කුලී රතයක් ගෙන හෝටලයේ නම කියා එතැනට ගියෙමු.....අපේ කාමරයට ගිය අපි ...පලමුවෙන්ම කලේ මා මෙතෙක් වෙලා අමාරුවෙන් ඇදන් සිටි පිරිමි ඇදුම් ටික ගලවා නැවත ගැහැනු ඇදුම් වලට මරුවීමය....අක්කෙ මේ ඇදුම් දැන්නම් කවදාවත් ඕනැවෙන එකක් නෑ නේද...මම ගැලවූ පිරිමි ඇදුම් ටික පෙන්වා ඇසුවෙමි....තාම ඔයාගෙ පාස්පෝට් එක වෙනස්වෙලා නෑනෙ යනකොට ආයෙ ඕනැවෙයිද දන්නෙ නෑ....අක්කා කීවාය.....ආයෙත් මේව අදින්න ඕනැද....මා දුක් බරව අක්කාගෙන් ඇසුවෙමි..... අපේ වෛද්ය වරයා දුන් සියලු තොරතුරු අනුව අපිට රෝහල සහ වෛදය වරයා සොයා ගැනීමට අවස්ය විය. එම රෝහල හෝටලයේ සිට වඩිදුරක් නොමති බව පැවසූ හෝටලෙයේ පිලිගනීමේ නිලදරිනිය ටැක්සියකින් යෑ හැකිබව දන්වූවාය.......දැන් හරි හෙට උදෙම්ම යමු නේද නන්ගි....අක්කා කීවාය......පසුදා උදෙන් පිබිදුනු අපි රෝහලට යෑමට සූදානම් වූවෙමු.....සිල්ල සූදානම් කර ගත් අපි ටැක්සියකින් රෝහල වෙත ගියෙමු.....එය හෝටලයට ඉතාමත්ම කිට්ටුවෙන් තිබීම ගැන අපි සතුටුවුනෙමු.....අපි වෛද්ය වරයාගේ නම සොයමින් ඔහුගේ කාමරය අසලට ගියෙමු....ඔහු තවත් ලෙඩෙක් සමග සිටි බැවින් අපිට සුලුවෙලාවක් බලා සිටීමට සිදුවිය.......

No comments: